Wednesday, January 4, 2012

යකා අල්ලපු හැටි! අවසාන කොටස

2010 අගෝස්තු මස, මැද බාගයේ දවසකින් පටන් ගෙන, දවස් 25 කට ආසන්න කාලයක්, මා ලද ‘අධි ස්වභාවික අත් දැකීමක්, කතාවක් බවට පත් වෙමින්, සයිබර් අවකාශයේ සටහන් වී, අද මෙලෙසින් නිමාව දකී! අත්භූත සිද්ධාන්ත පිළි නොගන්න, මේ විද්‍යුත් සමාජයේ වෙසෙන සියලුම දෙනාට,මේ කතාව, හුදු මනං කල්පිතයක් ලෙස පිළිගන්වන අතර, පෘතග්ජන මනසට හසු නොවන, නමුත් පැවතිය හැකි, අභෞතික අන්තයන් ගැන සොයන්නන්ට, මෙය අනන්ත අප්‍රමාණ අත්භූත සිදුවීම් අතරට, එකතු උන තවත් 'එක් සිදුවීමක්' ලෙසත් පිළිගන්නවමි!

අවසාන කොටස -2

ආච්චි අම්මගේ කැමැත්ත පරිදි, දවස් දෙකක් ඇතුල, තොවිලේට අවශ්‍ය වැඩ කටයුතු සදහා සුදානම් වීමට, පවුල් තුනේම නෑදෑයින්, රන්දිලගේ ගෙදරට එකතු විය යුතු උනෙන්, තොවිලේ පවත්වන දා, ලොකු මාමා,පොඩි පුංචි යන පවුල් දෙකේ අයත්, මම සහ අ.අම්මාත්, පොඩි මාමාලාගේ ගෙදරට යන්න, උදෙන්ම පිටත් උනා!

ගුරුන්නාන්සේව එක්කන් එන වෙලාවට, පොඩි මාමා, රන්දිව රෝහලෙන් ගේන්නම් කිවුවේ, වේලපහින් ගෙදර ගෙනාවොත්, එයාගේ ලෙඩේ වැඩි වෙලා, කෙරෙන වැඩේට බාදාවක් වෙන්න, තියෙන ඉඩ නිසා කියලයිගුරුන්නාන්සේ දුරකතනයෙන් පැවසු පරිදි ,අවශ්‍ය කළමනා ලෑස්ති කර ගත්තු වැඩිහිටියන් එදින හවස් බාගේ වන විට ගුරුන්නාන්සේව, රන්දිලගේ ගෙදරට එක්කගෙන ගෙන අවේ, පොඩි මාමා රන්දිව රෝහලෙන්, ගෙන ඒමට පිටත් වෙද්දීම වගෙයි!

ගුරුන්නාන්සේ, ආ පයින්ම ගෙදරට ගොඩ නොවී, ගෙට ඇතුළු වන තැනම නැවතී, ගේ ඇතුල  විපරම් කර, නැවත හැරී, වට පිටාව බලමින් යමක් මතුරමින්, ගේ වටේ ගමන් කර, නැවත හැරි ගේට්ටුව ලගට ගොස්, බිම හාරා යමක් වළලනු, මම බලාගෙන හිටියේ, අද මොනා නමුත් බරපතල දෙයක් වෙයි, කියන හැගීමෙන්ටික වෙලාවකින් ගුරුන්නාන්සේ ගෙට ගොඩ උනේ, 

අපි මෙහෙ කටයුත්ත ඉවර උනාම, අනිත් ගෙවල් තුනටත් ගිහිල්ලා එමු නේද, ඉස්කෝලේ හාමිනේ යි .අම්මගෙන් අහගෙනමයි! හොදයි ගුරුන්නාන්සේ! අපි එහෙම කරමුයි කියලා අ.අම්ම, ලොකු මාමා දිහා බැලුවේ, හරි නේ එහෙනම් කියන්නා වගේ බැල්මකින්!

උදේ පටන්ම කට කොනකට ඇදීමෙන්, පෙන්නුම් කල උපහාසාත්මක ගතිය, පොඩි මාමා සහ ලොකු මාමාගේ මුණවල් වල, පෙනෙන්න තියෙද්දී, අනෙත් සියලුම දෙනා ‘මොකක් වෙයිද මන්දා කියන හැගීමෙන් ඉදපු බව, මවිතය පත් වීමට සුදානම් මුණක්, එක්ක ඉදපු හැටියෙන් මට හිතුනාහවස පහුවෙද්දී, පොඩි මාමා රන්දිව, ගෙදරට එක්කරගෙන අවේ, තොවිලේට වැඩ කටයුතු සියල්ල ලෑස්ති වී අහවර වූ පසුවයි! උසේ තරමටත් වඩා බර ඇති කියලා හිතෙන තරම්, ශරීරයක් තිබුන කෙනෙක් උන රන්දි, පොඩි මාමා එක්ක නාවානම්, අදුන ගන්න පුළුවන් ආකාරයේ, කිසිම සලකුණක් අපිට තිබුනේ නැහැ

