Saturday, January 28, 2012

රට හොල්මන්! ( කෙටි කතාවක්)

2003 අවුරුද්දේ, මම මේ කථාව ඇහුවේ.....අහල තවත් අයට කියලා ඒ අයගේ හිතත් බය කළේ අත්භූත දේවල් කියන්නේ හොල්මන්  'කථාවලට' විතරක් සිමා උන සුරංගනා කතාවල භයානක පැත්ත විතරයි කියලා ළගක් වෙනකන් මම විශ්වාස කරපු නිසයි!

එදා…., ආච්චි අම්මගෙයි, සියාගෙයි, විවාහයේ 45 වෙනි සැමරුම දවසේ පවත්වපු සාදයට ආරාධනා කරලා තිබුන ආච්චි අම්මගේ යාලුවෙකුගේ දුවක් වන රෝසි ආන්ටි කියපු අද්භූත කතාවක් තමයි මේක!....

-----------------------------

“මේ හොල්මන් කථාව අපිට කිවුවේ, තරංග කියලා ඔෆිස් එකේ ඉදපු යාලුවෙක්.... අවුරුදු 20 කටත් වඩා පරණ කතාවක්! එයාගේ අම්මා, සවුදි වල වැඩ කරන කාලේ ළග ගේක උන සිද්ධියක්ලු!"......"ඉතින් කථාව මෙහෙමයි....”





“තරංගගේ අම්මා ගිහින් තියෙන්නේ බේකරි එකක් පවත්වාගෙන ගියපු මුස්ලිම් පවුලක බේකරි එකේ වැඩට.... ! ඒ ගෙදර ගැණු කෙනා ෆාතිමා කියලා කෙනෙක්ලු!....ඉතින් ෆාතිමා ඒ පළාතේ උත්සව වලට ගිහින් උයලා දෙන වැඩෙත් කරාලු…. එහෙම දවස් වලට මහා පාන්දර ඒ සාදය පවත්වන ගෙදරට යන්න ඕනේලු උයන්න... ෆාතිමා හැම වෙලේම උදවුවට එක්කන් ගියේ තරංගගේ අම්මවලු.....”

“එක දවසක්, පාන්දර එයාට සාදයකට උයන්න එන්න කියලා තිබිලා. එත් ඊට පහුවෙනිදා බේකරියේ ලොකු ඔඩර් එකක් භාර  දෙන්න තිබුන නිසා තරංගගේ  අම්මට යන්න වෙලා නැහැ..... ඉතින් ෆාතිමා, ඊට ගෙවල් කීපයකට එහා ගෙදරක වැඩ කරන රිස්වානා කියලා ගැණු ළමයෙක්ව කතා කරගත්තලු පහුවදා පාන්දර උයන්න උදවුවට එක්කන් යන්න!”

“කතා කරගත්තු හැටියට රිස්වානා පොරොන්දු උනාලු පාන්දර 3 වෙද්දී ෆාතිමාගේ ගෙදරට එනවා කියලා ගමන යන්න!..... එදා ඉතින් පාන්දර තුනේ ඉදලා ෆාතිමා අවශ්‍ය බඩුත් ලෑස්ති කරගෙන බලන් ඉන්නවලු රිස්වානා එනකන්!.... 3 යි 10 වගේ වෙලත් රිස්වානා නැහැලු ආවේ... රිස්වානා ගේ ගෙදර ෆාතිමාගේ ගෙදර ඉදලා ගෙවල් දහයකට වගේ එහායින් තිබුන නිසා ෆාතිමා එළියට බැහැල බැලුවාලු රිස්වානාලගේ ගෙවල් පැත්ත!....”

“එයා දැක්කලු පාරේ තියෙන ලයිට් කණුවක එළියෙන් ඇතින් කෙනෙක් එනවා වගේ!....., ඒ එන්නේ රිස්වානා තමයි කියලා හිතලා….. එයා ගේ ඇතුලට ගිහින් අරන් යන්න ඕනේ බඩු ටික අතට ගනිද්දිම දොරට තට්ටු  කරන සද්දේ ඇහුනලු!.... “මෙච්චර ඉක්මනට රිස්වානා ආවේ කොහොමද!? කියලා හිතන ගමන් ගිහින් දොර ඇරලා අනිත් පැත්ත හැරිලා ගෙනියන්න කියල දොර ගාවට කරලා තිබුන බඩු මුට්ටු ටික උස්සා ගන්න ගමන් දොරලග හිටගෙන ඉන්න රිස්වානට කිවුවලු  “මම දැක්කා ඔයා ඇතින් පාරේ එනවා! දුවගෙන ආවද මේ ටික?!” කියලා රිස්වානා උත්තරයක් නොදුන් නිසා තවත් කාලේ නාස්ති නොකර ෆාතිමා බඩුත් අරන් එළියට බැහැලා දෙන්නත් එක්කම ගමනට පිටත් වෙලා….!”

