Showing posts with label Super natural. Show all posts
Showing posts with label Super natural. Show all posts

Saturday, January 28, 2012

රට හොල්මන්! ( කෙටි කතාවක්)

2003 අවුරුද්දේ, මම මේ කථාව ඇහුවේ.....අහල තවත් අයට කියලා ඒ අයගේ හිතත් බය කළේ අත්භූත දේවල් කියන්නේ හොල්මන්  'කථාවලට' විතරක් සිමා උන සුරංගනා කතාවල භයානක පැත්ත විතරයි කියලා ළගක් වෙනකන් මම විශ්වාස කරපු නිසයි!

එදා…., ආච්චි අම්මගෙයි, සියාගෙයි, විවාහයේ 45 වෙනි සැමරුම දවසේ පවත්වපු සාදයට ආරාධනා කරලා තිබුන ආච්චි අම්මගේ යාලුවෙකුගේ දුවක් වන රෝසි ආන්ටි කියපු අද්භූත කතාවක් තමයි මේක!....

-----------------------------

“මේ හොල්මන් කථාව අපිට කිවුවේ, තරංග කියලා ඔෆිස් එකේ ඉදපු යාලුවෙක්.... අවුරුදු 20 කටත් වඩා පරණ කතාවක්! එයාගේ අම්මා, සවුදි වල වැඩ කරන කාලේ ළග ගේක උන සිද්ධියක්ලු!"......"ඉතින් කථාව මෙහෙමයි....”





“තරංගගේ අම්මා ගිහින් තියෙන්නේ බේකරි එකක් පවත්වාගෙන ගියපු මුස්ලිම් පවුලක බේකරි එකේ වැඩට.... ! ඒ ගෙදර ගැණු කෙනා ෆාතිමා කියලා කෙනෙක්ලු!....ඉතින් ෆාතිමා ඒ පළාතේ උත්සව වලට ගිහින් උයලා දෙන වැඩෙත් කරාලු…. එහෙම දවස් වලට මහා පාන්දර ඒ සාදය පවත්වන ගෙදරට යන්න ඕනේලු උයන්න... ෆාතිමා හැම වෙලේම උදවුවට එක්කන් ගියේ තරංගගේ අම්මවලු.....”

“එක දවසක්, පාන්දර එයාට සාදයකට උයන්න එන්න කියලා තිබිලා. එත් ඊට පහුවෙනිදා බේකරියේ ලොකු ඔඩර් එකක් භාර  දෙන්න තිබුන නිසා තරංගගේ  අම්මට යන්න වෙලා නැහැ..... ඉතින් ෆාතිමා, ඊට ගෙවල් කීපයකට එහා ගෙදරක වැඩ කරන රිස්වානා කියලා ගැණු ළමයෙක්ව කතා කරගත්තලු පහුවදා පාන්දර උයන්න උදවුවට එක්කන් යන්න!”

“කතා කරගත්තු හැටියට රිස්වානා පොරොන්දු උනාලු පාන්දර 3 වෙද්දී ෆාතිමාගේ ගෙදරට එනවා කියලා ගමන යන්න!..... එදා ඉතින් පාන්දර තුනේ ඉදලා ෆාතිමා අවශ්‍ය බඩුත් ලෑස්ති කරගෙන බලන් ඉන්නවලු රිස්වානා එනකන්!.... 3 යි 10 වගේ වෙලත් රිස්වානා නැහැලු ආවේ... රිස්වානා ගේ ගෙදර ෆාතිමාගේ ගෙදර ඉදලා ගෙවල් දහයකට වගේ එහායින් තිබුන නිසා ෆාතිමා එළියට බැහැල බැලුවාලු රිස්වානාලගේ ගෙවල් පැත්ත!....”

“එයා දැක්කලු පාරේ තියෙන ලයිට් කණුවක එළියෙන් ඇතින් කෙනෙක් එනවා වගේ!....., ඒ එන්නේ රිස්වානා තමයි කියලා හිතලා….. එයා ගේ ඇතුලට ගිහින් අරන් යන්න ඕනේ බඩු ටික අතට ගනිද්දිම දොරට තට්ටු  කරන සද්දේ ඇහුනලු!.... “මෙච්චර ඉක්මනට රිස්වානා ආවේ කොහොමද!? කියලා හිතන ගමන් ගිහින් දොර ඇරලා අනිත් පැත්ත හැරිලා ගෙනියන්න කියල දොර ගාවට කරලා තිබුන බඩු මුට්ටු ටික උස්සා ගන්න ගමන් දොරලග හිටගෙන ඉන්න රිස්වානට කිවුවලු  “මම දැක්කා ඔයා ඇතින් පාරේ එනවා! දුවගෙන ආවද මේ ටික?!” කියලා රිස්වානා උත්තරයක් නොදුන් නිසා තවත් කාලේ නාස්ති නොකර ෆාතිමා බඩුත් අරන් එළියට බැහැලා දෙන්නත් එක්කම ගමනට පිටත් වෙලා….!”

