Friday, December 16, 2011

අහඹුද! අත්භුතද?!?


ගිය අවුරුද්දේ අගෝස්තුව, මට නම් ඇතටම මහා එපා කරපු මාසයක්! ඒකට හේතුව ඇල්ල  ට්‍රිප් එකේ අවසානය, අත්භූත සිද්ධි ගණනාවක ආරම්භය වීම! මම ඇතුළු මගේ පවුලේ බොහෝ දෙනෙකු, මුණ දීපු ප්‍රශ්න, කරදර අස්වාභාවික ස්වභාවයක්  ගැනීම සහ මේ හැම කරදරයක්ම 'ඇල්ල ට්‍රිප් එකට' සහභාගී වුන අයට සහ ඒ පවුල් වල අයට පමණක් සිදුවීම, ඒ හැම එකක්ම ට්‍රිප් එක පස්සෙන් ආපු ප්‍රශ්න බව, සනාථ කරන බවයි මගේ හැගීම! 

කථාව දින අනුව ගත්තොත්.., 

අගෝස්තු 14 

රෑ සචි බාත්රූම් එකේ වැටිලා ඔලුව තුවාල කරගෙන! ඔලුවට මැහුමකුත් දාන්න වෙලා! සචි කියන්නෙ, එයාගේ පිටි පස්සෙන් හෙවනැල්ලක් වගේ දෙයක් තියෙනවා එයා බාත්රූම් එකේ කන්නාඩියෙන් දැක්ක කියලා! දිලූ කියනවා එක ඇත්ත වෙන්න ඇති කියලා! මොකද එයත් මේ දවස් ටිකට සැහෙන්න වතාවක් බය උනාලු කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවා වගේ දැනිලා!

ඒ අතරේ සැමන්තා වගේම, ලොකු නැන්දත් බය වෙලා තිබුනා කාමරේ ඇතුලේ කවුරු හරි හිටියා වගේ දැනිලා! ගස් වැටෙන්නේ නැවිලා තියෙන පැත්තට, කියන්නේ මේවට වෙන්න ඇති කියලයි මට හිතුනේ! වටේම ඉන්න අය බය වෙද්දී ලොකු පුංචි විතරක් සැනසීමෙන් හිටියේ... ට්‍රිප් එකෙන් අපු දා රෑම ගිහින්, ආරක්ෂාවට කියලා සුරයක් දාගත්තු නිසයි කියලා අපි දැනගත්තේ පස්සේ!
  
එහා ගෙදර බල්ලොන්ගේ වැඩෙත් ගේට්ටුව ලගට වෙලා බුරන එකමයි! වීරසිංහ අන්කල් පොළිස්‌ ලොක්කෙක් වීම, බල්ලෝ 4 ක්, යම යුද්දේ වගේ කෑගැහුවත්, මේ ලේන් එකේ ඉන්න, ගැණු, මිනිස්සුන්ට, සද්දේ මිහිරි විණා වාදනයකින් එහාට දෙයක් නොවෙනවා ඇති!

අගෝස්තු 15

රන්දිව බලලා 7 ට විතර ගෙදර එද්දී, ලාවට වගේ මම දැක්ක, පාර පැත්තට වෙන්න, මිනිහෙක් හිටන් හිටියා වගේ! හැරිලා බලද්දී කවුරුත් නැහැ! අනේ මන්ද ඇහැ රැවටෙනවද, කියලාඑදා රැ මම නිදාගන්න උඩට එද්දී නිකමට වගේ, පාර පැත්තට තියෙන ජනේලයකින් එළිය බැලුවා, පාරේ තියෙන ලයිට් එළියකින් මම දැක්කේ, කළු පාට මොකක් හරි දෙයක් ඉස්සරහ ගෙදර තාප්පේ අයිනකට වෙන්න තිබුනා වගේ, ගහක හෙවනැල්ලක් වෙන්න ඇති කියලා ඇදට ආවත්, නිකමට වගේ හිතිලා අයෙත් ගිහින් බැලුවා පාර පැත්ත ජනෙලෙකින්!
 
