Monday, November 28, 2011

ඇල්ල උඩ හොල්මනක් ඉන්නවා !!!

මායාවක් කියන්නේ මොකද්ද? සරල තේරුම ගත්තොත්... තාර්කිකව අපිට නිර්වචනය කරන්න බැරි දේ!  අපි දන්නා ගොඩක් මායාවන් වලට විද්‍යාත්මක නිර්වචන තියෙනවා.. මේ ලෝකේ තවත් මායාවන් තියෙනවා විද්‍යාත්මකව ඔප්පු කර ගන්න බැරි උන.... අපි එහෙම මායාවක් දැක්කොත් ?!

'ඇල්ල ට්‍රිප් එක'

මේ ට්‍රිප් එක මගේ පවුලේ අය අදටත් මතක් කරන්නේ  'ඇල්ල ට්‍රිප් එකකියල.... ගිය අවුරුද්දේ අගෝස්ත්තු මාසේ අපි ගියා දවස්  ට්‍රිප් එකක්... නමුත් වාසනාවට දවස් න් එන්න සිද්ධ උනා!



        දිය ඇලි...පන්සල්...යන පාරේදී හම්බ වෙන ඕනෙම විශේෂ දෙයක් බලමු කියල එකග වෙලා තමඊ ට්‍රිප් එක ලෑස්ති කර ගත්තේ... ලොකු මාමත් එකග උන ආකාරයටම මග දිගට හම්බ උන අති විශේෂ පෙට්ටි කඩයක් වත් මග නැර.... මහා එපා කරපු ගමනකින් පස්සේ නැවතුනේ 'දුන්හිද ඇල්ල' බලන්න කියලා කලින් වෙන් කරගෙන තිබුන ඇල්ලට කිට්ටු නවාතැනෙන්...

කට්ටියම මහන්සි ඇරගන්න හිතාගෙන තම තමන්ගේ කාමර වලට වැදුන... නාලා කරලා විවේකයක් අරන් හවස ට විතර ඇල්ල බලන්න ගියා.... හවස් යාමේ වුනත් ඇල්ල පහල වතුරේ බැහැගෙන සැහෙන්න සෙනගක් ඉන්නවා …. දුන්හිද ඇල්ල මගේ මතකේ තිබුන තරම් වතුර කන්දරාවක් නෙවෙනෙ කියලා මට හිතුනේ ඇල්ල දැක්කම.... ඇල්ල කෙට්ටු වෙලා! 

අපිත් ඊලග දවසේ නාන්න එමු කියල කතා වෙලා නවාතැනට අවා.... කට්ටියම රැට කලා බිලා රැ 11 විතර වෙනකන් හිටියා කතා කර කර.... වෙලාව රැ 12 ට ලං වෙද්දී .....ඊලග දිනයේ වැඩසටහනත් කතා කරගෙනම කට්ටිය තම තමන්ගේ කාමර වලට වැදිලා නිදා ගත්ත... මහ ගොඩක් සිතල නැති උනත් සෞම්‍ය දේශගුණයක් තිබුනේහොද නින්දකට හොදටම ඇති….  මම නම් හීනයක් වත් දැක්කේ නැහැ..... මහන්සියට වැටුන ගමන් නින්ද ගියා....

මමත් පොඩි පුංචිගේ දු දිලූත් හිටියේ එක කාමරේක.... මහා රැ ජාමේ වෙන්න ඇති අපේ කාමරේ දොරට තට්ටු කරනවා වගේ ඇහිලා මාව ඇහැරුනා.... පාන්දර වෙද්දී සීතලත් වැඩි වෙලාමම යාන්තමට ඇහැක් ඇරලා බැලුවකාමරේ dim light ඒකක් දාල තිබුනේ ඒ ලා එළියෙන් මම දැක්කා දිලූ කාමරේ දොර අරිනවා.... එයාගේ ඇද දොරට කිට්ටුවම තිබුන නිසා එයාව ඇහැරෙන්න ඇති මට කලින්.... දොර අරින කොටම සීතල හුලගක් ඇවිත් මගේ මුනෙත් වැදුන... තවත් ටිකක් පොරෝනය යටට ගුලි වෙන ගමන් මම දිලුගෙන් ඇහුව කවුද කියලා... එවෙලේ එයා කිවුව දේ මට ඇහුනේ නැහැ... දොර වහල එයා ඇදට අපු නිසා මමත් එහෙම්මම නින්දට වැටුන....