“යමින් ගමනුත්, ෆාතිමා අහනවලු රිස්වානාගෙන් “ඇයි පරක්කු උනේ.... අර තරම් ඉක්මනට අවේ කොහොමද...” කියලා.... රිස්වානා මුකුත්ම නොකියා ෆාතිමාට කිට්ටුවෙන්ම යනවලු පාරේ...... ටික දුරක් ගියාම ෆාතිමා ලයිට් කණුවක් යට ටිකකට නවතුනාලු මහන්සි අරින්න.... එතකොට වට පිට බලද්දිලු එයා දැක්කේ මේ තරමක් දුර තනියම කතා කර කර ඇවිල්ලා තියෙන්නේ කියලා…. රිස්වානා පේන මානෙක නැහැ කියලා....

“එයා බඩු ටික ලයිට් කනුව යටින් තියලා පාර දිගේ ආපහු ටිකක් ඇවිදන් ගිහිල්ලා බැලුවාලු රිස්වානාට කරදරයක් වෙලා මග නැවතුනා වත්ද කියලා.... ඒ පාන්දර ජාමේ කලුපාට පාර දිගට එලිය තැන් කීපයකට තිබුනේ ඈතින් ඈතින් පත්තු වෙලා තිබුන ලයිට් කණුවලින් බිමට වැටුණු රවුම් එළි විතරලු... එයා ඉදපු තැන ඉදලා බලද්දී නොපෙනෙන වංගුවක් වගේ හැරෙන තැනක් වෙනකන් එයා ගියාලු රිස්වානව හොයන්න..."

"වංගුව පහු කරද්දීම වගේ එයා දැක්කලු ඇතින් කෙනෙක් එනවා හිමිට පාර දිගේ!.....එයා හිතුවලු සමහර විට රිස්වානට මහන්සි ඇති…. ඒ නිසා එයා හිමිට එනවා ඇති…. නැත්තන් අසනීපයක් වෙන්න ඇති කියලා!.... එයා රිස්වානා ලගට එනකන්ම එතනට වෙලා හිටියලු බලාගෙන….! එයාට හිතුනලු ගොඩක් වෙලා ගියත් රිස්වානා එනවා පේනවා විතරයි ලගට එන්නේ නැහැ කියලා!”

“එයාට නිකන් අමුත්තක් වගේ දැනුන නිසා එය නැවත හැරිලා බඩු ටික බිමින් තිබ්බ ලයිට් කණුව ලගට යද්දීම එයාට දැනුනලු අර හිමිට හිමීට ඈතින් ආපු රිස්වානා එයාගේ කිට්ටුවෙන්ම ඇවිදිනවා වගේ.....! අදුරේ තමන්ට කිට්ටුවෙන් ඇවිදගෙන එන කළුවර නිසා මුහුණක් කටක් නොපෙනෙන රිස්වානා ගෙන් ෆාතිමා ඇහුවලු “අසනීපයක්ද? නැත්තන් මහන්සි වගේද!?”  කියලා..... 

"රිස්වානා මුකුත්ම නොකියා ඔලුව දෙපැත්තට වැනුවා වගේ දැකපු ෆාතිමා එහෙනම් ඉක්මනට යමුයි කියලා, ආයෙත් බඩු මලුත් උස්සගෙන ගමන යන්න පටන් ගත්තලු... එත් ෆාතිමාට හිතට හරි නැහැලු... රිස්වානට මොකක් හරි අසනීපයක් තියාගෙනත් බැ කියන්න බැරි කමට අවා වගේද දන්නේ නැති නිසා!..... එයා ඇහුවලු රිස්වානාගෙන්, “මොකද ඔයාට යන්න බැහැ වගේද?!” කියලා…... එකටත් උතරයක් නොදී ෆාතිමා එක්කම හිමිට එන රිස්වානා ගැන එවෙලේ අමුතු බයක් සැකක් වගේ අමුතු හැගීමක් ෆාතිමට ඇති උනාලු ...."

"එයාට මතක් උනාලු ගෙදරින් එළියට බැස්සත් හරි රිස්වානාගේ මුණවත් එයා දැක්කේ නැහැනේ කියලා!... ඉස්සරහට එන ලයිට් කණුවක් ලගදි හිමීට රිස්වානාගේ මුණ බලනවා කියලා හිතාගෙන අඩිය ඉක්මන් කරලා අනිත් ලයිට් කනුව ලගට ගිහින් බඩු ටික බිමින් තියද්දි දැක්කලු පාරේ තියෙන ලයිට් එළියෙන් පිටිපස්සෙන් එන රිස්වානාගේ හෙවනැල්ල පාර දිගට වැටිලා තියෙනවා!...." 

