Thursday, December 29, 2011

යකා අල්ලපු හැටි!


අවසාන කොටස - 01

තොවිලෙන් පස්සේ දවසෙම, නැවතත් පරණ කරදර පටන් ගැනීම වගේම, ආච්චි අම්මගේ රෝගී තත්වයේද යම් වැඩි වීමක් පෙන්නුම් කිරීම හේතුවෙන්,.අම්මගේම තීරණේ පරිදි, අපි නැවත, අපේ ගෙදර එන්න පිටත් උනා! ඊලග දවස් කිහිපයේ දීත් පෙර පරිදිම, පුංචිලගේ ගේ ඇතුලේ, තැනින් තැන සිද්ද වෙන අමුතු දේවල් වල, අඩුවීමක් නොවුණු අතර, දවසින් දෙකෙන් තත්වේ, උඩු දුවපු පිළිකාවක් වගේ පැතිරුනේ, දවස් කීපයකට පොඩි පුංචිලාට, තමන්ගේ ගෙදර වාසය, අහිමි කරමිනුයි!

රන්දිගේ තත්වේ හොද අතට හැරිලා කියලා, එයාව ගෙදර ගෙනාපු පොඩි මාමා, ඊලග දවසෙම එයාව නැවතත් රෝහල් ගත කලේ, “ගෙදර ගෙනාවම තත්වේ බරපතල උනායි කියමින්!ඒ අතරේ ලොකු මාමගේ පවුලේ අය, වාහන අනතුරකින් රෝහල් ගත වීම, ආච්චි අම්මගේ මානසික සහනයට, වැදුන ලොකුම පහර වෙමින්, බලාගත්තු අතේ බලා ගෙන ඉන්න තැනට .අම්මව පත් කලා! අවසානේ, බලන් ඉදලා බැරිම තැන .අම්මා තීරණය කලා තනියම හරි ගිහින්, අබේපාල ගුරුන්නාන්සේව, හම්බවෙලාම කතා කරලා, එන්න! 

ගුරුන්නන්න්සේ ඉන්නේ දැන් අවිස්සාවේල්ලේ කියලා, එයාගේ දුව කිවුවා! ඉතින් ඒ හැටි දුරක් නැහැනේ, අපි දෙන්න ගිහින් එමුද දුව?”.අම්මා කිවූවේ, මම අකමැති වෙයි කියලා හිතාගෙන කියලයි මට හිතුනේ! හරි යමු!” කියාගෙන, මම ඉක්මනින් ඇදුමක් දා ගෙන පහළට එද්දී අ.අම්මා ලෑස්තිවෙලා ඉදගෙනත් ඉන්නවා සාලෙට වෙලා! දුට පින් සිද්ද වෙනවා, වැඩ රාජකාරි ගොඩක් අස්සෙත්, මාව මේ ගමන එක්කන් යන්න කැමති උන එකට!” යි කියමින් ඇස දෙක පිහිදාගන, එලියට බැහැපු අ.අම්ම ගැන, මට ඇති උනේ පුදුමාකාර දුකක්!

කලින්දා රෑ පොඩි මාමාට මේ ගමන යන්න කථා කරත්, එයාගේ අකමැත්ත වැඩ රාජකාරි වලට මුවා කරලා, ප්‍රකාශ කරපු වෙලේ ඉදන්,.අම්ම හිටියේ පුදුමාකාර හිතේ දුකකින් බව මම දැක්කා! කමක් නැහැ මාමල කියන විදියට, කට්ටඩියෝ ඔක්කොම හොරු උනත්, මේ ගමනෙන්,.අම්මගේ හිතට සහනයක් වත් ලැබෙයි නේ, කියන අදහසින් මම ගමන යන්න පිටත් උනා! ගුරුන්නාන්සේගේ දුවට කතා කරමින්, පාර අහගත්තු අපි, පැය 3 කට ආසන්න  කාලයකට පස්සේ, ගුරුන්නාන්සේ ගෙදරට ගියේ, වයසක කෙනෙකුට අවශ්‍ය වන ආකාරයේ තෑගි ටිකකුත් අරගෙනයි! පරණ කුඩා වලවුවක සිරියක් තිබුන මේ ගෙදර, අපුරු නිහඩ, සුන්දරත්වයක් තිබුනා කියලා මට හිතුනා! 