“යමින් ගමනුත්, ෆාතිමා අහනවලු රිස්වානාගෙන් “ඇයි පරක්කු උනේ.... අර තරම් ඉක්මනට අවේ කොහොමද...” කියලා.... රිස්වානා මුකුත්ම නොකියා ෆාතිමාට කිට්ටුවෙන්ම යනවලු පාරේ...... ටික දුරක් ගියාම ෆාතිමා ලයිට් කණුවක් යට ටිකකට නවතුනාලු මහන්සි අරින්න.... එතකොට වට පිට බලද්දිලු එයා දැක්කේ මේ තරමක් දුර තනියම කතා කර කර ඇවිල්ලා තියෙන්නේ කියලා…. රිස්වානා පේන මානෙක නැහැ කියලා....

“එයා බඩු ටික ලයිට් කනුව යටින් තියලා පාර දිගේ ආපහු ටිකක් ඇවිදන් ගිහිල්ලා බැලුවාලු රිස්වානාට කරදරයක් වෙලා මග නැවතුනා වත්ද කියලා.... ඒ පාන්දර ජාමේ කලුපාට පාර දිගට එලිය තැන් කීපයකට තිබුනේ ඈතින් ඈතින් පත්තු වෙලා තිබුන ලයිට් කණුවලින් බිමට වැටුණු රවුම් එළි විතරලු... එයා ඉදපු තැන ඉදලා බලද්දී නොපෙනෙන වංගුවක් වගේ හැරෙන තැනක් වෙනකන් එයා ගියාලු රිස්වානව හොයන්න..."

"වංගුව පහු කරද්දීම වගේ එයා දැක්කලු ඇතින් කෙනෙක් එනවා හිමිට පාර දිගේ!.....එයා හිතුවලු සමහර විට රිස්වානට මහන්සි ඇති…. ඒ නිසා එයා හිමිට එනවා ඇති…. නැත්තන් අසනීපයක් වෙන්න ඇති කියලා!.... එයා රිස්වානා ලගට එනකන්ම එතනට වෙලා හිටියලු බලාගෙන….! එයාට හිතුනලු ගොඩක් වෙලා ගියත් රිස්වානා එනවා පේනවා විතරයි ලගට එන්නේ නැහැ කියලා!”

“එයාට නිකන් අමුත්තක් වගේ දැනුන නිසා එය නැවත හැරිලා බඩු ටික බිමින් තිබ්බ ලයිට් කණුව ලගට යද්දීම එයාට දැනුනලු අර හිමිට හිමීට ඈතින් ආපු රිස්වානා එයාගේ කිට්ටුවෙන්ම ඇවිදිනවා වගේ.....! අදුරේ තමන්ට කිට්ටුවෙන් ඇවිදගෙන එන කළුවර නිසා මුහුණක් කටක් නොපෙනෙන රිස්වානා ගෙන් ෆාතිමා ඇහුවලු “අසනීපයක්ද? නැත්තන් මහන්සි වගේද!?”  කියලා..... 

"රිස්වානා මුකුත්ම නොකියා ඔලුව දෙපැත්තට වැනුවා වගේ දැකපු ෆාතිමා එහෙනම් ඉක්මනට යමුයි කියලා, ආයෙත් බඩු මලුත් උස්සගෙන ගමන යන්න පටන් ගත්තලු... එත් ෆාතිමාට හිතට හරි නැහැලු... රිස්වානට මොකක් හරි අසනීපයක් තියාගෙනත් බැ කියන්න බැරි කමට අවා වගේද දන්නේ නැති නිසා!..... එයා ඇහුවලු රිස්වානාගෙන්, “මොකද ඔයාට යන්න බැහැ වගේද?!” කියලා…... එකටත් උතරයක් නොදී ෆාතිමා එක්කම හිමිට එන රිස්වානා ගැන එවෙලේ අමුතු බයක් සැකක් වගේ අමුතු හැගීමක් ෆාතිමට ඇති උනාලු ...."

