Tuesday, December 20, 2011

හොල්මනක් එක්ක ගමනක්!

අහඹුද! අද්භුතද?! 3 කොටස 
10:45 යි වෙලාව පහළට යන්න, සෝපානයට ගොඩ වෙද්දීත් මගේ ඔලුවේ  කැරකුණේ, .අම්මා කියපු දේ “බය නැහැ නේද තනියම ගෙදර යන්න?!” ඇත්තටම බය නැද්ද තනියම ගෙදර යන්න!? රන්දිලගේ ගෙදරදී මොකද්ද උනේ ඇත්තටම! බය වැඩි කමට උන දෙයක් වෙන්න ඇති! කලන්තේ දාන්න තරම් බයක්? .අම්මත් හොල්මනක් දැක්ක එක! දැන් ඇති! ඔවා දැන් වෙලා ඉවරයි නේ!

හිතයි’, මමයි අතරේ උන දෙබස, බලෙන් නවත්තපු මම, අවසාන මහළට සැපත් උන සෝපානයේ දොරින් එළියට එද්දිම, සෝපානයේ ඉදපු තවත් කෙනෙක් මගේ පිටිපස්සෙන් එළියට ආව බව මට දැනුනේ, දකුණු අතට ලාවට වගේ වැදීගෙන ගිය හුළං පාරක් නිසයි! වට පිටාව ගැනවත් සිහියක් නැතිවනේ යන්නේ යි මටම බැන ගනිමින්, සිහියෙන් යන්න ඕනේ යි හිතාගෙන වාහනේට ගොඩ උන මම ගෙදර යන්න පිටත් උනා!

යන පාරේම තිබුණු අක්කලාගේ ගෙදරට ගිහින්, බල්ලෝ දෙන්නත් බලාගෙනම යනවා කියලා හිතාගෙන... යමින් ගමන් අක්කලාගේ ගෙදරටත් ගොඩ උනා! බල්ලන්ව නාවල, සනීපෙට නට නටා ඉන්නවා, වත්ත පුරාම... මාව දැක්කම එකපාරටම මියට පිම්බා වගේ නිශ්ශබ්ද උන බල්ලෝ ටික, මගේ දිහා බලන් ඉන්නේ ඇයි කියලා, හිතන ගමන්ම,මම, මට කිට්ටුවම හිටපු ට්‍රිගර් ගාවට ගියේ... අනේ අනේ, එක දවසට මාව අමතක උනා නේද යි අසමින්!

ලගටම ගියාමයි මම දැක්කේ, ට්‍රිගර් ගොරවනවා කියලා! මම තව අඩියක් ඉස්සරහට තියද්දීම, සද්දෙන් ගොරවපු ට්‍රිගර්, අඩියක් ඉස්සරහට තිබ්බේ නම්, ඊලග ඇසිල්ලේ ඇගට පනින්න බලාගෙන තමයි, කියලා මට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැති එකේ... බල්ලාගේ අයිති කාරයා උනත්, මේ අවස්ථාවක් ලැබුනේ, දුවන්නයි කියලා හිත කියද්දීම, විදුලි වේගෙන් හැරුන මම නැවතුනේ වාහනේට ගිහින් දොර වහ ගෙනයි! තව තප්පරයක් එහාට මෙහාට උනානම්, බල්ලන්ගේ දත් අතරේ, මගේ අවසානය තීන්දු වෙන්නත් තිබුනා!

ඔක්කොම බල්ලෝ ටික බුරාගෙන වාහනේට කිට්ටු වෙද්දී මම හිතුවේ,මොකක් නමුත්  අස්වාභාවික දෙයක් සිද්දවෙනවා කියන එකයිගෙට ගොඩවෙන්න වත් විදියක් නැතිව ෆෝන් එකෙන්ම අක්කට යනවා කියලා, මම එන්න අවේ, හිතේ ඇති උන බයක් වගේම, අමුතුම කළ කිරීමකුත් එක්කයිසමහර විට පැටියා කාලේ ඉදන් හදපු සතා, මාව හපන්න පැන්න එකේ වේදනාව වෙන්නත් ඇති ඒ!