අපි ගෙට ගොඩ වෙලා, වාඩි වෙලා හිටියේ, ගුරුන්නාන්සේගේ දුව තාත්තව එක්කන් එනකන් ඉන්න කියලා ගිය නිසා! විනාඩි පහළොවකට විතර පස්සේ, කන්නාඩි දාපු,හොදටම වයසට ගිය, උස සියා කෙනෙක්, දොරින් එළියට අවේ, පරිසරයේ තියෙන එළිය, අතින් මුවා කරමින්! “තාත්තට දැන්, කන් ඇහෙනවා එහෙම මදි, ටිකක් හයියෙන් කතා කරන්න!  මම තේ ටිකක් හදාගෙන එන්නම් කියමින් ගුරුන්නාන්සේගේ දුව, ගෙට යද්දී, පුටුවෙන් ටිකක් ඉස්සරහට උන අ.අම්ම, ගුරුන්නාන්සේට දෙයක් කියන්න, කට අරින කොටම වගේ, පුටුවෙන් නැගිට්ට ගුරුන්නාන්සේ,  මගේ ලගට ඇවිල්ලා, මගේ නළලට අතක් තියලා, වාහනේ දිහත් බලලා, එලියට බැස්සේ නව පණක් ලැබුන කෙනෙක් වගේ!

කෝකටත් කියලා මම එයාගේ ලගට ගියේ, වයසක කෙනෙක් නිසා, හදිස්සියෙවත් උදවුවක්  ඕනේ උනොත් කියලා හිතලයි! මම ලගට යද්දීම අතින් සන් කරලා, මට නවතින්න කියපු ගුරුන්නාන්සේ, වාහනේ ලගට ගිහින් ඇතුල බලලා, බිමට නැවිලා වැලි අහුරක් අරගෙන කට ලගට තියාගෙන මොනවද මුමුණලා, වාහනේ වටේටම දාගෙන ගිහින්, හිනා වේගෙන ගෙට අවේ දැනට ඔහොම ඉදපු දෙන් කියාගෙනයි! ප්‍රශ්න ගොඩක් ඔලුවට ආවත්, එකක්වත් කටින් පනින්න නොදී, බොහොම ඉවසීමෙන් මම බලන් හිටියේ, ඊළගට වෙන දේ ගැනයි!

ආ පයින්ම,ගේ ඇතුලට ගියපු ගුරුන්නාන්සේ, නුල් වගයක් අරගෙන ඇවිත් මෙහෙට අවා නම් කියලා පුටුවකින් ඉදගත්තේ, අපි දෙන්නවම ලගට කැදවමින්! මුලින් ගියපු අ.අම්මගේ අතේ නුලක් බැදලා, දෙවනුව මගේ අතෙත් නුලක් බැදලා, කොහොමද ඉස්කෝලේ හාමිනේ, අසනීපෙ දැන් හොදයිද බලන්නකෝකියමින් මගේ මුණ දිහත් බැලුවේ, අපේ කටකින්, වචනයක් එනකන් වෙන්න ඇති කියලා මට හිතුනා! මොකද්ද ඇහුවේ කියලා මට තේරුනේ නැතත්,.අම්මට නම් තේරුණා කියලා මට හිතුනේ,.අම්මගේ මුණ වෙනස් වෙලා ගියපු නිසා!

ඔව් ගුරුනාන්සේ, මගේ ඇගේ අමාරුව කොහෙන් ගියද කියලා නැහැ! ඔක්කොටම වඩා  හිතට සනීපයි වගේ කියමින් පුටුවකට වැටුණු ආ.අම්මා, ඇහැට ආපු කදුළු හොරෙන් වගේ පිහ දාද්දි, කොයි තරම් වයසට ගියත්, ගුරුන්නාන්සේගේ සිහි බුද්ධිය නම් තරුණයි කියල, ඉස්කෝලේ හාමිනේ කියපු එකෙන්ම මට තේරුණා! ආ ගිය විස්තර කතා කරද්දී, ගුරුන්නාන්සේගේ දුව තේ ගෙනාවේ මේ අම්මා වෙන්න ඇති, කලින් දාකත් මට කතා කලේ කියමිනුයි ඔව් යයි ආ.අම්මා උත්තර බදිද්දී... “තාත්තාට මම විස්තරේ කිවුවා, එත් කොහෙද, ලෙඩ වැඩි උනාම තාත්තාට ගමන් බිමන් යන්න බැහැනේ!” කියමින්

