Saturday, January 28, 2012

රට හොල්මන්! ( කෙටි කතාවක්)

1997 අවුරුද්දේ, මම මේ කථාව ඇහුවේ.....අහල තවත් අයට කියලා, ඒ අයගේ හිතත් බය කළේ, අත්භූත දේවල්, හොල්මන් කියන්නේ  'කථාවලට' විතරක් සිමා උන, සුරංගනා කතාවල, භයානක පැත්ත විතරයි කියලා, ළගක් වෙනකන් මම, විශ්වාස කරපු නිසයි!

එදා…., ආච්චි අම්මගෙයි, සියාගෙයි, විවාහයේ 50 වෙනි, සැමරුම දවසේ, පවත්වපු සාදයට ආරාධනා කරලා තිබුන, ආච්චි අම්මගේ, යාලුවෙකුගේ දුවක් වන, රෝසි ආන්ටි කියපු අත්භූත කතාවක් තමයි මේක!....


මේ කථාව මට කිවුවේ, තරංග කියලා, මගේ ඔෆිස් එකේ ඉන්න යාලුවෙක්....,  අවුරුදු 30 කටත් වඩා පරණ කතාවක්! එයාගේ අම්මා, සවුදි වල වැඩ කරන කාලේ, ළග ගේක උන සිද්ධියක්ලු!"......"ඉතින් කථාව මෙහෙමයි....

යාළුවගේ අම්මා, වැඩට ඉදපු ගෙදරට, අල්ලපු ගෙදර, ඉදල තියෙන්නේ බේකරියක් කරපු මුස්ලිම් පවුලක්!.... ඒ ගෙදර ගැණු කෙනා, ෆාතිමා කියලා කෙනෙක්ලු!....ඉතින් ෆාතිමා ඒ පළාතේ උත්සව වලට ගිහින්, උයලා දෙන වැඩෙත් කරාලු…. එහෙම දවස් වලට මහා පාන්දර, ඒ සාදය පවත්වන ගෙදරට යන්න ඕනේලු උයන්න... ෆාතිමා හැම වෙලේම, තනියට එක්කන් ගියේ, යාළුවගේ අම්මවලු.....

එක දවසක්, සාදයකට උයන්න එන්න කියලා තිබිලා, යාළුවගේ අම්මව එක්කන් යන්න, කතා කරගන්න ආවලු, කලින්දා හවස….., එත් එදා, යාළුවගේ අම්මා වැඩකරපු ගෙදරත්, ඊලග දවසේ සාදයකට ලෑස්ති වෙන නිසා, ඒ අම්මට යන්න වෙලා නැහැ.....,ඉතින් ෆාතිමා, ඊට ගෙවල් කීපයකට එහා, ගෙදරක වැඩ කරන, රිස්වානා කියලා ගැණු ළමයෙක්ව, කතා කරගත්තලු, පහුවදා පාන්දර යන්න!

කතා කරගත්තු හැටියට, රිස්වානා පොරොන්දු උනාලු, පාන්දර 3 වෙද්දී, ෆාතිමාගේ ගෙදරට එනවා කියලා, ගමන යන්න!..... එදා පාන්දර තුනේ ඉදලා, ෆාතිමා අවශ්‍ය බඩුත් ලෑස්ති කරගෙන බලන් ඉන්නවලු, රිස්වානා එනකන්!.... රිස්වානා ගේ ගෙදර, ෆාතිමාගේ ගෙදර ඉදලා, ගෙවල් දහයකට වගේ, එහායින් තිබුන නිසා, ෆාතිමා එළියට බැහැල බැලුවාලු, රිස්වානාලගේ ගෙවල් පැත්ත!....”

එයා දැක්කලු, පාරේ තියෙන ලයිට් කණුවක එළියෙන්, ඇතින් කෙනෙක් එනවා වගේ!....., ඒ එන්නේ, රිස්වානා තමයි කියලා හිතලා….. එයා, ගේ ඇතුලට ගිහින්, අරන් යන්න ඕනේ බඩු ටික අතට ගනිද්දිම, දොරට තට්ටු  කරන සද්දේ ඇහුනලු!.... මෙච්චර ඉක්මනට රිස්වානා අවේ කොහොමද?”.... මම දැක්ක, ඔයා ගොඩක් ඇතින් පාරේ එනවා කියලා කියාගෙනම, පරක්කු වෙලා තිබුන නිසා, ෆාතිමා බඩුත් අරන් එළියට බැහැලා, දෙන්නත් එක්කම, ගමනට පිටත් වෙලා….!