මම දැක්කේ, ඉස්සරහ ගෙදර තාප්පේ ගාව, කළු පොදියක් වගේ දෙයක් තියෙනවා වගේ! එක පාරටම ඔලුවට, අවේ කළු බල්ලෙක් වෙන්න ඇති කියලයි! 'කළු බල්ලෙක්' = හොල්මනක්ද!? එක පාරටම හිත ගැස්සිලා ගියා උනත්, මම ඒ ඇසිල්ලෙන්ම එළියට ගිහින්  බැලුවා! එතැන හිටියනම් එහෙම සතෙක්, ඒ සතා ඒ වෙනකොට එතන නැහැ ! විකාර, බල්ලෝ කළු උන ගමන්, ‘බලු හොල්මනක්වෙනවද!? හරියකට දැක්කා නම් තව කමක් නැහැ බය උනත්!  කියලා හිත හදාගත්තේ, පාට කන්නාඩියකින් බැලුවොත් හැම දේම පෙන්නේ ඒ පාටින් කියන්නා වගේ, බොරුවට උනත් බය වෙන්න ගත්තොත් කෙළවරක් නොවෙන නිසා! 


අගෝස්තු 16

ඊයේ බල්ලෙක් වගේ දෙයක් දැක්කා කියලා ඔලුවේ තියෙන නිසාම, උදෙන්ම ගිහින්, මගේ  බල්ලෝ දෙන්නව ගෙදර ගේනවා! එත් තව ටික දවසක් අක්කලාගේ ගෙදරම තිබ්බනම් ඉවරයි කියලා හිතුනේ,දවල් දවසෙම පාරෙ යන එන මිනිස්සුන්ට නිස්කාරනේ ගොරවන්න පටන් ගත්තු නිසයි! රෑ වෙද්දී පිස්සු හැදිලා වගේ, ඩෑෂ් ගේ වටේ දුවද්දී, ට්‍රිගර් ගේට්ටුව ලගට වෙලා ගොරව ගොරව හිටියේ මොකටද බලන්න මම එළියට ගියා...

මට ඇහුනා එහා ගෙදර බල්ලොත් බුරන සද්දේ! රෑ 8:40 යි වෙලාව, මේ වෙලාවට පාරේ කවුරු ඉන්නද හොරෙක් ඇරුනම! ඊයෙත් දැක්කේ හොරකමේ අපු කෙනෙක්වද දන්නේ නැහැ කියලා හිතුනත් බල්ලෝ බුරද්දී එතනම ඉන්න තරම් හොරු එඩිතර නැහැනේ, කියලා මතක් වෙලා, ඒ අදහස හිතෙන අයින් කරගෙන, ගේට්ටුවෙන් ඔලුව දාලා බැලුවා... ම්හු පෙන්න නම් කවුරුත් නැහැ!

සර්පයෙක් දැකලද දන්නේ නැහැ බුරන්නේ,  කියලා හිතලා... කෝකටත් කියලා ට්‍රිගර්ගේ පාළන මන්තරේ උන වේවැලත් අරගෙන, එයාගේ බෙල්ලට, බෙල්ට් එක දාගෙනම,ගේට්ටුව ඇරගෙන එළියට බහිද්දී, එහා ගෙදර වීරසිංහ අන්කල්, පොඩි හරක් පැටියෙක් විතර සයිස් රොජර් වත් අරන්, එළියට බැස්සා! මාත් එක්කම එළියට පැනපු ට්‍රිගර්, මහා හයියෙන් ගොරවගෙන ඉස්සරහ ගෙදර තාප්පේ දිහාවට දිවුවේ, මාවත් අදගෙනමයි! ට්‍රිගර් ගේ කාය ශක්තියට සම වෙන්න බැරිව,දෙවටයක් අතේ කරකවන් හිටිය පටියට, අල්ල කැපිගෙන යද්දී මම බෙල්ට් එක අත ඇරියා! 