තාමත් කරදරයි ?” අහද්දීම, ගුරුන්නාන්සේ, වාහනේ පෙන්නමින් කියනවා, ඔය ඉන්නේ එක්කෙනෙක්, එක්කගෙනත් ඇවිත්! හැබැයි  එයාගෙන් නම්, ලොකු කරදරයක් වෙන්න විදියක් නැහැ! මොකද උනේ කියලා මට කියන්න යි කියමින් කථාව පටන් ගන්න අවසර ලැබෙද්දී, .අම්මා නිහඩ උනයින්, උන දේවල් පැවසීම මට බාර උනා! සද්දෙන් කතා කරමින් විස්තර කරපු  කතාව අවසානයේදී, මගේ උගුර ලෙලි ගිහින් වගේයි මට දැනුනේ! පවත්වපු කතාවට, ලැබුණු තෑග්ගට නම් මම අදත් සතුටු වෙනවා! ගුරුන්නන්න්සේ කියපු දේවල් වලින්, හිතන්න වත් බය පැත්තක්, නිරාවරණය උනේ, මට ගොඩක් දේවල්, හිතන්න ඉතිරි කරමින්!

කලාතුරකින්, පෙර කරපු බලවත් කුසලයක බලයෙන්, බලවත් ආත්ම බවට, පත් වෙන පෙරේතයෝ, මේ වගේ දුෂ්ඨ වැඩ කරනවා! ඔය බලවත් උන ආත්ම වලට පුළුවන්, එක එක අවතාර විදියට පෙන්න එන්න! සත්ව වේශ විතරක් නෙවෙයි, මනුස්ස වේශේකින් උනත් මිනිස්සුන්ට පෙන්න ආපු වෙලාවල් තියෙනවා! අපි ඔහේ ජිවත් උනාට, අපිට නොපෙනන කිදාහක් දෙනා, අපිත් එක්ක ජිවත් වෙනවද, ගැවසෙනවද! යක්ෂ පෙරේතයෝ විතරක් නෙවෙයි, දෙවි දේවතාවුනුත් ගැවසෙනවා මිනිස්සු අතරේ, විවිධ වෙස් අරන්! 

එයාලගේ වේගවත් ගමන නිසයි, මිනිස්සුන්ට නොපෙනෙන්නේ අකුසල් ශක්තිය පෙරට අවාමයි, යක්ෂ පෙරේතයන්ටත් වෙලාවක් ලැබෙන්නේ මනුස්ස හිතට රිංගා ගන්න!”
අනතුරක් කියලා දුර තියාම දැනුනම, අපේ හිත බය වෙනවා, ඇහැ, කණ, ශරීරය සීරුවෙන් තියනවා, අවස්ථාවට මුණ දෙන්න! ඒ වගේ වෙලාවට මනස තුනී වෙනවා! ඇහැ, කණ වෙනදට වඩා පේනවා, ඇහෙනවා.... එතකොට තමයි නොපෙනෙන අයත් පෙන්නේ! මානසික රෝග කියලා, අහක් කරන්න පුළුවන් දේවල් තියෙනවා හාමිනේඑත් ඒ ගොඩට දාන්න බැරි කොටසකුත් තියෙනවා

හාමිනේගේ පුතාල, ඉගෙන ගත්තු දේවල් වලින් වැහිලා ඉන්නේඅධ්‍යාත්මික නොවෙන හැම ඉගැන්විමක්ම,හැම විෂයක්ම, තවත් කෙනෙක් කියපු දෙයක්, අවබෝධ කරපු දෙයක් කටින් කට පැවතිලා ඇවිත් ශාස්ත්‍රයක් බවට පත් වෙලා! අවසානේ ඒ ඔක්කොම දාලා අනිත් ලෝකෙට ගොඩ වෙද්දී, තමයි මතක් වෙන්නේ, අපි නොදන්නා තවත් දේවල් මේ ලෝකේ තිබිලා කියලා එතකොට ඉතින් ඒවා අවබෝධ කරන්න, පරක්කු වැඩි නෙව!” යි කථාව අවසන් කරලා, කහින්න ගත්තු ගුරුන්නාන්සේ, නැවතත් කතාව ආරම්භ කලේ, 