"එක පාරටම වගේ එයා දැක්කේ, හෙවනැල්ලේ  ඔලු දෙකක් තියෙනවා වගේලු!.... එයා හැරිලා බලද්දී රිස්වානා එයාගේ පිටි පස්සෙන් හිටගෙන ඉදලා..! රිස්වානාගේ මුණේ කිසිම වෙනසක් නැහැ කියලා එවෙලේ ෆාතිමා දැක්කත්, කලින් දැකපු දේ නිසා බය උනත් බය උන බවක් පෙන්නන්නේ නැතිව බඩුත් අරන් ආයෙත් යනවලු පාර දිගේ!...


රිස්වානා, ෆාතිමාට අඩි දෙක තුනක් දුරින් පාරේ මැදින් වගේ ඇවිද ගෙන ආවත් ෆාතිමට දැනුනේ රිස්වානා එයාගේ ඇගේ ගැවිගෙන ලගින්ම වගේ ඇවිදිනවා වගෙයි ලු !.... එත් එක්කම එයාට දැනුනලු එයාගේ බෙල්ලේ සීතල උන අතක් ගෑවෙනවා වගේ…..! ඒක දැනුන හැටියේම ෆාතිමා ගැස්සිලා ගිහින් හැරිලා බලද්දි එයා දැක්කලු තමන්ට අඩි කිහිපයක් දුරින් අර කට්ට කරුවලේ පෙනී නොපෙනී ඉන්න රිස්වානා දිළිසෙන ඇස් වලින් හොරෙන් වගේ එයා දිහා බලාගෙන ඉන්නවා කියලා ......!" 

"එවෙලේ නම් ෆාතිමා හොදටම බය උනත් එයා බය උන බවක් පෙන්නන්නේ නැතිව හිත බය වෙලා හින්ද දැකපු දෙයක් වෙන්න ඇති කියලා තමන්ටම කියාගෙන එයා රිස්වානාගෙන් ඇහුවලු “අද මොකද අමුතුයි වගේ... ඇයි කතා නොකරන්නේ?!” කියලා!.... එකටත් කිසි උත්තරයක් නොදීපු නිසා ෆාතිමා තීරණය කලාලු ඊලග ලයිට් කනුව යටදී රිස්වානාගෙන් උත්තර ලබා ගන්න මුණ දිහා බලාගෙනම!...."

"අනිත් ලයිට් කණුවට ලංවෙද්දි ෆාතිමට දැනුනලු රිස්වානා එන්නේ නැති බව එයා එක්ක!....එයා ඉක්මනට ඉක්මනට දුවගෙන වගේ ගියාලු ලයිට් කනුව යටට.... බඩු ටික බිමින් තියලා හැරිලා බලන් ඉන්නවලු රිස්වානා එනකන්!.... බලද්දී රිස්වානා අයෙත් හැරිලා යනවලු පාර දිගේ… ෆාතිමා රිස්වානව දන්නේ පොඩි කෙල්ල කාලේ ඉදන් නිසා එයට මොකක් හරි කරදරයක් වෙයි කියන බයට හිතේ කොච්චර භය තිබුනත් ෆාතිමා දුවලා වගේ ගියාලු හැරිලා යන රිස්වානා ගේ පස්සෙන්..... "

“හදිස්සියේම පාරේ එක කරුවල තැනකදී රිස්වානාව පේන්නේම නැතිව ගියාලු!..... ෆාතිමා එතනටම ගිහිල්ලා වට පිට බලද්දී දැක්කලු ටෝච් එකක් අරගෙන පිරිමි කිහිප දෙනෙක් එනවා පාරේ ඉදිරියෙන්...... එයා ඒ අය දිහාවට දුවලා ගිහිල්ලා විස්තරේ කෙටියෙන් කියලා කට්ටියම එකතු වෙලා රිස්වනවා හොයන්න අරගෙන….!”


“එහෙම රිස්වානව හොයාගෙන ආයෙත් ඇවිදගෙන ගියපු ඒ කට්ටිය ෆාතිමාගේ ගේ ළග පඩියේ ඉදලම අවසානෙට ආපු තැනට වෙනකන්ම පාරේ දිගටම ලේ බින්දු වැටිලා තියෙනවා දැක්කේ පොළොවට ටිකක් එළිය වැටුනටත් පස්සෙලු! එදා එළි වෙද්දී රිස්වනලගේ ගෙවල් කිට්ටුවම පාරේ බෝක්කුවක් යට වැටිලා තිබිලා රිස්වානාගේ මිනිය හම්බ වෙලා තියෙනවා!.... එත් කිසි කෙනෙක්ට හිතාගන්න බැරි වෙලා ඒ මිනියේ හිස නැති හේතුව මොකද්ද කියලා!" 