හොදටම නින්ද ගිහින්... නින්දෙත් ගැබුරුම නින්දට වැටෙන වෙලේ තවත් පාරක් හීනෙන් වගේ මට ඇහෙනවා සද්දයක්! නින්දට ඇති ලොබ කමට ඔහේ ඕනේ එකක් කියල මම නිදගෙනම හිටියා…. ටිකකට නින්ද ගියද මන්ද.... අයෙත් ලාවට වගේ ඇහෙනවා කලින් සද්දේම... ඇස් පියාගෙනම මම සද්දේට කන් දීල හිටියා මට හිතුනේ ජනේලේ ළග මොකක් නමුත් දගලනවා වගේඑළි වෙන්නත් කිට්ටු ඇති කියල මට හිතුන …. සතෙක් වෙන්න ඇති මට  බැහැ නැගිටින්න කියල හිතෙන්ම කියලා පොරෝනෙත් ඇදගෙනම අනිත් පැත්ත හැරුන නිදා ගන්න... ලාවට ඇස් ඇරිලා තිබුන එවෙලේ මම දැක්ක දිලූ මගෙ දිහා බලන් ඉන්නවා ඔලුවත් ටිකක් උස්සගෙන…. මම ඇස් ඇරලා බැලුව එයා දිහාඑයා මට ඔලුවෙන් පෙන්නුව ජනේලේ පැත්ත…. එයාටත්  සද්දේ ඇහිලා.... හරි වදයක් නේ මේක කියලා ලාවට අපු කේන්තියක් එක්ක මම නැගිට්ට ඇදෙන්... දිලුත් නැගිට්ට මාත් එක්කම....

තද දම් පාට ඝනකම් තිර රෙදි වලින් වැහිලා තියෙන ජනේලෙන් එහා පැත්තේ එන සද්දේ බලන්න ලෑස්ති උනා අපි දෙන්න... දිලු කාමරේ light ඒක දානකන් මම ජනේලේ පැත්තට  ගියා ' නවාතැනේ බාර කාරයට  කියන්න ඕනේ.. නිදා ගන්න ටිකවත් සැනසිල්ලේ නිදාගන්න බැහැ කියලා මේ ඉලවු සද්ද එක්ක" කියන ගමන් මම ජනේලෙන් එළියේ light එකත් දැම්ම.... තිර රෙදි දෙපැත්තට ඇදල බැලුව සද්දෙත් නැහැ කවුරුත් ඇත්තෙත් නැහැ!  ජනේල් දොරත් ඇරියා ( French වින්ඩොව් ක්‍රමේට හදපු ජනේල් ) එළියට අඩියක් තියල බැලුව.... එළියේ ලා සුදු පාටට ඝන මිදුම පිරිලාවැඩි දුරක් පෙන්නේ නැති තරමට මිදුම ඝනකමඊසිතල ඊට වඩා ඝන්කමඊ…. කහපාට light එළිය කාමරේ ඉදල අඩි ක් විතර එළියට වැටිලාහුලන් සද්දේ ඇරෙන්න කිසිම දෙයක් නැහැ හෙට නාන්නත් ඉන්න එකේ වැඩි වෙලා එළියේ ඉන්න හොද වාතාවරණයක් නෙවි... දෙන්නම ජනේලේ වහගෙන ඇතුලට ආවාlight ඔෆ් කරලා, තිර රෙදි ඇදල ඇදවල් වලට පැනල උණුසුම් පොරෝන වලට ගුලි උනේ ඇගේ එතුන සිතල එලවන්න අපි ඇස් වහගෙන නිශ්ශබ්දව කන් දීගෙන ඇදවල් වලට වෙලා හිටියා... දන්නෙම නැතිව අපිට නින්දත් ගිහින්!  

උදේ 8:30 විතර කෑමට ගිය වෙලේ මම ඇහුව දිලුගෙන් රැ කවුද අවේ කියලාකවුරුත් නැහැලු! සද්දෙට දොරට ගහපු නිසාලු එයාට ඇහැරුනේත්..... මගේ කනට කරලා එයා කියනවා ;අපේ නඩේ මෝඩයෙක් තමඊ ඔවා කරන්න ඇත්තේ අපිව බය කරන්න හිතන්... අද රැටත් තට්ටු සෙල්ලම කලොත්හොද පාඩමක් උගන්න අදහසත් හිතේ තියන් උදේ කෑමත්අරන්දවල් කෑමට එන්න බලාගෙන නාන්න යන්න ලෑස්ති උනා….