හොදයි දැන් පොඩි පුතාගේ දරුවා, ඉස්පිරිතාලෙද තාමත් යි අහද්දී, ආ.අම්මා කිවුවේ   “ඔව් පෙරෙයිදා, ගෙදර ගෙනල්ලා, අයෙත් අමාරු වෙලා අරන් ගියා නේ කියලායි! ඒ දරුවාව ගෙන්න ගන්න පුළුවන් වෙයිද ගෙදරට ලගදිකොන් ඉතුරු කරලා, වැඩක් කරලා  වැඩක් නැහැ! මට දෙපාරක් තුන්පාරක්, එන්න යන්න විදියක් නැහැ, මගේ දවසත් දැන් ලගයි කියලා මට හිතෙන්නේ! ඉතින් හාමිනේට පුළුවන් නම්, ඒ දරුවවයි, අනිත් ලොකු දරුවොයි, පොඩි ඇයො ටිකයි එක්කාසු කරලා ,ගෙදර තියාගන්න, එක දවසකට, මම එන්නම්, මේ වැඩේ ඉවරයක් කරලා දෙන්න!” යි ගුරුන්නාන්සේ කිවුවේ, සැරෙන් සැරේ ඇති උන, වියලි කැස්සක් අතරිනුයි! 

හොදයි! එහෙමනම් ගුරුන්නාන්සේට ඉක්මනටම දවසක් කියන්නම් කෝ මම යි අ.අම්මා    කියද්දී, හොදයි එහෙනම් කියල නැගිට්ට ගුරුන්නාන්සේ, ගෙට ගිහින් පොඩි දුබුරු පාට කුප්පියක් ගෙනත්, මගේ අතින් තිබ්බේ, මේක වාහනේ ඇතුලේම තියාගන්න! දුට වාහනේ යද්දී බයක් දැනුනොත්, මේකෙන් බින්දුවක් නළලේ ගාගන්න කියමිනුයි! අපිට ඔහොම ඉන්න කියලා එළියට ගියපු ගුරුන්නාන්සේ, වැලි ටිකක් අරන් මතුරලා වාහනේ, වහලෙට දැම්මේ, මගේ ඉඩම කොනකවත් ඉදලා අහු වෙන්න එපා යි සද්දෙන් කියමිනුයි!

වාහනේ ලගට අපි යද්දී ගුරුන්නාන්සේ කියනවා මේ තෑගි ගෙනාපු හන්දියේ, කඩේ ලග අයෙත් නවතින්න එපා! කෙලින්ම ගෙදර යන්න...!” ඒ ඇයි කියලා අහන්න හිතට ආවත්, කැහ කැහ ගෙට යන ගුරුන්නස්සේව දැක්කම, එක අමතක කරලා දැම්මේ, මෙතරම් අමාරුවෙන් හරි, අපි එක්ක කථා කරපු එකත්, කොච්චරක් වටිනවද කියලා හිතමිනුයි! ටික දුරක් නිශ්ශබ්දව වාහනේ ඉදිරියට ඇදෙද්දී,  .අම්මා කියනවා..., දුගේ සීයාගේ, අයියාගේ යාලුවෙක් නේ ඔය ගුරුන්නාන්සේ! දුවට මතකද, දුලා චුටි කාලේ ඒ සියා ආවා අපේ ගෙදර ආරක්ෂාවක් කරන්න, දුගේ සියා එක්ක...මතක නැතිව ඇති මගේ හිතේ! මාව මුණ ගැහිලා තියෙන්නේ එක වතාවයි!...

