Monday, January 16, 2012

එක භයානක යකෙක්! 2 කොටස!


කතාව එක... දෙවෙනි කොටස! 

හොදයි! එහෙනම් බලමුකෝ, උබේ රගපෑම කෙලවර වෙන තැන!’ යි හිතමින්, ගුරුන්නාන්සේ විවිධ මන්තර භාවිතා කරමින්, කිහිප වරක්ම,යකාට කතා කරන්න අණ කලා! ඒත්, කිසිම හැල හොලමනක් නැතිව, ගුරුන්නාන්සේව සතපහකට මායිම් නොකර ඉන්න, මේ යකා දැකලා, විමලසේන ගුරුන්නාන්සේ, කෙන්තියකටත් වඩා ඇති උනේ විස්මයක්! මේකා නම්, පොඩි පහේ යකෙක් නවෙයි!'....
 
හොදයි බලමු එහෙනම්, උබට මම, පරාද වෙයිද කියලා අද!’ යි සිතමින්, වඩා බලගතු මන්තරයක්, වතුරට ජප කරලා, පොල් මල් කිනිත්තකින්, මාලනිගේ ඇගට ඉස්සෙ,“දැන් උබේ කටේ, අගුලු ඇරෙයි නේ කියමින්! ඒ කිවුවත් වගේම ඇගට, මන්තර වතුර වැටෙත්ම, අමාරුවෙන් ඇබරුණ මාලනී, ඔලුව උස්සල, එක එල්ලේ ගුරුන්නාන්සේ දිහා බැලුවේ, බැල්මෙන් තර්ජනය කරමින්!

මන්තර හැසිරවීම ගැන, හොද අවබෝධයකින් වගේම, මන්තර පාවිච්චි කරලා, අත්භූත බලවේග පාලනය කිරීම ගැන, රටේ නම ගිය කෙනෙක් උන, විමලසේන ගුරුන්නාන්සේ වචනයක් වත් නොකියා, ඒ බැල්ම ගණනකටවත් නොගෙන, තවත් සැරයක් පොල් මල් කිනිත්තෙන්, වතුර ටිකක් ඉහළා... බැමි ලිහුවොත්, පැනලා ඇවිත්, තමන්ව මරන්න තරම් කේන්තියක් ලියවිලා තිබුන, මාලනිගේ ඒ බොර පාට ඇස් දිහා බලාගෙනම, තවත් බලගතු මන්තරයක්, වතුර කෝප්පෙට මතුරන්න ගත්තේ, උබ බය කරන්න, වෙන කෙනෙක් හොයාගනින් කියන්නා වගේ!
 
ටිකක් දුරට මන්තරේ මතුරද්දී, ඒ බලගතු මන්තරේට මෙල්ල උන යකා, ඉතාමත් ගැබුරු ස්වරයකින්,…. මම, කල්ප කාලාන්තරයක් බලන් ඉදලයි, වරයක් ගත්තේ, නර බිල්ලක් ගන්න! එක නොගෙන මම යන්නේ නැහැ!” යි කිවුවත්, ගුරුන්නාන්සේ ඇහුනේ නැ වගේ, තමන්ගේ පාඩුවේ මන්තරේ මතුරද්දී, නැවතත් යකා කතා කලා!  “මට මේ බිල්ල ගන්න නොලැබුනත්, වෙන නරයෙක්ව හරි බිලි ගන්නවා!

උබ මාව මේ ශරීරයෙන් එලෙවුවට, උබේ මන්තර වලට බැහැ, මම  බිල්ලක් ගන්න එක නවත්තන්න! යි කියමින්, පුටුවට තියලා බැදපු බැමි වලින්, ගැලවෙන්න දගලන්න ගත්තයින්, නැවතත් මන්තර වතුර ටිකක් ඉහළා යකාව, යටත් කරගත්තු ගුරුන්නාන්සේ,
ඉතින් උබ එක බිල්ලක් ගත්ත නේද! දැන් උබේ වරය ඉවරයි නේ! මොකටද තවත් මෙතන ලගින්නේ යි සැරෙන් අහද්දී, “මම ගත්තු බිල්ලක් නැහැ...මම බිල්ලක් නොගෙන යන්නෙත් නැහැ යි යකා නැවතත් කිවුවා!