නාන්න අවශ්‍ය ඇදුම් ඇදගෙන පිහිද ගන්න තුවා අරන් අපි ලෑස්ති වෙද්දී, වැඩිහිටි පිරිමි පාර්ශවේ අයත් මුණවල් බේරී කරගෙන යන්න ලෑස්ති උනේ, බවලතුන්ගේ බලවත් විරෝධය නිසා වාහනේට පටවා ගත්ත බිම බෝතල් නැවතත් කාමර වලට ඇරලන්න සිද්ධ වෙලා නිසා....

ඇල්ල පහල එදා උදේ වරුවේ සෙනග නම් එතරම් හිටියේ නැහැ... අවුවත් එතරම් සැර නැහැ හුළග නිසා...... නාල කළු වෙන්න නම් කියාපු දේශගුණේ.... වතුර දැක්කම හැමෝටම ඇති වෙන අමුතු සතුටත් කටවල් වලින් පනිද්දී අපිත් වතුරට බැස්ස.... සිතල වතුර! එත් දණහිස් ගාවටවත් වතුර නැ..... පැය කාලක් විතර වැලි එක්ක වතුර ටිකකට පොර කාල බැරිම තැන ඔක්කොමල තීරණේ කලා ඇල්ල උඩට යන්න...!

දිය ඇල්ලේ හෝ හෝ සද්දේ කන ගාව ඇහෙන මානෙට ලං වෙද්දී අපිට හම්බ උනා නාන්නම කියාපු අපූරු වතුර වලවල් සහිත රූස්ස ගස් කොළන් එහෙම තියෙන සුන්දර තැනක් වැඩිය සෙනගත් නැහැ...5 ක් 6 ක් වගේ ඉන්න ඇති... නිදහසේ නාන්න පුළුවන්හැමෝම එහෙම හිතන්න ඇති... ඒ තරම් නිස්කලන්කඊ... කාලෙකට ඉහතදී ගලපු මහා වතුරට ගෙවුන කළු ගල් වටකරගෙන හොද තැනක් බලල අපිත් බැස්ස වතුරට 

විනෝද සාගරේ වගේ කලේ ගත වෙලා යද්දී සිතල වතුරෙන් පෙගිලා, ඇගවල් හිරිවැටිලා යනකන් වතුරේ නටපු අපිට.... මොනා කලත් ආසාවේ ඉවරයක් නැති මේ මනුස්ස හිත සනසන්න, අපි නාපු තැනට ටිකක් ඉහලින්  තිබු ඇල්ලෙන් වැටෙන කුඩා දිය ඇල්ලක් ලගට යන්න සිද්ධ උනා..!

කකුලක් තියන්න බැරි තරම් දිය සෙවල බැදුන ගල් එක්ක දගලන්න හිත හදා ගත්ත අපි ටික දෙනෙක්  'වැටිලා බෙල්ල කඩාගන බැ' කියලා මගදීම පරාජේ බාර ගත්ත අය හැරිලා යද්දී කොහොමෙන් හරි පොඩි ඇල්ලට ලං කලා ගියාට මොකද ඒ හරියේ කුඩල්ලන්  විමානයක්! ආපු මෝඩ කමට ඔන්න ඔහේ ටිකක් නාලම යනවා කියලා හිතාගෙන අපි කුඩා ඇල්ලට ඔලුව අල්ලාගෙන නෑව... අපි නානා හිටපු තැනටත් වඩා  සීතලම සිතලඊ වතුර...

ඉතාම සුළු වෙලාවකින් වැඩිහිටි පිරිමි පාර්ශවේ අය ඇල්ල උඩ තියෙන ගල් තලාවක් දිහා බලන් ඇස ලොකු කරන් ඉන්දැද්දී, ලොකු බාප්පා 'යමු යමු ඔය ඇති ' මහා හදිස්සියකින් වගේ අපිට යන්න කතා කලා... අපි කටවල් ඇරන් බලන් ඉදිද්දී බාප්පා අයෙමත් කියුවා 'දැන් ඇති නෑව!! ඉක්මනට පහලට බහින්න! කියල හරිම සැරෙන් පල්ලන් බහින්න අණ දුන්න...