ඇවිදින ඇට සැකිල්ලක් බවට පත් වෙලා හිටිය රන්දි, ඇවිද ගන්නවත් පණ නැතිව, මාමාගේ ශක්තියෙන්, ගෙට ගොඩ වෙද්දීම වගේ, සාලේ ඉදපු ගුරුන්නාන්සේ, තමගේ බැග් එකෙන් පොඩි කුප්පියක් අරන්,අතේ ගුලි කරගෙනම  හැමෝටම ඇහෙන්න කිවුවේ

 “කිසි කෙනෙක් ඉන්න තැන වලින් හෙල්ලෙන්න එපා!” කියලයිඒ අණට, ගේ ඇතුලේ එහාට මෙහාට වේවී ඉදපු අයත්, ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙද්දී, අපි ඔක්කොමල බය වෙලා, පඩි පෙළ දිගේ හිටගෙන, කටවල් ඇරගෙන බලන් හිටියේ, මොකද මේ කියලා, හිතාගනන වත් බැරිව! 

පඩි පෙලේ ඉදපු අපිට, නොපෙනෙන ඉසවුවක් දිහා බලාගෙන, උදේ ඉදන් දාගෙන හිටපු උපහාසාත්මක මුණ දියවෙලා යද්දීම, ඇස් ලොකු කරන්, බය උන මුණක් ඇදගන්න, පොඩි මාමාව දැකලා, මගේ හිතේ ගැස්ම වැඩි උනේ, ඒ ඇස වලින් එයාට පේනදේ, යන්තමට වගේ, මට හිතෙන් පෙන්න ගත්තු නිසයිඒ ඉසවුව පේන කෙනෙක් උන නැන්දා, බය වෙලා දුවන්න වගේ හැරෙද්දීම, ගුරුන්නාන්සේ, දබර ඇගිල්ල නැන්දට දික් කරගෙන, 

හෙල්ලෙන්න එපා!” යි දෙවෙනි අණ නිකුත් කලා! 

වෙලාව නැවතිලා වගේ මට දැනෙද්දී, මම බලාගෙනම හිටියේ, මාමාගේ මුණ දිහාමයි, එක පාරටම බයත්, විස්මයත් අතර මැද හඩක්, රන්දිව අල්ලාගෙන ඉදපු, පොඩි මාමාගේ කටින් පිට උනේ, මාමා විසිවෙලා වගේ, දොර ලග ඇදගෙන වැටෙද්දීමයි!වහාම ක්‍රියාත්මක උන ගුරුන්නාන්සේ, අතේ තිබුන කුප්පියයෙන් තෙල් ටිකක් අරන්, රන්දි ලගට පිම්මෙන් ගිහින්, නළලේ ගෑවේ, කරන්ට් වැදිලා වගේ රන්දීව ගැහෙන්න පටන් ගනිද්දිමයි! 

ඔක්කොමල ඉටියෙන් හදපු පිළිම වගේ, ගේ පුරාම හිටගෙන බලන් ඉන්දැද්දී, වැටෙන්න යන රන්දිව අල්ලාගෙන ගුරුන්නාන්සේ  කෝ ඉක්මන් කරන්න, මේ ළමයව අල්ලා ගන්න!” යි කිවුවේ, හැමෝටම තමන්ගේ හොද සිහිය ලං කරමින්! 

මාමාලා දෙන්න, ඉක්මනින් රන්දිව අල්ලාගෙන, පුටුවක හාන්සි කරෙවුවේ, මුණට, මුණ බලා ගනිමින්ලොකු නැන්දා අනේ දෙයියනේ කියමින් හුස්මක් ඇදගෙන, පුටුවකට වැටෙද්දී හ්ම් දැන් තොවිලේ පටන් ගමු යි පවසා, එතනින් ඉවත් උන ගුරුන්නාන්සේගේ පස්සෙන් වැටුන පොඩි මාමා, හිමිට යමක් ගුරුන්නාන්සේගෙන් ඇහුවේ, ඔලුවට අතක් තියගෙන මනස කැලබුන පුද්ගලයෙකුගේ විලාසයෙන්! ගුරුන්නාන්සේ, පොඩි මාමාගේ උරහිසට අතක් තියමින්, යමක් කියලා, එතනින් ඉවත් වෙලා ගියා! 

අපිට කිට්ටුවෙන් ඉදපු අ.අම්මා, ලොකු නැන්දා ලගට ගියේ, උන දේ කතා කරන්න කියලා දැනුනු නිසා, මමත් අ.අම්මගේ පස්සෙන් වැටුනේ විස්තරේ අහගන්න! බය වැඩි කමටද මන්දා, අඩන ගමන්, ගොත ගසමින්, නැන්දා කියනවා

අම්මා, මෙහෙදී දැක්කයි කියපු හොල්මන, මේ බිත්තිය ලග හිටියා අම්මේ...! මගේ කකුල් ගැහෙනවා තාමත්!” එහෙනම් අපි දැකපු හොල්මන තමයි, නැන්දත් දකින්න ඇත්තේ! යි මට සිතෙද්දී, මම දැක්කේ සාලේ කොනක පුටුවකට වැටිලා එළිය බලාගෙන ඉන්න, පොඩි මාමා එක්ක කතා කරමින් ඉදලා, එතනින් ඉවත් වෙන ලොකු මාමාවයි!