මුගේ බය නැති කම මදිවට පොළව පැලෙන බොරුත් කියනවනේ! යි හිතමින් ගුරුන්නාන්සේ,….“එතකොට මේ අතුරයාගේ, පලවෙනි දරුවා, බිලි ගත්තේ, උබේ සනුහුරේ වෙන එකෙක්ද!” යි අහද්දී, නිහඩව බලන් ඉදපු  යකා, ඉදිරියට නැමීගෙන, මහා හයියෙන් කෑගහලා කිවුවේ මම ගත්තු බිල්ලක් නැහැ! බිල්ලක් නොගෙන මම යන්නේත් නැහැ! කියලයි! ඒ වෙලාවේ, ගුරුන්නාන්සේට හිතුනේ, සමහර විට කලින් දරුවා, ස්වභාවික විදියට නැති උනාද දන්නේ නැහැ, නැත්තන් මු, මේ හැටිම, මැරෙන්න හදන්නේ නැහැනේ කියලයි!

පෙරේත ආත්මයක්’, යකෙක් බවට පත් වෙන්නේ, කල්ප කාලාන්තරයක්, දුක් විදීමෙන් බව, විමලසේන ගුරුන්නාන්සේ දැනගෙන හිටියා! ඊටත් වඩා කාලයක්, වරයක් ලබා ගන්න, දුක් විදිය යුතු බව, සිරිසේන ගුරුන්නාන්සේගේ වචනෙන්, දැනගත්තු විමලසේන, මෙහෙම දුක් විදපු යකෙක්ව, ලේසියෙන් එළවන්න නොහැකි බවත්, රවට්ටලා වචනෙට බඳවා ගත්තත්, යකෙක් තියා මිනිහෙක් වත්, පොරොන්න්දු ඉටු කරන්නේ නැති නිසාම,  ගුරුනන්න්සේ තීරණය කෙරුවේ, කාලයක් යනකන් බිල්ලක් ගන්න බැරි වෙන්න, යකාව  මන්තර වලින් බැඳීමටයි!

එත් සිරිපාල ගුරුන්නසේගේ, දැඩි අවවාදය උනේ, බිල්ල ගැනීම පහු කරවල, මන්තර වලින් බැදවිමක් කරන්න එපා’, කියන එක බව  විමලසේනට මතක් උනේ, “ළමයෝ මන්තර වලින් හිර කලාම, උන් වයිර බැදගන්නවා... ඔය ළමයත් ඉස්සරහට, පවුල් පන්සල් වෙන්න එපැයි! ඒ ගැනත් හිතන්න! මු වරයක් ගත්තු එකෙක්! එහෙම එකෙක්, වැඩි කාලයකට බන්දන්නත් බැරි එකේ, බිල්ලක් ගන්නකන්, උබේ පස්සෙන්, ජිවිත කාලෙම පන්නයි! එකේ දෙකක් නැහැ අයේ!

කර්මයක් වෙනස් කරන්න, උබටයි මටයි, කරන්න දෙයක් නැහැ! දෙවි කෙනෙක්ගෙන් වත් උදවුවක් නැත්තේ එකයි! ඒ නිසා උබ, සෙත් ශාන්තියක් කරලා, ඒ ගැනිට ආරක්ෂාවක් කරපන්! ඔය බඩ දරු අම්මව බේරන්න නම්, උබට ඌව මන්තර වලින් බන්දන්නම වෙනවා! ඒ කියන්නේ වැටෙනවා උබේ පස්සෙන්! මම හිතන්නේ නැහැ, ඌව රවට්ටලා නම්, එලවගන්න පුළුවන් වෙයි කියලා!
 
අනුන්ගේ දානෙට උබ අත ගහලා, විහින් මැරෙන්නයි වෙන්නේ උබට! මතක තියාගනින් විමලසේන, උබට කවද හරි, පසු තැවෙන්න වෙයි, උබ මුව බැන්දුවොත්!” සිරිසේන ගුරුන්නසේ, කියූ වදන්, ඔලුවේ කැරකෙද්දී, විමලසේන හිතුවේ, කර්මයක් කියලා, ජිවිත දෙකක්, නැති වෙනකන් බලන් ඉන්න බැරි නිසාත්, තමන්ට බේරෙන්න නම්, තමන් දන්නා මන්තර, හොදටම ඇති බව දන්නා නිසාත්, අනිත් කාරණා අමතක කල ගුරුන්නාන්සේ, යකා එක්ක ගනුදෙනුවට ලෑස්ති උනා