රොජර්, ට්‍රිගර්ට එකතු වෙලා, දෙන්නටම ‘පිස්සු වැහිලා වගේ, හිස් තාප්පෙට බුරද්දී, අන්කල් කියනවා, “හොරෙක්ද දන්නේ නැහැ දුව, එකයි මම රෝජර්ව එළියට දැම්මේ කියලා... එක තමයි අන්කල් මමත් බැලුවේ කියලා කියද්දීම බිරිල්ල නවත්තපු බල්ලෝ දෙන්නම, පාරේ ඉදගෙන ඉස්සර බලන් හිටියේ .. දැන් හරි ඔන්න කියන්නා වගේ!

මම රෝජර්ව ටිකක් ඉස්සරහට අරන් යනවා කෝකටත්,දුව ට්‍රිගර්ව ගෙට ගන්න  කියාගෙන රොජර්ගේ පටියෙන් අල්ලගෙන, අන්කල් ඉස්සරහට ඇවිදගෙන යද්දීම, මම ට්‍රිගර්ව ගෙට ගත්තේ... ඇත්තටම හොරෙක්ද දන්නේ නැහැ කියලා හිතමින්!

මේ දවස් ටිකේම, උදේට නැගිට්ටම මතක නැති, හීනයක් පේනවා හැමදාමත් එක මොකද්ද කියලා මතක් කරලා, මතක තියාගන්න ඕනේ අද නම්, කියලා නින්දට ගියත් ඒක හැමදාමත් මතක නැති වෙලා නැගිට්ටිද්දී! 

අගෝස්තු 17

බල්ලෝ දෙන්න මොන එකකට බුරනවද මන්ද!? රෑට හරියට නිදාගන්නත් නැහැ, සද්දේ නිසා! ටික දවසක් බලලා අයෙත් ගිහින් දානවා  කියලා හිතාගෙනම, දවල් රන්දිව බලන්න ගියාරන්දිගේ හැසිරීමේ යම්කිසි අස්වාභාවික ගතියක් තිබුනා කියලයි මට හිතුනේ! එයා කතා නොකෙරුවත් හොදින් සවන් දීගෙන ඉන්නවා කියලා දැනුනේ, හොරෙන් වගේ කතා කරන අය දිහා බලපු නිසා වෙන්න ඇති! එයා සිහියෙන් ඉන්නවද කියලා මට සැකයි! මොකද එයා නිශ්ශබ්දව ඉන්න කෙනෙක් නොවෙන නිසා! 

රන්දි කෑම කන එකත් අඩු කරලා කියලා, පුංචි කිවුවේ අඩ අඩා.... කොහෙද ඕගොල්ලන්ගේ මාමා දොස්තරලා පස්සේ යනවා මිසක්, නුලක් මතුරලා දාන්න වත් කැමති නැහැනේ! .... මගේ කෙල්ල දුක් විදිනවා නිකන්..... එයාට දවසක තේරෙයි දොස්තරලටත් කරන්න බැරි දේවල් මේ ලෝකේ තියෙනවා කියලා ඒ වෙද්දී පරක්කු වැඩි වෙයිද කියලයි මට බය!”

ඇත්ත, අපි විශ්වාස නොකලත් පවතින දේ පවතිනවා... අත්භූත දෙයක් උනත් ඒක අපි පිළි නොගත්ත කියලා අහෝසි වෙන්නේ නැහැ..... මාමා, මේ ගැන මැදිහත්ව හිතුවනම්, මේ ප්‍රශ්නෙන් රන්දී මෙතරම් දුක් විදින්නේ නැති වේවි කියලා මට එවෙලේ හිතුනා! 