"ඊටත් වඩා පුදුම රිස්වානගේ කදෙන් වෙන් වුන හිස හම්බ වෙලා තියෙන්නේ ෆාතිමා පාරේ දී රිස්වානාව නැති වෙලා යනවා දැකපු තැන කාණුවක වැටිලා තියෙද්දීලු!.....”

"යාළුවගේ අම්මා ඊලග සතියෙම ලංකාවට ඇවිල්ලා හේතුව නිදාගෙන ඉන්දැද්දී එයාගේ බෙල්ල මිරිකපු හොල්මනකට බය වෙලා.... ඒ ලෙන් එකේ ගොඩක් අය සෑහෙන දවසක් භය වෙලා තිබුනලු කවුරු හරි තමන්ගේ බෙල්ල අල්ලනවා වගේ දැනිලා..."




නැවත පොස්ට් එකකින් හමු වෙමු! 


.ලි මේ කෙටි කථාව හදිස්සියේම ලියලා, හදිස්සියේම පොස්ට් කලා... දිග කතාවක් ලියමින් පවතිනවා ....  


Tuesday, January 17, 2012

එක භයානක යකෙක්! (2 කොටස)


කතාව එක... දෙවෙනි කොටස! 

හොදයි! එහෙනම් බලමුකෝ, උබේ රගපෑම කෙලවර වෙන තැන!’ යි හිතමින්, ගුරුන්නාන්සේ විවිධ මන්තර භාවිතා කරමින්, කිහිප වරක්ම,යකාට කතා කරන්න අණ කලා! ඒත්, කිසිම හැල හොලමනක් නැතිව, ගුරුන්නාන්සේව සතපහකට මායිම් නොකර ඉන්න, මේ යකා දැකලා, විමලසේන ගුරුන්නාන්සේ, කෙන්තියකටත් වඩා ඇති උනේ විස්මයක්! මේකා නම්, පොඩි පහේ යකෙක් නවෙයි!'....
 
හොදයි බලමු එහෙනම්, උබට මම, පරාද වෙයිද කියලා අද!’ යි සිතමින්, වඩා බලගතු මන්තරයක්, වතුරට ජප කරලා, පොල් මල් කිනිත්තකින්, මාලනිගේ ඇගට ඉස්සෙ,“දැන් උබේ කටේ, අගුලු ඇරෙයි නේ කියමින්! ඒ කිවුවත් වගේම ඇගට, මන්තර වතුර වැටෙත්ම, අමාරුවෙන් ඇබරුණ මාලනී, ඔලුව උස්සල, එක එල්ලේ ගුරුන්නාන්සේ දිහා බැලුවේ, බැල්මෙන් තර්ජනය කරමින්!

මන්තර හැසිරවීම ගැන, හොද අවබෝධයකින් වගේම, මන්තර පාවිච්චි කරලා, අත්භූත බලවේග පාලනය කිරීම ගැන, රටේ නම ගිය කෙනෙක් උන, විමලසේන ගුරුන්නාන්සේ වචනයක් වත් නොකියා, ඒ බැල්ම ගණනකටවත් නොගෙන, තවත් සැරයක් පොල් මල් කිනිත්තෙන්, වතුර ටිකක් ඉහළා... බැමි ලිහුවොත්, පැනලා ඇවිත්, තමන්ව මරන්න තරම් කේන්තියක් ලියවිලා තිබුන, මාලනිගේ ඒ බොර පාට ඇස් දිහා බලාගෙනම, තවත් බලගතු මන්තරයක්, වතුර කෝප්පෙට මතුරන්න ගත්තේ, උබ බය කරන්න, වෙන කෙනෙක් හොයාගනින් කියන්නා වගේ!
 
ටිකක් දුරට මන්තරේ මතුරද්දී, ඒ බලගතු මන්තරේට මෙල්ල උන යකා, ඉතාමත් ගැබුරු ස්වරයකින්,…. මම, කල්ප කාලාන්තරයක් බලන් ඉදලයි, වරයක් ගත්තේ, නර බිල්ලක් ගන්න! එක නොගෙන මම යන්නේ නැහැ!” යි කිවුවත්, ගුරුන්නාන්සේ ඇහුනේ නැ වගේ, තමන්ගේ පාඩුවේ මන්තරේ මතුරද්දී, නැවතත් යකා කතා කලා!  “මට මේ බිල්ල ගන්න නොලැබුනත්, වෙන නරයෙක්ව හරි බිලි ගන්නවා!

උබ මාව මේ ශරීරයෙන් එලෙවුවට, උබේ මන්තර වලට බැහැ, මම  බිල්ලක් ගන්න එක නවත්තන්න! යි කියමින්, පුටුවට තියලා බැදපු බැමි වලින්, ගැලවෙන්න දගලන්න ගත්තයින්, නැවතත් මන්තර වතුර ටිකක් ඉහළා යකාව, යටත් කරගත්තු ගුරුන්නාන්සේ,
ඉතින් උබ එක බිල්ලක් ගත්ත නේද! දැන් උබේ වරය ඉවරයි නේ! මොකටද තවත් මෙතන ලගින්නේ යි සැරෙන් අහද්දී, “මම ගත්තු බිල්ලක් නැහැ...මම බිල්ලක් නොගෙන යන්නෙත් නැහැ යි යකා නැවතත් කිවුවා!

