Tuesday, December 27, 2011

‘පෙරේතයන්’ ගේ පෙරේත වැඩ!


ලොකු නෝනා... පහළට ඇවිත් බලන්නකෝ වෙලා තියෙන දේ! අනේ ඉක්මනට එන්න!” චිත්‍රා පඩි පෙළ මුල ඉදන් කරන කෑගැහිල්ලට, අහල පහළ ගෙවල් වල මිනිස්සුත් ඇහැරෙන්න ඇති කියලා මට හිතුනා! "අයියෝ.. මොකද අනේ, චිත්‍රා උදෙන්ම ඝාන්ටරේ ගහන්නේ" කියමින්, නැගිට ගත්තු දිලූ, හිමිට තවත් මොනාද මුමුණ මුමුණ බාත්රූම් එකට ගියේ කේන්තියෙන් වගේ! උදේ 5:40 යි වෙලාව! මොකද්ද දන්නේ නැහැ වෙලා තියෙන්නේ... යි හිතමින් ඇදෙන් බැහැ ගත්තු මම, මුණ කට හෝදගෙන පහළට බැස්සේ, කුස්සිය පැත්තෙන් ඇහෙන ඝෝෂාව මොකක් නිසාද කියලා බලන්න!



ආච්චි අම්මයි, පුංචියි, චිත්‍රායි තුන්දෙනාම, කුස්සියේ සද්දෙන් සාකච්චාවක්! කුස්සියේ පොළොවේ හැම තැනම කුණු විසිරිලා ගිහින්! “මේ මොකද, මේ! කියාගෙන කුස්සියට ගියපු මට, පුංචි කිවුවේ, “ඊයේ රෑ එළියෙන් තියපු කුණු බැග් ටික මේ කියලයි! “සතෙක් ඇදන් ආවද දන්නේ නැහැ නේ, දැන් ඉතින් කතා කර කර ඉන්නේ නැතිව, මේ ටික සුද්ද කරලා දාලා,  කුස්සිය හෝදලා දාන්න චිත්‍රා කියාගෙන කුස්සියෙන් එළියට ගිය අ.අම්මා එක්කම එලියට ආපු මමත්, උඩට ගියේ, අපි කට්ටිය zoo එකට යන්න කථාකරගෙන තිබුන නිසා, එකට ලෑස්ති වෙන්න බලාගෙන!

කලින් කථා කරගත්තු පරිදි මගට ඇවිත් ඉදපු, මගේ යාලුවෝ දෙන්න වත් දාගෙන, අපි zoo එකට යද්දී උදේ 9 යි! කාලෙකට පස්සේ විනෝදෙන් හවස් වෙනකන් කාලේ ගෙවපු අපි, හවස zoo එක වහනකන්ම ඇවිදලා, එළියට අවේ කකුල් පණ නැතිව! රෑටත් එළියෙනම කලා 7 වෙද්දී යාලුවෝ දෙන්නව බස්සන්න පිටත් උනා! අමලිව බස්සන්න, හොකන්දරටම ගිහින් එද්දී, කට්ටියගේ බලවත් ඉල්ලීම පරිදි, වැව පාරෙන් යමුයි කියලා... ඒ පාරට දාගත්ත! හදවතේ තරම්, සැගවිය හැකි වෙනත් තැනක් නැහැ කියන්නා වගේ සගවල තිබුන බය, කොයි තරමක්ද කියලා දැනෙන්නේ, මේ වගේ වෙලාවල් වලදියි!  

වැව පාර හොරු ගැවසෙන පාරක් උනත්, අනිත් පැත්තෙන් ගියොත්, කනත්තක් පහු කරන්න තිබුන නිසාම, මමත් විරෝධයකින් තොරව, මේ පාරෙන් දාගත්තේ හොරුන්ට වඩා බයක්, හොල්මන් වලට තිබුන බව දැනුන නිසයි! කරදරයක් නැතිව වැව පහු කරපු අපි, තලවතුගොඩට වැටෙන වැටෙන පාර දිගේ, මගක්  දුර එද්දී, සෑම් ගැස්සිලා ගිහින්, බය වෙලා වගේ ඇස් ලොකු කරගෙන මගේ දිහා බැලුවේ   ඇයි කියලා මට හිතා ගන්න බැරි උනා! 