අගෝස්තු 18

දවල් කෑම ගනිද්දීම,කෝල් එකක් අවා දිලුගෙන්... පොඩි පුන්චිවයි,මල්කිවයි බල්ලෙක් හපලලු! පාරේ යන මිනිස්සු දෙන්නෙක් ගල් වලින් ගහලලු එළවලා තියෙන්නේ බල්ලව! (ඒ වෙද්දීත්,රන්දිගේ නංගි මල්කි, හිටියේ පොඩි පුංචිලා එක්ක) පිස්සු බල්ලෙක් නම් තමයි වැඩේ! නගර සභාවෙන් එනවා කිවුවලු, බල්ලව අල්ලාගෙන යන්න! ඒ පැත්තේ මිනිස්සුත් බල්ලව හොයන්න උත්සහ කරලා තිබුනත් ඌව හොයාගන්න උනේ නැහැලු!
අ.අම්මට විස්තරේ කියද්දී මට හිතුනේ “මේ දවස් වල ඇහෙන්නෙම බලු ප්‍රශ්නද මන්දා කියලයි 


අගෝස්තු 19

හවස ආච්චි අම්ම එක්ක පන්සලට ගියේ බණක් කියවන්න දවසක් යොදාගන්න, ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න හිතා ගෙනයි! .අම්ම ලොකු හාමුදුරුවෝ එක්ක කතා කරලා එනකන් මම බුදුන් වැදලා, බෝධිය නාවන්න හිතාගෙන, කලේ පුරව ගන්න ටැප් තියෙන පැත්තට ගියා... කැලේ හරිය බලද්දී මම දැක්කා, අදුරේ තියෙන පදුරු අතරින්, දිලිසෙන රතු පාට පොඩි බෝල දෙකක් වගේ දෙයක්!

සතෙක් වෙන්න ඇති කියලා හිතලා මම එක වතුර කලයක් පුරවගෙන බෝධිය නාවලා එද්දී, බලාගෙන අවේ ඒ සතා ඉන්නවද කියලා කලින් තැනම නොවුනත් ඊට ටිකක් එහායින්, හිටියට වඩා ටිකක් තාප්පේ ලගට වෙන්න, ඒ රතුපාට බෝල දෙක තියෙනවා දැකපු නිසා මම, නිකමට වගේ ගල් කැටයක් අරගෙන, හිටපු පදුරු අතරට ගැහුවා, ඌව බය කරන්න හිතාගෙන! පුදුමේ කියන්නේ ඌ හෙල්ලුනේවත් නැහැ!

තව ගල් කැටයක් අරන් එල්ල කරලා ඌටම වදින්න ගැහුවා! හරියටම සතාටම වැදුනත් ඌ නෙවෙයි එක දශමයක් හෙල්ලුනේ! " මු යකෙක් නේ" කියලා, කියවුනා මට! වචනාර්ථය’, බය එක්කන් ඔලුවට එද්දිම වගේ, මම කලේ තියලා ඉක්මනට බුදු ගේ පැත්තට අවා!

මේ සිද්ධියට කිසිම සම්බන්දයක් නැති උනත්, හිතේ සැකේට එවෙලේම මම කෝල් කලා දිලුට! mc එකෙන් ඇවිත් අර බල්ලව අල්ලන් ගියාද ඇහුවම, දිලූ කිවුවේ, ඒ මිනිස්සුන්ට බල්ලව හොයා ගන්න බැරි උන බවයි!.... ඒ සතාව දැකපු කෙනෙක් වත් හොයාගන්න ඉදලා නැහැ කියපු දිලූ, කතාව අවසන් කලේ එකත් මාර වැඩක් තමයි කියමින්! 

.අම්ම සැප්තැම්බර් 5 වෙනිදට, පිරිතකට දින යොදාගෙන!ගෙදර එන්න පිටත් වෙද්දී, මට හිතුනේ, සතෙක් ද කියලවත් නොදැන, නොදැක බොරුවට බය උනා කියලයි!

" නෙලුම් ඔයාට, දැකලා බය වෙන්නත් දවසක් එනවා ලගදීම!"

ඉතුරු ටික දෙවෙනි කොටසින් බලාපොරොත්තු  වන්න  

නැවත හමු වෙමු!   

17 comments:

lahirucc said...