ඉන් පසුත් පොඩි මාමා, ඔහේ බලාගත්තු අත බලාගෙන, කල්පනාවේ ගිලිලා ඉදීම මම දැක්කේ, ‘මාමාගේ මතය උන, හොල්මන් කියන්නේ මානසික රැවටීමක්, බිරාන්තයක්, ශුන්‍ය තර්කයක් වශයෙන්, තමන් උගත් ශේස්ත්‍රයට අනුව හිතමින්, විශ්වාස කරමින්, තමන් ගිය පාර මගදී, බොරු වලකට වැටුන මිනිහෙක්, තමන්ගේ නවීන මනසට, තමන් ඇහින් දැක්ක දේ,  ඔබා ගන්නේ කොහොමද කියලා හිතමින් ඉන්නවා වගේ කියලයි! තිත්ත උනත්, ඇත්ත පිළි ගන්න, ලොකු මාමාට නම්, එතරම් වෙලාවක් නොගිය නිසා, ගුරුන්නාන්සේගේ වැඩ වලට උදවු කරන්න, ලොකු මාමා යුහුසුළු උනා! 

තොවිලේට අවශ්‍ය සියල්ල ලෑස්ති කරගෙන, පටන් ගන්න මොහොතකට කලින් ගුරුන්නාන්සේ ගෙදර හිටපු හැමෝටම, සාලේට කතා කරලා කිවුවේ, අද මේ වැඩේ මෙතනින් කෙළවරක් වෙන්න අවශ්‍යයි නම්, මම දැන් කියන දේවල්, මෙතන ඉන්න කිසිම කෙනෙක්ට කරන්න තහනම්!”

එක, මොනම හේතුවක් නිසාවත් මේ වැඩේ කෙළවරක් වෙනකන්, මගෙන් අහන්නේ නැතිව, ගෙදරින් එළියට බහින්න තහනම්! දෙක, මේක ඉවර වෙලා, දවස් හතක් යනකන්, මේකට සහභාගී වෙන, මේ අය හැමදෙනාටම, රහමෙර පානය, බැදුම් කෑම, මස් මාංශ අනුභවය තහනම්!”

ඊළගට විනාඩි පහකට වඩා කැස්ස ගුරුන්නාන්සේ, පපුව අත ගා ගනිමින් කිවුවේ

තුන, (ගුරුන්නාන්සේ එක්කගෙන ආපු ගෝලයාව පෙන්වමින්) මහා මන්තරේ මතුරන කොට, මගේ උදවුවට ඉන්න මේ කෙනා හැරෙන්න, කිසි කෙනෙක් නැගිටින්න එපා! ඔය අතේ බැදලා තියෙන නුල නිසා කාටවත් කරදරයක් වෙන්නේ නැහැ.. මහා මන්තරේ කියන වෙලාවට ගෙට එන, ආත්මවල බැල්මට අහුවෙන්න අවශ්‍ය නැති නිසා, ඉවසීමෙන් ඉදගෙන ඉන්න!"

තෙරුනානේ කියමින්, ඒ කියපු ටිකටත්, පපුව ගැහි ගැහි ඉදපු අපි දිහත් බලලා, අපි ඔව් කියනකන්ම, මුණ දිහා බලන් හිටිය ගුරුන්නාන්සේ, 

හොදයි එහෙමනම්, පැය කිහිපයකට වාඩි වෙලා ඉන්න ලෑස්ති වෙලා ඇවිත්, මේ දාලා තියෙන පැදුරු වලින් වාඩි වෙන්න!” කියමින් හදුන් කුරු මිටියක්, පත්තු කරන්න උනා!

මගේ බඩ ඇතුලේ අමුතු පෙරලීමක් වගේ දැනෙද්දී, මොනවා දකින්න වෙයිද, අහන්න වෙයිද, කියලා, හිතේ මායිමටවත් හිතාගන්න බැරිව, ගැහෙන හිතින්, කිටි කිටියේ ලං වෙලා, අපි ඔක්කොමලා බිම එළලා තිබුණු පැදුරු වලින් වාඩි උනේ, පොඩි මාමා ගුරුන්නාන්සේට ලගම පැදුරක, රන්දී එක්ක ඉද ගනිද්දීයි!

රෑ 8 ට කිට්ටු වෙද්දී, ආරම්භ කෙරුණ තොවිලය, රෑ 12 :30 වගේ වෙනකන්, හිමින් ඇහෙන මන්තර සහ ගුරුන්නාන්සේට අතරින් පතර ඇති උන, වියලි කැස්ස අතරින්, කෙරීගෙන ගියා!
තවත් පැය බාගයක් වගේ ගිය තැන,අපිට තුන් වන නිතිය නැවතත් මතක් කරපු ගුරුන්නාන්සේ, මේ කරදරවලට මුලික උන ආත්මයට, එන්න කියලා, කළ යම් ආකාරයක අණ කිරීම්, විනාඩි පහළොවකට වඩා කෙරුනේ, දල්වපු විලක්කුවක් අරන්, එකට දුම්මල ගහලා, හොදින් මහප්‍රාණ ශබ්දකරමින් කියපු මන්තරයක් සමගිනුයි!