මොකක් නමුත් අමුත්තක් තියෙනවා කියන දේ ඔලුවේ ඉතුරු වෙද්දී, ගෙදර ගිහින්  ‘සීයාගේ ඩයරිය හොයා ගත්තු මම, මහා දොර වහගෙන එන්න හැරෙද්දීම, ගේ ලගටම  කරලා නවත්තපු වාහනේ වීදුරුවෙන් මම දැක්කේ අදුරු උස හෙවනැල්ලක්, මගේ පිටි  පස්සෙන් තියෙනවා වගෙයි! එක පාරටම දැකපු දෙයින් කරන්ට් වැදුනා වගේ එළියට පැනපු මම, ගේට්ටුව ලගටම ගිහින් හැරිලා බැලුවා!

මොකද්ද ? මම දැකපු දේ මට ෂුවර් නැති  උනත්මට යම් විශ්වාසයක් තිබුනා මම මොකක් හරිම දෙයක් දැකපු බව නම්!... බල්ලෝ බිරුවෙත්, මේ හෙවනැල්ල දැකලද දන්නේ නැහැ! සමහර විට වෙන්න ඇති!... විනාඩි  කිහිපයක් ගැහෙන හිතින් බලන් හිටිය මමගේට්ටුව ඇරගෙන එළියට බැස්සේ, අසල් වැසියෙක්ගෙන් උදවුවක් ගන්න බලාගෙන! වීරසිංහ අන්කල් මේ වෙලාවේ ගෙදර නැති එකේ, ගමගේ අන්කල් ගේ ගෙදරට ගිය මම,....ආන්ටිට කිවුවේ, වත්තේ කවුරු හරි  හිටියා දැක්ක වගේ කියලයි!.... “යන් බලන්නකියලා මුරකාරයවත් කතා කරගත්තු ආන්ටි, මාත් එක්කම ගෙදරට අවේ හොරෙක් අල්ලන්න එනවා වගේ හොරෙන්!.... මුරකාරයත් වත්ත වටේම යද්දී, මට ඕනේ උනේ  ඉක්මනින් වාහනේට නැග ගන්නයි!

කියපු බොරුව නිසා, කර කියා ගන්න දෙයක් නැතිව ඉදපු මම, අවසානේ මෙහෙම කිවුවා … “ආන්ටි මම හිතන්නේ, මම ගහක හෙවනැල්ලක් වගේ දෙයක් දැක්කද දන්නේ නැහැ... නැත්තන් මේ මහා දවාලේ හොරු එන්නේ නැහැනේ කියලා... අපෝ හොරුද! උන්ට කොහෙද දු රැයක් දවාලක්!.... පොඩ්ඩක් ඉන්නකෝ, සයිමන් වටේ ගිහින් ආපු දෙන්කෝ... බල්ලොත් නැති එකේ, ඇහැ ගහගෙනම ඉදලා පැන්නද දන්නේ නැහැනේ!” යි කියපු ඇය දොරවල් ජනෙල් වහලා නේද හොදට! අයෙත් චෙක් කරලා බලමුද ටිකක්, කෝකටත් කියලා යි අහද්දී බැ කියලත් බැරි, හා කියලත් බැරි, අමරුවකයි මම වැටුනේ... දැන් අයේ යමන්කෝ ගේ ඇතුලට... කියලා හිතමින් එහෙනම් යමුයි කියලා ආන්ටි එක්කම ගෙට ගිහින්, තවත් පැය කාලක් විතර හොදට වහලා තිබුණු ජනෙල්,දොරවල් බොරුවට චෙක් කලා!

