Sunday, December 11, 2011

එක් අත්භූත රැයක්!



හැම දෙයක්ම හොදින් සිද්ද වේවි!” ඇදට එද්දී මගේ ඔලුවේ තිබුන එකම සිතිවිල්ල! එත් හැමදේම නරක අතට හැරෙන්න ගියේ සුළු වෙලාවයි!

නිදාගන්න ඇස් වහ ගත්තත්, නින්ද යන්නේ නැහැ වගේ... අද පෝය දවස... ලස්සනට හදත් පායලා ඇති.. එළියට ගිහින් බලන්න හිතෙනවා එත් එළියට යන්න මේ වෙලාවේ!! වෙලාව කියද? 12:05 ! මේ වෙලාවට එළියට බහින්න පුලුවන්ද! ඊට වඩා හොදඊ නින්ද යන්නේ නැත්තන් එළි වෙනකන් ඇස් ඇරන් ඉන්න එක! එක එක දේවල් හිත හිත අමාරුවේන් තවත් ටික වෙලාවක් එහෙට මෙහෙට පෙරලි පෙරලි ගත කරන්න ඇති, අන්තිමේදී මටත් හොරෙන් නින්ද මාව අරන් ගිහින්!

එක පාරටම ඇහැරුණු මම දැක්කේ, හද එළිය ජනෙල් තිර අස්සෙන් වැටිලා, හරිම ලස්සනඊ! එළියට යන්න ඕනේ! ඇදෙන් බහින්න කලින් රන්දිගේ මුණට එබිලා බලපු මට හිතුනේ, හොදටම නින්ද ගිහින්! හිමිට ඇදෙන් බැස්ස මම,සද්දයක් නෙන විදියට බැල්කනි එකේ දොර ඇරගෙන එලියට ගියා!එළිමහන නම් හරිම ලස්සනඊ, පෙන මානෙක වලාකුලක් වත් නැති, කළු පාට අහසේ, නිල් පාට තරු පිරිලා! අහසේ මුදුනට වෙන්න කහ පාටට බෝලයක් වගේ හද පායලා... චිත්‍රයක් වගේ!

ඈත තියෙන කුබුරු පිහිදාගෙන,වත්තේ තියෙන පොල් ගස් තල්ලු කරගෙන,වේගෙන් හමන හුළගට,ගස් වැල් නැවිලා ඉඩ දෙන්නේ හරියට, රැයේ අයිතිකාරයන්ට ඉඩ දෙනවා වගේ!  කොහෙද ඉදන් උඩු බුරන බල්ලෙක්ගෙ හීනියට ඇහෙන සද්දේ ඇරුනම, හුලන් සද්දේ විතරඊ! හද එළියේ නටන ගස් වැල් අස්සේ, ඇතින් පෙන කොස් ගහ යට කවුද ඉන්නවා වගේ! මාව පාවෙලා වගේ එතනට ගියා... තණකොළ උඩට ඕනෙවට වඩා වැටුන පිණි වලට,පොළොව මඩ වෙලා ගිහින්! සුදු පාට ගවුමක් ඇදගෙන,කොන්ඩෙත් කඩාගෙන,මට පිටු පලා, රන්දී ගහ ගාව හිටන් ඉන්නවා! මෙයා මොනාද එළියේ කරන්නේහිතමින්, රන්දී කිට්ටුවට යද්දී මට ඇහෙනවා සද්දයක් රන්දී ඉන්න පැත්තෙන් සද්දයක් ඇහෙනවා වගේ! හීනියට කතා කරන හඩක්ද! රන්දී මට කතා කරනවා වෙන්න ඇති!  මම ළගට ගිහින්, උරහිසට අත තියලා එයාව මගේ පැත්තට හැරෙවුවා.... 

රන්දී මගේ පැත්තට හැරුනේ ඇස් ලොකු කරගෙන බය හිතෙන විදියට හිනා වේගෙන! මෝටරයක් හඊ කරලා වගේ පපුව ගැහෙන්න පටන් ගනිද්දී, අඩියක් පස්සට තියපු මම,  පැටලෙමින් කටින් එළියට ආපු වචනත් ගැට ගහගෙන, ඇහුවේමොනාද මෙතන කරන්නේ කියලා! වචනයක් වත් නොකියම, ඒ භයානක හිනාවත් මුනේ රදවගෙන මන් දිහා බලන් හිටපු එයා, එකපාරටම සතෙක් වගේ කැගහගෙන මගේ ඇගට පැන්නා! කෑගහගෙන බිම වැටුන මගේ ඔලුව වැදුනා බිම!