හරි! උබට ප්‍රාණියෙක් නේ ඕනේ, මම උබට, දෙන්නම් ප්‍රාණියෙක්!, එකා අරගෙන මේ අතුරයව නිදහස් කරපන්, මම උබට දැඩි  දඩුවම් කරන්න කලින්! උබට කැප කරන ඒ ප්‍රාණියව අරගෙන, නැවත කරදර කරන්න, එන්නේ නැහැ කියලා, සතර වරම් දෙවි රජවරුන්ගේ නමින් දිවුරලා, මේ ආතුරයාව, නිදහස් කරලා යන්න ඕනේ!මේක උබට දෙන, අවසාන අවස්ථාව!”

යි ගුරුන්නාන්සේ කිවුවේ, මෙහෙම යකෙක්ව, එලවන්න, දඩුවම් දෙන්න, ඇරුණම බිලි ගැනීම නවත්තන්න මන්තර තියා, මන්තර මාත්‍රයක්වත් තමන් දැන නොසිටියත්, යකා බය කරලා, රවට්ටලා, එළවීම ගොඩක් වෙලාවට, සාර්ථක ක්‍රමයක් වීම නිසාත්ගොඩක් යක්කු මේ ආකාරයේ ගණුදෙනුවට, අවසානයේ කැමති වෙන නිසාත්ය! ගුරුන්නාන්සේගේ හිතේ තියෙන දේ, ඉවෙන් වගේ දැනගත්තු යකා, පෙරටත් වඩා හයියෙන් දගලමින්, කෑගහමින් මට එපා උබලගේ ලේ නැති කුකුල්ලු!”
 
මම ගන්නේ මනුස්ස ප්‍රාණියෙක්ව විතරයි! උබට පුළුවන්, මාව මේ පුටුවටම තියලා, හැමදාම බැදලා තියන්න! හැබැයි මම ගැලවුන දාට, බොට වෙන්නේ මැරෙන්නයි!” යි කියද්දී, විමලසේන ගුරුන්නාන්සේගේ, ඉවසීමේ සිමාව පැන්නයින්, දුම්මල සහ  හුළු අත්තක් අරගෙන, මාලනී දිහාවට, යමින් ගමන් කිවුවේ නැ උබට මම, කිසිම ප්‍රාණියෙක් කැප කැරෙන්නේ නැ! උබ දැන්, මේ දැන්, මේ ශරීරෙ ඇත ඇරලා යන්න ඕනේ!”
 
නොගියොත් උබට මම කරන දේ දැනගන්! “බල සම්පන්න, ‘වෙසමුණි රජුන්, අපේ මහා කාරුණික,බුදු පියාණන්ට කිවා වගේ, පේවෙලා ඉන්න, මේ උපාසිකාවට වගේම, ජිවිත කාලයක්ම, මස්මාංශ අනුභාවයෙන් තොර වෙලා, පන්සිල් රැකගෙන, ජිවත් වෙන මගේ, කීමට ගරු නොකර, උබ මේ කරන කරදරය, මම කියනවා..... උබේ යක්ෂ ස්වාමියන්ට, දහස්ගණන් යක්ෂ සේනාධිපතියන්ට.... උබට අයිති නැති, පරාණයක් ගන්න, තවත් තැත් කලොත්, යක්ෂ සෙන්පතියෙක්ව ගෙන්නලා, උබේ ඔලුව හත් කඩකට පලවනවා මම දැනගන්!”
 
එතනිනුත් නොනැවතී, මම මේ කරදරය කියනවා, ‘හතළිහක් වෙන මහා යකුන්ට.... සතරවරම් දෙවියන්නට’….! ගම් හතක් ඇතුලත, කවදා හරි දවසක, උබ ගැන මට දකින්න, දැනගන්න, අහන්න, ලැබුනොත්, කලින් කි දඩුවම, උබට ලබා දෙනවා, මම සහතිකෙන්ම!” යි  මහා හඩින්, වේගෙන් කියාගෙන යද්දී, මාලනී ඔලුව පහත් කරගෙන නිහඩ උනායින්, ගුරුන්නාන්සේ හිතුවේ, යකා යටත්  වූ බවයි!