මාව පරාවර්තනය වෙන හැම බඩුවක්ම මග අරිමින්, පිටි පස්සෙන් මොකෙක් හරි ඉන්නවා, කියන හැගීමෙන් අපහසුවෙන් ගේ වටේ යද්දී,  ඇති උන යම් අදහසක් නිසා, කෑම කාමරේ  මැද මිදුලට ඇරෙන ජනෙල් දොර, ඇරිලා කියලා පේන ගානට ඇරලා දාපු මම, ආන්ටි  එක්කම ගැවසුණේ, එයා ඒක දකිනකම්! … හොද වෙලාවටනේ දුව අපි චෙක් කලේ!  මේක ඇරලනේ! බලන්න ඉතින්!” කියාගෙන කෑම කාමරේට ගිය ආන්ටි එක්කම හානේ ඒක නේන්නම් කියලා කෑම කාමරේට දුවපු මම, එයා ජනේලේ වහනකම්, ගැස්සෙන්නබලාගෙනනම, පිටිපස්සේ බිත්තියේ එල්ලලා තියෙන කන්නාඩියෙන් බැලුවේ, මගේ  පිටිපස්සේන් ඒ චායාව තියෙනවද කියලා සැක හැර දැන ගන්න!


කිසිම දෙයක් නැහැ! මොන විකාරයක්ද මන්ද මේක නම්! හදිස්සියෙන් බැලුවොත් විතරනේ, හොල්මනුත් පෙන්නේකියලා හිතින් හිතුවේ, බොරුවට නේ බය උනේ කියලා හීනියට හිතේ ඇති උන සතුටකුත් එක්කයි! තවත් විනාඩි කීපයක් විනාස කරලා, මහා දොර ලොක් කරලා, ඔක්කොම හරි නේ,දුව යන්න දැන්!.අම්මව මතක් කලා කියන්න!”යි කියමින් මිදුලට බැහැපු ආන්ටි එක්කම, මිදුලට ආපු මට, “දු වාහනේ ගන්න, සයිමන් ගේට්ටුව වහයි…!” කියලා ආන්ටි කියද්දී  අම්මෝ ඒක නම් මේ වෙලාවේ හැටියට ලොකු උදවුවක් කියලා හිතෙන් කියලාආන්ටිට ස්තුති කරපු මම, යන්නම් කියාගෙන, හැකි වේගෙන්, මේ ගමන කෙළවරක් කරන්න, රෝහල බලා පිටත් උනා! එත් මගේ ගමන, සදහටම කෙලවර කරන්න කෙනෙක් බලන් ඉන්නවා කියලා මට හිතුනේ නැහැ!


බොරුවට හරි බය උනොත් කියලා, වාහනේ මැද කණ්නාඩිය උවමනාවෙන්ම මග  ඇරලා, පැති කණ්නාඩි ආධාරයෙන් රෝහල බලා එද්දී.... පිටි පස්සෙන් ආපු වාහනයක්, වේගෙන් යන්න, හෙඩ් ලයිට් මගින් ඉඩ ඉල්ලන්න ගත්තායින්, එකට ඉඩ දෙන්න  හිතාගෙන, වාහනේ වමට කර ගනිද්දීම වගේ, මට දැනුනේ, අමුතු හුළගක් වගේ දෙයක් ඇගේ වැදිලා,  ඇග හිරිවැටිගෙන ගිහින්, ලෝකෙම කරකැවෙනවා වගේ! හරියටම රන්දිලගේ ගෙදරදී උන දේ වගේමයි!

සියලුම දේවල් වල සමබරතාවය නැතිවෙලා ගිහින්, මාවත් ඇදගෙන මුළු ලෝකෙම ඇල වෙලා යනවා වගේ දැනෙද්දී, ඇතින් පෙන අමුතු දෙයක් වගේ මට යාන්තමට පෙනුනා මම ඉන්නේ වාහනේ ඇතුලේ කියලා! ඒ වෙද්දීත් සුක්කානම අත ඇරිලා ගිහින්, වේගේ වැඩි වෙලා, පැත්තකට ඇද වේගෙන ඉදිරියට ඇදෙන, වාහනේ ඇතුලේ, මම ඉදගෙන හිටියේ, පණ තියෙන රූකඩයක් වගේ!