ඇයි මොකද?” යි මම අහද්දී “ඔයාට දැනුනද ඒක … “මොකක් ගැනද කියන්නේ ඔයා... යි මම සෑම් ගෙන් අහද්දීම, “සෑම් මම හිතන්නේ  මටත් දැනුනා ඒක යි දිලූ කිවුවා! “මොකද්ද! මොකද්ද උනේ?” කියලා මම අහද්දීම වගේ, සචි, මල්කි දෙන්නත් පිටි පස්සේ ඉදන් කෑගහනවා! නවත්තන්න! නවත්තන්න! මට බහින්න ඕනේ! නවත්තන්න!”

මොළේ හොද නැද්ද! මේ කෑලාවේ වාහනෙන් බහින්න! මොකද උනේ කියනවා, කෑගැහිල්ල නවත්තලා!” යි මම කියද්දී  “අනේ නෙළී මට බැහැ ඉන්න මේකේ ඇතුලේ, හොල්මනක් ඉන්නවා මට දැනෙනවා! මාව බස්සන්න!” කියලා අඩන ගමන් සචි කියනවා... ඔක්කොමල බය වෙලා මුණු ඇදවෙලා ගිහින්! නංගිලා දෙන්න අඩනවා දැන් මොකද්ද කරන්නේ... පාර දෙපැත්තම පොඩි කැලෑවක් වගේ... සත්තු ඉන්නවද දන්නේ නැහැ, ඊටත් හපන් හොරු ඉන්නවද දන්නේ නැහැ... මොකද්ද කරන්නේ දැන් කියලා හිතෙද්දිම වගේ, දිලූ බයවෙලා කෑගහන්න ගත්තා! 

 තවත් හිතන්න දෙයක් නැහැ, ලොක් ඕපන් කරපු මම, හෙඩ් ලයිට් දාලා වාහනෙන් බැස්සේ, නොබැස්සනම් හොදයි කියලා හිත කියද්දීමයි! ඇතම ඉන්න, හොරෙක්ට උනත්, සිග්නල් ලැබෙන තරම් ලොකු එළියක් අපි වටා පැතිරිලා තිබුනත්, අපි හිටියේ මහා අන්ධකාර ගුහාවක කියලයි මට හිතුනේ! වාහනේ ඉසරහට වෙලා හාවෙලා, ගුලි වෙලා, අනිත් අය වට පිට බලන්නේ හරියට, මොන පැත්තෙන් හරි හොල්මනක් දැන් එයි කියලා වගේ!

මට මොකද්ද මෙතන උනේ, කියලා හරියට නොතේරුණත්, අපි ඔක්කොමල, අමුතු අත් දැකීම් ගොඩක් ලබපු අය නිසා, මේ වෙලාවේ මේ අයත් එක්ක තර්ක කරනවට වඩා, නිහඩව  අනතුරක් ගැන සෙවිල්ලෙන් ඉදීම, හොදයි කියලා මම හිතන කොටම, සෑම් මට රහසින් වගේ කියනවා “ඔයාට දැනුනේ නැද්ද කවුරු හරි, ලග ඉදල යනවා වගේ කියලා! මම නැහැ කියද්දී, දිලූ කියනවා ඒක මගේ මුණ ඉස්සරහින් ගියා මට දැනුනා!”…

හරි, වෙන්න ඇති, එත් මම නම් කියන්නේ, හොල්මනක් එක්ක හරි, දැන් වාහනේට නැගලා ඉක්මනට ගෙදර යමු කියලයි!මොකද එළියට බැහැගෙන ඉදල, අපි හොල්මන් අල්ලන්නද! නිකන් වෙන අනතුරක් ඉල්ලලා ගන්නේ නැතිව, මේ දෙන්නවත් ඇදගෙන යමුයි කියලා මම කියද්දී, ඔයාට එදා වගේ, ඒ හොල්මන ඇගට අවොත්! අපි ඔක්කොම අනතුරේ!” යි දිලූ කිවුවා! 