නමුත් ඔහු දැනගෙන හිටියේ නැහැ, ඔහු විශ්වාස කලේ නැහැ, සතරවරම් දෙවියන්ටවත් කීකරු නොවී, මේ යකා, කල්ප කාලාන්තරයක්, පෙරුම් පුරලා බලාපොරොත්තු උන, නර ප්‍රාණයක් අරගෙන මිසක්, හිස් අතින්, පිටමන් වෙන්නේ නැති වෙයි කියලා! යකා නිහඩ උනේ, අවස්ථානුකුලව පමණයි කියලා, ගුරුන්නාන්සේ දැනගනිද්දී, වෙන්න ඕනේ  හැම දෙයක්ම වෙලා ඉවරයි කියලා, යකා නම්, එදා දැනගෙන ඉන්න ඇති!
 
වචනෙන්, වචනේ, බලෙන් වගේ කියවගෙන, යකාගෙන් පොරොන්දුවක් ගත්තේ,  නැවතත් මේ ආතුරයාට, එයාගේ දරුවන්ට, කරදරයක් නොකරන බවටයි! යකා එහෙම වචනයකින්,පොරොන්දුවක් උනාට පස්සේ  තවත්, බලගතු මන්තර කිහිපයකින්ම, යකාගේ නිදහස සිමාකරවලා, යන එන තැන් සිමා කරවලා, යකාව නිදහස් කරපු ගුරුන්නාන්සේගේ, මුණ දිහා, ටිකක් වෙලා යනකන් බලන් ඉදපු යකා, මාලනිගේ ඇගෙන් පිට උනා!
 
තොවිලේ ඉවර කරලා, සෙත් ශාන්තියකුත් කරපු ගුරුන්නාන්සේ, වැඩි හොදට, ආරක්ෂාවකුත්, ගේ හතර කොනට කරලා, හැකි තරම් මස් මාංශයෙන්, තොර වෙලා පන්සිල් වලට ලං වෙලා, ජිවත් වෙන්න, මාලනීට සහ සරත්ට, දැඩි ලෙස  අවවාද කරලාගෙදර එන්න පිටත් උනේ, යමින් ගමන්, සිරිපාල ගුරුන්නාන්සේවත් හම්බ වෙලා, යන්න හිතා ගෙනයි

සිරිපාල ගුරුන්නාන්සේගේ, අසනීපය වැඩි වෙලා, කලින්දා හවස, එයාගේ පුතා, තම ගෙදරට, ගුරුන්නාන්සේව රැගෙන ගිය බව, ගමේ කෙනක්ගෙන් දැනගත් විමලසේන, කෙලින්ම ගෙදර බලා එන්න, පිටත් උනා!එමින් ගමන්, තමන්ගේ බිරිදවත්, ඇගේ මහා ගෙදරින්, එකතු කරගත්තු විමලසේන ගුරුන්නාන්සේ,  ගෙදරට ආ පයින්ම කලේ, කිසිම මළගිය ප්‍රාණියෙකුට, ඇතුල් විය නොහැකි ලෙස, වත්තේ හතර කොන, ප්‍රබල මන්තර යොදලා, ආරක්ෂාව තර කිරීම සහ, ගේ හතර කොනත්, එවැනිම මන්තර වලින් ආරක්ෂා කිරීමයි!

ඉන් පසුව, කිසිම හැල හොල්මනක්, කරදරයක්, විශේෂ සිදුවීමක්, සිදු නොවී, බොහොම නිශ්ශබ්ධ, මාස කිහිපයක් ගෙවුනත්, විමලසේන ඒ භයානක යකා ගැන තම අවධානය අඩු කලේ නැහැ!කාලයක්ම, කිසිම කරදරයක් නැතිව, ජිවත් උන විමලසේනට, හෙනහුරා ලැබුවේ, තම බිරිදට දරුවෙක් ලැබෙන්න මාස අටකුත්  නික්මෙද්දියිතම බිරිද ඉන්න තත්වෙන්, ඇයව තනි කරලා, ගමෙන් පිට නොවෙන්න, විමලසේන ගුරුන්නාන්සේ, තදින් හිතාගෙන හිටිය නිසාම, ඔහු ගමේ වැඩ වලට ඇරුනම, ගමෙන් පිට කිසිම වැඩකට නොගිහින් හිටියා!
 
