Friday, December 23, 2011

හොල්මන් ගෙදරක නිවාඩුවක්! 2 කොටස…

අහඹුද! අද්භුතද?!?  5 කොටස
අගෝස්තු 24 

ආච්චි අම්මල උදේ පාන්දරම පන්සලට එක්කන් ගිය සෑම් ව, පාන්දර 5 පහුවෙද්දී එක්කන් අවා! සෑම් ගේ මුණ, වේලිච්ච කොළයක් වගේ පාණ්ඩු පාට වෙලා ගිහින්! හිමිට එයා එක්ක ටිකක් කථා කරන්න ඕනේ, කියලා හිතන ගමන් මම එයා ළගින් වාඩි උනේ, අ.අම්මට කියලා පිරිත් නුලක් බන්දගන්නත් එක්කයි! අ.අම්මා, සාලේ ඉදපු අපි ඔක්කොමලට, පන්සලින් ගෙනාපු පිරිත් නුල් බදිද්දී, මම දැක්කේ එළියේ, බාප්පා එක්ක, තවත් කෙනෙක් කථා කර කර ඉන්නවා! සුදු සරමක් ඇදලා, ලා පාට කමිසයක් ඇදගත්තු, තට්ට හිසක් ඇති ඒ කෙනා ගෙට අවේ, මිදුලේ මල් ගහක් මුලට, බුලත් කෙළ පාරක් ගහමිනුයි!

හ්ම්ම් ගේ ඇතුලේ ඉන්නවා තමයි, බලවත් ආත්මයක්! අපි කවුද මේ කියලා බලලාම, පටන් ගමු යි කියලා, ගේ වටේ ඇවිද්ද ඒ මනුස්සයා කට්ටඩියෙක් කියලා බැලු බැලමට පෙන්නේ නැහැ කියලයි මට හිතුනේ! සීයාගේ යාලුවෙක් වෙච්ච, අබේපාල කියන ගුරුන්නාන්සේ, වයසක කෙනෙක් උනත්, පිරිසිදු පෙනුමක් තිබුණ, මහා අමුතු ගාම්භීර කමක් මුණේ තිබුණ, තෙත් උන කරුණාවන්ත ඇස් දෙකක් තිබුණ කෙනෙක් විදියටයි මගේ මතකයේ තියෙන්නේ ! ඒත් මේ කට්ටඩි කෙනාගේ තිබුණ ලොකුම වෙනස තිබුනේ, ඇස් දෙකේ කියලයි මට හිතුනේ! ඒ ඇස් වල හැගීමක් නැති, වෙළුන ගතියට අමතරව, උකුසු බැල්ම නම් අඩුවක් නැතිවම තිබුණා!

අහු මුළු දිහා බල බල, ගේ වටේ යමින්, හැම කෙනාගේම දිහා, ඔලුවේ ඉදන් කකුල් වලටම බලමින්, ගිය චාරිකාව නිමා කලේ, සාලේ පුටුවකට වැටේමිනුයි! “එහෙනම් අපි යමු! ගිහින් කරන්න ඕනේ දේවල් සාස්තරයකින් බලලම ඉමු!” යි කියලා, චිත්‍රා පිළිගන්වපු උණු තේ ඒක, බීගෙන බීගෙන ගියේ ගානක් වත් නැතිව, සමහර විට කාලයක් බුලත් කලා, කටේ ස්නායු මැරිලා ගිහින් වෙන්න ඇති කියලයි මට හිතුනේ! පොඩි බාප්පා, ලොකු මාමා සහ පොඩි පුංචි, කට්ටඩි තැන එක්ක යන්න යන්න ලෑස්ති වෙද්දී, අ.අම්මා කාමරේ දී පුංචිට කිවුවේ, “අනේ මන්ද ළමයෝ, මේ මනුස්සයව නම් මට එතරම් අල්ලන්නේ නැහැ!

යක්කු, පෙරේතයෝ එක්ක හැප්පෙන මිනිස්සු නේ, ඒ නිසා වෙන්න ඇති! අබේපාල ගුරුන්නාන්සේ එනකන් ඉන්න විදියකුත් නැහැ... හ්ම්ම් එහෙනම් ගිහිල්ල එන්නකෝ, මේක මෙතනින් කෙළවරක් කරගමු, තව පරක්කු නොකර යි කියලා ඇය පහළට බැස්සේ, ලොකු මාමට කථා කරමින්! උදේ කෑම අහවර කරපු අපි, සාලේ පුටුවලට වෙලා පොත් කියවන්න උනේ, මේ වෙලාවේ සෙල්ලන් කරන්න බැරි නිසා! සෑම් සගරාවක් අරගෙන, පින්තුර විතරක් බලමින්, උඩින්  පල්ලෙන් පෙරළන් යද්දී, මම ගිහින්, සෑම් ළගින් ඉදගත්තේ, එයා එක්ක මේ පාරවත්, කථා කරන්න බලාගෙන! 