මම නිහඩ උනත්, මට හිතුනේ, “එක ඇත්ත! නමුත් මේ වෙලාවේ, එළියට බැහැගෙන, හොල්මන් වලට වඩා භයානක, මිනිස්සුනට අත වනද්දී, විය හැකි නමුත්, ඈත තියෙන අනතුරක් නිසා, මේ මොහොතේම, ඊට වඩා භයානක අනතුරකට අපි වැටෙනවට වඩා ලේසි,මේ කට්ටියව බොරුවක් කරලා හරි වාහනේට නග්ග ගන්න එක කියලයි! මොකද්ද කරන්නේ කියලා හිතමින්, සචි ඉන්න පැත්ත බලද්දී මම දැක්කේ, දන හිස ගාවට විතර උස පදුරු සමුහයේ,  ඇතින් තියෙන පදුරු වල හෙලවිමක්! 

කකුල් දෙකේ ඉදන් ඔලුවට යනකන් හිරිගඩු පිපීගෙන එද්දී, මම දැක්කේ රතු පාට දිලිසෙන බෝල දෙකක්, පදුරු අවසානයේම පාරට කිට්ටුවම තියෙනවා! පන්සලේදී මම දැකපු දේ! මු යකෙක්නේ කියලා මම හිතපු දේ! ඒ යට ගිය සිද්දිය, එහෙම පිටින්ම මනසින් මැවෙද්දී, මම කෑගහගෙන ගිහින් වාහනේට නැග්ගේ, අනිත් කට්ටිය ගැනත් නොහිතයි! එත් එක්කම අනිත් කට්ටියත් කෑගහගෙන වාහනේට නැග්ගේ, ඒක දැකලද, නැත්තන් මගේ කෑගැහිල්ලට බය වෙලාද මන්දා!

කොහෙන්ද මන්ද බල්ලෝ කිහිප දෙනෙක්, උඩු බුරන්න පටන් ගත්තයින්, ඊට වඩා හයියෙන්, වාහනේ ඇතුලේ කෑගැහිල්ල වැඩි වෙද්දී, භයංකර සිතිවිලි අතර අතරමන් උන මට, මොහොතකට අමතක උනා මම ඉන්නේ කොහෙද කියන එකත්කරන්න ඕනේ මොකද්ද කියන එකත්ඉක්මන් කරන්න! අපි යමු ඉක්මනට කාගේද මන්ද කටහඩක් හතර පැත්තෙන් එන, ඝෝෂාව අස්සෙන් මට ඇහෙද්දි යි, හොද සිහිය අවේ!

වහාම වාහනේ පණ ගන්වා ගත්තු මම, ගැස්සිලා වගේ වාහනේ ඉදිරියට ඇදෙද්දී, කීප දෙනෙක්ගේ කගැහිල්ල අස්සෙන් ඇහුනේ, මොකෙද්ද ඒ! මොකෙද්ද ඒ!” කියන එකයි! එකම වතාවක් හැරිලා වත් බලන්න නොහිටි මම, නගරයටම එනකන් අවේ පුදුම නොඉවසිල්ලකින්!
ගෙදර එද්දී, ගෙදර මිනිස්සු ඔක්කොමලා එළියට බැහැල ඉන්නවා!

ඒ පාර මොකද්ද වෙලා තියෙන්නේ, කියලා හිතමින්, අ.අම්ම ලගට යද්දීම, වරැන්ඩා එකේ තියෙන වහලේ දිගේ, පොඩි කළු ගල් කැටයක් පෙරලිලා ඇවිත් බිමට වැටුනා! මම ඒ දිහා බලාගෙනම, එතනට යද්දී තවත් එවැනිම ගල් කැටයක්, නැවතත් වහලෙට වැටිලා, බිමට වැටුනා.. ලගට ගිහින් මම ඒ ගල් කැටේ අතට ගත්තේ, ගල් වැස්සක් වහින හදනවද, දන්නේ නැහැ කියලා හිතමින්! තවත් ගල් කැටයක්, මගේ කනගාවින් විසිවෙලා ගිහින්, වීදුරුවේ වැදුනේ, වීදුරුව කුඩු කරමින්! ගේ වටේටම ගල් කැට වැටෙන සද්දේ ඇහෙනවා කෙළවරක් නැතිව! 