යමින් ගමනුත්, ෆාතිමා අහනවලු රිස්වානාගෙන්,  “ඇයි පරක්කු උනේ, අර තරම් ඉක්මනට අවේ කොහොමද කියලා, රිස්වානා මුකුත්ම නොකියා, ෆාතිමාට කිට්ටුවෙන්ම, යනවලු පාරේ...... ටික දුරක් ගියාම, ෆාතිමා ලයිට් කණුවක් යට, ටිකකට නවතුනලු, මහන්සි අරින්න.... එතකොට, වට පිට බලද්දිලු එයා දැක්කේ, මෙතරමක් දුර, තනියම කතා කර කර, ඇවිල්ල තියෙන්නේ….රිස්වානා ළග නැහැ කියලා!”….

එයා, බඩු ටික, ලයිට් කනුව යටින් තියල, පාර දිගේ ආපහු ටිකක් ඇවිදන් ගිහිල්ලා බැලුවාලු, රිස්වානාට කරදරයක් වෙලා, මග නැවතුනා වත්ද කියලා.... එහෙම යද්දී එයා දැක්කලු, ඇතින් කෙනෙක් එනවා හිමිට, පාර දිගේ!.....එයා හිතුවලු සමහර විට, රිස්වානට මහන්සි ඇති…. ඒ නිසා එයා, හිමිට එනවා ඇති…. නැත්තන් අසනීපයක් වෙන්න ඇති, කියලා!.... එයා රිස්වානා ලගට එනකන්ම, එතනට වෙලා හිටියලු….!

විනාඩි පහක් වගේ ගිය තැන, රිස්වානා ආවලු ෆාතිමා ඉන්න කිට්ටුවටම..... එතකොට ෆාතිමා ඇහුවලු, අසනීපයක්ද, නැත්තන් මහන්සි වගේද කියලා ..... රිස්වානා මුකුත්ම නොකියා, ඔලුව දෙපැත්තට වැනුවා වගේ, දැකපු ෆාතිමා, එහෙනම් ඉක්මනට යමුයි කියලා, අයෙත් බඩු තියලා තිබුන, ලයිට් කනුව ලගට ඇවිත්, බඩු මලුත් උස්සගෙන යනවලු දෙන්නම….”

එත් ෆාතිමාට හිතට හරි නැහැලු, රිස්වානට මොකක් හරි අසනීපයක් තියාගෙනත්, බැ කියන්න බැරි කමට, අවා වගේද දන්නේ නැති නිසා!..... එයා ඇහුවලු රිස්වානාගෙන්, මොකද ඔයාට, යන්න බැහැ වගේද කියලා…... එකටත් උතරයක් නොදී, ෆාතිමා එක්කම, හිමිට එන රිස්වානා ගැන එවෙලේ, අමුතු බයක් ෆාතිමට ඇති උනාලු .... එයාට මතක් උනාලු, එවෙලේ ගෙදරින් එළියට බැස්සත් හරි, රිස්වානාගේ මුණවත්, එයා දැක්කේ නැහැනේ කියලා!....”

එයා ඉස්සරහට එන ලයිට් කණුවක් ලගදි, රිස්වානාගේ මුණ බලනවා කියලා හිතාගෙන, අඩිය ඉක්මන් කරලා, අනිත් ලයිට් කනුව ලගට ගිහින්, බඩු ටික බිමින් තියද්දි, දැක්කලු පාරේ තියෙන ලයිට් එළියෙන්, පිටිපස්සෙන් එන රිස්වානාගේ හෙවනැල්ල, පාර දිගට වැටිලා තියෙනවා!.... එක පාරටම එයා දැක්කේ, හෙවනැල්ලේ ඔලු දෙකක් තියෙනවා වගේලු!.... එයා හැරිලා බලද්දී, රිස්වානා එයාගේ පිටිපස්සෙන්, හිටගෙන ඉදලා  …..!

රිස්වානාගේ මුනේ, කිසිම වෙනසක් නැහැ කියලා, එවෙලේ ෆාතිමා දැක්කත්, කලින් දැකපු දේ නිසා බය උනත්, බය උන බවක් පෙන්නන්නේ නැතිව, බඩුත් අරන් අයෙත් යනවලු පාර දිගේ!....රිස්වානා, ෆාතිමාට අඩි දෙක තුනක් දුරින්, ඇවිද ගෙන ආවත්, ෆාතිමට දැනුනලු,  රිස්වානා එයාගේ ඇගේ, ගැවිගෙන වගේ, ලගින්ම ඇවිදිනවා!.... එත් එක්කම, එයාට දැනුනලු එයාගේ බෙල්ලට, රිස්වානා අතක් තියෙනවා වගේ…..!” 