එක දවසක්, රෑ ජාමේ, දොරට ගහන සද්දයක් ඇහුනු විමලසේන, වහාම ගොස් දොර ඇරියේ, මේ වෙලාවට, ගෙදරට එන්නේ, ගමේ අයෙක් බව දැනගෙනයි! ඒ හිතුවත් වගේ, ගමේ ගැණු කෙනෙකුට යකෙක් වැහිලා, ළිදට පනින්න දගලනවා යි ආ අය පැවසුවත්, විමලසේන කිවුවේ, මට මේ රෑ එන්න හැටියක් නැහැ! ආතුරයාව රෙද්දකින් ඔතලා, පුටුවකට තියලා බදින්න! මම උදෙන්ම එන්නම් කියලයි!

එළි උන හැටියේම, පණිවිඩ කරුවෙක් යවලා, බිරිදගේ මව, ගෙදරට ගෙන්වා ගත්තු විමලසේන, ගේ වටේ  ආරක්ෂාවන් තර කරලා, “මම එනකන්, කිසිම කෙනෙකුට, දොර අරින්න එපා!” යයි තදින් අවවාද කරලා, රෑ වෙන්න කලින්, එන්න බලාගෙන, ගමේ කෙළවරක තියෙන, අවේස උන ආතුරයාගේ, ගෙදරට ගියා!
 
ඒ ගියත්, විමලසේන ගුරුන්නාන්සේට, සැරෙන් සැරේ, අමුතුම හැගීමක්, අමුතු සංකාවක්, හිතට එබෙමින් තිබුන, බව දැනුනත්, හිතට වෙර අරන්, තොවිලය කරලා අතුරයව නිදහස් කරවලා, සෙත් ශාන්තියක් කරලා, එන්න පිටත් වෙද්දී ඉරත්  බැහැලා ගිහින්! වත්තට  ඇතුළු වෙද්දී, පළමුව වත්තේ හතර කොන, පරික්ෂා කිරීම, විමලසේනගේ දින චර්යාවේ කොටසක්!

වත්ත වටේම ගිහින්, ආරක්ෂාවට හානියක් නැති බව ස්ථිර කරගෙන, ගේදොර ලගට ගිහින්, බිරිදගේ නම කියමින්, දොරට තට්ටු  කලා, කිහිප වරක්ම! බිරිදගේ මවටත් කතා කරමින්, දොරට තට්ටු කලත්, ගේ ඇතුලෙන් හිනීයටවත්, හඩක් නැති නිසා, ඔලුව පුරා නැගෙන, භයංකර සිතුවිලිත් එක්ක, වේගෙන් දොරේ වැදෙමින්, ඔහු දොර කඩාගෙන, ගේ ඇතුලට ගියේ, බිරිදගේ නම කියලා කෑගහමින්! 

හොල්මන් වගේ නැගී සිටින, පුටු මේස අස්සෙන්,රෑ අදුර ගලන, බිරිදගේ කාමරේට, ඔහු දිවුවේ අවසිහියෙන් වගේ! ඒ අඩ අදුරින් ඔහු දැක්කේ, හොද සිහියෙන් මනුස්සයෙකුට, බැලිය නොහැකි දසුනක්! ‘බිරිදගේ දෙකඩ උන ශරීරය, ඇදේ පැත්තක, ලේ ගංගාවක් මැද, වැටිලා තියෙද්දී... ඊට එහායින්, බිරිදගේ මවගේ, ඔලුව නැති ශරීරය, වැටිලා තියෙනවයි!’
 
ගිය සැනින්, දැතින් හිස බදාගෙන, එළියට ආපු ගුරුන්නාන්සේ, මහා හඩින් කෑගහමින්, මිදුලේ වැටිලා ඇඩුවේ, ගමේ මිනිස්සු, රෑන් පිටින්, ගේ ඇතුලේ පිරෙද්දියි! වෙනත් අයගේ උදවුවෙන්, මළ ගෙදර වැඩ කටයුතු කෙරෙද්දී, කතා බහක් නැතිව, බිම ඉදගෙන, ඇත බලන් ගුරුන්නාන්සේ, කල්පනා කළේ, කොහොමද මේක උනේ කියලයි!