ජිවිතේ බේරගන්න කොයි වෙලෙත් ඉස්සර වෙන මොළය මේක නවත්තන්න”, මේක නවත්තන්න එක දිගටම ඔලුවෙන් දෙන සිග්නල් එකට, මගේ අවසාන මොහොත පෙනී පෙනී, එකපාරටම වගේ, ඇහැ කණ ශරීරය අවනත වෙලා ලැබුණු ඒ අවස්ථාවෙන්ම, මම, හෑන්ඩ් බ්රේක් එක ඇද්දේ, මහා සද්දෙකුත් එක්ක වාහනේ, පාරෙන් පිට පනිද්දීම වගේ! දශම ගානකින්, එදා දවසට, දෙවෙනි පාරට, මගේ ජිවිතේ බේරා ගත්ත මට, එවෙලේ මේ මළ හොල්මනත් එක්ක අවේ යක්ෂ කේන්තියක්! අසාමාන්‍ය ශක්තියක් ඇග පුරාම දුවද්දී, ඇග ගැහීගෙන එන කේන්තියත් ඇදගෙන, මොන මගුලක්ද මේ!” කියාගෙන, තප්පර ගානකින් වාහනෙන් බැස්ස මම, වේගෙන් පිටි පස්සේ දොර ඇරියේ, හොල්මනක් හිටියොත් බෙල්ලෙන් අල්ලලා එළියට දාන්න තරම් කේන්තියකින්!

මොකෙක්වත් නැහැ! මට එවෙලේ ඇතිවෙලා තිබුන කේන්තියත් එක්ක, පිස්සුවෙන් වගේ වාහනේ පිටිපස්සේ සීට් එකට ඇගිල්ලක් දික් කරලා, හිටියයි කියලා හිතපු, හොල්මනට කිවුවේ අයෙත් මෙහෙම වදයක් දෙන්න ලැස්ති උනොත්, අල්ල දානවා මුහුදට, කල්පෙකට ගොඩවෙන්න බැරි වෙන්න!” කියලයි ඒ වෙද්දී හොල්මනකට දිය හැකි යයි, මම දැනගෙන හිටපු ලොකුම දඩුවම, වගේ බොළද ආකාරයකට ඉදිරිපත් කල මම, එම අද්භූත බලයට එරෙහිව, මගේ පළමු  නැගී සිටීම තහවුරු කලා! 

ඒ වෙද්දීත් එතනට ඇවිත් ඉදපු අයගෙන් කි දෙනෙක්ට, මම කියපු දේ ඇහුනද කියලා ෂුවර් නැති උනත්, සැහෙන දෙනෙක්ට ඇහෙන්න ඇති, කියලා මට හිතුනේ ඔක්කොමල වගේ කටවල් ඇරන්, පිස්සෙක් දිහා බලනවා වගේ මගේ දිහා බලන් ඉදපු නිසයි! කවුරුත් හිතන දේවල් වලට කලබල වෙන්න උවමනාවක් මට නොතිබුන නිසාම, වට පිට බලලා, මම නිසා අනතුරට පත් උන අය නැති බව, සැක හැර දැන ගෙන වාහනේ ට ගොඩ උනේ,යම් ප්‍රමාණයකට, ඒ ආපු විශාල කේන්තිය දියවේගෙන යද්දීම වගේ!

 එතකොටම ගැමුණු  අයියගෙන් කෝල් එකක්! ගත්තු ගමන් බැනගෙන බැනගෙන ගියා... මොකද්ද මොඩියේ කරන්නේ! යාපනේට ගිහිල්ලා එන්න වෙලාවනේ දැන්! අ.අම්ම බය වෙලා වටේටම කෝල් කරනවා! මම දැන් ගෙදරත් ගියා මොකද උනේ කියලා බලන්න! කියනවා කොහෙද ඉන්නේ දැන්?” ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනවා, කියන්නේ මේවට වෙන්න ඇති යි, හිත හිතම, මම ඉන්න තැන කියලා, උන දේත් සුළු විස්තරයක් කිවුවා! නෑ….! හරි ඉන්න, මම එන්නම් එක්කන් යන්න කියද්දීම මම නෑ, නෑ දැන් හරි, තව ටික දුරයි නේ, මම යන්නම්! අයියා රෑ වෙලා එන්න කියලා කතාව අවසන් කරලා, ඉක්මනින් රෝහලට ගියේ අ.අම්මව තවත් බය කරවන්න අවශ්‍ය නැති නිසා!