ඒක ඉවෙන් වගේ දැනගත්තු දිලුත්, ටක් ගලා ඇවිත්, මගේ එහා පැත්තෙන් වාඩි උනේ, අපේ සතර කන් මන්ත්‍රණය, දෙකෙන් වැඩි කරමින්! දැන් කොහොමද ඔයාට!” යි අහල කතාව පටන් ගත්තු මගේ, ඊලග ප්‍රශ්නේ දන්න නිසාම, සෑම් අහන්න කලින්ම එකටත් උතරයක් දුන්නා! දැන් හොදයි වගේ, අනේ මන්ද මොකක් උනාද කියලා, මට මතක නැහැ සිහිය එනකන්ම උනේ මොකද්ද කියලා!” යි සෑම්  කියද්දී, මම ඇහුවේ ඔයාට මොනාද මතක තියෙන්නේ කියලයි! හ්ම්ම් මට මතක ෆෝන් ඒක, කාමරේ පැත්තට අල්ලාගෙන පස්සට අවා..., ඊළගට නිකන් ඇස් පෙන්නේ නැතිව ගියා වගේ මට දැනුනේ! සුළියකට අහු වෙලා වගේ, කරකැවිල්ලක් තිබුණා වගේ මතකයි! සිහිය එද්දී ඇත්තටම මට අදුන ගන්න බැරි උනා කිසි කෙනෙක්ව! හරියට වෙන කෙනෙක් මගේ ඇස් වලින් බලනවා වගේ හැගීමක්, ගතියක් තිබුනේ එවෙලේ! හරි අමුතුයි ඒක!” යි කියලා, මගෙන් ඇහුවේ ඔයා මොනාද දැක්කේ, අන්තිමට!” කියලයි... 

මම කිවුවා, මම දැකපු දේ, සහ මට උන දේ... එතකොට දිලූ කියනවා... බාප්පල පාන්දර පහළට වෙලා කථා කරනවා, මම අහගෙන හිටියා හොරෙන්!, අපේ තාත්තා දැකලා තිබුණා, කලුපාට මොකක් හරි දෙයක් සෑම්ගේ ඇගේ වදිනවා!  එවෙලේ දැකපු දේ, එයාට විස්වාස කරන්න බැරි උනා ලු! අනික, ළමයි දැකලා තියෙන්නේ බොරු නෙවෙයි කියලත් කිවුවා... එතකොට මම ඇහුවේ ෆෝන් එකේ වීඩියෝ කිල්ප් ඒක ගැන මුකුත් කිවුවද කියලයි... නැහැ ඒ ගැන මුකුත් කිවුවේ නැහැ! මෙහෙම කිවුවා අයියලත් දැක්කනේ කියලා, හැබැයි , ෆෝන් ක්ලිප් ඒක ගැනද දන්නේ නැහැ!” 

සමහර විට ඒක ගැන වෙන්නත් පුළුවන්, මට හිතුනා එවෙලේ! මට නම් දැන් ඉන්නත් බයයි කොහෙවත්, තනියම ඉද්දි ඔහොම දෙයක් උනොත් මැරිලා ඉදියි කියලයි මට හිතෙන්නේ... යි සෑම් කියද්දී, ඒක පාරටම අතීතයට දුවපු මගේ හිතට පෙනුනේ, රන්දි හීනෙන් ඇවිදලා ,මල්කිගේ අත හපපු දවසේ, රන්දි කියපු දේ මට නිදාගන්න බයයි! නිදාගත්තොත් අයෙත් ඇහැරෙන්න වෙන්නේ නැති වෙයි කියලා, මට හිතෙනවා!”…  ඇත්තටම රන්දිගේ සිහිය නැතිකරලම දාපු මේ හොල්මන, දැන් අපෙන් එකෙගේ පැත්තට හැරෙන්නයි යන්නේ කියලයි, මට එවෙලේ හිතුනේ! දවල් වෙනකන් අමාරුවෙන් දවස ගත කරපු අපි කාමරේට ගියේ පොඩ්ඩක් නිදාගන්නවා කියලා හිතාගෙන! පැයක් විතර යද්දී කට්ටියම හොදටම නිදි!