කකුලුත් සීරගෙන අවේ අපරාදේ කියලා මුමුණ මුමුණ පහලට බැස්ස අපි නහයෙන් අඩ අඩ නඩේට එකතු වෙද්දී.. පහල හිටිය නඩේ වැඩිමහල්ලනුත් එකතු උනා උඩ බැලිල්ලට... ඔක්කොමල ගේ මුනවල් වල තියෙන්නේ  බය වෙච්ච බැල්මක්! ගැහැණු  පාර්ශවේ මුණවල් ඇද වෙද්දී  ;නැ! ස්ස්ස්! හනේ! ඉක්මනට යමු අනේ; වගේ දේවල් තමඊ අපිට ඇහුනේ

මොකද්ද මේ හදිස්සිය! වැඩිමහල්ලන් රොක් වෙලා බාප්පා අත දික් කරපු පැත්ත බල බල යම් දෙයක් කතා කරද්දී අපිත් බෙල්ල දික කර ගෙන උඩහ පැත්ත විපරම් කලාමුකුත් නැනේඑක පාරටම ටිකක් එහාඉන් නානා හිටපු ගැහැණු කීප දෙනෙක් යටි ගිරියෙන් කෑ ගහගෙන ගල් දිගේ වැටි වැටි දුවගෙන වගේ ඇල්ල පහලට බැස්සා ඒ ගැණු අයගේ කෑගැහිල්ලත් එක්කම නිරායාසයෙන්ම අපි ඇතුළුව නානා හිටපු ඔක්කොමල්ල ගැහෙන හදවතින් පහලට බහින්න ගත්තඅපි නාපු තැන පහු වෙනවත් එක්කම ලොකු නැන්දා මහා සද්දෙන් කෑ ගැහුවේ අපේ බය දෙගුණ කරවල... අපි හැරිලා බැලුව නැන්දා හිටපු දිහාව...නැන්දා බිම වැටිලා! මාමල දෙන්නෙක් එයාව උස්සනවා..ඊට පිටිපස්සෙන් ගල උඩ කෙනෙක් හිටන් ඉන්නවා!!!

මගේ කුල් දෙක ගැහෙන්න ගත්ත දැකපු දේට... මම දැක්කේ මිනිහෙක් ගල උඩ හිටන් ඉන්නවා! වගේ  එත් මට අදටත් sure නැහැ මම එහෙම දෙයක් දැක්කද කියල.. එක විනිවිද පේන හෙවනැල්ලක් වගේ මම දැක්කේ! මනුස්ස රුපයක් හැඩේට හැදුන චායාවක්! මගේ සිහිය විකල් වෙලා වගේ මට දැනුනමගේ කකුල් දෙක මාවත් අරන් පල්ලම් බැස්සේ මට වෙන දෙයක් හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර... 
     
පිටි පස්ස බලන්න එපා! ඉස්සරහ බලාගෙන බහිනවා ඔක්කොමල ඉක්මනට! මාමල අණ දිගෙනම අපිව ඉස්සර කරගෙන පුළුවන් තරම් වේගෙන් ගස් ගල් අස්සෙන් අපිව බැස්සුවා... අපි බැස්සට වඩා ලිස්සල වැටුන... උඩට නගිද්දී බොහොම පරිස්සමෙන් නැග්ග අය බැස්සේ නම් කකුල් අත පය සිරිලා ලේ ගලද්දී... පහලට බැස්සේ කොහොමද කියල මට මතක නැහැ තාමත්... පහලටම බැස්ස අපි කෙලින්ම ගියේ වාහනේ නවත්තල තිබුන දිහාවට.. එක මනුස්සයෙක් කැගහල කාටද කිවුවා 'ඇල්ල උඩ හොල්මනක් ඉන්නවා'  කියල... තැන් තැන් වල මිනිස්සු එකතු වෙලා කතා කර කර ඉන්නවා අපි දැක්ක...සමහරු මොකද්ද උනේ කියල අපෙන් ඇහුවත් උත්තර දෙන්න වත් නොනැවතී වාහනේට නැගල අපි අවා නවාතැනට... !