එතකොටත් වෙලාව 11:45 යි පැය තුනකට කිට්ටු කාලයක් ගිහිල්ලා,ගෙදරට ගිහින් එන්න! සිද්ධ උන දේ ගැන අ.අම්මට කියනවද නැද්ද කියලා හිත හිතම කාමරේට යද්දී, දකුණු අතේ ලාවට වැදුණු හුළං රැල්ලක් නිසා මම, කවදාවත් නැති විදියට, නැවතිලාම හැරිලා බැලුවා! එවෙලේ ඕනෙම දෙකට ඔට්ටු උන හිත, මට ගෙනාවේ පුදුම ශක්තියක්... සමහර විට ඒ, අනතුර වෙලේ, ශරීරය පුරා ගලපු ඇඩ්රිනලින් වල බලය වෙන්නත් ඇති! මොකද රෑ වෙද්දී ඒ ශක්තිමත් බව දිය වෙලා ගිහින් තිබුන නිසා! 

කාමරේට යද්දීම වගේ දිලුගෙන් කෝල් එකක්! මොකද උනේ අනේ!” කියලා අහද්දීම උන දේ විස්තර කරපු මගෙන්, දිලූ ඇහුවේ ඔයා හිතන්නේ ඒ හොල්මන, රන්දිගේ ඇගට අවා වගේ ඔයාගේ ඇගටත් එන්න ඇති කියලද?”  ඒ සම්බන්දයෙන් මගේ අදහස උනේ, බය වැඩි කමට උන දෙයක්, කියන ඒක මිසක්, හොල්මනක් ඇගට පහත් වීම නම් නෙවෙයි කියලා, මම දිලුට පැහැදිලි කලා...! හේතුව හොල්මනකට බය උනත්, ඇගට ආවා කිවුවම, එතැනදී හොල්මනකට  'මම පරාද උනා' කියලා එන හැගීමට, මම අකමැති වීම නිසා, මම එහෙම කිවුවා කියලයි මට හිතෙන්නේ!

දිලුගේ අදහස නම් රන්දිට උනා වගේම,මටත් හොල්මනක් වැහෙන්න ඇති කියලයි! එකට හේතුව හැටියට එයා ඉදිරිපත් කලේ අ.අම්මා දැක්ක හොල්මනේ කතාව! “අ.අම්මා අපේ අම්මට කියලා තිබුනා, එයත් රන්දිලගේ ගෙදරදී හොල්මනක් දැක්ක කියලා! ඔයා දනන්වද ඒක?” මම ඔව්, එත් එයා මට, විස්තර මුකුත්ම කිවුවේ නැහැ කියද්දී  ඔයා බිම වැටෙද්දීම තමයි අ.අම්මා ඔයාව අල්ලාගෙන තියෙන්නේ! එවෙලේ අ.අම්මා දැකලා තියෙනවා, ලා අළු පාටට වගේ, චයාවක් කොරිඩෝර් එකේ මැද ඉන්නවා! ඔයාව ඇදගෙන සාලෙට ගෙනෙද්දී, ඒ චයාව ඒක පාරටම අ.අම්මගේ මුණ ගාවටම ඇවිල්ලා හිටියලු! තප්පරයක් වගේ කාලයක් ඉදලා නොපෙනී ගිහිල්ලා!”

ඉතින් එයා හිතනවලු රන්දිට සිහිය නැති කරපු නිසා, එයාගේ ඇගෙන් එළියට ආපු හොල්මන ඔයාගේ ඇගට රිංගන්න හදන්න ඇති කියලා!” එක අහපු වෙලේ ඉදලා දිලූ එක්ක කතා කරන්නත් පිරියක් නැති උන මම, ඉක්මනින්ම කතාව අවසන් කරලා ලයින් එක කට් කලා! ඒ කතාව අහන්නේ නැතිව හිටියනම් මීට වඩා සැපයි කියලා මට හිතුනේ, හිතේ කොනකවත් නොතිබුන බයකින්, මුළු ශරිරේම වැහිලා ගියා, වගේ හැගීමක් ඇති උන නිසයි!