විනාඩි කිහිපයක් ගතවෙද්දී, මල් තට්ටුව උඩ පත්තු කරලා තිබුණු පහන් තිර, හෙලවෙන්න ගත්තේ, එතනට හුළගක් හැමුවා කියලා, මට හිතෙද්දියි! ගුරුන්නාන්සේ, මන්තර වල සද්දේ වැඩි කරමින්, දුම්මල ගසමින්, මන්ත්‍ර කරගෙන යද්දී... උඩ තට්ටුවෙන්, බර දෙයක් වැටෙන සද්දයක්, ඇහුනයින් උඩ විසි උන අපි, බයෙන් ගැහෙමින්, එවෙලේ පඩි පෙළ දිහා බලන් හිටියේ, ඒක දිගේ හොල්මනක්, පහළට බහිනකන් වගෙයි!

හැමෝගෙම බය, එක එක ශබ්දෙටකටවල් වලින් පනිද්දි, අපේ පිටිපසෙන් බිත්තියේ එල්ලලා තිබුණු චිත්‍රයක්, කඩාගෙන වැටුනේ, ඉදන් ඉදපු කිහිප දෙනක්වම නැගිට්ටුවමින්! ඉදගන්නයි,අතින් සන් කරමින්, අමුතුම භාෂාවකින්, මන්තර කියන්න ගත්තු ගුරුන්නාන්සේ, සද්දෙන් ඒ මන්තරවල වචන ශබ්ධ කරමින්, බර කරමින්, අමුතුම ආකාරයකට නටමින්, මට හිතෙන ආකාරයට මහා මන්තරේ කියන්න පටන් ගත්ත

මන්තර කියමින්ම, මල් තට්ටුව උඩ තියලා තිබුන, ඝනකම් නුලක් අරගෙන, කට ලගටම කරගෙන, ඒක කිහිප සැරයක්ම එකම මන්තරෙකින් බලවත් කරලා, නුලෙන් තොන්ඩුවක් හදපු ගුරුන්නාන්සේ, ඒක බුලත් කොලයක් උඩ තිබ්බේ, ඊලග පියවරට යන්නයි කියලා මට හිතුනා!

ගේ ඇතුලේ නානාප්‍රකාර ශබ්ද ඇහෙද්දී, එක පාරටම,මොකක් නමුත් ජනේලේට මහා සද්දෙන් වැදුනයින්, ජනේලෙට කිට්ටුවෙන් වාඩි වෙලා ඉදපු චිත්‍රා, පැදුරෙන් නැගිටලා, ගුරුන්නාන්සේගේ, ගෝලයා කෑගහද්දීම, අපිවත් පෙරලගෙන බිත්තියක් ගාවට දිවුවේ අඩාගෙන වගේ! ඊළගට තප්පරේ මල්කි කෑගහගෙන නැගිට්ටේ, දුවන්න වගේ! 

පුංචි, මල්කිගේ අතකින් ඇදල වාඩි කෙරෙවුවේ, සැරේට බනින ගමන්! ගේ පුරාම අමුතු සද්ද වැලක් ඇහෙද්දි, ගුරුන්නාන්සේගේ, ගෝලයගේ බැනුම් මැද, චිත්‍රා අඩමින්ම, පැදුරට ඇවිත් වාඩි උනා! “කිසිම කෙනෙක් නැගිටින්න එපා යි, ගුරුන්නසේගේ ගෝලයා සැරෙන් කිවුවේ, ගුරුන්නාන්සේ නොනවත්වාම මන්තර කියද්දීයි!

ඒ මොහොතේම එළියේ තාප්පේට, කිට්ටුවෙන්ම බල්ලෙක් ගේ උඩුබිරුමක් පටන් ගත්තේ, මහා අමුතුම භයානක හැගීමක් මගේ හිතට පුරවමින්! බල්ලාගේ බිරුමත් එක්කම වගේ, නැගිට්ට රන්දී, හරි කෙලින් පැදුර උඩ හිට ගත්තේ, මට උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවමින්! බල්ලාගේ බිරුමත් එකවරම නැවතෙද්දී, කන් බිරි කරවාගෙන, කණ  ගාවින් ඇහුන, මහා භයානක හුවකට, මගේ බය, ඉනිමගක් දිගේ නගිනවා වගේ හැගීමක් එක්කම, මම පැදුරෙන් නැගිට්ටා නෙවෙයි, ඉබේටම නැගිට්ටුනා! 

වහාම ගුරුන්නන්න්සේගේ, තුන්වන නීතිය මතක් කරගෙන, මම පැදුරෙන් වාඩි වෙද්දී, ගුරුන්නන්න්සේගේ ගෝලයා ඇවිත්, චිත්‍රාව ගුරුන්නාන්සේ ලගට ඇදගෙන වගේ ගියේ, චිත්‍රාගේ පොරබැදීම් අතරිනුයි! ඒ නිමේෂයේ, අපි දිහාවට හැරුන රන්දී, බෙල්ල ඇල කරගෙන, කට කොනකින් හිනාවෙමින්, ඇග සිතල වෙලා යන බැල්මකින් අපි දිහා බලාගෙන ගිහින්, ගුරුන්නාන්සේ දිහාවට හැරෙද්දීම, ගුරුන්නාන්සේ, නුලෙන් කලින් හදල තිබුන තොන්ඩුව, රන්දිගේ අත් වටයට දාලා එහි ගැටය තද කලා!