අපි දොර ඇරගෙන නිදාගෙන ඉදපු ඒ කාමරේට, කොරිඩෝර් එකේ කෙලවරේ තියෙන අ.අම්මගේ කාමරේ පේනවා! මොන හේතුවක් නිසාද මන්දා, හීනෙන් වගේ ඇහැ ඇරලා, ඇහි පිහාටු අස්සෙන් බලද්දී මම දැක්කේ, ඒ කාමරේ දොර ගාව ඉදලා කෙනක් මැත් උනා වගේ! කල්පනාවකින් තොරව මම බලාගෙනම  හිටියා ඒ දිහා,.. ඒක පාරටම, පැහැදිලිවම, පෙනුන ඒ කළු පාට චායව, මම දැක්කේ තප්පරෙකට! මට දැනුනේ ඒ සුළු මොහොතේ ඒ චායව මගේ දිහා බලන් ඉන්නවා වගේ! මුළු ඇගේම හිරිගඩු පිපෙද්දී, දුන්නක් කෙලින් වෙනවා වගේ, මම ඇදේ ඉදගත්තා! 

ගැහෙන හිතින් ඇදෙන් බැස්ස මම, කාමරේ දොර ගාවට ගිහින් හිත දැඩි කරගෙන, හිමිට ගාටන්න ඉන්නේ නැතිව, වෙඩි තිබ්බා වගේ දුවලා ගියා අ.අමම්ගේ කාමරේට... අ.අම්ම හොදින්! සැනසුම් සුසුමක් හෙලලා ඉවර කරන්න හම්බ උනේ නැහැ, සචිගේ, උච්ච අ ස්වරේ  කන් බිරිකරවාගෙන එද්දී, අ.අම්ම බයවෙලා ඇදෙන් නැගිටින්න ගිහින්, තව ටිකෙන් වැටෙනවා! එයාව ඇදෙන් ඉන්දවලා ඕනේ දෙයක් වෙද්දෙන්, කියලා අයෙත් දිවුවා, දිලුලගේ කාමරේට! නිදියන් ඉදපු ඔක්කොමල ඇහැරිලා, දිලූ දිවුවේ මම වතුර එකක් ගේන්නම් කියාගෙන! මම ඇද එහා පැත්තට යද්දී සෑම් බිම වැටිලා, කරන්ට් වැදිලා වගේ ගැහෙනවා!
ඇස් උඩ ගිහිල්ලා! අ.අම්ම එක්කම කාමරේට ආපු දිලුගේ අතින්, වතුර ටිකක් අරන්, සෑම්ගේ මුණට ගැහුවත් හරි යන්නේ නැහැ වගේ! දෙයියනේ මටත් රන්දිලගේ ගෙදරදී, මෙහෙම තමයි වෙන්න ඇති වෙන්න ඇත්තේ! මේක නම් හරිම භයානකයි කියලා හිතෙද්දි, මම දිලුට කිවුවා මාමාට කෝල් කරලා කියන්න ඉක්මනට කියලා

එකපාරටම ගැස්ස්ම නවතිද්දී, සෑම් ඇස් ඇරියේ මුකුත්ම නොවුණු ගානට! වට පිට වත් නොබලා නැගිටලා ගිහින් ඇදෙන් ඉදගත්තේ, හරිම අමුතු විදියකට! ඇහි පිල්ලමක් වත් නොගහ ඇදේ ඉදගෙන, කෙලින් බලන් ඉන්න සෑම් දිහා, මම බලන් හිටියේ, ඊළගට කරන්න ඕනේ දේ, තප්පර ගානක් යනකන් සිහියට එන්නේ නැතිව තිබුන නිසා! සෑම් දිහා බලන් ඉන්නත් බයයි වගේ! සෑම් ඇස් ඇරගෙන හිටියත් එයා ඉන්නේ නම් හොද සිහියෙන් නෙවෙයි කියලයි මට හිතුනේ! ඔරවාගෙන වගේ,ඇදේ ඉදගෙන අපි දිහා බලන් හිටියේ කෙන්තියෙන්ද, බයෙන්ද කියලා මට හිතාගන්න බැරි උනා!