මුගේ බය නැති කම මදිවට පොළව පැලෙන බොරුත් කියනවනේ! යි හිතමින් ගුරුන්නාන්සේ,….“එතකොට මේ අතුරයාගේ, පලවෙනි දරුවා, බිලි ගත්තේ, උබේ සනුහුරේ වෙන එකෙක්ද!” යි අහද්දී, නිහඩව බලන් ඉදපු  යකා, ඉදිරියට නැමීගෙන, මහා හයියෙන් කෑගහලා කිවුවේ මම ගත්තු බිල්ලක් නැහැ! බිල්ලක් නොගෙන මම යන්නේත් නැහැ! කියලයි! ඒ වෙලාවේ, ගුරුන්නාන්සේට හිතුනේ, සමහර විට කලින් දරුවා, ස්වභාවික විදියට නැති උනාද දන්නේ නැහැ, නැත්තන් මු, මේ හැටිම, මැරෙන්න හදන්නේ නැහැනේ කියලයි!

පෙරේත ආත්මයක්’, යකෙක් බවට පත් වෙන්නේ, කල්ප කාලාන්තරයක්, දුක් විදීමෙන් බව, විමලසේන ගුරුන්නාන්සේ දැනගෙන හිටියා! ඊටත් වඩා කාලයක්, වරයක් ලබා ගන්න, දුක් විදිය යුතු බව, සිරිසේන ගුරුන්නාන්සේගේ වචනෙන්, දැනගත්තු විමලසේන, මෙහෙම දුක් විදපු යකෙක්ව, ලේසියෙන් එළවන්න නොහැකි බවත්, රවට්ටලා වචනෙට බඳවා ගත්තත්, යකෙක් තියා මිනිහෙක් වත්, පොරොන්න්දු ඉටු කරන්නේ නැති නිසාම,  ගුරුනන්න්සේ තීරණය කෙරුවේ, කාලයක් යනකන් බිල්ලක් ගන්න බැරි වෙන්න, යකාව  මන්තර වලින් බැඳීමටයි!

එත් සිරිපාල ගුරුන්නසේගේ, දැඩි අවවාදය උනේ, බිල්ල ගැනීම පහු කරවල, මන්තර වලින් බැදවිමක් කරන්න එපා’, කියන එක බව  විමලසේනට මතක් උනේ, “ළමයෝ මන්තර වලින් හිර කලාම, උන් වයිර බැදගන්නවා... ඔය ළමයත් ඉස්සරහට, පවුල් පන්සල් වෙන්න එපැයි! ඒ ගැනත් හිතන්න! මු වරයක් ගත්තු එකෙක්! එහෙම එකෙක්, වැඩි කාලයකට බන්දන්නත් බැරි එකේ, බිල්ලක් ගන්නකන්, උබේ පස්සෙන්, ජිවිත කාලෙම පන්නයි! එකේ දෙකක් නැහැ අයේ!

කර්මයක් වෙනස් කරන්න, උබටයි මටයි, කරන්න දෙයක් නැහැ! දෙවි කෙනෙක්ගෙන් වත් උදවුවක් නැත්තේ එකයි! ඒ නිසා උබ, සෙත් ශාන්තියක් කරලා, ඒ ගැනිට ආරක්ෂාවක් කරපන්! ඔය බඩ දරු අම්මව බේරන්න නම්, උබට ඌව මන්තර වලින් බන්දන්නම වෙනවා! ඒ කියන්නේ වැටෙනවා උබේ පස්සෙන්! මම හිතන්නේ නැහැ, ඌව රවට්ටලා නම්, එලවගන්න පුළුවන් වෙයි කියලා!
 
අනුන්ගේ දානෙට උබ අත ගහලා, විහින් මැරෙන්නයි වෙන්නේ උබට! මතක තියාගනින් විමලසේන, උබට කවද හරි, පසු තැවෙන්න වෙයි, උබ මුව බැන්දුවොත්!” සිරිසේන ගුරුන්නසේ, කියූ වදන්, ඔලුවේ කැරකෙද්දී, විමලසේන හිතුවේ, කර්මයක් කියලා, ජිවිත දෙකක්, නැති වෙනකන් බලන් ඉන්න බැරි නිසාත්, තමන්ට බේරෙන්න නම්, තමන් දන්නා මන්තර, හොදටම ඇති බව දන්නා නිසාත්, අනිත් කාරණා අමතක කල ගුරුන්නාන්සේ, යකා එක්ක ගනුදෙනුවට ලෑස්ති උනා

හරි! උබට ප්‍රාණියෙක් නේ ඕනේ, මම උබට, දෙන්නම් ප්‍රාණියෙක්!, එකා අරගෙන මේ අතුරයව නිදහස් කරපන්, මම උබට දැඩි  දඩුවම් කරන්න කලින්! උබට කැප කරන ඒ ප්‍රාණියව අරගෙන, නැවත කරදර කරන්න, එන්නේ නැහැ කියලා, සතර වරම් දෙවි රජවරුන්ගේ නමින් දිවුරලා, මේ ආතුරයාව, නිදහස් කරලා යන්න ඕනේ!මේක උබට දෙන, අවසාන අවස්ථාව!”