"එයාට මතක් උනාලු ගෙදරින් එළියට බැස්සත් හරි රිස්වානාගේ මුණවත් එයා දැක්කේ නැහැනේ කියලා!... ඉස්සරහට එන ලයිට් කණුවක් ලගදි හිමීට රිස්වානාගේ මුණ බලනවා කියලා හිතාගෙන අඩිය ඉක්මන් කරලා අනිත් ලයිට් කනුව ලගට ගිහින් බඩු ටික බිමින් තියද්දි දැක්කලු පාරේ තියෙන ලයිට් එළියෙන් පිටිපස්සෙන් එන රිස්වානාගේ හෙවනැල්ල පාර දිගට වැටිලා තියෙනවා!...." 

"එක පාරටම වගේ එයා දැක්කේ, හෙවනැල්ලේ  ඔලු දෙකක් තියෙනවා වගේලු!.... එයා හැරිලා බලද්දී රිස්වානා එයාගේ පිටි පස්සෙන් හිටගෙන ඉදලා..! රිස්වානාගේ මුණේ කිසිම වෙනසක් නැහැ කියලා එවෙලේ ෆාතිමා දැක්කත්, කලින් දැකපු දේ නිසා බය උනත් බය උන බවක් පෙන්නන්නේ නැතිව බඩුත් අරන් ආයෙත් යනවලු පාර දිගේ!...


රිස්වානා, ෆාතිමාට අඩි දෙක තුනක් දුරින් පාරේ මැදින් වගේ ඇවිද ගෙන ආවත් ෆාතිමට දැනුනේ රිස්වානා එයාගේ ඇගේ ගැවිගෙන ලගින්ම වගේ ඇවිදිනවා වගෙයි ලු !.... එත් එක්කම එයාට දැනුනලු එයාගේ බෙල්ලේ සීතල උන අතක් ගෑවෙනවා වගේ…..! ඒක දැනුන හැටියේම ෆාතිමා ගැස්සිලා ගිහින් හැරිලා බලද්දි එයා දැක්කලු තමන්ට අඩි කිහිපයක් දුරින් අර කට්ට කරුවලේ පෙනී නොපෙනී ඉන්න රිස්වානා දිළිසෙන ඇස් වලින් හොරෙන් වගේ එයා දිහා බලාගෙන ඉන්නවා කියලා ......!" 

"එවෙලේ නම් ෆාතිමා හොදටම බය උනත් එයා බය උන බවක් පෙන්නන්නේ නැතිව හිත බය වෙලා හින්ද දැකපු දෙයක් වෙන්න ඇති කියලා තමන්ටම කියාගෙන එයා රිස්වානාගෙන් ඇහුවලු “අද මොකද අමුතුයි වගේ... ඇයි කතා නොකරන්නේ?!” කියලා!.... එකටත් කිසි උත්තරයක් නොදීපු නිසා ෆාතිමා තීරණය කලාලු ඊලග ලයිට් කනුව යටදී රිස්වානාගෙන් උත්තර ලබා ගන්න මුණ දිහා බලාගෙනම!...."

"අනිත් ලයිට් කණුවට ලංවෙද්දි ෆාතිමට දැනුනලු රිස්වානා එන්නේ නැති බව එයා එක්ක!....එයා ඉක්මනට ඉක්මනට දුවගෙන වගේ ගියාලු ලයිට් කනුව යටට.... බඩු ටික බිමින් තියලා හැරිලා බලන් ඉන්නවලු රිස්වානා එනකන්!.... බලද්දී රිස්වානා අයෙත් හැරිලා යනවලු පාර දිගේ… ෆාතිමා රිස්වානව දන්නේ පොඩි කෙල්ල කාලේ ඉදන් නිසා එයට මොකක් හරි කරදරයක් වෙයි කියන බයට හිතේ කොච්චර භය තිබුනත් ෆාතිමා දුවලා වගේ ගියාලු හැරිලා යන රිස්වානා ගේ පස්සෙන්..... "

“හදිස්සියේම පාරේ එක කරුවල තැනකදී රිස්වානාව පේන්නේම නැතිව ගියාලු!..... ෆාතිමා එතනටම ගිහිල්ලා වට පිට බලද්දී දැක්කලු ටෝච් එකක් අරගෙන පිරිමි කිහිප දෙනෙක් එනවා පාරේ ඉදිරියෙන්...... එයා ඒ අය දිහාවට දුවලා ගිහිල්ලා විස්තරේ කෙටියෙන් කියලා කට්ටියම එකතු වෙලා රිස්වනවා හොයන්න අරගෙන….!”