දාඩියත් පෙරාගෙන, උඩ බිම හොයා ගන්න බැරිව ටිකක් වෙලා දගලපු මට, හීනෙන් බය උනා කියලා තේරුනේ ටික වෙලාවකට පස්සේඊ ඇදෙන් වැටිලා බිම ඉදගෙනම ටිකක් වෙලා ඉදපු මම ඔලුව වැදුන තැන හෙවුවා! කබඩ් එකේ වදින්න ඇති! රන්දිගේ නින්දත් කැඩූනද මන්දා! වෙලාව 2:35 ඊ වෙලාව අය්යෝ අමාරුවෙන් ගෙන්න ගත්ත නින්ද... දැන් ඉතින් මේ කපේට නිදා ගන්න වෙන්නේ නැහැනේ මටම බැන ගනිමින්,ඔලුවත් අත ගා ගා නැගිටලා, දොර ඇරගෙන කොරිඩෝර් එකේ ලයිට් එක දාගත්තු මම, බාත්රූම් එකට ගියේ මුණ හෝදගෙන එන්න!

අයෙත් කාමරේට ඇවිත් ඇදට නැගලා පොරවනය යටට උන මට, ටික වෙලාවක් යද්දී,  අමුත්තක් දැනෙන්න ගත්තා! මොකද්ද ඒ? මොකක් හරි වැරද්දක් උනා! මොකක් හරි මිස් උනා වගේ දැනෙනවා... එකපාරටම මට මතක් උනේ, මම කොහොමද දොර ඇරගෙන ගියේ, දොර ලොක්  කරලා යතුර කෝට්ටේ යට තියෙද්දී!!! 

එක හිතෙන් හිතන මොහොතේම, නැගිට ගත්තු මම කෝට්ටේ යටට අතදාල යතුර හෙවුවා! යතුර කෝට්ටේ යට නැහැ!! රන්දී යතුර ගත්තා වත්ද!! අතපය සිතල වේගෙන එද්දී ගැස්සිලා  වගේ, මම බැලුවේ රන්දී දිහා! කාමරේ තියෙන අදුරු ලයිට් එළියෙන් මම දැක්කේ, උඩ අතට නිදාගෙන ඉන්න රන්දී, බෙල්ල විතරක් හරවාගෙන, ඇස් ලොකු කරන්, ඔරවාගෙන මගේ දිහා බලන් ඉන්නවා! ඇග හිරි වැටීගෙන යද්දී, හුස්මක් අල්ලගෙන ඇදෙන් පැන්න මම, දොර ගාවට ගිහින් එතන බිත්තියට තද වෙලා, එයා දිහා බලාගෙන හිටියා!!

ඇහි පිල්ලමක් වත් ගහන්නේ නැතිව මගේ දිහා බලන් ඉදපු රන්දී, ‘ගල් වෙච්ච මළ මිනියක් වගේ කෙලින් වෙලා ඇදෙ ඉදගත්තා! ඒ භයානක බැල්මට අහුවෙලා, මගේ අතපය වාරු නැතිවෙලා ගියාද මන්ද! සුළු මොහොතකටවත් ඇස් ඉවතට ගන්නේ නැතිව බලන් ඉදපු එයා, ඇදෙන් බිමට බැහැලත් කේන්තියෙන් වගේ, ඔරවාගෙන මගේ දිහාම බලන් ඉන්නවා! මායාවකට අහුවෙලා වගේ මම රන්දී දිහාම බලන් හිටියේ, හතිය හැදිලා වගේ හුස්මක් ගන්න පොරකමින්, බිත්තියට ඇලවිලා,එක අතකින් දොරේ හැඩල් එක අල්ලගෙන!