යි ගුරුන්නාන්සේ කිවුවේ, මෙහෙම යකෙක්ව, එලවන්න, දඩුවම් දෙන්න, ඇරුණම බිලි ගැනීම නවත්තන්න මන්තර තියා, මන්තර මාත්‍රයක්වත් තමන් දැන නොසිටියත්, යකා බය කරලා, රවට්ටලා, එළවීම ගොඩක් වෙලාවට, සාර්ථක ක්‍රමයක් වීම නිසාත්ගොඩක් යක්කු මේ ආකාරයේ ගණුදෙනුවට, අවසානයේ කැමති වෙන නිසාත්ය! ගුරුන්නාන්සේගේ හිතේ තියෙන දේ, ඉවෙන් වගේ දැනගත්තු යකා, පෙරටත් වඩා හයියෙන් දගලමින්, කෑගහමින් මට එපා උබලගේ ලේ නැති කුකුල්ලු!”
 
මම ගන්නේ මනුස්ස ප්‍රාණියෙක්ව විතරයි! උබට පුළුවන්, මාව මේ පුටුවටම තියලා, හැමදාම බැදලා තියන්න! හැබැයි මම ගැලවුන දාට, බොට වෙන්නේ මැරෙන්නයි!” යි කියද්දී, විමලසේන ගුරුන්නාන්සේගේ, ඉවසීමේ සිමාව පැන්නයින්, දුම්මල සහ  හුළු අත්තක් අරගෙන, මාලනී දිහාවට, යමින් ගමන් කිවුවේ නැ උබට මම, කිසිම ප්‍රාණියෙක් කැප කැරෙන්නේ නැ! උබ දැන්, මේ දැන්, මේ ශරීරෙ ඇත ඇරලා යන්න ඕනේ!”
 
නොගියොත් උබට මම කරන දේ දැනගන්! “බල සම්පන්න, ‘වෙසමුණි රජුන්, අපේ මහා කාරුණික,බුදු පියාණන්ට කිවා වගේ, පේවෙලා ඉන්න, මේ උපාසිකාවට වගේම, ජිවිත කාලයක්ම, මස්මාංශ අනුභාවයෙන් තොර වෙලා, පන්සිල් රැකගෙන, ජිවත් වෙන මගේ, කීමට ගරු නොකර, උබ මේ කරන කරදරය, මම කියනවා..... උබේ යක්ෂ ස්වාමියන්ට, දහස්ගණන් යක්ෂ සේනාධිපතියන්ට.... උබට අයිති නැති, පරාණයක් ගන්න, තවත් තැත් කලොත්, යක්ෂ සෙන්පතියෙක්ව ගෙන්නලා, උබේ ඔලුව හත් කඩකට පලවනවා මම දැනගන්!”
 
එතනිනුත් නොනැවතී, මම මේ කරදරය කියනවා, ‘හතළිහක් වෙන මහා යකුන්ට.... සතරවරම් දෙවියන්නට’….! ගම් හතක් ඇතුලත, කවදා හරි දවසක, උබ ගැන මට දකින්න, දැනගන්න, අහන්න, ලැබුනොත්, කලින් කි දඩුවම, උබට ලබා දෙනවා, මම සහතිකෙන්ම!” යි  මහා හඩින්, වේගෙන් කියාගෙන යද්දී, මාලනී ඔලුව පහත් කරගෙන නිහඩ උනායින්, ගුරුන්නාන්සේ හිතුවේ, යකා යටත්  වූ බවයි!

නමුත් ඔහු දැනගෙන හිටියේ නැහැ, ඔහු විශ්වාස කලේ නැහැ, සතරවරම් දෙවියන්ටවත් කීකරු නොවී, මේ යකා, කල්ප කාලාන්තරයක්, පෙරුම් පුරලා බලාපොරොත්තු උන, නර ප්‍රාණයක් අරගෙන මිසක්, හිස් අතින්, පිටමන් වෙන්නේ නැති වෙයි කියලා! යකා නිහඩ උනේ, අවස්ථානුකුලව පමණයි කියලා, ගුරුන්නාන්සේ දැනගනිද්දී, වෙන්න ඕනේ  හැම දෙයක්ම වෙලා ඉවරයි කියලා, යකා නම්, එදා දැනගෙන ඉන්න ඇති!
 