මම හිතුවේ නෑ අදුන්නලා දෙනකන් අදුන ගනීවි කියලවත් මාව! බලන්න ඉතින් අපිට වඩා කල්පනාව තියෙනවනේ!” මගේ පොඩි දවස් වල මතක අතරින්, මතකයේ රැදුණු මුණක් උන ඒ ගුරුන්නාන්සේගේ මුණ, අද වනතුරුත් ඒ විදියටම මතකයේ තියෙනවා යයි, මම කියන්න ගියේ නැත්තේ,වීදුරුවෙන් එලිය බලාගෙන, කල්පනාවකට වැටුන,.අම්මට බාධාවක් වෙන නිසයි! නිශ්ශබ්දවම මම ඉතිරි මුළු දුරම අවේ, ගුරුන්නාන්සේගේ වචන මතකයේ තැම්පත් කරගන්න, කියපු දේවල් නැවත නැවත මතක් කර ගනිමිනුයි! වාහනෙන් බහිද්දී,.අම්ම කිවුවේ, මාමලාව කැමති කරවා ගන්න එක තමයි, දැන් ප්‍රශ්නේ වෙන්නේ කියලයි!

ඒ කිවුවත් වගේ පොඩි මාමා එක හෙළාම විරුද්ධ වෙද්දී, ලොකු මාමා, අනතුරෙන් උන තුවාල හොද උන ගමන්, ලංකාවෙන් යනවා යි කියමින්, තවත් කට්ටඩියෝ නම් අවශ්‍ය නැති බව තරයේම කියා සිටියා! දැන් මොකද්ද කරන්නේ අ.අම්මා බලාගත්තු අත බලාගෙන ඉන්නවා.. රෑට කෑවෙත් නැහැ! ඒ මදිවට .අම්මා, කවදාවත් නැතිව කාමරේ දොරත් වහගෙන! මට හීනියට වගේ අමුතු බයක් ඇති උනත්, අ.අම්මගේ හිත හදන්න, මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න, සුදුසුම වෙලාවක් බව මතකෙට ආවයින්, මම ලොකු මාමට කෝල් එකක් දීලා, විස්තරේ බොහොම බැරෑරුම් කරලා කිවුවා!

අනිත් පැත්තට පොඩි මාමාටත් කෝල් කරලා එයාට, ඊට වඩා බැරෑරුම් කරලා කිවුවා! “.අම්මා දවල්ට කෑවෙත් නැහැ, රෑට කෑවෙත් නැහැ, ඒ මදිවට හවස ඉදලම කාමරේට ගිහින් දොර ලොක් කරගෙන ඉන්නවා, තට්ටු  කලාට අරින්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ කියලා දෙන්නවම හොදටම බය කරලා තිබ්බා!.අම්මට කාමරේ ලගට ගිහින් කතා කලාම එයා දොර ඇරියා... මාමල දෙන්න දැන් එන බවත්, තොවිලේ කරන්න දෙන්නව කැමති කරවා ගන්න, කරන්න ඕනේ දේවල් කියලා දීලා, කාමරේට වෙලා දොර වහගෙන ඉන්න කියලා, මම සාලෙට වෙලා හිටියා මාමලා එනකන්!

වැඩියෙන්ම බය කරපු කෙනා ඉක්මනට ආවා... ආපු ගමන් කඩාගෙන බිදගෙන අ.අම්මගේ කාමරේ ගාවට ගිය පොඩි මාමා, අම්මේ මේ දොර අරින්න කියලා සද්දෙන් කිවුවා! .අම්මා සද්දයක් නැහැ! ඒ අතරේම ලොකු මාමාත් ආවා... මොකද්ද අම්මේ, මේ කරන විකාර වැඩ, පොඩි ළමයි වගේ! කෝ එන්න, එන්න එළියට කියාගෙන එයත් දොර ගාවට ගිහින් තට්ටු කරන්න ගත්තා! ම්හු!.අම්මා සද්දයක් වත් නැහැ! තවත් පැය කාලක් වගේ යන්න ඇති! 

හයියෙන් දොරට ගහපු පොඩි මාමා, මම කඩනවා, දොර ඇරියේ නැත්තන් දැන්ම!” කියලා කියද්දී, ලොකු මාමා, පොඩි මාමාට බනින්න ගත්තා, මෝඩයෙක් වගේ කෑනොගහ ඉන්නවා!
අම්මාගේ, හිත රිදිලා නේ ඉන්නේ!” කියලා පොඩි මාමාවත් කථා කරගෙන... පැත්තකට ගියපු ලොකු මාමා, පැය කාලක් වගේ කළ කතාවකට පස්සේ, දොර ලගට ගිහින් කියනවා, හරි, හරි! දැන් එන්න අම්මේ එළියට! අපි ඒ තොවිලෙත් කරමු එහෙනම් කියලා! ටිකක් වෙලා ගියා, ම්හු.අම්මා සද්දයක් වත් නැහැ! එතකොටම පොඩි මාමා කියනවා හරි අම්මේ දැන් ඇති මේ සෙල්ලම! අම්මා කැමති දෙයක් කරමු! දැන් හොද අම්මා වගේ එළියට එන්නකෝ, පින් සිද්ධ වෙයි!” කියලා බිදුණු හඩකින් කියද්දීම වගේ, .අම්මාගේ කාමරේ දොර අරුණා!