බාප්පා එළියට දුවලා, ගල් එන දිහාව බලද්දී, ඉස්සර ගෙදර මිනිස්සුත් එළියට බැහැලා බලන් ඉන්නවා! ඒ කට්ටියත් උඩ බලාගෙනම මිදුලට, සේන්දු උනේ ගල් කැට එන්නේ, කොහෙන්ද කියලා හිතාගන්න බැරිවයි! එක පාරටම කොහෙන්ද කරකැවිල ආපු ගල් කැටයක්, චිත්‍රාගේ ඔලුවේ වැදුනයින් ඔලුව අල්ලගෙන, දෙමළෙන් මොනවද කියාගෙනම, බිම ඉදගත්තු චිත්‍රා දිහාවට, පොඩි පුංචියි අ.අම්මයි දෙන්නම දුවද්දී, තවත් කළුගල් කැටයක් වැදිලා, තවත් වීදුරුවක් බිදුනා! මොකද්ද මේ වෙන්නේ!

එළියේ තියෙන ටැප් එකකින්, චිත්‍රාගේ ඔලුවෙන් ගලන ලේ සෝදලා දාපු පුංචි, වාහනේට නැග්ගේ චිත්‍රාට බෙහෙත් දාගන්න, එක්ක යන්න බලාගෙන! තවත් විනාඩි පහක් විතර යද්දී, ගල් සෙල්ලම නැවතුනා! ඔක්කොමලා මුණට මුණ බලාගෙනම, තවත් විනාඩි පහක් ගත කලේ, ඊළගට මොකද්ද වෙන්නේ කියලා බලන්න වගේ! ඒ වෙද්දී ගේ වටේම විදුරු 5 ක් කැඩිලා!

මොකද්ද අ.අම්මේ උනේ කියලා එයා ලග ඉදපු, අ. අම්මගෙන්, දිලූ අහද්දී, අ. අම්ම කියනවා, “උදේ ඉදන් ඒක ඒක දේවල් වෙනවා ගේ ඇතුලේ... දැන් මේ ගල් සෙල්ලමක් පටන් ගත්තා!පුතා, අර කට්ටඩි තැනට කථා  කරන්න, එයාගේ වැඩේ වැරදිලා වගේ, මට පෙන්නේ!” යි කිවුවේ, චිත්‍රාගේ ඔලුවට බෙහෙත් දාගන්න, එක්කන් යන්න බාප්පා, වාහනේට ගොඩ වෙද්දියි! බාප්පලා පිට උනාට පස්සේ, ගෙට ගියපු අපිට අ.අම්ම  කිවුවේ, අද නම් ළමයි නේ නිදියන්න වෙන්නේ නැහැයි කියලයි!  

ලොකු මාමා  කට්ටඩියව එක්කගෙන අවේ, පොඩි බාප්පලාත් ගෙදර එද්දිම වගේ! මේ ගෙදර භූත දොස අයින් කරලා, මට නිවනක් උනේ නැහැ මහතයෝ! ඕනේ නම් අපේ පුතාගෙන් අහන්න! නිළ මැස්සෝ අපේ ගේ පුරාම පළවෙනිම දවසේ! දෙවෙනි දවසේ මහා රෑ දොරවල් ජනෙල වලට ගහන්න ගත්තා... ළමයින්ගේ අම්මව බය කරලා, එලි බහිද්දී! මට එත් හිතුනා මොකක් හරි වෙලා ඇති කියලා මෙහෙත් කියලා කට්ටඩි තැන කියද්දී, ලොකු මාමා ඇහුවේ දැන් බලනකොට අටුවගේ ගෙදර පුටුව නැහැ නේ, එතකොට දැන් ආරක්ෂාවක්, කියලා මොනවද අපේ ගේ වටේට වැලලුවේ!” කියලයි!