මැරුණු, කුරුල්ලෙක්ට වත් වත්ත උඩින්, පියාබන්න බැරි තැනට, ආරක්ෂාවන් කරලත්, කොහොමද, යකෙක් මගේ වත්තට රිංගුවේ! ඔහුට දැනුනේ, ඔහුගේ ඔලුව විකාරයක් වේගෙන එනවා වගෙයි! මළ ගෙදරට ආපු, සිරිසේන ගුරුන්නාන්සේ, වෙනත් කෙනෙකුගේ වාරුවෙන්, විමලසේන ලගට අවේ, මෙහෙට වරෙන්, උබට යමක් පෙන්නන්න කියමිනුයි!

අවසිහියෙන්ම, නැගිට ගත්තු විමලසේන, සිරිසේන ගුරුන්නාන්සේ එක්ක ගියේ, ගෙදර වම්  පැත්තේ, බිත්තිය ලගටයි! අර බලපන්!” කියමින්, උඩ අතට ඇගිල්ලක්, දික් කරපු සිරිසේන ගුරුන්නාන්සේගේ අත අනුව ගොස්,  ඒ දිශාව, බලපු විමලසේන දැක්කේ, අල්ලපු වත්තේ පොල් ගසක අත්තක්, ලාවට වගේ, තමන්ගේ ගෙදර වහලෙට, නැමිලා තියෙන බවයි! මිනීමැරුමේ, සියලු කාරණා පැහැදිලි වෙද්දී, විමලසේනට මතක් උනේ, සිරිසේන ගුරුන්නාන්සේ, කලින් දාක, කියපු දෙයයි!

මතක තියාගනින් විමලසේන, උබට කවද හරි, පසු තැවෙන්න වෙයි’, උබ මුව බැන්දුවොත්!”


නැවතත් කතාවකින් මුණ ගැහෙමු! 

ඔබට සුභ දවසක්!!!


30 comments:

Charitha said...

නියමම කතාවක්. මම මේක මීට කලින් අහල නෑ. දිගටම මේ වගේ ඒවා ලියන්න.

පිස්සා පලාමල්ල said...

කොටස් දෙකම කියෙව්වා... කතාව මැවිලා පේන විදියට ලියල තියෙනවා. එමි සිද්දි වල ඇත්ත නැත්ත ගැන මම දන්නෙ නැහ. පිලි නොගන්නෙත් නෑ.. නැත්තෙත් නෑ

Anonymous said...

අම්මෝ නිදිමතේ ඉන්න ගමන් මේ පැත්තෙ ආවෙ නින්ද කොහෙන් ගියාද මන්ද.නියමයි දිගටම ලියන්න ජයවේවා..!

Nelum said...

@ Charitha: තව තියෙනවා කතා කිහිපයක්! බලන්නකෝ ඉදිරියට:)

@ පිස්සා පලාමල්ල: මැදි හත් සිත හොදයි තමයි!ස්තුතියි!:)

Nelum said...

@ Anony: :) ස්තුතියි ඇනෝ!

රෙෂාන් Chathuranga said...

අප්පට සිරි...මරු මරු

කස්ස said...

නියමයි.එක හුස්මට කියවගෙන ගියා.මේවගේ කතා ලියන්න ඔයාට තියන හැකියාව උපරිමයි.ජය.

Anonymous said...

hamme.... mage age mail kelin una.. ela kiri nelum male ... :)
me para kotase nam eda mama dakka adupaduwa naha nelum.hodai aththatama.
oya katha liyanna nam, upan hapaniyak :)Great Job !!

akkata wish kala kiyanna..
Oyata budu saranai !! (NH)

sameera said...

නියම කතා වැලක් නේ! නියමෙටම ලියෙලා තියෙනවා... සුපිරි

my7 said...

niyamayi nelum shokanthayak unath elakiri wage liyala thiyenawa.any liyana eka nawaththanna epa,katha nathi unoth, mawala hari katha liyanna hode plzzzzz.

Nelum said...

@ රෙෂාන්: ස්තුතියි රෙෂාන්! :)

@ කස්ස: ස්තුතියි ඔයාට!:)

@ Anony NH: ස්තුතියි NH! :) විශ් එක දුන්නා ඔන්න අක්කට!
ඔයාටත් බුදුසරණයි!

Nelum said...

@ sameera: ඔයාට ස්තුතියි සමීර!

@ my7: මවලා ලියන්න...හෙහෙ! බලමුකෝ එහෙනම්, එකත් කරලා!:)

Chathuranga Perera said...