ලොකු උනත්, පොඩි උනත්, දරුවෝ කවදත් දරුවොම තමයි, කියලා මට හිතුනේ, මාමලා දෙන්නම අ.අම්මව බදාගෙන ටිකක් වෙලා හිටපු නිසයි! ඒ අස්සේ පොඩි මාමා හොරෙන් අඩනවා මම බලාගෙනඅ.අම්මත් අඩනවා මන් දිහා බලලා හිනා වෙන ගමන්! ඇස් කදුලෙන් තෙත් උනත්, දෙමාපිය දරුවෝ අතරේ සෙනෙහස වර්ධනය කරවීම ගැන, අමුතු සතුටක්, දුක අස්සෙන් මගේ හිතට කාන්දු වෙනවා වගේ දැනුනා මට! නොදැනුවත්වම සැනසුම් සුසුමක් වැටෙද්දී, මට හිතුනේ හරි දැන් ඒ නඩුවත් ඉවරයි නේ කියලයි!

කිසිම කෙනෙක් ඉන්න තැනින්, හෙලවෙන්න වත් එපා!”


යකා අල්ලපු හැටි ඊලග කොටසින්!

නැවතත් කථාවකින් හමු වෙමු!!! 

22 comments:

Anonymous said...

dear,ada mamai mulinma comment karanne.hamadama mama me kathawa enakal bala bala inne iwasillak nathiwa.ikmanata anith kotasuth danna.ane katawa iawara unoth nam dukai hugaaaaaaak.e tharamma rasawath widiyata oya liyanawa (NH)

Dakshina said...

හයියෝ... ඊළඟ එකත් ඉක්මණට දාන්න.... මේක කියවලා ඉවර වෙනකම් නොඉවසිල්ලෙන් ඉන්නේ...

Nelum said...

@ Anony: බොහොම ස්තුතියි! :) අද්භූත අනුදැකීම් ලියන්න ඉන්නේ ඉදිරියට, ඒවත් කියවල බලන්න එන්න හොදේද,,, මගේ ලිවිල්ලේ හොද නරකවත් දැන ගන්න ඉන්නේ ඔයාලා විතරයි! :)

@ Dakshina:හරි! හෙට අනිද්දම ඒකත් දානවා! :)

Charitha said...

මේ වගේ දක්ෂ ගුරුන්නාන්සෙලා අදටත් අපි අතරෙ ඉන්න එක ගැන සන්තෝෂයි. වාහනේ හිටියෙ කවුද? ඒ අවතාර ගැන විස්තර / වාහනේ නවත්තන්න එපා කිව්වෙ ඇයි? ආදිය පස්සෙ දවසක වත් ගුරුන්නාන්සෙගෙන් ඇහුවෙ නැද්ද? ඇහුව නම් ඒ විස්තර අපිටත් කියන්න.

අසරණයා said...

දැන් නම මේ කථා ඔක්කොම ඉක්මනට කියවන්න ඕනේ.හැමදාම එනවා මේවා කියවන්න.

Nelum said...

@ Charitha: චරිත, අබේපාල ගුරුන්නාන්සේ සියා අවුරුදු 82 ක් ආයුෂ ගෙවලා, 2011 ජනවාරි 23 වෙනිදා අවසන් ගමන් ගියා! හ්ම්ම්ම් ඔයාගේ ප්‍රශ්න කීපයකට උත්තර ඊලග කතාවේ ඇතුලත් හොදේ!

@ අසරණයා: පැමිණීම සතුටක්!:)

ඔබ නොදු‍ටු ලොවක් said...

අද රෑට නිදාගෙන ඉවරයි !!!!

බට්ටි said...