වචනෙන්, වචනේ, බලෙන් වගේ කියවගෙන, යකාගෙන් පොරොන්දුවක් ගත්තේ,  නැවතත් මේ ආතුරයාට, එයාගේ දරුවන්ට, කරදරයක් නොකරන බවටයි! යකා එහෙම වචනයකින්,පොරොන්දුවක් උනාට පස්සේ  තවත්, බලගතු මන්තර කිහිපයකින්ම, යකාගේ නිදහස සිමාකරවලා, යන එන තැන් සිමා කරවලා, යකාව නිදහස් කරපු ගුරුන්නාන්සේගේ, මුණ දිහා, ටිකක් වෙලා යනකන් බලන් ඉදපු යකා, මාලනිගේ ඇගෙන් පිට උනා!
 
තොවිලේ ඉවර කරලා, සෙත් ශාන්තියකුත් කරපු ගුරුන්නාන්සේ, වැඩි හොදට, ආරක්ෂාවකුත්, ගේ හතර කොනට කරලා, හැකි තරම් මස් මාංශයෙන්, තොර වෙලා පන්සිල් වලට ලං වෙලා, ජිවත් වෙන්න, මාලනීට සහ සරත්ට, දැඩි ලෙස  අවවාද කරලාගෙදර එන්න පිටත් උනේ, යමින් ගමන්, සිරිපාල ගුරුන්නාන්සේවත් හම්බ වෙලා, යන්න හිතා ගෙනයි

සිරිපාල ගුරුන්නාන්සේගේ, අසනීපය වැඩි වෙලා, කලින්දා හවස, එයාගේ පුතා, තම ගෙදරට, ගුරුන්නාන්සේව රැගෙන ගිය බව, ගමේ කෙනක්ගෙන් දැනගත් විමලසේන, කෙලින්ම ගෙදර බලා එන්න, පිටත් උනා!එමින් ගමන්, තමන්ගේ බිරිදවත්, ඇගේ මහා ගෙදරින්, එකතු කරගත්තු විමලසේන ගුරුන්නාන්සේ,  ගෙදරට ආ පයින්ම කලේ, කිසිම මළගිය ප්‍රාණියෙකුට, ඇතුල් විය නොහැකි ලෙස, වත්තේ හතර කොන, ප්‍රබල මන්තර යොදලා, ආරක්ෂාව තර කිරීම සහ, ගේ හතර කොනත්, එවැනිම මන්තර වලින් ආරක්ෂා කිරීමයි!

ඉන් පසුව, කිසිම හැල හොල්මනක්, කරදරයක්, විශේෂ සිදුවීමක්, සිදු නොවී, බොහොම නිශ්ශබ්ධ, මාස කිහිපයක් ගෙවුනත්, විමලසේන ඒ භයානක යකා ගැන තම අවධානය අඩු කලේ නැහැ!කාලයක්ම, කිසිම කරදරයක් නැතිව, ජිවත් උන විමලසේනට, හෙනහුරා ලැබුවේ, තම බිරිදට දරුවෙක් ලැබෙන්න මාස අටකුත්  නික්මෙද්දියිතම බිරිද ඉන්න තත්වෙන්, ඇයව තනි කරලා, ගමෙන් පිට නොවෙන්න, විමලසේන ගුරුන්නාන්සේ, තදින් හිතාගෙන හිටිය නිසාම, ඔහු ගමේ වැඩ වලට ඇරුනම, ගමෙන් පිට කිසිම වැඩකට නොගිහින් හිටියා!
 
එක දවසක්, රෑ ජාමේ, දොරට ගහන සද්දයක් ඇහුනු විමලසේන, වහාම ගොස් දොර ඇරියේ, මේ වෙලාවට, ගෙදරට එන්නේ, ගමේ අයෙක් බව දැනගෙනයි! ඒ හිතුවත් වගේ, ගමේ ගැණු කෙනෙකුට යකෙක් වැහිලා, ළිදට පනින්න දගලනවා යි ආ අය පැවසුවත්, විමලසේන කිවුවේ, මට මේ රෑ එන්න හැටියක් නැහැ! ආතුරයාව රෙද්දකින් ඔතලා, පුටුවකට තියලා බදින්න! මම උදෙන්ම එන්නම් කියලයි!

එළි උන හැටියේම, පණිවිඩ කරුවෙක් යවලා, බිරිදගේ මව, ගෙදරට ගෙන්වා ගත්තු විමලසේන, ගේ වටේ  ආරක්ෂාවන් තර කරලා, “මම එනකන්, කිසිම කෙනෙකුට, දොර අරින්න එපා!” යයි තදින් අවවාද කරලා, රෑ වෙන්න කලින්, එන්න බලාගෙන, ගමේ කෙළවරක තියෙන, අවේස උන ආතුරයාගේ, ගෙදරට ගියා!
 