නවාතැනට ආපු අපි කාමර වලට වැදිලා ඇගපත හෝදගෙන තුවාල වලට බෙහෙත් දාගෙන.. ලොබි එකට එකතු වෙලා වුන දේ ගැන කතා කලා... අපේ කිහිප දෙනෙක් දැකල තියෙන්නේ විරූපී මුණක් තියෙන හොල්මනක්... තවත් කීප දෙනෙක් දැකල තියෙන්නේ ඔරවාගෙන වගේ ඉන්න විරූපී මිනිස් බාගයක්!  මම දැක්කේ විනිවිද පෙනෙන චායාවක්...! මම දැක්ක දේ  කවුරුත් දැකල නැහැ ....එවෙලේ මට හිතුනේ ලොකු දෙයක් ජිවිත කාලෙටම හරියන්න බය වෙන්න තිබුන අනිත් අය දැකපු දේවල් දැක්ක නම්...  දෙන්නෙක් බලපු නැති නිසා මුකුත් දැකල නැහැ... එදා දවසම ගැණු පිරිමි භේදයකින් තොරව ඔක්කොමල බය වෙලා හිටියේ උපරිමේට... දැක්ක අයට වඩා නොදැක්ක අය දකින්න උනොත් කියල බයෙන් ගැහි ගැහි තමඊ හිටියේ..එත් ගෙවෙන්න තියෙන රැය  ගැන කාටවත් අමුතු බයක් නම් තියෙන්න නැතිව ඇති...!

එතකොට මේ හොල්මන් දෙකක්ද? එකම හොල්මන අපි දැක්ක විදිය වෙනස්ද? නැත්තන් අපි ඔක්කොමල බය උනේ හිතේ ඇති උන මායාවකටද?

ඇල්ල ළග ඉදලා හොල්මනක් අපේ පස්සෙන් ආවද? නැත්තන් හොල්මනක් අපිත් එක්ක ඇල්ල බලන්න ගියාද

5වෙනි පොස්ට් එකෙන් හමුවෙමු...!! 


Saturday, November 26, 2011

හොල්මන් ද මනසේ සෙලවීමක්ද??

හොල්මන් කතාවේ 2

                                (මේක මම නෙට් එකෙන් හොයා ගත්තු හොල්මන් pic එකක් )
          
මාස 3 කට කිට්ටු කාලයක් මම සැනසිල්ලේ හිටිය…. පෙනිලා නොපෙනෙන අයගෙන් කරදරයක් නැතුව....එත් පෙරේදා ඉදන් පටන් ගත්තා පරණ කරදර අයෙමත් ..... මගේ හිත කියනව මවිසින්ම නිදි ගන්වපු අයව ඇහැරුවෙත් මමඊ කියල!

මේ වෙන දේවල් මනසේ සෙලවීමක් විතරක් වෙනව නම් මම වඩා කැමති...!!!  

දවස 11/21 : උදේ 7:30….
        
       උදේ ඉදන් විවේකයක් නැතිව වැස්ස වැටුන දවසක්.... බහුතරයක් අපි වැඩ පටන් ගන්නේ 'සදුදා කියන්නේ මහා එපා කරපු දවසක්' ගානට දාල නේ…. වැස්සත් නිසා මටත් තවත් එපාම උන දවසක් උනා... ඇග හිරිවැටෙන සීතල…. ගෙදර වැඩ ටික ඉවර කරලා.. උදේට කාල ….  හිත සැනසෙන්නත් එක්ක හොද රස්නෙට ලොකු කොපි කෝප්පයක් හදාගෙන උඩට ඇවිත් ,වේග රිද්ද්ම සින්දු ටිකක් තෝරලා දාගත්ත…. ඇහෙන නැහෙන ගානට වදෙන් පොරෙන් වටා පිටාව ලෑස්ති කරගෙන පටන් ගත්තා වැඩ ටික කරන්න…..