උණුවතුර ඇග වැටුනා වගේ, කෑගහමින්, ඇඹරෙමින්, රන්දී අත දික් කරගෙනම, ගුරුන්නාන්සේ ලග, දන ගහ ගත්තේ, දරාගන්න බැරි වේදනාවකින් වගේ! ඊලග විනාඩියේදී රන්දිගේ දැගලීම නැවතිලා, පණ නැතිව මාමාගේ ඇගට වාරු වෙද්දී, ගුරුන්නාන්සේ හිමිට මතුරමින්, අතේ තිබුන නුල, වළල්ලක් ගලවන ආකාරයට, තොන්ඩුවේ ගැටේ තදකරමින්ම, රන්දිගේ අතින්, අයින් කරගත්තා

එක පාරටම සියලුම ශබ්ද වලට තිතක් තිබ්බා වගේ, සියල්ල නිශ්ශබ්ද වෙද්දී, මම දැක්කේ ගුරුන්නාන්සේගේ අතේ තිබුන නුල, බැලුමක් උඩ යන්න දගලනවා වගේ, උඩ අතට පාවෙමින් තියෙනවයිසැනෙකින් තවත් මන්තරයක් පටන් ගත්තු ගුරුන්නාන්සේ, රන්දිගෙන් ගලවගත්තු නුල’, තම ගෝලයා අතට පත් කරමින්, බිම වැටිලා ඉන්න චිත්‍රාගේ අතේ, නුලක් බදිමින් තෙල් වගයක් ඔලුවේ ගැවා! 

සියලු දෙවි දේවතාවුන්ට පින් දෙද්දී, ගෝලයා ඒ නුල පොඩි විදුරු බෝතලයකට දාලා, ගෙදර බුදු පහන උඩින් තිබ්බේ ගුරුන්නාන්සේ, පිරිත් කියමින් සෙත් පතත්දී! උදැසන 6 වෙද්දී, සියලුම කාර්යන් ඉවර කළ ගුරුන්නසේ, තොවිලේ අවසන් කරේ, හැම දෙනාගේම සිත සුවපත් වෙද්දියි

චිත්‍රාටත් සනීපයක් ලැබෙද්දී, අපි දැක්කේ, කලින් චිත්‍රාගේ අතේ බැදලා තිබුන නුල, බිත්තියක් ලග වැටිලා තියෙන හැටියි! එත් එක ගැල උනේ කොහොමද කියලා, එයාවත් දන්නේ නැහැලු! ඊටත් වඩා පුදුමේ නම්, රන්දිට මන්තර නුල දාපු අත් වටයේ, තද රතුවට පිළිස්සුන කැළලක් තිබීමයි!

උදේ වෙද්දී ගුරුන්නාන්සේගේ, කැස්ස වැඩිවීම හේතුවෙන්, මාමලා ගේ අනුමැතිය මත ලබා දුන් බෙහෙත් වලින්, බොහොම ඉක්මනට ගුරුන්නසේට සුවයක් ලැබුන නිසා, එයා බොහොම කැමැත්තෙන්, අපිත් එක්ක පැය කිහිපයක් කතාකර හිටියා! ඒ කතා අතරට ගුරුන්නාන්සේ ලබපු, භයානක අත්දැකීම් කිහිපයක්ද,බෙදාගන්න අමතක කලේ නැහැ

ඊට අමතරව ගුරුන්නාන්සේ කිවුවේ, කලින් ගෙනා කට්ටඩියා, පෙරේත බන්දනයක් කර තිබු බවත්, එවිට ඒ පෙරේතයෝ, යන යන තැන පස්සෙන් එමින්,මනුස්සයින්ව සුළු සුළු අනතුරු වලට තල්ලු කරන බවත්ය!

පෙරේතයෝ එක්ක ජිවත් වෙන මිනිස්සුත්, දියුණුවක් නැතිව එක තැනම ලගින්නෙත්, පෙරේත බැල්ම, නොමිළේම ඔය කට්ටඩින්ටත් ලැබෙන නිසයි! යක්කු පෙරේතයෝ, එක්ක වැඩ කරන්න බැහැ, මන්තර හරියකට දන්නේ නැතිව! මන්තර හොදට අධ්‍යනය කරලා ඉගෙන ගන්න ඕනේ දෙයක්! කෙස් ගහක් එහා මෙහා උනොත්, කට්ටඩියා ගස්!”

ඒ වගේම ආතුරයින්ට, දවස් 7 ක් යනකන්, රහමෙර පානය, මස් මාළු, බැදුම් කෑම තහනම් කරන්නේ, රහමෙර වලට, බැදුම්, මස් මාංශ වලට මිනිස්සුන්ට වඩා, දස දහස් ගුණයකින් පෙරේතයෝ කැමති වීමයි! ඔය පෙරේතයෝ වෙන්නෙත්, ඕනෙවට වඩා, ඕවට ගිජු මිනිස්සුම, වීම තමයි හේතුව! 