ඒ ගියත්, විමලසේන ගුරුන්නාන්සේට, සැරෙන් සැරේ, අමුතුම හැගීමක්, අමුතු සංකාවක්, හිතට එබෙමින් තිබුන, බව දැනුනත්, හිතට වෙර අරන්, තොවිලය කරලා අතුරයව නිදහස් කරවලා, සෙත් ශාන්තියක් කරලා, එන්න පිටත් වෙද්දී ඉරත්  බැහැලා ගිහින්! වත්තට  ඇතුළු වෙද්දී, පළමුව වත්තේ හතර කොන, පරික්ෂා කිරීම, විමලසේනගේ දින චර්යාවේ කොටසක්!

වත්ත වටේම ගිහින්, ආරක්ෂාවට හානියක් නැති බව ස්ථිර කරගෙන, ගේදොර ලගට ගිහින්, බිරිදගේ නම කියමින්, දොරට තට්ටු  කලා, කිහිප වරක්ම! බිරිදගේ මවටත් කතා කරමින්, දොරට තට්ටු කලත්, ගේ ඇතුලෙන් හිනීයටවත්, හඩක් නැති නිසා, ඔලුව පුරා නැගෙන, භයංකර සිතුවිලිත් එක්ක, වේගෙන් දොරේ වැදෙමින්, ඔහු දොර කඩාගෙන, ගේ ඇතුලට ගියේ, බිරිදගේ නම කියලා කෑගහමින්! 

හොල්මන් වගේ නැගී සිටින, පුටු මේස අස්සෙන්,රෑ අදුර ගලන, බිරිදගේ කාමරේට, ඔහු දිවුවේ අවසිහියෙන් වගේ! ඒ අඩ අදුරින් ඔහු දැක්කේ, හොද සිහියෙන් මනුස්සයෙකුට, බැලිය නොහැකි දසුනක්! ‘බිරිදගේ දෙකඩ උන ශරීරය, ඇදේ පැත්තක, ලේ ගංගාවක් මැද, වැටිලා තියෙද්දී... ඊට එහායින්, බිරිදගේ මවගේ, ඔලුව නැති ශරීරය, වැටිලා තියෙනවයි!’
 
ගිය සැනින්, දැතින් හිස බදාගෙන, එළියට ආපු ගුරුන්නාන්සේ, මහා හඩින් කෑගහමින්, මිදුලේ වැටිලා ඇඩුවේ, ගමේ මිනිස්සු, රෑන් පිටින්, ගේ ඇතුලේ පිරෙද්දියි! වෙනත් අයගේ උදවුවෙන්, මළ ගෙදර වැඩ කටයුතු කෙරෙද්දී, කතා බහක් නැතිව, බිම ඉදගෙන, ඇත බලන් ගුරුන්නාන්සේ, කල්පනා කළේ, කොහොමද මේක උනේ කියලයි!

මැරුණු, කුරුල්ලෙක්ට වත් වත්ත උඩින්, පියාබන්න බැරි තැනට, ආරක්ෂාවන් කරලත්, කොහොමද, යකෙක් මගේ වත්තට රිංගුවේ! ඔහුට දැනුනේ, ඔහුගේ ඔලුව විකාරයක් වේගෙන එනවා වගෙයි! මළ ගෙදරට ආපු, සිරිසේන ගුරුන්නාන්සේ, වෙනත් කෙනෙකුගේ වාරුවෙන්, විමලසේන ලගට අවේ, මෙහෙට වරෙන්, උබට යමක් පෙන්නන්න කියමිනුයි!

අවසිහියෙන්ම, නැගිට ගත්තු විමලසේන, සිරිසේන ගුරුන්නාන්සේ එක්ක ගියේ, ගෙදර වම්  පැත්තේ, බිත්තිය ලගටයි! අර බලපන්!” කියමින්, උඩ අතට ඇගිල්ලක්, දික් කරපු සිරිසේන ගුරුන්නාන්සේගේ අත අනුව ගොස්,  ඒ දිශාව, බලපු විමලසේන දැක්කේ, අල්ලපු වත්තේ පොල් ගසක අත්තක්, ලාවට වගේ, තමන්ගේ ගෙදර වහලෙට, නැමිලා තියෙන බවයි! මිනීමැරුමේ, සියලු කාරණා පැහැදිලි වෙද්දී, විමලසේනට මතක් උනේ, සිරිසේන ගුරුන්නාන්සේ, කලින් දාක, කියපු දෙයයි!

මතක තියාගනින් විමලසේන, උබට කවද හරි, පසු තැවෙන්න වෙයි’, උබ මුව බැන්දුවොත්!”


නැවතත් කතාවකින් මුණ ගැහෙමු! 

ඔබට සුභ දවසක්!!!