එහෙම දැනුන හැටියේම, ෆාතිමා හැරිලා බලද්දි, එයා දැක්කලු, තමන්ට අඩි කිහිපයක්, දුරින් යන රිස්වානාගේ අත, රබර් එකක් වගේ, බෙල්ල ගාවටම ඇදිලා තිබිලා, එක පාරටම ඇදිලා යනවා වගේ!.... ඒ මදිවට එයා දැක්කලු, රිස්වානා හොරෙන් වගේ,  එයා දිහා බලාගෙන ඉන්නවා කියලා ......! එවෙලේ නම් ෆාතිමා හොදටම බය උනත්, එයා බය උන බවක්, පෙන්නන්නේ නැතිව, හිත බය වෙලා හින්ද, දැකපු  දෙයක් වෙන්න ඇති කියලා, හිත හදාගෙන, එයා රිස්වානාගෙන් ඇහුවලු, අද මොකද අමුතුයි වගේ... ඇයි කතා නොකරන්නේ කියලා!....”

එකටත් උත්තරයක් නොදීපු නිසා, ෆාතිමා තීරණය කලාලු, ඊලග ලයිට් කනුව යටදී, රිස්වානාගෙන්, උත්තර ලබා ගන්න, මුණ දිහා බලාගෙනම!.... ලයිට් කණුවට ලංවෙද්දි, ෆාතිමට දැනුනලු, රිස්වානා එන්නේ නැති බව, එයා එක්ක!....එයා ඉක්මනට, ලයිට් කනුව යටට ගිහිල්ලා, බඩු ටික තියලා, බලන් ඉන්නවලු රිස්වානා එනකන්!.... බලද්දී රිස්වානා අයෙත් හැරිලා යනවලු, පාර දිගේ…... බයෙන්, බයෙන්, මොකද මේ කියලා බලන්න, ෆාතිමා දුවලා වගේ ගියාලු,  රිස්වානා ගේ පස්සෙන්.....!”

හදිස්සියේම පාරේ, එක කරුවල තැනකදී, රිස්වානාව පෙන්නේ නැතිව ගියාලු!..... ෆාතිමා එතනටම ගිහිල්ලා, වට පිට බලද්දී දැක්කලු, ටෝච් එකක් අරගෙන, පිරිමි කිහිප දෙනෙක් එනවා, පාරේ දිගේ...... එයා, ඒ දිහාවට දුවලා ගිහිල්ලා, විස්තරේ කෙටියෙන් කියලා, කට්ටියම එකතු වෙලා, රිස්වනවා හොයන්න අරගෙන….!

ෆාතිමාගේ ගේ ළග පඩියේ ඉදලම, අවසානෙට ආපු තැනට වෙනකන්ම, පාරේ දිගටම, ලේ බින්දු වැටිලා තියෙනවා, රිස්වානාව හොයපු අය දැකලා තියෙන්නේ, පොළොවට ටිකක් එළිය වැටුනටත් පස්සෙලු! එදා එළි වෙද්දී, රිස්වනලගේ ගෙවල් කිට්ටුවම පාරේ, බෝක්කුවක් යට, වැටිලා තිබිලා, රිස්වානාගේ මිනිය හම්බ වෙලා තියෙනවා!.... 

එත් කිසි කෙනෙක්ට හිතාගන්න බැරි වෙලා, ඒ මිනියේ, හිස, නැති හේතුව මොකද්ද කියලා! ඊටත් වඩා පුදුම දේ, ඒ හිසහම්බ වෙලා තියෙන්නේ, ෆාතිමා පාරේ දී, රිස්වානාව නැති වෙලා යනවා දැකපු, තැන කාණුවක වැටිලා තියෙද්දීලු!.....”

"යාළුවගේ අම්මා ඊලග සතියෙම ලංකාවට ඇවිල්ලා, හේතුව නිදාගෙන ඉන්දැද්දී එයාගේ බෙල්ල මිරිකපු හොල්මනකට බය වෙලා... වැඩේ කියන්නේ යාළුවගේ අම්මා ලංකාවට එද්දිත් බෙල්ලේ  ඇගිලි සලකුණු තද රතු පාටින් තිබුනලු!...."



නැවත පොස්ට් එකකින් හමු වෙමු! 