ඔයා ඉවරයී කිව්වට මේ තව හොල්මනක් ගැන ලියන්න පටන් ගෙනනේ. අලුත් පින්තූරෙට වඩා කලින් එක හැඩයිද මන්දා?

pubudu said...

ikmanata ituru ekath dannaooooooooo....asai kiyawanna..jaya wewa oyata

Nelum said...

@ ඔබ නොදු‍ටු ලොවක්: ඔය පැත්තෙත් හොල්මනක් කැරකෙනවද? :)

@ බට්ටි: නැ බට්ටි,මේ ඔක්කොම එකම කතාවක කොටස්! එකේ අවසාන කොටස් කීපය තමයි මේ යන්නේ!අප්‍රසන්නම පින්තුර වලින් වඩා ප්‍රසන්න කීපයක් තමයි ඔය දාල තියෙන්නෙත්! :)

@ pubudu: ස්තුතියි පුබුදු! ඉක්මනට දාන්නම් ඊලග එක! :)

pubudu said...

mama hithanne batti nelum kiyanne oyage profile picture eka gana..ow kalin eka hodai mata nam :P

Nelum said...

@ pubudu: හ්ම්ම්ම් පුබුදු නම් දෙක පැටලවිලද මන්ද!

මම profile pic වෙනස් කලේ,කලින් pic එක එපා වෙලා වගේ ගිය නිසයි... මේකත් තව ටික දවසකින් මාරු කරන්න ඕනේ! :)

pubudu said...

hik hik kamak na oya wenas une nane :P

Nelum said...

@ pubudu: එකනේ! :D

my7 said...

lassanayi nelum kathawa nam marama gathi! attha ano kiyanawa wage iwara wena eka dukayi me kathawa! :( mage kathawa hamba una neda balanna wisthara athida kiyala kathawak liyanna.

oyata subha aluth awuruddak wewa kiyala pathanawa!

Nelum said...

@ my7: ස්තුතියි! :) මම කියෙවුවා ඒ කතාව! විස්තර නම් මදි වගේ කියලයි මට හිතුනේ, මොකද කෑම අඩු වීම හෝ නැති වීම, පෙරේතයෙක්ගේම වැඩක් කියලා ඔප්පු කරගත්තේ කොහොමද කියලා අවසානයක් දාලා නැති එක අඩුවක්!මට ඒ ටිකත් ලියලා එවන්න හොදේ!

ඔයාටත් සුභම සුභ නව වසරකට අසිරි වේවා!

vikum said...

wow this blog is supperrrr.i mean it, keep it up!

Nelum said...

@ vikum: thank u vikum! i will! :)

my7 said...

ow ne. mama katha liyanna danne naha any.:) mama e okkoma wisthara atiwa ammagen ahala oyata mail ekak dannam ok.

Nelum said...

@ my7: hari! :)

Sammani said...

මම අද මුල සිට මේ දක්වා සියලු හොල්මන් ලිපි ටික කියෙව්වා.... බොහොම් ලස්සනට ලියල තියෙනවා.. මටනම් හිතාගන්න බැහැ ඔයාල කොහොමද ඔච්චර දේවල් වෙද්දි දරාගෙන හිටියෙ කියල... අනික අපිනම් පොඩ්ඩක් හරි හිත බයවෙන දෙයක් වුනොත් කෙලින්ම වැඩිහිටියෙක් ලග මිස තනියෙම කාමරයක ඉන්නෙනම් නෑ කොහොමටවත්............. අනික එව්ව වීඩියො කරන්නත් ගිහින් ....... ඔයා එඩිතරයි නෙලුම්... අපොයි මේ සම්මානිනම් මේ ටික බලලත් දැන් බයවෙල ඉන්නෙ ....

Nelum said...

@ Sammani: හ්ම්ම් මම චුටිම කාලේ ඉදලා තනියම තමයි නිදගතේ! ඒ නිසා බය උනත්,ඒක පුරුද්ද නිසා ගානක් නැහැ වගේ මට!හෙහෙ මේක මතක් කර කර ලියන්න ගිහිල්ලා මමත් බය වෙනවා මේ දවස් වල හිටු කියලා... ඇති යන්තම් අදින් ඉවරයි මේක!(අවසාන කොටස අද දානවා) :)