සචි හිමිට ඇදෙන් බැහැලා එළියට යද්දී, මට තේරුනේ එයා සෑම්ගේ පෙනුමට බය වෙලා කියලයි! මම අ.අම්ම ලගට ගිහින්, හොරෙන් වගේ ඇහුවේ, මොකද දන්නේ නැහැ වෙලා තියෙන්නේ කියලා අ.අම්මා ඇහෙන නැහෙන ගානට, මට කිවුවේ එදා දුවට උන දේම තමයි! වෙනසකට තියෙන්නේ,දුගේ ඇගට ඇතුල් උනාට එකාට ඉන්න බැරි උනා වැඩි වෙලා, එත් දැන් සමැන්තාගේ ඇගට ඒකා රිංගලයි කියලයි මට හිතෙන්නේ! බලමුකෝ, දැන් කට්ටඩි තැනව එක්ක ගෙන එවිනේ!” කියලයි 

තවත් පැය බාගයක් විතර ගිය තැන, කට්ටඩි තැන රැගත් වාහනේ මිදුලට සේන්දු උනා! කාමරේට ආපු ඒ කට්ටඩි තැන, පැය බාගයක් විතර නුලකට මතුරලා, සෑම්ගේ අතේ බැන්ද! දැන් හරි යයි, නිදි කරවන්න කියලා අද හෙටම පිලියමක් කරන්න වෙයි! සාත්තරෙටත් කියවුණා වගේ,මේ මළ ගිය ප්‍රාණ කාරයට බිල්ලක් ගන්න උවමනාවක් තියෙන හැඩයි! අදම පටන් අරගත්තා නම් හොදයි!”  කියද්දී ලොකු මාමා හරි මේක ඉවරයක් කරලා දාමු එහෙනම් කියලා ඔක්කොම එක්ක එළියට ගියේ, මේ කරන්න හදන වැඩේ කතා කරගන්න!

දවල් කෑමෙන් පස්සේ කුඩා තොවිලයකට වගේ පුන්චිලගේ ගේ ලෑස්ති වෙද්දී, සෑම්ට සිහිය ඇවිත් තිබුනත්, එයා කේන්තියකින් වගේ ඉන්නවා කියලයි මම දැක්කේ! සාලේ පුටුවක ඉදගෙන ඒක එල්ලයක් බලාගෙන ඉදපු සෑම් දිහා, කට්ටඩි තැන සහ එයාගේ ගෝලයෝ 3 දෙනාත් බල බල යනවා මම බලාගෙන! දෙකින් එකක් වෙයි නේ අද කියන දේ, හැමෝගෙම හිත්වල තිබුන අදහසක් කියලා මට හිතුනා!

හවස 5 පහුවෙද්දී, දිලුලගේ කාමරේට දාලා හවස ඉදන් වහල තිබුන, කෑම එකේ සුවද, ගෙදර ඉදපු පෙරේතයා කාලයි කියලා, කියපු කට්ටඩි තැන, එකෙන් ඔප්පු වෙනවා, ගෙදර දුෂ්ඨ ආත්ම තියෙනවා කියන එක, පැහැදිලි කරමින්, පටන් ගත්තු කුඩා තොවිලේ.... මන්තර, දුම්මල, ගිනි දළු, සුවද දුම් මැදින් රෑ 12 විතර වෙනකන් ඇදෙද්දී,… විශේෂයි කියලා මට හිතුන දෙකට උනේ, රැ 11 ට ලං වෙද්දී,  ගේ මැද පැදුරක් එලලා, ඒ මත දිගා උන කට්ටඩි තැන ගේ, බඩ උඩින් ලොකු පුහුල් ගෙඩියක් සමබර කරලා තියලා, එයාගෙම පුතා විසින් මන්තරයක් අවසානයේ, දෑත බදලා කඩුවකින් පුහුලට ගැසීම! පුහුල දෙබෑ වෙලා දෙපැත්තට වැටෙද්දී, අසිහියෙන් වගේ නැගිට ගත්තු කට්ටඩි තැන, දෙහි ගෙඩි 3 ක් අරගෙන ගෙඩිය ගානේ, ගිරයකට තද කරගෙන, සෑම්ගේ ඔලුවේ ඉදලා කකුල් දෙකටම, දෙහි ගෙඩි තුනම, තුන් වරක් අතුල්ලගෙන ගිහින්, කකුල් ලගදි ගිරය තද කරලා, කැපෙන දෙහි ගෙඩි වතුර එකකට දැමීම! මුළු පැය ගානට උණුසුම්ම අවස්ථාවකට තිබුනේ ඒ ටික කියලයි මට හිතුනේ!