8:15 ඉ වෙලාව.... ආපු call කතanswer කරලා...මම අයෙත් වැඩ....තවත් ැයක් වගේ කාලයක් ගත වෙන්න ඇති........ මට  ඇහැ කොනෙන් පේනවා බාත්රූම් එකේ දොර ඇරෙනවා වගේ….. තිබුන සිතල double වෙලා ගිහින් මාව හිරිවැටිලා ගියා එක දැකල......උඩට ගත්ත හුස්මත් අල්ලගෙනම  බෙල්ල කරකවල බැලුව මොකද්ද උනේ කියලා....දැකපු දේ හරි…. බලන් ඉදිද්දිම බාත්රූම් එකේ දොර ඇරෙනවා.... Lock රලා තිබ්දොරෙන් බාගයක්ම කිසිම සද්දයක් නැතිව ඇරුන!
එකත් කලින් දා රැකදී උනා වගේ ඉබේ ඇරිලා ඉබේ වැහෙනකන්ද  මන්ද මම බලන් හිටියා ඒ දිහා ....මුකුත් උනේ නැහැ......ටිකක් බලන් ඉදලා මම නැගිට්ට දොර වහල එන්න ... දොරට අඩි ක් විතර තියෙද්දී ....
දඩාස්!!!
කන ළග බෝම්බයක් පිපුරුව වගේ මහා සද්දෙන් දොර වැහුන... දොර වැහුන සද්දේ කන ඇතුලේන් දෝන් කාර දෙද්දී මාව විසි වෙලා වගේ ගිහින් බිම ඉන්ද උනා...... මගේ හර්දය වස්තුව කටින් එන්න තරම් වේගෙන් ගැහෙන්න ගත්තා එවෙලේ.... දොර ගලවල මට ගැහුවා වගේ බිම වැටිලා දොර දිහාම බලන් හිටියා මම.....

එහෙම විනාඩි කීපයක් ඉන්න ඇති…. හොද සිහිය එනකොට මොළේත්  පැදුන වගේ….. මට හිතුන මම බලෙන් බය උනාද මන්ද කියලා...කොහොමත් මේදවස් වල බය වෙන්න ticket අරන් වගේ නේ ඉන්නේ..... මහා වැස්සක් වැටෙන වෙලේ ලාවට හුළං එන්න විදියක් නැහැනේ..... මට හිතුන මේක හුළගට තමඊ ඇරෙන්න වගේම වැහෙන්නත් අත්තේ කියලා... හ්ම්ම්ම් ඇති යාන්තන් වෙන මංගල්ලයක් නොවී එකත් හුළගක් උන එක හොදඊ කියලා හිතාගෙන බිත්තියක් අල්ලන් නැගිටලා.... බාත්රූම් දොර ඇරලා බලල දොර lock කරලා දැම්ම ...අයෙත් සුළි සුළගක් ආවත් ඇරෙන්න බැරි වෙන්න..... ! හිතත් නිදහස් කරගෙන ආඉත් වැඩ පටන් ගන්න ඉදගත්තා….       

තවත් පැයක් හමාරක් ගත වෙලා 10:32 වෙලාව…. තව කොපි උගුරක් බොන්න හදනකොට දැක්කේ එකත් අඩියටම ඉවර වෙලා.... පහලට බැස්ස කොපි කෝප්පයක් හදාගෙන එන්න ... කේතලේ plug කරලා වතුර උණු වෙනකන්, මහ දොර ඇරන් ආලින්දයට ගිහින් ඉදගෙන එලිය බලාගෙන හිටියා....
සැරට වැහි වැටෙනවා ...වැස්ස අතරින් ලාවට පේනවා යෝධ උණ පදුරේ අතු බිමටම නැවිලා වතුර කැට වල බරට...... ලා අළුපාට පරිසරය දිහා බලන් හිටියත් නිදි මතඉ වගේ…. එකපාරටම හිරිකඩත් එකතු කරන් වේගෙන් ආපු හුළගක් නිසා උන්නු තැනින් නැගිට්ටුනා මාව…. නිකන් ice වතුර එකකින් ගැහුවා වගේ…. බාගෙට තෙමුනා ඒ ටිකට.... සුළු මොහොතකින් 2 වෙනි පාරටත් මාවම එල්ල කරගෙන වගේ ආපු සීතල හුළග ඇගේ වැදිලා මාව වෙවුලලා ගියා….... මෙච්චර වෙලා උණුසුමට ඇදන් හිටපු ඇදුම් හිල් වෙලා ගිහින් වගේ….…. තවත් හිරිකඩ වලට අහු නොවී ඇගට වැටුන වැහිබිඳුත් ගසල දාලා ice වෙච්ච අත් දෙකට පිබ පිබ දොරත් වහ ගෙන මම ගෙට අවා.... දොර වහන ගමන් මට හිතුනේ හුළගේ වේගේ වැඩි උනාද කියලා එක පාරටම! දොර වහල හැරෙන කොටම....  මේ මොකද්ද! …..