රෑට අපේ අක්කා නින්දෙන් ඇවිද්දොත්, එයාට කැමති දෙයක් කරගන්න ඇරලා ඔයා කාමරෙන් එලියට යන්න හරිද!” රෑ මට cl කරලා, මල්කි කිවුව වචන ටික, මගේ ඔලුවෙන් ගැලවිලා, හිතට වැටුනේ ඒ මොහොතේ, හැම විජ්ජාවටම වඩා ගැල විජ්ජාව හොදඊ කියන්නා වගේ! කාමරෙන් පැනගන්න, ඒ මොහොතේම ක්‍රියාත්මක උන මම, දොර ඇරගන්න හැඩල් එකත් එක්ක පොර කාකා, දැගලුවේ, හැරිලා කාමරේ ඇතුල බලන ගමන්! දොර ඇරෙන්නේ නැහැ! මේ මොන පිස්සුවක්ද! දැන් ටිකකට කලින් ඇරලා තිබ්බ දොර මොකද දැන් ඇරෙන්නේ නැත්තේ! වැඩි හොදට දොර වහ ගෙන, මගේ වළ මමම, කපා ගත්තා වගේ වැඩක් කරගත්තේ, කියලා මතක් වෙලා, ඔලුව බලියක් වෙද්දී, වෙඩි බෙහෙත් අස්සට ගින්දර ලං කලා වගේ, රන්දී මම ඉන්න පැත්තට එනවා දැක්ක මට, ජිවිතේ පළවෙනි වතාවට 'මරණ බයක්' දැනුනා!
   
ඒ මොහොතේ මගේ ඔලුවට අපු එකම සිතිවිල්ල, අහු උනොත් මරණය! පණ බයේ ගැහෙමින් දොරේ හැඩල් එකේ එල්ලුන මම, දොරට අවශ්‍ය මන්තරේ වෙච්ච යතුර නැතිව,  දත් මිටි කෑවට, ඇරෙන්නේ නැති දොරේ, එල්ලිලා මැරෙනවට වඩා සැපයි, බැල්කනි එකෙන් පනින එක, කියලා හිතලාඒ සිතිවිල්ලේ දිගක් පළලක් මනින්න නොඉද, ඇදට පැන්නේ, ඒ වෙලාවේ, එළියට පැන ගන්න ඇති වෙලා තිබුණු දැඩි අවශ්‍යතාවය, ඔලුව පලාගෙන හරි ඉෂ්ඨකර ගන්න බලාගෙන

ඇද විට්ටම පැත්තෙන් රන්දී කාමරේ දොරට කිට්ටු වෙද්දී මම බැල්කනි දොර ගාවට යන්න බලන් ඇදට නැග්ගේ, අතට අහුවුණු කෝට්ටේත් විසිකරගෙන! එත් ඒ වෙලාවේ, මගේ මොන පුරුවේ වාසනාවකටද මන්දා, අහම්බෙන් වගේ මම දැක්කේ, දිලිසි දිලිසි ඇද උඩ තිබුණු කාමරේ යතුර!!!  දොරගවට යාගන්න වෙලාව ඇති කියල හිතලා, ඊලග තප්පර කිහිපයකදී, යතුර අරගෙන බිමට පැන්න මම, කාමරේ ලයිට් එක දාගෙනම, දොර ගාවට දුවලා, යතුරු කට හොයාගන්න ඇස් පේන අන්ධයෙක් වගේ දගලද්දී, රන්දී මගේ ළගටම ඇවිත්!


කාමරේ සුදු පාට ලයිට් එළිය රන්දිගේ මුණ මට පැහැදිලිව පෙන්නද්දී .... එක තප්පරෙකට, මම දැක්කේ, මීට මොහොතකට පෙර, මම හීනෙන් දැක්ක, භයානක මුණට හැම අතින්ම සමාන, කන ගාවටම කට ඇදගෙන විරිත්තගෙන, එළියට පන්නන්න වගේ ඇස් විශාල කරගෙන, ගොදුරක් දිහා බලන් ඉන්නවා වගේ පෙරේතකමින් මන් දිහා බලන් ඉන්න රන්දිව!! මැරිච්ච මිනිහෙක් මුණ ඉස්සර හිටන් ඉන්නවා වගේ හැගීමක් විදුලියක් වගේ ඔලුවේ ඉදන් කකුල් වලට දුවද්දී, මට කෑගැහුන! එක් වරක් නෙවෙයි දෙවරක්ම!! ඒ මුණ එතරම් ම විරූපීයි, භයානකයි!