“එහෙම රිස්වානව හොයාගෙන ආයෙත් ඇවිදගෙන ගියපු ඒ කට්ටිය ෆාතිමාගේ ගේ ළග පඩියේ ඉදලම අවසානෙට ආපු තැනට වෙනකන්ම පාරේ දිගටම ලේ බින්දු වැටිලා තියෙනවා දැක්කේ පොළොවට ටිකක් එළිය වැටුනටත් පස්සෙලු! එදා එළි වෙද්දී රිස්වනලගේ ගෙවල් කිට්ටුවම පාරේ බෝක්කුවක් යට වැටිලා තිබිලා රිස්වානාගේ මිනිය හම්බ වෙලා තියෙනවා!.... එත් කිසි කෙනෙක්ට හිතාගන්න බැරි වෙලා ඒ මිනියේ හිස නැති හේතුව මොකද්ද කියලා!" 

"ඊටත් වඩා පුදුම රිස්වානගේ කදෙන් වෙන් වුන හිස හම්බ වෙලා තියෙන්නේ ෆාතිමා පාරේ දී රිස්වානාව නැති වෙලා යනවා දැකපු තැන කාණුවක වැටිලා තියෙද්දීලු!.....”

"යාළුවගේ අම්මා ඊලග සතියෙම ලංකාවට ඇවිල්ලා හේතුව නිදාගෙන ඉන්දැද්දී එයාගේ බෙල්ල මිරිකපු හොල්මනකට බය වෙලා.... ඒ ලෙන් එකේ ගොඩක් අය සෑහෙන දවසක් භය වෙලා තිබුනලු කවුරු හරි තමන්ගේ බෙල්ල අල්ලනවා වගේ දැනිලා..."




නැවත පොස්ට් එකකින් හමු වෙමු! 


.ලි මේ කෙටි කථාව හදිස්සියේම ලියලා, හදිස්සියේම පොස්ට් කලා... දිග කතාවක් ලියමින් පවතිනවා ....  


22 comments:

  1. ෆාතිමා රිස්වානාව මරල සුදනා වෙන්න ගොතපු කතාවක් වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. හෙහෙ...මමත් මේක අහපු කතාවක් නිසා, එකත් කියන්න බැහැ!:)

      Delete
  2. එක එක පැත්තෙන් හිතන්න පුළුවන් කතාවක් මේක.. ඒත් හරියටම ඇත්ත දන්නේ කවුද??

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්,මට හිතුනා උඩම ඇනෝ කිවුවට පස්සේ, මිනිමරුමක්ද දන්නේ නැහැ කියලා....!

      Delete
  3. මටත් හිතෙන්නෙ එහෙමයි.ෆාතිමා රිස්වානාව මරල මිනී මැරුම් චෝදනාවෙන් ගැලවෙන්න ලස්සන කතාවක් ගොතන්න ඇති.මිනී මැරුම ගැන හිතේ බයෙන් ඉදිය යාළුවගෙ අම්ම රෑ හීනෙන් බයවෙන්න ඇති.බෙල්ලෙ තිබුන පාරවල් ගැන කියනව නම් එයාම එයාගෙ අත් දෙකෙන් බෙල්ල තද කරගන්න ඇති.කම්පනයක් ඇති උනාම එහෙම දෙයක් වෙන එක පුදුමයක් නෙමෙයි.ඔය හිටපු ගමන් ගෑනු ළමයින්ගෙ අතපය බෙල්ල එහෙම රෑ නින්දෙන් හූරල කියනව,ඒත් ඒක තමන් අතින්ම රෑ නින්දෙන් වෙනව කියල එයාල දන්නෙ නෑ.මොනා උනත් ඔයාගෙ කතා ටික මරු අපි ආසාවෙන් කියවනව.තව වැඩි වැඩියෙන් ලියන්න.ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... එක අතකට එක නම්, වෙන්න පුළුවන් දෙයක් වගෙයි! ඔය නියපොතු වවාගෙන ඉන්න ගැණු අයට නම්, නින්දෙන් ඇග සිරෙන ප්‍රශ්නේ තියනවා, මම හිතන්නේ... :)
      ස්තුතියි, රැදිලා ඉන්නවට මගේ කථා එක්ක! :)

      Delete
  4. හා... ඕව ලියල අපිවනං බයකොරන්න හිතුව මදි....