ඔය ඉටින්.. ආයේ හිටපන්කෝ මාසයක් ඒ ටික අහන්න..

Nelum said...

@ lahirucc :නැ හෙට දානවා ඒ කොටස :)

my7 said...

niyamai... ithuru tikath ikkmanata ony!

Nelum said...

@ my7: හරි! :)

Charitha said...

ඉතුරු ටිකත් හෙටම දාන්න. ඒක නෙවෙයි රෑ තනියම ට්‍රිගර් එක්ක එලියට යද්දි බය හිතුනෙ නැද්ද?

Nelum said...

@ Charitha: මේක පුද්ගලික පාරක් චරිත... අවුරුදු කිහිපයයකට කලින් මේ පළාතේ සැහෙන්න හොරකන් සිද්ධ උනා! ඒ නිසාම දැන් 'නිකරුනේ ගැවසීම තහනම්'! ඉතින් බය වෙනවනම් හොල්මනකටම තමයි! එත් ඉතින් හොරු නම් ෂුවර් නැහැ තමයි...! හොරු ආපු කථාත් දාන්නම් බ්ලොග් එකේ ඉස්සරහට, කියවලා බලන්නකෝ....! :)

පූසා said...

හොල්මන්, යක්කු... තව නොයෙක් නොයෙක් අද්භූත දේවල් තියනවා.... හොහෙද දන්නවද තියෙන්නේ? ඒවා තියෙන්නේ අපේ හිතේ... අපේ හිතේ තියෙන දේවල් තමයි අපිට පේන්නේ, අපිව භය කරන්නේ....

ආ... තව දෙයක් "අත්භූත" නෙමෙයි හරි වචනේ "අද්භූත"

මම නම් ඔය අද්භූත දේවල් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි!

Nelum said...

@ පූසා: ස්තුතියි වචනේ වැරැද්ද පෙන්නලා දීම ගැන :)
පුස්, මිනිස්සුන්ගේ විශ්වාසය නිසාවත්, අවිශ්වාසය නිසා වත්, වෙනස් නොවෙන දේවල් මේ ලෝකේ තියෙනවා! ඒ මොන දේ උනත්, මම නම් පුද්ගලිකව කැමති, මැදිහත් සිතින් ඉන්නයි! ඔයා කියන දේ හරි! 'මනස' තමයි වෙලාවකට මිනිස්සුන්ගේ ලොකුම හතුරා!

Anonymous said...

@ pusa: ඔය කියන විදියට බැලුවොත් බුදු පිරිතක් වත් ඇත්ත කියලා ගන්න බැනේ! පිරිතේ මුල තියෙන දෙවි දේවතාවුන් වැඩිය කථා හරිම අද්භුතයි නේ!එතකොට ජාතක කථා අම්මෝ ඊටත් වඩා අද්භුතයි නේ! ඇත්තයි කියලා දෙයක් නැ දැන් බලද්දී ඔක්කොම හිතේ මැවුණු ඒවා නේ!

පූසා said...

ඇනෝ : බුදු හාමුදුරුවෝ පිරිත් කියලා යක්කු වැහුනු අයව සුවපත් කළා කියලා කොහේ හරි සඳහන් වෙලා තියෙනවද?

මගේ මතය මෙහෙමයි. බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්ශණය හරිම අපූරුයි. ඒ හන්දා වෙන්න ඇති අයින්ස්ටයින් වගේ උගතුන් පවා කියලා තියෙන්නේ "If there is any religion that would cope with modern scientific needs it would be Buddhism" කියලා.
ඒත් බෞද්ධ දර්ශණය ඔය සාහිත්‍යයත් එක්ක එකතු වෙන්න මිනිස්සු එයාලගේ හිතේ තියෙන දේවල්, වගේම වෙනත් ආගම් වල තිබ්බ විශ්වාස ඒකට එබ්බුවා කියලයි මං හිතන්නේ. අවුරුදු ගානකට පස්සේ දැන් තියෙන්නේ සෑහෙන්න කස්ටමයිස් වෙච්චි "ආගමක්". ඒ නිසයි දැන් මිනිස්සු බෝධි පූජා තියන්නේ පිරිත් නූල් බඳින්නේ. දැන් මිනිස්සු යන්නේ අද්භූත දේවල් පස්සේ, බලි තොයිල් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පස්සේ යන්නේ. අරවා මේවා මවලා පෙන්නන මැජික් කාරයෝ පස්සේ. සෝවාන් වෙලා කියන හාමුදුරු වරු පස්සේ! :)