කොහොමද මහත්තයෝ ආරක්ෂාවක් ලැබෙන්නේ, යකාව ගේ ඇතුලේ හිර කරලනේ, වටේට ආරක්ෂා කරලා තියෙන්නේ! යි  කියපි.. මේ කට්ටඩි උන්නැහේ, කියන දෙයක් පහැදිලිව කියනවද! ඔය තේරවිලි තෝරන්න තරම් සනිපයකින් නෙවෙයි, මම ඉන්නේයි ලොකු මාමා සැරෙන් කියද්දී, ඒ මනුස්සය බය වෙලා වගේ, පුටුවෙන් නැගිටලා, මාමා ලගට ගිහින්, රහසින් වගේ, කනටම කරලා, මොනවද කිවුවා! හ්ම් කියාගෙන, ලොකු නැන්දා ගාවට ගිය මාමා, හොරෙන් වගේ නැන්දට යමක් කිවුවයින්, නැන්දා පඩි පෙළ මුල, වාඩි වෙලා ඉදපු චිත්‍රා ලගට ගිහින්, මොනවද  මුමුණමින් ඇහුවා! චිත්‍රා ඔව් නෝනා යි කියද්දී, නැන්දා මාමා දිහා බැලුවේ, උත්තරේ හම්බ උනා නේ කියන්නා  වගේයි! 

මොකද්ද මේ වෙන සතර කන් මන්ත්‍රණය කියලා, උඩ බිම බල බලා ඉදපු අපි දිහත් බලලා  කේන්තියෙන්ම අ.අම්ම ඇහුවා... දැන්, ඔහේ මේ කෙල්ලට මාස් ශුද්දිය බව දන්නේ නැතිවද, තොවිලේ කලේ!” කියලා ඔව් නෝනා, මම ඉතින් කොහොම දැන ගන්නද!” යි කියද්දීම අ.අම්ම එතකොට දැන් දන්නේ කොහොමද?” යි පෙරලා අහද්දී, මම එන්න කලින් දෙවාරුඩයෙන් බැලුව නේ…” කියද්දීම අ.අම්මා පළවෙනි පාර, ඔවා බලලා කරන්න තිබුනනේ, නිකන් බොරුවට අපේ කලෙත් විනාස නොකර යි කියමින් පඩිපෙළ නැග්ගේ හොදටම කෙන්ති ගිහින් බව ඔක්කොමලට තේරුණා!

වරදිනවා නම් ඉතින් කිල්ලක් ගේ ඇතුලේ හිටියොත් තමයි, නැත්තන් මම කරපු වැඩක් මෙතක් වැරදිලා නැහැ මහත්තයෝයි කියපු කට්ටඩි තැන, ලොකු මාමගේ මුණ දිහා බැලුවේ, දැන් මොකද කියන්නේ කියලා අහනවා වගේ! “හරි දැන් තමුන් මොකද්ද කරන්න කියන්නේ අපිට, අයෙත් තොවිලයක් නටන්නද කියන්නේ!” ...ඔව් මහත්තයා, කලින් වතාවේ කෙරුවට වඩා ටිකක් වියදන් යන වැඩක් වෙයි හැබැයි! බරපතල වැඩක් මහත්තයෝ!