"ප්‍රතිපත්තියක් විදියට, දවස් 7 ක් මේ අතුරයෝ, මේවයින් ඇත් වෙලා ඉන්නවා කියලා, වෙසමුණි රජුන්ට (යක්ෂයින්ගේ රජු) පොරොන්දු වචනයක් දීලා තමයි, මේ වැඩ පටන් ගන්නේ! ඉතින් මේවා ඇහැට නොපෙනුනා කියලා, අත ඇරලා, ජිවිතේ අනතුරේ දාගන්නේ නැතිව, ඒ දුන්න පොරොන්දුවේ පිහිටලා, දවස් 7 ක් ඉන්න!"

තවත් තොරතුරු කථා කරපු ගුරුන්නාන්සේ, හවස් වෙද්දී, අනිත් ගෙවල් වලටත් ගිහින් ආරක්ෂාවක් වළලා ඇවිත්, ගෙදර යන්න ලෑස්ති වෙලා, අපිට කිවුවේ, 

ඔයාලට මේ ලැබුන අත්දැකීම්, අමතක කරන්න එපා... අවතක්සේරු කරන්නත් එපා... හොදට මතක තියාගන්න! මේ වගේ නොපෙනෙන බලවේග වල, ගොදුරක් නොවෙන්න නම්,මොහොතකටවත්, අමාරුවෙන් ලැබුන මනුස්සකම නැතිකරගන්න එපා!”

විශ්වාස කලත් නොකලත් මනුස්සකමේ, 'ධර්මය රකින්නාව, ඒ ධර්මය විසින් රකිනවා'! එක විශ්ව නීතියක්!” 


නිමි….! 



මායා ලෝකයන්ගෙන් පිටවී, මනුස්ස ලෝකයට එබෙන, අමනුස්සයින් ගැන, අනුදැකීම් කතා පෙළක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න!



සුබ දවසක් ඔයාලට! නැවතත් කතාවකින් හමු වෙමු!

28 comments:

Anonymous said...

Hi Dear nelum,
adath mamai mulinma comment karanne.aththatama harima pudumai,nodakkath laga hitiya wage e ath dakima apitath wida ganna oya sallassuwata oyata pin, e tharamma thathwikawa oya liyanawa.
pudumai,pudumakaaa..ra hakiyawak.eka lokayata denna.hoda katha kariyak wenna oyata puluwan,edata me "Soduru Ano"wath matak wewi neda? oyata budu saranai !! (NH)

my7 said...

sha ela kiri awasanayak ne.niyamayi.oyage liwime hakiyawanam uparimayi nelum. oya pothak liyanna me katha okkoma dala. apita kiyawnnatlesi ehtakota.

thawth wadi wadiyen katha liyanna welawa labewa kiyala pathanawoooo :)

Nelum said...

@Anony: ලිවිම ගැන කල ප්‍රශංසාවට,ඔයාට ගොඩක් ස්තුතියි! :)

මුලිකවම,ඔයා දීපු අදහසට අනුව, මේ කතාවේ පල නොකරපු සිද්ධි ඔක්කොම එකතු කරලා, පොතක් ලියන්න හිතාගෙනයි ඉන්නේ!එදාට බලන්නකෝ,ඔයාව අමතක් වෙලාද කියලා මට!:)

ඉදිරියටත් මගේ කතා වල හොද නරක ගලපන්න, ගොඩ වෙලා යන්න එන්න හොදේ! ඔයාටත් තෙරුවන් සරණයි!


@ my7: හෙහෙ පොතක් ලියන්න අදහසක් තියෙනවා ඉදිරියේදී... බොහොම ස්තුතියි දිරි ගැන්වීමට!ඉක්මනින් නැවත හමු වෙමු!:)

Charitha said...

හ්ම්ම්... සුපිරි අවසානයක්. මම මේක පළවෙනි කොටසේ ඉඳලම බලනවා. හිතා ගන්නත් බෑ. මම මේ වගේ සේවල් විශ්වාස කරනවා. ඒත් අත්දැකීමක් නෑ. මේ වගේ අත් ඇකීමක් ලබපු කෙනෙක්ගෙන් මේ විදියෙ කතාවක් ඇහුවේ පලවෙනි පාරට.

ඔයා හොඳට ලියනවා. දිගටම ලියන්න. (මේ වගේ කතාම ලියනවානම් තමයි හොඳ)

Nelum said...

@ Charitha: මේ වගේ අත් දැකීම් තියෙන අය කියනවා මිසක්, ලියන්නේ නැති නිසයි, අහන්න නොලැබෙන්නේ කියලයි මට හිතෙන්නේ!ඇත්තටම හිතේ තියෙන බය වැඩි වෙනවා ලියද්දි!

එත් අද කතාව මට නම් මදි වගේ, විස්තර අඩු උනේ දෙපාරක් එකම කතාව ලිවුව නිසයි!

ස්තුතියි!මේ වගේ කතා තව එනවා මග!:)

Nelum said...

අත් වැරදිමකින් සමීර, පුබුදු සහ තවත් කෙනෙක්ගේ ( නම අමතක එකට සමාවෙන්න සහෝ) කමෙන්ට්ස් මගේ අතින් මැකුනා! :( සෝ සෑඩ්! මේ වතාවට සමා වෙලා මේ පැත්තට අයෙත් ආපු වෙලාවක කමෙන්ට් එකක් දාන්න හොදේ plssss ... මට ඔයාලට කෙලින්ම ස්තුති කරන්න ඕනේ දිරිගැන්වීමට!