ඊලග තප්පරේදී එක පාරටම මුණ වෙනස් කරගත්තු එයා, තිබුනටත් වඩා භයානක විදියට ඔරවාගෙන, හදිස්සියෙන් වගේ මගේ ළගටම එන්න ගත්තා! ඒ සුළු මොහොතේ ලෝකෙම මගේ වටේ කැරකෙනවා වගේ දැනෙද්දී, බයවෙලා මාව දාලා පැනල ගිහින් හිටිය මගේ සිහිය, මොන ලෝකෙන්ද මන්ද පහත් උනේ, දොර ඇරගන්න අවශ්‍යම උන අත නිවැරදිව ක්‍රියාත්මක කරමිනුයි! දොර ඇරෙද්දීම වගේ, කාමරෙන් විසිවෙලා වගේ ගිහින්, බිම වැටෙන්න ගිය මාව අල්ලා ගත්තේ, ඒ වෙන කොටත් කාමරේ ළගටම ඇවිත් හිටියා මාමා!

මාමා එතනම බිත්තියක් අයිනෙන්, මාව ඉන්දුවේ, ඔයාට තුවාලද දුව කියලා අහන ගමන්, දිව නවාගන්නවත් කටේ කෙළ බින්දුවක් නොතිබ්බ නිසා මම ඔලුවෙන්ම "නැහැ" කියද්දී, කාමරේට දුවගෙන ගිය මාමා,බෙඩ් ශීට් එකකින් රන්දිව ඔතා ගත්තේ එයාට දගලන්න බැරි වෙන්නඊ! ඒ මොහොතේ හිතාගන්නවත් බැරි හඩකින්, පළාතම දෙදරන්න හුවක් තියපු රන්දී, මමියක් වගේ ඇද රෙද්දේ හිර වෙලා ඉදගෙනත් මාමාව හපන්න පැන්නේ,කොටියෙක් වගේ දත් විලිස්සගෙනයි! ගැහිලම නවතීවි කියලා හිතෙන තරම් වේගෙන් මගේ හිත ගැහෙද්දි, "මොකද දෙඉයනේ මේ! හු තිබ්බ නේද? මගේ ඇගේ ලේ වතුර උනා! මොන සතෙක්ද මේ වැහිලා තියෙන්නේ,කෙල්ලට!කියමින් කාමරේ ලගට ගිය ආච්චි අම්මා, කන් බිරිකරගෙන එන දෙවෙනි හුව ඇහෙද්දීම, ඉක්මනට පඩි බැස්සේ, බය වැඩි කමටද, බලන් ඉන්න බැරි කමටද මන්දා!

වඩා ගත්තු මිනිහගේ බෙල්ල මිරිකුවා වගේ වැඩක්, මට වෙලා තියෙද්දී, ලොකු හුස්මක් ඇදගෙන මමත් බලන් හිටියේ රන්දිට වැහුණු 'යකා' යනකන්! මිනිස්සුනින්දෙන් මෙහෙම ඇවිදිනවද? අපායේ ඉන්න අයනම් ඇවිදිනවා ඇති, හු තිය තිය! රන්දිව සන්සුන් කරගන්න මාමා දරන උත්සාහය දිහා මම බලන් හිටියේ 'මාර යුද්ධයක්' කරලා මම අනුනමයෙන් බේරුනේ කියලා හිතන ගමන්! 
  
කෑගහමින්,ගොරවමින් තවත් ටික වෙලාවක් දගලපු රන්දී යථා තත්වෙට පත් වෙද්දී,  මාමාගේ උරහිස දෙපලක්ම හපලා තිබුනා! තවත් විනාඩි කීපයක් මහන්සි වෙලා එයාව නින්දෙන් ඇහැරව ගත්තේ, නිදි පෙති බිලා නිදිය ගත්ත මිනිහෙක්ව ඇහැරෙවුවා වගේ අමාරුවෙන්! පහළ තට්ටුවෙන්,මහා දොර අරින සද්දේ වගේම, මිනිස්සු කීප දෙනෙක් කතා කරන සද්දේ ඇහෙද්දී, ගැහෙන කකුල් වාරු කරගෙන, මම කාමරේට ගියේ රන්දිගේ තත්වේ බලන්න! වෙන ලෝකෙකින්  අවා වගේ වට පිට බල බල රන්දී හිටියේ, දන්නා අය අතරේ නොදන්නා කෙනෙක් වගේ! රන්දිට මුකුත්ම නොකියපු මාමා දැන් හරි වගේ! දු ඔයා රන්ඳි ලග ඉන්න මම එනකන්" කියන ගමන්,මට ඉගියෙන් කිවුවේ "මුකුත් කියන්න එපා" කියලඊ!