    ReplyDelete
    Replies
    1. හෙහෙ.. එහෙනම් බලමු ඊලග එකෙන්වත්... :)

      Delete
  5. සෑහෙන කාලෙකින් ඔයාගෙ පෝස්ට් එකක් දැක්කෙ. හොඳ කතාවක්.

    ReplyDelete
    Replies
    1. මම නම්, මේ කතාවට, එතරම් කැමති නැහැ! හදිස්සියේ ලිවුව නිසාද මන්දා!

      Delete
  6. ඔයාගේ බ්ලොග් එක විතරයි වෙනස්ම තේමාවකින් යන්නේ.සමහර දවසට ඔයාගේ පොස්ට් බාගෙට කියවල නවත්වනවා.මං රැට තනියෙන් ඔෆිස් එකේ ඉන්න බයයි.. දිගටම ලියන්න

    ජයෙන් ජය..

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර පොස්ට් වලට ඔය ලියන විදියට ඒ යක්කු හිතේ මැවෙන විදියට ලියපු පොස්ට් කියවද්ද බය හිතෙනවා.

      Delete
    2. හා! එහෙනම් මගේ වැඩේ කෙරිලා... :D

      Delete
    3. අපි බයවෙයි ඕවට. කතා කියෙව්වට පස්සෙ එළියට යන්නෙ නැත්ව නිදා ගන්නවා. (බයට නෙවෙයි.)

      ඇත්තටම ඔයා සාර්ථකයි නෙළුම්. මම කැමතිම බ්ලොග් කීපයට "maaya" අයිතියි. අපිට කියවන්න තවත් ලියන්න. සුභ පැතුම්.

      Delete
    4. එත් ගෙවල් ඇතුලෙත් හොල්මන් ඉන්නවෝ... හෙහෙ... ස්තුතියි සාගර! ... කථාවකින් නැවත හමු වෙමු! :)

      Delete
  7. පරක්කු වෙලා බැලුවේ... ම් මං මේ කල්පනා කෙරුවේ දැන් පිටරට හොල්මනුත් ‘මායා‘ වලට ඇවිල්ලා නේද කියලා...

    මේ කථාව ගැන නම් ඉතින් කටින් කට ගිය එකක් නිසා ගුණ දොස් කියන්න බෑ... කටින් කටට යද්දී එක එක වර්ෂන් නේ... ඔරිජිනල් කොපි එක ඇහුවා නම් හො‍ඳයි... හැබැයි මායා වර්ෂන් එකත් නියමයි...

    මම හිතන්නේ දැන් නෙලුම්ට කථා නැතිවුනත් බයවෙන්න දෙයක් නෑ. ගොතපු කථාවක් හරි ඇත්ත වගේ ලියන්න ඔයාට හැකියාව තියෙනවා... මම හිතන්නේ ඒ ගැනත් එක්පෙරිමෙන්ට් එකක් විදියට පෝස්ට් එකක් දැම්මොත් හොඳයි නේද ?

    හමුවෙමු දිග කථාවෙන්... (මොකද පෝස්ට් එකක් දාලා මකලා තියෙන්නේ ???)

    ReplyDelete
    Replies
    1. හා!මවලත් කතාවක් ලියල බල්ලන්න ඕනේ :D ඔයාට ස්තුතියි චතු :) (පොස්ට් මුකුත් මකලා නැතෝ...)
      නැවත හමුවෙමු කතාවකින්! :)

      Delete
    2. ‘පෙරේතයන්’ ගේ පෙරේත වැඩ! (???)

      මගේ ඩෑෂ්බෝඩ් අප්ඩේට්ස් වල තිබුනේ... !!!

      Delete
    3. හ්ම්ම්ම්... මම හිතන්නේ, බ්ලොග් අප්ඩේට් වල අවුලක් වගෙයි චතු! එක මම ලියලා, ගොඩක් කල් නේ.... (TUESDAY, DECEMBER 27, 2011)මටත් අප්ඩේට් එන්නේ පරක්කු වෙලා, ෆලෝ කරන අයගේ ... :)

      Delete
  8. අම්මියො....................බයෙත් බෑ

    ReplyDelete