.ලි කතාවක් පොස්ට් කරන්න පරක්කු උනේ, හදිස්සි වැඩ ගොඩක්, කඩන් පහත් වුන නිසා යාලුවනේ..... මේ කෙටි කථාව හදිස්සියේම ලියලා, හදිස්සියේම පොස්ට් කලා... දිග කතාවක් ලියමින් පවතිනවා ....  :)

28 comments:

Anonymous said...

ෆාතිමා රිස්වානාව මරල සුදනා වෙන්න ගොතපු කතාවක් වෙන්න බැරිද?

Nelum said...

හෙහෙ...මමත් මේක අහපු කතාවක් නිසා, එකත් කියන්න බැහැ!:)

Dinesh said...

එක එක පැත්තෙන් හිතන්න පුළුවන් කතාවක් මේක.. ඒත් හරියටම ඇත්ත දන්නේ කවුද??

Anonymous said...

මටත් හිතෙන්නෙ එහෙමයි.ෆාතිමා රිස්වානාව මරල මිනී මැරුම් චෝදනාවෙන් ගැලවෙන්න ලස්සන කතාවක් ගොතන්න ඇති.මිනී මැරුම ගැන හිතේ බයෙන් ඉදිය යාළුවගෙ අම්ම රෑ හීනෙන් බයවෙන්න ඇති.බෙල්ලෙ තිබුන පාරවල් ගැන කියනව නම් එයාම එයාගෙ අත් දෙකෙන් බෙල්ල තද කරගන්න ඇති.කම්පනයක් ඇති උනාම එහෙම දෙයක් වෙන එක පුදුමයක් නෙමෙයි.ඔය හිටපු ගමන් ගෑනු ළමයින්ගෙ අතපය බෙල්ල එහෙම රෑ නින්දෙන් හූරල කියනව,ඒත් ඒක තමන් අතින්ම රෑ නින්දෙන් වෙනව කියල එයාල දන්නෙ නෑ.මොනා උනත් ඔයාගෙ කතා ටික මරු අපි ආසාවෙන් කියවනව.තව වැඩි වැඩියෙන් ලියන්න.ජය වේවා..!

my7 said...

hiii. goda kalekin.mama hithuwa oya ayeth liyane nathiwa innawada danneth naha kiyala. pahugiya tike pennapu apaye thorana dakala.diga kathawath haki ikmanin danna labewa :D

Anonymous said...

මම කමෙන්ට් දාලා නැහැ මිට කලින්.හැබැයි හැමදාමත් කියවනවා ඔයාගේ කතා.මේකේ ඉන්න මදාවියන්ට කියවන්න ලියලා වැඩක් නැ කියලා ,නෙළුම් ආයේ ලියන්නේ නැති වෙයි කියලා මට හිතුනේ කතාවක් පරක්කු වෙද්දී. ඇති යන්නතං ඔයා අවා.. කියවන්න කියලා ඉතුරු වෙලා තියෙන බ්ලොග් කීපය වත් දිගටම පවතීවි කියලා හිතනවා.. දිගටම ලියමු.. ජයවේවා!

Nelum said...

ඔව් දිනේෂ්,මට හිතුනා උඩම ඇනෝ කිවුවට පස්සේ, මිනිමරුමක්ද දන්නේ නැහැ කියලා....!

Nelum said...

හ්ම්ම්ම්.... එක අතකට එක නම්, වෙන්න පුළුවන් දෙයක් වගෙයි! ඔය නියපොතු වවාගෙන ඉන්න ගැණු අයට නම්, නින්දෙන් ඇග සිරෙන ප්‍රශ්නේ තියනවා, මම හිතන්නේ... :)
ස්තුතියි, රැදිලා ඉන්නවට මගේ කථා එක්ක! :)

Nelum said...

Hi,ඔව් සති දෙකකින් විතර අවේ :D හ්ම්ම්ම්... කළකිරිමකුත් නැතිව නෙවෙයි my7 , එත් දිගටම ලියන්න තමයි හිත... කතාවක් ලියමින් පවතිනවා... ඉක්මනින් දාන්නම්කෝ!:)

Nelum said...

හෙහෙ..... කෑගහගත්තට, ඔය ඔක්කොම මිනිස්සු, වැඩ රාජකාරි කරන අයනේ... රණ්ඩු වෙලා, මඩ ගහනවා ඇත්තේ, ස්ට්‍රෙස් එක යන්න වෙන්න ඇති! රණ්ඩු සදාකාලික නැනේ ඇනෝ! :)
ස්තුතියි , හැකි තරම් කාලයක් කථා ලියන්න තමයි බලාපොරොත්තුව මගේ! රැදිලා ඉන්න 'මායා' ත් එක්ක... :)

පැණි දොඩම් said...