මොනා උනත් සැම්ට ගුණයක් තිබුනා කියලා මට හිතුනා! ඊට අමතරව ඒ දෙහි සාත්තුව පවුලේ හැමෝටම කරලා, පාන්දර ජාමේ, පෙරේතයින්ට කියලා හදලා තිබුණු, කෑම වර්ග එකතු කරලා තැම්පත් කරලා තිබුන, ගොක් කොළ තට්ටුව සහ කුකුලේක්ගේ කරමලේන් ගත්තු ලේ ගාපු කොලයක්, බිත්තරයක්, කරවල ජාති වගේ දේවල් තියලා, හදලා තිබුණු තවත් ගොක් කොළ තට්ටුවක්, පෙරේතයින් ගැවසෙනවා කියන, තුන්මන් හන්දියකට, ගෙනිහින් දාලා ඇවිත්, ආරක්ෂාවට කියලා මුට්ටි කිහිපයක් ගේ පුරාම කොන් වල එල්ලලා, ඉඩමේ හැම කොනකම තවත් මුට්ටි වගයක් වළලලා, දැන් ආරක්ෂාවයි කියලා කියපු කට්ටඩි තැන, වැඩ ඉවර කරද්දී පාන්දර 4 ත් පහු වෙලා! 

කට්ටඩි තැනගේ ගාස්තුව ගෙවපු ලොකු මාමාට, එයාගේ ෆෝන් නම්බර් එක දුන්නේ, අයෙත් උවමනා උනොත් කතා කරන්න කියලයි! ඊට අමතරව මට දැනගන්න ලැබුන පරිදි, එදා රෑ පෙරේත තට්ටු එළියට අරන් ගිය කාලය තුලදී, රෑ දොළහට කනත්තේ, වලක් ඇතුලේ දිගා වෙලාත්, මේ කට්ටඩි තැන පුහුලක් කැපුවා කියන එක සහ ඒ පුහුල ලේ රතු පාටින් තිබුන කියලා පොඩි බාප්පා දැක්කයි කියන එක! කොහොමින් හරි කමක් නැහැ, මේ මළ කරදරේ ඉවර වෙන  එක නම් ලොකු දෙයක් කියලයි මට හිතුනේ! 

එළබෙන දවස අනෙක් මිනිස්සුන්ට වගේ, සාමාන්‍ය වේවි කියන හැගීමෙන් ඇස් වහගත්ත මම, කිසිම නරක හීනයක් නොදැක, පැය කීපයක නින්දක නිදා ගත්තේ, අලුත උපන් පොඩි දරුවෙක් වගේ සැහැල්ලුවෙන්! අපිට දවස් කිහිපයකට හරි සැනසීමක් දුන්න එකට, නම් ඒ 'හොර කට්ටඩියට' පින් සිද්දවෙනවා හැබැයි!


තාවකාලිකව එලවපු යකා වෙනුවට, ගෙන්වපු පෙරේතයෝ ගැන ඊලග කතාවෙන් කියවන්න!

නැවත කථාවකින් හමු වෙමු!!!            

14 comments:

Charitha said...

"හොර කට්ටඩියා"....... ඇයි එහෙම කිව්වේ? ඉතුරු ටිකත් ලියන්න. ඒක නෙවෙයි. මේ දේවල් සිද්ධ උණේ කොළඹ පළාතෙද? නැත්නම් ලංකාවේ වෙනත් පළාතකද? මොකද මේ වගේ සිද්ධි කොළඹ හා ආසන්න ප්‍රෙද්ශ වල සිද්ධ වෙනවා අඩු නිසා.

Nelum said...

@ Charitha: මේවා ඔක්කොම උනේ බත්තරමුල්ල, නාවල, තලවතුගොඩ සහ කොහුවල කියන පළාත් වල චරිත!ඉදිරි පොස්ට් වල බලන්නකෝ කොහොමද කට්ටඩියා තක්කඩියෙක් උනේ කියලා!

sameera said...