"මොකද්ද උනේ! ඔයාට, මම තුවාල කලාද!?" මාමා යනවත් එක්කම රන්දී මගෙන් ඇහුවේ, බය වෙලා වගේ මගේ අත් දිහා බලන ගමන්! මම කිවුවා "නැ, නැ ඔයා හීනෙන් ඇවිදන් යද්දී, මාමා දැකල, ඇදට ගෙනත් දැම්ම!" කියලාසැනසුම් සුසුමක් හෙලපු රන්දිට,මම කෝට්ටේ ලං කලේ ටිකක් නිදාගන්න කියන ගමන්! කොට්ටෙට ඔලුව තියාගෙන, කීකරුව ඇස් පියා ගත්ත රන්දී, මොහොතකින් නින්දකට වැටුනේ, රෑ 7 ක් නිදි මරපු මිනිහෙක් වගේ!

වෙලාව උදේ 4:35 ... ඔඉන් ගියා මදැඊ, කියලා හිතමින්, මුණ කට හෝදගෙන එද්දී,.අම්ම ගෙනත් දුන්න තේ එකක් අරන්, පුටුවකට වැටුනේ, ඔලුවේ කැරකෙමින් තිබුන ප්‍රශ්නයක්  විසදගන්න! මම හීනයක් ඇතුලේ තවත් හීනයක් දැක්කද? හීනෙන් බය වෙලා ඇදෙන් වැටිලා, ඔලුවත් වද්දගෙන, ලොක් කරලා තිබුන දොර ඇරන් ගිහින්, මුණ හොදන් ඇවිත්, කෝට්ටේ යට යතුර හෙවුවේ හීනෙන් වෙන්න ඕනේ නේ! ඒ ටික නම් හීනයක් නොවෙන ගානටම සත්‍යට සමීපඊ කියලා මට හිතුනේ, එත් එක වෙන්න බැරි දෙයක් දොර ලොක් කරලා තිබුන නිසා! එතකොට ඒ හීනෙන් ඇහැරුනේ, ඇදෙදී රන්දී ඔරවාගෙන ඉන්නවා දැකපු වෙලවේදී වෙන්න ඇති! 

හිතට ආපු බොළද අදහසක් තහවුරු කර ගන්න හිතාගෙන පහළට යද්දිත්, අදුරේ ගිලිලා තිබුන පරිසරය,ගේ වටේටම දාල තිබුන light වලින් එළිය වෙලා තිබුනාඉදිරියේ ඇති අදුර ටෝච් එකෙන් එළිය කරගෙන,මම කොස් ගහ ගාවට ගියේ, ගහ යට අඩි සලකුණු  තියෙනවද  කියලා බලන්න! කිසිසේත්ම අඩි සලකුණක් විය නොහැකි, එකකට එකක් අඩියක් වගේ දුරකින්, උල්කාපාත හැඩේකට, ලාවට වගේ පොලොව එබිලා ගිය, සලකුණු 3 ක් ඇරෙන්න තණ කොළ උඩ වත් ඒ වටේට වත් මඩ පාරක් වත් නැහැ!

මට නම් විකාරයි කියල හිතෙන් හිත හිත,ගෙට ආපු මම, අයෙත් කාමරේට ගියේ රන්දිව බලන්න! ඒ අතරේ මාමා හදිස්සියේම පිටත් උනේ, අසල් වැසියෙක් ගේ අනුමත කිරීමකට කට්ටඩියෙක් එක්කන් එන්න “මෙයා නම් දෙඉයනේ කියලා නිදි! තව ටිකෙන් මම බැල්කනි එකෙනුත් පනිනවා මෙයා නිසා!” කියලා හිතමින් දොර ඇරගෙන, බැල්කනි  ඒකට ගිය මම, කණ්ඩිය උඩට අත තියද්දීම, තෙතට යමක් අතේ ගෑවුනා වගේ දැනුනයින් වහාම අත ඉවත් කරගෙන බලද්දී, දැක්ක දෙයින් මාව පස්සට විසිවෙලා ගියා! බැම්ම උඩ තිබුනේ තෙත පස් ස්වල්පය බැගින් ගෑවුණු සලකුණු 2 ක්! එතනම බිම තවත් එවැනිම සලකුණුක්!

කිසිම වෙනසක් නැතිවම සමානඊ, ලොකු හුස්මක් ඇදගෙනම කාමරේට හැරුණු මම, ඇද කෙලවරින් ඉද ගත්තේ, ප්‍රශ්න වැලක් පොරකාගෙන ඔලුවට එද්දියි! කොහොමද එහෙම වෙන්නේ?!”
කොස් ගහ යට තිබුන සලකුණු, බැල්කනියටත් අවේ කොහොමද?!?” 