ලණු කැල්ලක් ??

අලුත් කොහු ලණු කැල්ලක් අඩියක් විතර දිග... ...... සලේට කොහෙන්ද ලණු කැල්ලක් අවේ?...... උදේ අතු ගාලා කරලා තිබුන ගේ…. දොර ඇරගෙන එලියට යද්දී මේක මග ඇරුනේ කොහොමද?...... ….. දැන් දොර ඇරපු වෙලේ හුළගත් එක්ක ගෙට වැදුන වත්ද? ….
හ්ම්ම්ම්ම්….. මම ලණු කැල්ල අතට අරන් බැලුවා....තෙමිලත් නැහැ.... එළියෙන් අවෙත් නැත්තන් මේක අවේ කොහෙන්ද?

ටිකක් වෙලා බලන් හිටියා... මොකද්ද මීලගට මම කරන්නේ ....කරන්න දෙයක් නැහැ..... Address එක ලණු කෑල්ලෙන් අහන්න කියලද.... ලණු කැල්ල අදාළ තැනට ගෙනිහින් දානකන්, කුස්සියේ කබඩ් එකක් ඇතුලට දාල වහලා කොපි එකත් හදාගෙන උඩට අවා....
උඩට ඇවිල්ලත් මම කල්පනා කලේ.. කොහොමද ලණු කැල්ලක් ගේ මැද වැටුනේ කියල...  දැන් ඉතින් ඕක ඔලුව කණපිට හැරෙඋවත් මතක් නොවෙන දෙයක් නේ කියල මතක් වෙලා මගේ වැඩේ කරන්න ගත්ත....

තවත් පැයක් හමාරක් ගතවෙද්දී .... වට පිටේ ඔක්කොම අමතක වෙලා ගිහින්…. කරන වැඩේ ඔලුව පුරා දුවද්දී..... හදිස්සියේම මේ ලෝකෙට පහත් වෙච්ච මගේ සිහිය නිසා ලාවට වගේ මම යමක් දැක්ක…. 
මම දැක්ක දේ එකපාරටම මොකද්ද කියලා තෝර බේර ගන්න මට බැරි උනා……මම බලන් ඉන්නේ මොකක් දිහාද? දෙඉයනේ මේ මොකද්ද මේ .....!! 

ලණු කැල්ල!!!

පුටුවේ ඉදගෙනම ඇස් එළියට පනින්න වගේ පුදුමෙන් මම බලන් උන්නේ කාමරේ ඇතුලේ දොරේ  එල්ලලා තියෙන තියෙන ලණු කැල්ල දිහා....! මොන ලෝකෙන්ද මේ කෙහෙල් මල මෙතනට අවේ? මට ඇති උනේ හිතලා ඉවර කරන්න බැරි ප්‍රශ්නයක්….එත් එක්කම අමුතුම බයක්...! කවුරු හරි මන් දිහා පිටිපස්සෙන් එබිලා ඉදන් බලන් ඉන්නවා වගේ හැගීමක් මගේ හිතට කාන්ඳු වෙන්න ගත්තා….  හිත ගැහෙන වේගේ ටික ටික වැඩි වෙනවා දැනුන මට…..! 

මම පුටුවෙන් නැගිට්ටේ සිහියෙන්ද කියලවත් මට මතක නැහැ ....ඉක්මනට ගිහින් ලණු කැල්ල ඇදල ගත්ත මම ඒක අතට ගුලි කර ගන්න ගමන් කෙලින්ම ගියේ balcony එකට ඇරෙන දොර ගාවට...දොර ඇරගෙන එලියට දුවලා ලණු කැල්ල විසි කලේ සර්පයෙක් අල්ලන් හිටිය වගේ වේගෙන්.... කොහාටද වැටුනේ කියලවත් බලන්න ඉන්නේ නැතිව ගියපු වේගෙන්ම දොරත් වහගෙන කාමරේට ආවා...

ඇවිත් පුටුවට වැටුනේ මහා බරක් ඔලුවෙන් අඉන් කලා වගේ හැගීමකින්.... මොකද්ද දැන්  මම කරන්නේ කියලා දස අතේ කල්පනා කලා ....හිතලා හිතලාම මගේ ඔලුවපොඩි උන් ඇදපු බලියක් වගේ වෙලා අන්තිමට....මම com  table  එකට ඔලුව තියාගෙන ටිකක් හිටියා.... මොකද්ද මේ වෙන්නේ කියලා අමුතුවෙන් මට මතක් කරලා දෙන්න කෙනෙක් අවශ්‍ය නැති එකේ…. මේ වෙන දේවල් එක්ක  මට ඇති උනේ පුදුම කේන්තියක්... පුදුම බයක්….!