හපොයි !!!! වැඩි දුරක නෙමෙයි එහෙනම්. මටත් බයයි දැන් නිදා ගන්න.ඇත්තට දැන් ඉන්න කට්ටඩියො ගොඩක්ම බොරු තමයි කරන්නෙ. මම හිතුවා දැන්වත් මේ කරදරෙන් සහනයක් ලැබෙයි කියලා. දැන් තවත් ඒක වැඩි වෙලා වගේ. නමුත් කට්ටඩියාට මුකුත් කියන්න බැහැ එයා එයාගෙ උපරිමෙන් කලා වෙන්න පුලුවන්. නමුත් මේ බලවේගය පරාජය කරන්න් තරම් ඒ බලය මදි වුනා වෙන්නත් පුලුවන්.

සජීව විජේවීර said...

ඉතිරි ටික ලියනකම් අපි බලාගෙන ඉන්නවා........

Nelum said...

@ sameera:මේ කට්ටදි කෙනාගේ නම දන්නා බැරි උනානේ මට ... මේ මනුස්සයා කිත්සිරි කියලා කෙනෙක්! එයාට මේ කළු චයාවේ බලවේගේ යටපත් කරන්න විතරයි පුළුවන් කම තිබුනේ,එක නවත්තන්න තරම් එයාගේ දැනුම මදි උනා ඇත්තටම! අනික ඒ මනුස්සයා කලේ වවාගෙන කෑමක් සමීර, එකත් පෙරේතයෝ ලවුවා! ඉදිරියේදී මම කියන්නම් උන දේවල් හැම එකක්ම! ඔය කට්ටඩි පෙරේතයන්ට හපන්! හැබැයි මම ඔය කියලා තියෙන මගේ සීයාගේ යාලුවෙක් කියන කෙනා, අබේපාල කියන ගුරුන්නාන්සේ ( මේ අවුරුද්දේ මුල නැති උනා, අවුරුදු 82 ක් ඉදලා) නම් ,එක පාරෙන්ම තිත තිබ්බා ඔක්කොම හොල්මන් වලට! එයා කරපු දේවල් බලන්නකෝ ඉදිරියේදී!

@ සජීව: හරි සජීව, ඉක්මනින් ඉක්මනින් දාන්නම්කො! :)

my7 said...

goda dawasakin enna une me patthe! ithuru tika denakan inne mamath kiywanna! :)

Anonymous said...

dear, oyage alla trip eka gana thiyana post eke dala thiyana 4to eka gaththe kauda? eke inna 3 ndena kauda? eka edit kala ekakda?

Anonymous said...

dear, e 4to eka attama ekak neda? oya nam pothak liyannama ona,mamai kiyanne liyannama ona ok.pudumaaakara hakiyawak thiyanawa oyata.. me illima mama oyagen illana deweni wathawa dear sis... (Him)

Nelum said...

@ my7: පැමිණීම සතුටක්!:) ඉක්මනින් අනිත් කොටස් පළකරන්නම්!

Nelum said...

@ Anony: එක එඩිට් කරපු එකක්ද කියන්න ඇතටම මම දන්නේ නැහැ! ඒ ඔක්කොම ෆොටෝස් මට මේල් එකකින් අපුවා වගයක්!අර 'ඇල්ල උඩ හොල්මනක් ඉන්නවා' කියන පොස්ට් එකේ පළවෙනි ෆොටෝ එක නම් මම දැකපු මේ කළු පාට චයාවට ගොඩක් සමානයි!

@ Anony: අපේ ට්‍රිප් එකේ එක ෆොටෝ එකක්වත් හොල්මනක් කැප්චර් වෙලා තිබුනේ නැහැ! අපිට පළවෙනි දවසේ ඇරුනම, ෆොටෝස් ගන්න උනෙත් නැහැ, ඇත්තම කියනවනම්, ඒ ට්‍රිප් එකේදී!
පොතක් ලියන එක ගැන, ඇත්තටම මම හිතලා බලන්න පොරොන්දු වෙනවා ඔයාට! :)

දිලුෂ නුවන් said...

බුදු අම්මෝ මේ දවස් වල හොල්මනුත් එක්ක වගේ ගණුදෙනු
මායා එන්නත් බයයි දැන්. හික්ස්!

Nelum said...

@ දිලුෂ: බයෙන් හරි ආපු එක සතුටක්! :)

Dhanuka said...

ඇත්තටම හොද blog එකක් .ඒකාකාරි බව මකා ගන්න මේක හොද තැනක්.......දිගටම ලියන්න ඔබට ජය!

Nelum said...

ස්තුතියි! :)