එසේ මෙසේ යකෙක් නෙවෙයි ඉන්නේ යි කියමින් සාලේ හරහා කුස්සිය පැත්තට යමින්, කිවුවේ, අපේ හිත්වල බය තවත් වැඩි කරමින්, වැඩේ කෙරෙන තැනටම පත් කරගන්න, දැඩි උවමනාවෙන් බව මට තේරුණා! “හරි එහෙනම් ලෑස්ති කරනවා, මේක අන්තිම පාර ඔහෙට දෙන! හරියට කරනවා මේපාර, කරන්න බැහැ වගේ නම්, දැන්ම කියලා අයින් වෙනවා... මොකද  පුළුවන් මනුස්සයෙක් ලවුවා අපි කරගන්නම් මේක! යි මාමා කියද්දී හරි මහත්තයෝ, අපි කරමු, මේපාර වරදින්නේ නැහැ!” යි කියමින් එයාගේ පුතත් එක්ක එළියට ගියේ, අවශ්‍ය බඩු අරගෙන එන්න බලාගෙනයි!

කට්ටඩි  තැන එදා රෑ පටන් ගත්තු තොවිලේ මුළු දවස පුරාමත් ඊලග දවසේ රෑ වෙනකනුත් පවත්වලා පාන්දර 5 ට විතර ඉවර කලේ ඔන්න මන් සෙත් ශාන්තියකුත් කලා යි කියමින්! ගාස්තුව අරගෙන සාක්කුවේ දාගනිද්දී කියනවා... මේ ගෙදර හදන්න කලින්, වත්තේ මිනි කිහිපයක් පුච්චලා තියෙනවා! ඒ අළු උඩයි මේ ගේ හදල තියෙන්නේ! මහත්තයලා බය වෙයි කියලයි මම නොකීවේ! පරිස්සමෙන් ඔය භුතයන්ව නවත්තන්න ලේසියෙන් බැහැ! මට පුළුවන් ටික මම කලා ඔන්න!

එයාට බැරි උන ටික කරපු හැටි, අනිත් කොටසින් කියවන්න 


නැවත කථාවකින් හමු වෙමු!! 

17 comments:

අසරණයා said...

මේක මේ ඇත්තම කතාවක් ද?.මොකක්ද මාස් ශුද්දිය කියන්නේ දවස් 28 කතන්දරේ ද?

Anonymous said...

apitat kattadiyek me wagema gamemak dunna kalayakma.uma eka eka ewa karawala boruwata salli gattha. maru post eka! ithiriyath danna ikmanata.

Anonymous said...

ඔය වගේම ගල් ගහපු සිද්ද්යික් මගේ පුංචිලට උනා නෙලුම්! එකත් කට්ටඩි කෙනා කිවුවේ ගෙදර වැඩකාර කෙල්ලට පෙරේතයෙක් වැහිලා නිසයි එහෙම වෙන්නේ කියලා.මම නම් ඇස් දෙකෙන් දැක්ක එතන ඉදපු නිසා!එදා නම් මම පුදුම විදියට බය උනේ!

මේකේ open id කමෙන්ට් කරන්න බැරිද?

my7 said...

hora kattadiyek nennam.mage ammath balanawa me blog eka nelum eya kiyanawa,oya liyana widiyata kiyawanna asa hithenawalu. eyatath athdakimak thiyenawa perethayek gana horen kama kapu! mama e kathawa oyata mail karannam. oya kamathinam kathawak widiyata liyala danna blog eke! :)

Nelum said...

@Anony: ගුප්ත දේවල් දකිද්දී ඇති වෙන බය ගැන නම් කියන්න වචන නැහැ!
open id කමෙන්ට් කරන්න පුලුවන්ද කියන එක ගැන මම දන්නේ නම් නැහැ! මම හොයල බලන්නම්! :)

@ my7: ස්තුතියි my7! :) මම වෙන අයගේ කතා ලියලා නම් නැහැ! කමක් නැහැ ඔයා එවන්නකො, බලමු ලියලා සාර්ථක වෙයිද කියලා! :)

@ Anony: ඔයාගේ කමෙන්ට් එක ස්පෑම් වෙලා නේ! බ්ලොග් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගෙයි!

ස්තුතියි! ඉතුරු කොටස් ඉක්මනින් දාන්නම්! :)

pubudu said...

meka nam ela ituru ekath ikmanata danna..

Nelum said...

@ pubudu: අද දානවා තව එකක් :)

Charitha said...