Anonymous said...

ela ela nyamaayi.thawa liyamu idiriyatath

Nelum said...

@ Anony: ස්තුතියි සහෝ! :)

ඔබ නොදු‍ටු ලොවක් said...

මේවා ඇත්තද...අපේ ආත්තම්මත් ඉස්සර කියනවා බැඳුං කන්න එපා වැඩිය ඒවට පෙරේතයෝ එනව කියලා...

Nelum said...

@ ඔබ නොදු‍ටු ලොවක්: මම නම් දවස් 7 න් පස්සෙත් මාසයක්ම වගේ යනකන් හිටියා බැදුම් මස් මලු කිසි දෙයක් නොකා බයටම!
ඇත්ත කියලා හිතන්න වෙනවා, ඉතින් මනුස්ස සන්තානේ ගත්තත්, අපි කොයි දෙකට උනත් ඇබ්බැහි උනොත්,පෙරේතයෝ වගේ තමයි කියලයි මට හිතෙන්නේ!:)

Unknown said...

me kathawe mula idam awasane wenaklma oyage amma ththatha,adare karana kenek gana satahank wath na.eya ko?

pubudu said...

ah delete unada ekata kamak naha :P

Anonymous said...

ඔයාගේ කතාව කියෙව්වා මුල ඉඳන්ම..
හරිම අපූරුවටහොඳට ලියලා තියෙනවා.
කුතුහලය,ත්‍රාසය,බය ඔක්කොම එක්ක.
කියවද්දී මට ආපු ප්‍රශ්නයක් තමා ඔයාගේ ගෙදර ඉන්නේ ඔයයි ආච්චි අම්මායි විතරද කියලා.
නැන්දලා,මාමලා,බාප්පලා,පුන්චිලා ගැන කීවාට ඔයාගේ පවුලේ අක්කා ගැන විතරනේ කියලා තියෙන්නේ..

Chathuranga Perera said...

මමත් මේ කථා පෙල මුල ඉඳන්ම කියවනවා සහෝදරී... ඇත්තටම පොතක් කලොත් හොඳයි කියලා මටත් හිතෙනවා... මම මේ වගේ පැරනෝමල් දේවල් 100% ක් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. හැබැයි එහෙම දේවල් වෙනවා කියලා මම දන්නවා...

“විශ්වාස කලත් නොකලත් මනුස්සකමේ, 'ධර්මය රකින්නාව, ඒ ධර්මය විසින් රකිනවා'! එක විශ්ව නීතියක්!”

මමත් තාම අද්භූත දෙයක් දැකලා නෑ. හැබැයි මම ඒවාට බය නැතුව මුහුණ දෙන්නේ ඔය උඩින් කියපු දේ නිසා. මම හරි නම්, මම කාටවත් බය වෙන්න ඕනේ නෑ. හිත හයිය මනුස්සයන්ට කරදර කරන්න හොල්මන් වලට බෑලු. ඔයවගේ දේවල් වලට ගොදුරු වෙන්නේ ගොඩක් අය මනස දුර්වල අය තමයි.

ලස්සන කථා පෙළක්... ආසාවෙන් කියෙව්වා... ඉදිරියේදීත් හමුවෙමු... ජය !!!!

Nelum said...

@ Unknown: ඒ අය ගැන මේ කතාවට අදාලත්වයක් නැති නිසායි සදහනක් නැත්තේ!ඉදිරියේදී ඒ අය ඇතුලත් කතාවක් මම ලිවුවොත් දාන්නම්කෝ විස්තර! :)

@ pubudu: අනේ සෝ සොරි පුබුදු!ඔයාට බොහොම ස්තුතියි නැවත පැමිණීමට, වගේම කලින් කරපු දිරිමත් කිරීමටත්! :)

@ Anony: ස්තුතියි ඔයාට!:) ඇත්ත! එකට හේතුව තමයි, මගේ දෙමවුපියෝ වෙන් වෙලා, වෙනම වාසය කිරීම!අනික මේ කතාවට එයාලගේ සහබාගිත්වයක් නොතිබීම!

@ Chathuranga: නොදැන ඉන්නවට වඩා, කොයි දේත් දැනගෙන හිටියම, ආයිත් අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් වෙන්නේ නැහැ කියනවනේ!ඇත්ත කිසිම දෙකින් පසාරු කරන්න බැහැ අපේ මනස ශක්තිමත් නම්...!ඔය විශ්ව නීතියට, මමත් සැහෙන්න ගරු කරන කෙනෙක්! ස්තුතියි සහෝ!:)

Anonymous said...