බයට වඩා කේන්තිය ඉස්සර කරගෙන  හිතට ආපු අදහසක් ක්‍රියාත්මක  කරන්න මම පුටුව තල්ලු  කරලා නැගිටලා පහළට ගියා....Rack එකෙන් කුඩයක් අරගෙන එලියට ගිහින් ලණු කැල්ල විසිකරපු තැන ිම වටේම හෙවුවා....... ලණු කැල්ල මල් ගහක් මුල වැටිලා තිබුනා ඒක අහුලගෙන එළියෙන්ම අයුධ කාමරේ පැත්තට ගියා…. කුණු ගිනි තියන්න එළියෙන් අරන් තියලා තියෙන භූමිතෙල් ලිටරෙන් බාගයක්ම හැලුව ලණු කෑල්ලට...ගිහිකුරු 20 ක් විතර ගහල එකක් පත්තු කරගෙන ගිනි තියලා දැම්ම...හරියට පන තියෙන දෙයක් ගිනි තිබ්බ වගේ හැගීමකින්...වේගෙකින්.... කළු දුමාරයකුත් එක්ක ලණු කැල්ල පිච්ච්චුනේ මගේ බයත් එකතු කරගෙන වගේ..... ඒක අලුවෙලා යනකන්ම එතන ඉදලා ගෙට අවේ යුද්ධයක් දින්නා වගේ හැගීමක් එක්ක මම...

ගෙට ඇවිත් වාඩි වෙලා ටිකක් වෙලා හිටියා හිතට ඉබාගාතේ යන්න ඇරලා..... හිත ඇතුලෙන් ඒක දිගටම මට ඇහෙන ගත්ත   "බය නැති  කරගන්න නම් බයට මුණ දෙන්න " මම කොහෙන් හරි අහල තිබුන දෙයක් ඒක .... එදා මම පුටුවෙන් නැගිට්ටේ අයෙත් මේ ගෙදර මේ  වගේ දේවල් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා හැගීමත් එක්ක....!  

පෙර විදියටම කරන්න තියෙන දේවල් කරලා ගේම cleanse කලා....තාමත් මුකුත් වෙනසක් උනේ නැහැ .... අයෙත්  බලවේග අහබු ලෙස එළියට එන්නත් ඉඩ තියෙනවා....නැත්තන්  යටපත් වෙලා බලන් ඉන්නවා එළියට එන්න අවස්ථාවක් එනකන්....!!! 

මුලින්ම මේ හොල්මන් අවතාර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න හේතුව දැන ගන්න මගේම මතකයන් ඇසුරෙන් මම research එකක් කලා, ..... මම දැන් මුණ දීල තියෙන තත්වේ ප්‍රසාරණය වෙන්න කෙසේවෙතත් ආරම්භ වෙන්න  මුලික වෙන්න ඇති කියලා මට හිතෙන සිද්දි  කීපයක් තියෙනවා... මේ ඔක්කොම සිද්දි වලට මුලික උන තැන.... අපි දුන්හිද ඇල්ල බලන්න ගිය ගමන කියල මම දන්නවා ....



මේ අත්භූත දේවල් පටන් ගන්න මුලික උන කතාව තව පොස්ට් එකකින් දාන්නම් කියවල බලන්න...... හැමෝටම නැති උනත් මේ වගේ අත්දැකීම් කි දෙනෙකුට තියෙනවද කියලා!!! 



(මේ සිද්දිය මගේ පවුලේ ලගම හිතවතුන් හැර, වෙනත් කෙනෙක් දන්නේ නැහැ! මෙය පවුලේ රහසක් හැටියටයි පවතින්නේ! එනමුත් මගේ පවුලේ කිසි කෙනෙක් දන්නේ නැහැ, මම බ්ලොග් එකක් ලියන බව!)

ඉතින් මෙයින් පසු දිග හැරෙන කථාව, හොල්මන් විශ්වාස කරන නොකරන සියලුම දෙනාටයි!!