ඔය කියනවා වගේ, කොයි වෙලාවේ හරි, මගේ ඇගට ඔය හොල්මන රිංගයිද දන්නේ නැහැ කියලා, හිතන කොටත් ඇග සිතල වෙලා යනවා වගේ දැනුනා මට! එත් ඒක අතකට, බොරුවට බය වෙන්නේ නැතිව, එන දෙකට මුණ දෙනවා! බලමුකෝ මොකද වෙන්නේ කියලා ඉස්සරහට! කියලා හිත හදාගත්තේ, ‘හැදිලා නැති ලෙඩෙකට, බෙහෙත් බොන්න අවශ්‍ය නැති නිසා!

පැය ගානක් තිස්සේ ඉදන් අ.අම්ම, සීයාගේ ඩයරිය පිටුවෙන් පිටුව කියවලා, අරගත්තු දුරකථන ඇමතුම් තොගයකට පස්සේ, හරි අංකය හොයා ගත්තා කියලා මට හිතුනේ, යම් කෙනෙක්ව, දුරකථනය හරහා සම්බන්ධ කර ගනිමින්, එම පුද්ගලයත් එක්ක දීර්ඝ කතාවකට මුල පුරපු නිසයි! ! මේ අබේපාල ගුරුන්නාන්සේ නේද!”  

මොකෙද්ද, පෙරේතයෙක් ද.... නැහැ යක්ෂ දිෂ්ටියක් වගේ !!!

තවත් කොටසකින් හමු වෙමු! 







9 comments:

sameera said...

දැන් 11.55. මේ කථාව කියවීමට හොද කාලයක් නෙමෙයි. හෙට කියවන්න ඔනෙ. ඇත්තටම මේ වගේ කථා පෙලක් විශ්වාස කරන්නත් අමාරුයි. ඒත් මේ දේවල් වෙන්න බැරි කමකුත් නැහැ. දිගටම ලියන්න.

Salinda said...

එල එල දිගටම ලියන්න.ඉක්මනටම අනෙක් ලිපියත් ලියන්න.නැනම් අපිත් හොල්මන් වෙයි...

Nelum said...

@ sameera: වෙන්න පුළුවන් කමක් තිබුනත්,හතුරෙක්ට වත් වෙන්න එපා කියලා තමයි, මම නම් කියන්නේ!

@ Salinda: මමත් මේ දවස් ටිකේම ඉල්ලගෙන බය වෙනවා! ඉක්මනට මේක ඉවර කරන ඒක තමයි දැන් මගේ අරමුණත්!

Charitha said...

අනූ නවයෙන්නෙ බේරිලා තියෙන්නෙ. ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුලුවන් කියලා මමත් විශ්වාස කරනවා. කතාව කියවගෙන යද්දි තේරෙනෙවා ඔයාගෙ හිත ගොඩක් ශක්තිමත් කියලා. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.

Nelum said...

@ Charitha: ස්තුතියි චරිත! ඉක්මනට දාන්නම්! :)

sameera said...

ඇත්තටම බය හිතෙනව. හිතා ගන්නත් බැහැ මෙහෙම දේවල් තියනවා කිව්වම. ඒත් අවාසනාවකට ලෝකේ මේ වගේ දේවල් ඇත්තටම සිද්ධ වෙනවා කවුරු විශ්වාස කලත්,නොකලත්. මටත් මේ තරමටම ලොකු අද්දැකීම් මේ පිළිබඳව නැහැ. නමුත් යම් සිදුවිම් කිහිපයකට මුහුණ දීලා තියනවා. දිගටම ලියන්න.

අසරණයා said...

අපෝ තනියෙන් ඉද්දි මතක් උනොත්

my7 said...

meke awasane mata nam hitha gannawath baha!any ikmanata tawa post ekak danna!

Nelum said...

@ sameera: ඔව් එක ඇත්ත!ඔයා ගේ කතා ලියන්න,අපිට කියවන්න! :)

@ අසරණයා:මම නම් හිතන්නේ නැහැ ඔයා බය වෙයි කියලා!:)

@ my7: අද රැට අලුත් පොස්ට් එක දානවා! ඒ උනාට ඔයා හෙට උදේට කියවන්න! :)