Dear Nelum,
soduru katha kariye..mata pudumaaakara sathuatak danenawa, mage illimen oya lekikawak widiyata ratama dana gannawata.oyata godak pin.mata hugak sathutui.
"oyata ona udauwak mata puluwan uparimayen karanna mama porondu wenawa."

oya watina sampathak.e hakiyawa pudumai,"Harry Potter" liyu lekikawa wage wenna oyata puluwan aniwaryenma..
oya liyapuwa kiyawaddi film ekaka wage e hama charithayakma,siduweemakma hith mawila galagena yanawa.oyage uthsahaya uparimetath wada sarthakai. aswahak kata wahak na oyata nango.. :)
mama me blog ekata hamadama enawa.eka dan mage puruddak wela.meka mage gedara wage dan :) aniwaryenma enawa sure... oya illuwa wage hoda naraka galapanna aniwaaaaaaaryenma goda wenawa.promise !! :)

oyata budu saranai !! (NH)

Nelum said...

@ Anony: ඔයාට බොහොමත්ම ස්තුතියි NH!මට ගුරුවරයෙකුගෙන් වත් ලැබිලා නැහැ,මෙතරම් පැසසුම්!හරිම සතුටුයි මට!:)

'හැමදාම එන්න!ඔයාගේ පැමිණීම,සුහදතාවය මට ලොකු සතුටක්'!ඇත්තටම!:)

තෙරුවන් සරණයි ඔයාටත්!

රෙෂාන් Chathuranga said...

අද තමයි කතාව මුල ඉදලම කියෙවුවේ...මම මුලින් හිතුවෙ ගෙතපු එකක් කියලයි..ඒත් කමෙන්ට් කියවද්දි තේරුනා ඇත්තම අද්දැකීමක් කියල..කෙහොම නමුත් මටම උනු සිද්ධියක් වගේ දැන් නම් මේක...ආසාවෙන් කියෙවුව..ඔයාට ජය!!!

Nelum said...

@ රෙෂාන්: ස්තුතියි ඔයාට!:)

sameera said...

බොහොම හොඳට හිතේ මැවෙන විදිහට සිද්ධි ගැලපිම් කරලා හොඳට ලියලා තියනවා කියලා මුලින්ම කියන්න පුලුවන්.පොතක් වුනත් ලියන්න පුලුවන් තරම් හැකියාවක් ඔබට තියනවා කියලා පේනවා මේ ලියලා තියන විදිහට.
කථාව ගැන කියනවා නම් මේ ලොකේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා ඇති මේ මොහොතෙත් අපිට නොපෙනුනාට නොදැනුනාට.මමත් ඔය කියන කථාව වගේ දෙයක් නිසා හීනෙන් ඇවිදලා තියනවා මීට කලින්.ඒක මේ තරමටම දරුණු නැහැ. ඒ වගේම මේ වගේ දේවල් ඇහැට දැකලා තියන නිසා මේවා විශ්වාස කරනවා. නමුත් ඇතැමුන් මේවා හුදු මිත්‍යා කියලා දකිනවා. නමුත් මේවායේ සත්‍යයක් තියනවා.
කෙසේ වෙතත් මේ විදිහට මේ කථාව අවසන් වුන එක නම් හොදයි කාටවත් කරදරයක් නොවී. තවත් ලියන්න.ඔබට සුභපැතුම්.

Nelum said...

@ sameera: ගොඩක් ස්තුතියි සමීර! :) ඔව් ඇත්ත! අද්භූත දෙයක් අත් දැකපු ,කෙනෙක් මිසක් මේවා විස්වාස කරන්නේ නැහැ ගොඩක් අය! එකත් එක අතකට හොදයි! මොකද මට හිතෙනවා අද්භූත දේවල් ගැන හොයන්න, හිතන්න ගියාමත් ඒවායේ බලපෑම් වැඩියි කියලා! ස්තුතියි ඔයාට, නැවත වරක් කමෙන්ට් කළාටත්, පැමිණියාටත්! :)

buddhi said...

pissu headi..................mamat taramak durata ahala tiyenawa holman gena.eath mea nutana samaje oge katawa wge deyak siddaunai kiwama adahagannat bea!mona unat katawa nam grade 1*******

Nelum said...

ස්තුතියි! :)

මාක් සකර්බර්ග් said...

ඔක්කොම කියෙව්වෙමි.. කතා ටික නම් මරුය... ගුරුන්නාන්සෙ කිව්ව ටිකත් පෝස්ට් විදිහට දාන්න පුළුවන්නම් වටිනව

Nelum said...

කතාවක් බාගෙට ලියාගෙන ඉන්නවා මාර්ක්, ඉවරකරගන්න වෙලාවක් ලැබුනේ නෑ, ගොඩ දවසකින්...ගුරුන්නාන්සේගේ කතා ටිකත් ලියලා, කල්ගත වෙලා හරි දානවා..... කොහොම හරි..... :)

රස්තියාදු කාරයා said...

කියන්න වචන නෑ නෙළී මැක්සා.මේ කතාව කියවල මාවත හොල්මන් වෙලා තතියෙන්නේ.ඔයාට මාර විදියට ලියන්න පුළුවන්..ඉස්සරහටත් මේවගේ ලියන්න.ඔයාට සුබ පතනවා.

Nelum said...

ස්තුතියි ඔයාට! :D

තව කතා දෙකක් ඉදිරියෙදී පල කරනවා... :) !

Anonymous said...

යක්කු පෙරේතයො භූතයො ඇත්තටම ඉන්නවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

https://www.facebook.com/JyotishLanka