වෙනදා වගේම ආසාවෙන් කියෙව්වා. හොල්මන් අවතාර ගැන මම නම් විශ්වාස කරනවා. ඒත් ගෙවල් වලට ගල් ගහන එක නම් මම හිතාගෙන හිටියේ මානසික ගැටලුවක් නිසා පුද්ගලයෙක් විසින් තමා නොදැනුවත්වම කෙරෙන දෙයක් කියලායි. ඒත් ඒක එහෙමම නෙවෙයි කියලා ඇන් හිතෙනවා.

Nelum said...

@ චරිත: අඩි 12 යේ තාප්පේ අස්සෙන්, එළියේ ඉදලා වත් වැරන්ඩා ඒකට වදින්න ගලක් ගහන්න බැහැ චරිත! සමහර ගේ පිටි පස්සේ කැඩිලා තිබුණු ජනෙල තාප්පේ අයිනේටම වෙන්න තිබුනා ඒවා! ඒව කඩන්න වත්ත ඇතුලෙන් ඇවිල්ලත් අමාරුයි! මම මේ කතාවට ඇතුලත් නොකරපු සිද්ධි කීපයකුත් තියෙනවා ඔය වගේම උන!ඝන දේවල් අත පත ගාන්න පුළුවන් හොල්න්මන් මමත් දැක්කේ එදාමයි..

බට්ටි said...

ඇයි ඔයා හොල්මන් ගැනම ලියන්නේ. පුදුමයී.මම නම් බයගුල්ලියෙක් මෙව්වා ගැන කතාකරද්දී.

Nelum said...

@ බට්ටි : මේ මගේ ඒක අත්දැකීමක් විතරයි බට්ටි! බ්ලොග් ඒක පටන් ගත්තේ හොල්මන් කතාවකින් නිසා, ඒකට ඇදුනු කථා ඔක්කොම ටික ලියලා දාන්න හදන්නේ... හෙට අනිද්දයින් හොල්මන් සීසන් ඒක ඉවරයි! :)

කතන්දර Kathandara said...

ගෙදර කෙනෙක්මයි ඔය වැඩ කරන්නේ, අනිවා ඩෙෆා!

Nelum said...

@ කතන්දර: හ්ම්ම් වෙන්න බැහැ! ගෙදර හිටිය ඔක්කොම මිනිස්සු මිදුලේ හිටියේ... අනික කොහොමද හතර වටෙන් ගල් ගහන්නේ? වටේ දුවන්න ඕනේ කිහිප දෙනෙක් ගල් ගහ ගහ, ඒ ගහපු ගැහිල්ලට එහෙනම්!

ඔයත් කථා කරන්නේ මගේ ලොකු අයියා වගේ... එයාගේ හැම කතාවකට අගට එනවා 'අනිවා, ඩෙෆා' හෙහෙ!

Charitha said...

හොල්මන් සීසන් එක ඉවර වෙනවට මම නම් කැමති නැහැ. ඒත් ඉතින් ඒක ඔයාගෙ කැමැත්තනෙ නෙලුම්.

Nelum said...

@ charitha: නැ! ඉවරයි කිවුවට ඉවරම නැහැ හෙහෙ... මේ මාතෘකාවට අදාලව තව එක සිද්දීයක් ඇරුණම මගේ අත්දැකීම් නම් ඉවරයි චරිත! ඊළගට එන්නේ අද්භූත අනුදැකීම් :)...

Charitha said...

නියමයි. මේ blog එක හොල්මන්/අද්භූත Format එකටම තියෙනවානම් මම වඩා කැමතියි. (ඒත් ඒක මගේ පුද්ගලික කැමැත්ත විතරයි.)

Nelum said...

@ Charitha: හ්ම්ම් 'සුපර් නැචුරල්'ටොපික් එක යටතේ තමයි, අනුදැකීම් වැඩි පුරම තියෙන්නේ! තියෙන කතා ගොඩේ හැටියට ඒ ටොපික් එක හැමදාමත් සක්‍රියව තියෙයි කියල හිතනවා මම!:)