හ්ම්... කියෙව්වා එක හුස්මට... මාරයි නේද ? බුදු බණටත් නැවෙන්නේ නැති යක්කු ඉන්නවා කිව්වම නම් බයකුත් දැනෙනවා...! 

අර කලින් කිව්වා වගේ කථාව මැක්සා විදියට ලියලා තියෙනවා නෙළුම්... ඉස්සරට වඩා ඔයාගේ කථා ශෛලිය ගොඩාක් දියුණූ වෙලා... ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි වගේ...

එනම්, තව කථාවකින් හම්බවෙමුකෝ... ජය !!!

Nelum said...

@ Chathuranga: ස්තුතියි ඔයාට! :)
ඔව්.... බුදුන්ගේ කාලයේත්, මේ වගේ කිසි කෙනෙක්ට යටත් නැති යක්කු ඉදපු නිසාමනේ, ගිහි පැවිදි අයට 'ආටානාටිය සුත්‍රය' මතක තියාගෙන කියන්න කියලා, වෙසමුණි රජ්ජුරුවෝ බුදු හාමුදුරුවන්ට කිවුවේ! අපේ බුදු හාමුදුරුවෝ එක අනුමත කලා, වගේම පාඩම් කරගෙන, කියන්න කියලත් කිවුවේ,උන්වහන්සේත් එහෙම අමනුස්සයෝ ගැන, දැනගන හිටි නිසානේ!

pubudu said...

pissu kora...mare maru...niyamai nelum

Nelum said...

@ pubudu: ඔයාට ස්තුතියි! :D

අසරණයා said...

කියන්න දෙයක් නැහැ.නියමටම ගැලපිල තියෙනවා.උපරිමයි..

Nelum said...

@ අසරණයා: ස්තුතියි ප්‍රතිචාරයට! :)

පන්සල් හංදිය said...

ගෙයක් හතර මුල්ල ආරක්ෂා කරනවා කියන්නෙ උඩින්වත් ඒ සීමාවට එන්න බෑ කියන එකයි, කතාව හොඳට ඇවිල්ලා ඉවර කරලා තියන විදිය ටිකක් හරි මදි වගේ .....

Nelum said...

අවසානේ හරි නැත්තේ ඇයි කියලත් කියන්නකෝ අය්යෝ ඉතින්...!

පන්සල් හංදිය said...

“ඒ දිශාව, බලපු විමලසේන දැක්කේ, අල්ලපු වත්තේ පොල් ගසක අත්තක්, ලාවට වගේ, තමන්ගේ ගෙදර වහලෙට, නැමිලා තියෙන බවයි!“

මේ කතාවෙන් අදහස් කරන්නෙ යකා උඩින් ආව කියන එක නේද, ගෙයක් හතර මුල්ල ආරක්ෂා කරනවා කියන්නෙ උඩින්වත් ඒ සීමාවට එන්න බෑ කියන එක නේද....

ඔය විදියට නැතුව වෙන විදියකට යකා ගෙට ආවා නං තවත් කතාව හොඳයි කියන එකයි මම කියන්න අදහස් කලේ, කොහොම උනත් මම කියවන්න කැමතිම කතා තමා බූත කතා කියන්නෙ, තව ලියන්න ඔබට ජය ......

ඊමේල් සබ්ස්ක්‍රයිබර් ගැජට් එක දාන්න, ඩිසයින් වීව් එකට ගිහිං ඇඩ් ගැජට් ගිහිං ඊමේල් සබ්ස්ක්‍රයිබ් කියන ගැජට් එක ඇඩ් කරන්න ....

Nelum said...

ඔව්! උඩින්වත් එන්න බැහැ තමයි ළමයෝ... එත් ඒ වත්තේ හතර කොනට 'පිටින්', කිසිම දෙයක් සම්බන්ද වෙන්න බැහැ ආරක්ෂාවක් කලාම... එහෙම ඉනොත්, ඒක නුලක් උනත් ,එන යකා එනවා, කියලා තමයි යකැදුරෝ කියන්නේ...මේ කතාව ඇත්තම කතාවක්! වෙලා තිබුන විදිහටමයි ලියලා දැම්මෙත් :) ඊලග කතාව බහිරවයෙක් ගැන... කියවල බලන්නකෝ..