මට හොදටම මතක තියෙන්නේ අමතක කල යුතු දේවල්! එවැනි අමතක කල යුතු තවත් මෙවැනි කථාවකින්,

නැවත හමු වෙමු!!!   

16 comments:

Chathuranga Perera said...

කිරි අප්පච්චියේ... මේක ඇත්තක් නම් ! සහෝදරීගේ හිත හොඳට හයියයි නොවැ... මේක කියවනකොටත් මවිල් කෙලින් වෙනවා!!! හපෝයි...!

කථාව නම් නියමයි... පොඩි සයිකෝ ගතියකුත් එනවා... මැක්සා !!!

Nelum said...

@ Chathuranga: අම්මෝ එදා තමයි 'බය' කියන එකේ අස්සක් මුල්ලක් නෑරම දැන ගත්තේ මම! ඇත්තටම අපි හිතුවේ එයාට මානසික රෝගයක් ඇති කියලා, දිගටම බටහිර වෛද්‍ය විද්‍යාව අනුව යන්න තියෙන හැම පැත්තකටම ගිහින් අවසානේ යන්න අතක් නැතිව හිර උනාම, පිළිගන්න සිද්ධ උනා යකෙක් වැහිලා ඉදපු බව! සිද්ධ උන සමහර දේවල් වලට සාක්ෂි කාරයෙක් උනා නිසාම, මම නම් අවිවාදයෙන් පිලිගන්නවා මනුස්සයන්ට වින කරන්න සැදී පැහැදී ඉන්න 'බලවේග'තියෙන බව!!

kumar said...

Mea wage dewal naha kiyala katawath kiyanna baha.Mokada mama inna uk wala pawa samahara tanwala amuthu dewal siddha wenawa.

Nelum said...

@ kumar:අත්භූත දේවල් ලෝකේ කොහේ උනත් සිද්ද වෙන්න පුළුවන් කියලා මමත් හිතනවා!

my7 said...

oya niyameta liyanawa nelum!aga hiriwatenawa kiyawaddi.. ikmanata thawa post ekak danna hode!

Anonymous said...

ela, katawa niyamai!

Nelum said...

@ My7: ස්තුති! ඉක්මනට දාන්නම්! :)
@ Anony: ස්තුති! :)

චරිත said...

වෙනදා වගේම විශිෂ්ඨ ලෙස ලියා තිබෙනවා. මමත් මේ දේවල් විශ්වාස කරනවා. ඔයා එඩිතර ලෙස කටයුතු කරලා තියෙනවා. ඉක්මනට ඉතුරු ටිකත් දාන්න.

Salinda said...

මාරයි මාරම මාරයි...දැන් නම් මටත් හිතෙනව ඇත්තක් කියල..ඉස්සල්ල කියන්නකො දැන් ඔය ගැටලු ටික ඉවරද?

Nelum said...

@ චරිත: ස්තුති!'එඩිතර'වැඩි වෙලා එදා නම් තව ටිකෙන් දතුත් කඩා ගන්නවා මම!:) ඉක්මනින්ම දාන්නම් තව එකක්!:)

@ Salinda: රන්දිගේ තත්වේ උපරිමේටම ගිහින් විසදුනා අවසානේ! දැන් අවුරුද්දක් වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ එයාට නම්! එත් තාමත් පවුලේ අනිත් අය‍ට භූත ප්‍රශ්න තියෙනවා... ඒවානම් මම හිතන්නේ සල්ලි ගෙවල ගෙන්න ගත්තුවා! බලන්නකෝ ඊලග පොස්ට් එක! :)

pubudu said...

niyamai...pissu hadenawa appa kiyeuwama..mata grudge film eka mathak una

Nelum said...

@ pubudu: ස්තුති! උඩම තියෙන pic එක නිසා වෙන්න ඇති ඒ! :)

indika @ internet money said...

mata num maka kiyawala bagata pissu haduna.

Nelum said...

@ indika: බය වෙන්න එපා සහෝ! මේවා වෙලා ඉවර උන කථා! :)

Anonymous said...

me kathava boruvak kiyala kiyawaddima therenava.oya liyala thiyana vidiyata. eth lassanata liyala.. nice

Nelum said...

THX බොරු කියෙවුවට!