(ආයෙමත් කියන්නම්.. මේ අද්භූතයි කියන දේවල් ගැන තියෙන "මගේ මතය")
නෙළුම් මේ ලියන දේවල් මං විශ්වාස නොකළට කියවනවා. එයා කුතුහලය ඉතුරු කරලා අපූරුවට කතාව ලියනවා. ඒ ලියවිල්ලටයි මං කැමති. :)

Nelum said...

@ පූසා: තමන්ගේ ගේ මතය තමන්ගේ අයතිය! ස්තුතියි පුස් :)

Anonymous said...

@ pusa: එතකොට රතන සුත්‍රය දේශනා කලේ යක්ෂයෝ පෙරේතයෝ ඇතුළු තුන් බිය නැති කරන්න නෙවෙයිද! එතකොට බුදුරැස්! පස්මහ බැලුම් බලපු තැන ඉදලම සාහිත්‍ය වෙන්න ඇති තියෙන්නේ,මතේ පුසගේ ඔලුවටම ගහලා!

පූසා said...

ඇනෝ : ඔන්න ඔය විදිහ වැරදි වැටහීම් නිසා තමයි මිනිස්සු අද්භූත කියන දේවල් පස්සේ යන්නේ සහ ඒවා විශ්වාස කරන්නේ! ඔය ප්‍රශ්නෙට බොහොම පැහැදිලි පිළීතුරක් මෙතන තියෙනවා http://pbad.blogspot.com/2011/05/blog-post_21.html

අපේ මිනිස්සු මේ අද්භූත කියන දේවල් වලට කොච්චර මුලා වෙලාද කියලා බලන්න ඕනෙනම් යන්න සෝමාවතිය චෛත්‍යයට. එතනදි slow shutter speed එකෙන් ගත්තු පොටෝ වලට සහ තව එළිය අඩු වැඩි වීම් නිසා වෙනස් වීම් ඇති වෙච්ච පොටෝ වලට, දෙවියෝ වැඩලා කියලා හිතාගෙන වඳීන මිනිස්සු බලාගන්න පුළුවන්. (මම එතනට ගිය වෙලාවේ දැනුම් තේරුම් තිබ්බ එක අංකල් කෙනෙක්ට මගේ කැමරාවෙන් පොටෝ එකක් අරං පෙන්නලාම කාරණේ පැහැදිලි කරලා දුන්නා :D)

මේ දේවල් ගැන ඔබත් එක්ක තව දුරටත් තර්ක කරන්න කැමැත්තක් නෑ. විවිධ අයට විවිධ මත තියෙනවා අපි හැමෝගෙම මත වලට ගරු කරන්න ඕනේ.

කොහොම උනත් මේ දෙවියෝ, භූතයෝ, යක්කු, විශ්ම කර්ම වැඩ කරන අය(සායි බබා වගේ) ගැන පර්යේක්ෂණ කරලා ලියවිච්චි පොත් පත් තියෙනවා. පුළුවන්නම් හොයාගෙන කියවන්න :)

pubudu said...

anam manam walin wadak naha...piliganna nopiliganna eka thamange wadak..kohoma unath mama piligannawa..niyamata iwara karala thiyanawa kathawa..jayawewa

Nelum said...

@ pubudu: ස්තුතියි පුබුදු! :)

Dedunu Dhananjaya said...

ela pattama quality

Nelum said...

@ Dedunu: ස්තුතියි! :)