හා ඒ ගැජට් ඒක දාන්නම්! :)

Nelum said...

FeedBurner URL එකක් ඉල්ලනවනේ, ඒ ගැජට් එක දාන්න... වෙලාවක් ලැබුනොත්, ඒකට කරන්න දෙයක්, ලියලා යන්න සහෝ plz!

පන්සල් හංදිය said...

සොරි මේල් සබ්ස්ක්‍රයිබ් නෙමේ,

ඇඩ් ගැජට් ගිහිං Follow by Email
කියන එක ඇඩ් කරන්න ......

Nelum said...

Follow by Email කියන ගැජට් එකට තමයි සහෝ, Feed Burner URL එකක්,ඉල්ලන්නේ....ඒක ගන්න වීදියක් දන්නේ නැත :(

අංජන said...

මේ වගේ ඇත්ත සිද්ධියක් උනා මතකයි . ඇදුරු තුමා ගේ පව්ලේ සියලුම අය මැරුණා. අදටත් ඒ ඇදුරු තුමා වැඩ කරනවා.

බලගතු යක්ෂ කෙනෙක්ව අල්ලන්න ගිහින් . වැඩේ යන අතරේ අහල අතුරුයව බේරනවද? ගෙදර අයව බේරනවද කියල.

අතුරුයව බෙරණ එක වගකීමක් නිසා අතුර්යව බේරලා ඇවිත්. මට දැනගන්න ලැබුන විදිහට ගෙදරට දාලා තිබුණු ආරක්ෂාව කඩාගෙන ඇවිත් තියෙන්නේ ආරක්ෂාව හරහා වැටුන තණකොළ ගහක කොලයක් උඩින ලු.

මට දැනගන්න ලැබුන විදිහට උඩින් ආරක්ෂා කලාට ඇතැම් අය ඒ ආරක්ෂාව හරහා වැටිලා තියෙන දේවල් හරහා ගමන් කරනවලු...

මේක සත්‍යම සිදුවීමක්...

අංජන said...

මේ වගේ දෙයක් මම දන්නා කෙනෙකුටත් උනා.

වැඩේ වෙලාවේ අහල තියෙනවා ආතුරයාව බෙරගන්නවද ගෙදර උන්දෑ බේරාගන්නවද කියල. ගෙදරට දැමු ආරක්ෂාව පිළිබද පුර්ණ විශ්වාසයත් , ආතුරයාව අමාරුවේ දාන්නත් බැරි නිසා ආතුරයාව බේරාගන්නවා කියල.

කොහොම හරි ගෙදරට් ඇවිත් බලනකොට ගෙදර මිදුලේ ඇදුරු තුමාගේ බ්රිද බෙල්ල කැඩිලා මරල වැටිලා ඉදලා.

වෙලා තියෙන්නේ වත්ත වටේ දාපු ආරක්ෂාව උඩින් වැටුන තණකොළ කොලයක්(ටිකක් උස තණකොළ වගේ පැළෑටි ජාතියක්(නම මතක නැ))හරහා වත්තට ඇවිත්. එත් ගෙදරට දාල තියෙන ආරක්ෂාව නිසා ගෙදරට ඇතුල් වෙන්න බැරිව ගුරුනාන්සේ අපු විදිහට කතා කරලා. බිරිදත් ඇතුලට එන්න දොර ඇරලා.කව්රුවත් පෙන්න නැති නිසා එලියට ඇවිත් බලන්න. ගුරුනාන්සේ ගේ කටහඩට රැවටුන නිසා බිරිද මරණයට පත උනා.

මේක සත්‍යම සිදුවීමක්....

Nelum said...

හ්ම්.......මේ වගේ දේවල් සිද්ද උනත්, ගොඩක් අය විශ්වාස කරන්නේ නැති නිසා, පැතිරෙන්නේ නැහැ!මම මේ ලියලා තියෙන කතාවත් ඇත්ත කතාවක් අංජන.... ගොඩක් කතා තියෙනවා, වැඩිය අතීතේ නෙවෙයි, 1994 දී කොළබ පළාතේම උනා ඔය වගේම දෙයක්.... ඒ කතාව දාන්නම්, බලන්නකෝ කියවලා! :)

මාක් සකර්බර්ග් said...

බුදු අම්බෝ !

Nelum said...

හෙහෙ,,,, :D