හා... ඕව ලියල අපිවනං බයකොරන්න හිතුව මදි....

Nelum said...

හෙහෙ.. එහෙනම් බලමු ඊලග එකෙන්වත්... :)

චරිත said...

සෑහෙන කාලෙකින් ඔයාගෙ පෝස්ට් එකක් දැක්කෙ. හොඳ කතාවක්.

Nelum said...

මම නම්, මේ කතාවට, එතරම් කැමති නැහැ! හදිස්සියේ ලිවුව නිසාද මන්දා!

අසරණයා said...

ඔයාගේ බ්ලොග් එක විතරයි වෙනස්ම තේමාවකින් යන්නේ.සමහර දවසට ඔයාගේ පොස්ට් බාගෙට කියවල නවත්වනවා.මං රැට තනියෙන් ඔෆිස් එකේ ඉන්න බයයි.. දිගටම ලියන්න

ජයෙන් ජය..

Nelum said...

හෙහෙ..දවල්ට කියවන්න ළමයෝ එහෙනම්... බොරුවට බය නොවී! :D (ඇත්තටමද කියන්නේ, බයයි කියලා?)

අසරණයා said...

ඔව් සමහර පොස්ට් වලට ඔය ලියන විදියට ඒ යක්කු හිතේ මැවෙන විදියට ලියපු පොස්ට් කියවද්ද බය හිතෙනවා.

Nelum said...

හා! එහෙනම් මගේ වැඩේ කෙරිලා... :D

සාගර said...

අපි බයවෙයි ඕවට. කතා කියෙව්වට පස්සෙ එළියට යන්නෙ නැත්ව නිදා ගන්නවා. (බයට නෙවෙයි.)

ඇත්තටම ඔයා සාර්ථකයි නෙළුම්. මම කැමතිම බ්ලොග් කීපයට "maaya" අයිතියි. අපිට කියවන්න තවත් ලියන්න. සුභ පැතුම්.

Nelum said...

එත් ගෙවල් ඇතුලෙත් හොල්මන් ඉන්නවෝ... හෙහෙ... ස්තුතියි සාගර! ... කථාවකින් නැවත හමු වෙමු! :)

Chathuranga Perera said...

පරක්කු වෙලා බැලුවේ... ම් මං මේ කල්පනා කෙරුවේ දැන් පිටරට හොල්මනුත් ‘මායා‘ වලට ඇවිල්ලා නේද කියලා...

මේ කථාව ගැන නම් ඉතින් කටින් කට ගිය එකක් නිසා ගුණ දොස් කියන්න බෑ... කටින් කටට යද්දී එක එක වර්ෂන් නේ... ඔරිජිනල් කොපි එක ඇහුවා නම් හො‍ඳයි... හැබැයි මායා වර්ෂන් එකත් නියමයි...

මම හිතන්නේ දැන් නෙලුම්ට කථා නැතිවුනත් බයවෙන්න දෙයක් නෑ. ගොතපු කථාවක් හරි ඇත්ත වගේ ලියන්න ඔයාට හැකියාව තියෙනවා... මම හිතන්නේ ඒ ගැනත් එක්පෙරිමෙන්ට් එකක් විදියට පෝස්ට් එකක් දැම්මොත් හොඳයි නේද ?

හමුවෙමු දිග කථාවෙන්... (මොකද පෝස්ට් එකක් දාලා මකලා තියෙන්නේ ???)

Nelum said...

හා!මවලත් කතාවක් ලියල බල්ලන්න ඕනේ :D ඔයාට ස්තුතියි චතු :) (පොස්ට් මුකුත් මකලා නැතෝ...)
නැවත හමුවෙමු කතාවකින්! :)

Chathuranga Perera said...

‘පෙරේතයන්’ ගේ පෙරේත වැඩ! (???)

මගේ ඩෑෂ්බෝඩ් අප්ඩේට්ස් වල තිබුනේ... !!!

Nelum said...

හ්ම්ම්ම්... මම හිතන්නේ, බ්ලොග් අප්ඩේට් වල අවුලක් වගෙයි චතු! එක මම ලියලා, ගොඩක් කල් නේ.... (TUESDAY, DECEMBER 27, 2011)මටත් අප්ඩේට් එන්නේ පරක්කු වෙලා, ෆලෝ කරන අයගේ ... :)

Dilan said...

maru kathawak

Nelum said...

ස්තුතියි! :)

සිහින විප්ලවය said...

අම්මියො....................බයෙත් බෑ

Nelum said...

:D