Thursday, December 8, 2011

අස්වාභාවික දවස් තුනක් !!!


අගෝස්තු 10

උදේ නැගිටිද්දී වෙලාව 8 ත් පහු වෙලාරෑ තිස්සේ නින්දක් නැහැ බල්ලෝ දෙන්න ගේ සද්දෙත් එක්කපාන්දර 2:20 ට දිලූ ගෙන් මට කෝල්ස්  2 ක් ඇවිත්!  cl me asap! මැසේජ්  එකකුත් ඇවිත්! මොකද මේ හදිස්සිය! උදේ වරුවේ cls ඇවිත් නැති නිසා, දැන් හදිස්සියක් නැතිව ඇති නේ කියලා හිතලා, නාල ඇවිත් cl කරලා බලනවා, කියලා හිතමින් මම නාගන්න ගියා! නාලා එනකොට, අයෙත් cls 2 ක් ඇවිත්! තවත් ටික වෙලාවකින්  " ඔයාට cl එකක්, දිල්කිගෙන්!" ආච්චි අම්මා පහළ ඉදන් කෑගහනවා...  කෝල් එක ආන්සර් කරන්න මම පහළට ගියා! 

හරීම හිතවත් කමින් කථාව පටන් ගත්තු දිලූදිය වෙනකන්ද නැවේ!?! මම දැන් කි පාරක් cl කලාද!?!  මිස් cls තියෙනකොට cl back කරන්න බැරිද?!  'ශ්‍රියා කාන්තාව මෝල් ගහ ගත්තා වගේ' බැනගෙන බැනගෙන ගිහින් ඇති උනාට පස්සේ, කියන්න අවශ්‍ය කාරණේට බැස්ස...
ඊයේ රන්දී අයෙත් නින්දෙන් ඇවිදලානේ!... කාමරේ දොර අරින්න හදන වෙලේ, ඒක නවත්තන්න ගිහින් මල්කිගේ අත හපලා..., නැගිට්ටම රන්දිට මුකුත් මතක නැහැලු! ගෙදර ඉන්න බයඊ කියලා, මල්කිව අපේ ගෙදර ගේනවා පාන්දර!

රන්දිව බලන්න යන්න කථා වෙලා ෆෝන් සාකච්චාව ඉවර කල මම, .අම්මටත් විස්තරේ කියලා උඩට එද්දී, මගේ ඔලුවට අවේ, පෙරේදා රෑ  දිලූ එවපු msg එක!... රන්දිගේ නංගි වුනු මල්කි ගෙදර ඉන්න බය නොවී තියේඊද, ට්‍රිප් එකේදී  වුනු දේවල් මතක තියෙනකන්! එක ගිහින් ඇවිත් දවස් 2 ඊ ගියේ, 'මළ කරදරේ' අයෙත් පටන්ගත්ත වත්ද! හිමිට එකින් එක ට්‍රිප් එකේ අප්‍රසන්න මතක ඔලුවට එද්දී ... සනීපෙට නාල හිටපු මට දාඩියත් දාලා!
 
කරන්න තිබුණු වැඩ ටික ඉවර කරගෙන හවස 4 වෙද්දී රන්දිව බලන්න යන්න ලෑස්ති වුනු මම, යන වටෙන් දිලුව දගෙන 5 වෙද්දී පොඩි මාමලාගේ ගෙදර ට යන්න පිටත් උනා... යන අතරේ දිලූ කියනවා 
මම කියන්නම කියලා හිටියේ... ගෙදරදී ඔයාට මුකුත් වෙනසක් එහෙම දනුන්ද? අනේ මන්දා මට දැනෙනවානේ මගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා වගේ! එක පාරක්, මම බය උනා කන්නාඩියෙන් මොකක් හරි දැක්කා කියලා දැනුන නිසා... එත් අම්මට කියන්න ගියේ නැහැ! මේ දවස් ටිකේම, නංගිත් බැනුම් අහ අහ ඉන්නේ බොරුවට බය වෙනවා කියලා!” 

දිලුට මුකුත් කියන්න ගියේ නැති උනත්, එළියට එන්න පොර කන බයක් මගේ හිතෙත් තියෙනවා! එත් අ.අම්මා උදේ හවස දාන පිරිත් ඇහෙන නිසා එක යටපත් වෙලා යනවා කියල මට දැනිල තියෙනවා! ගිහිල්ල ඉවර උන පෙරහැරට, පාවඩ දාන්නේ මොකටද, මේ බොරු බය යටපත් කරන තරමට හොදඊ කියලා මට හිතුන නිසා  නිකන් හිතේ බයක් ඕක, මමත් බොරුවට බය උනා සැහෙන්න කියලා, මට උනේ නැතී ඒවත් අතින් දාලා,දිලුගේ හිත හැදුවා! 

5:40 වෙද්දී රන්දිලගේ ගෙදරට ගොඩ උන අපි, නැන්දා එක්ක ටිකක් කථා කරලා, දවසම කාමරේට වෙලා ගතකරපු රන්දිව හොයාගෙන එයාගේ කාමරේට ගියා
රන්දිගේ මුණ ඉදිමිලා වගේ කියලා මට හිතුනේ... "අඩන්න ඇති "! ඇදෙන් ඉදගත්ත අපි දෙන්න, රන්දිගෙන් එක පාරටම, එකම ප්‍රශ්නේ ඇහුවේ... 

"මොකද උනේ?" 

"මන්දා... මම නංගිව හපලා! එත් මට මතක නැහැ එහෙම කරනවා... මට මොනා වෙලාද කියලා මට තේරෙන්නේ නැහැ! අද නිදාගත්තොත් හෙට නැගිටින්න වෙන්නේ නැති වේවි කියලා මට හිතෙන්නේ! මම නිදාගන්නේ නැහැ අද! මට බැහැ නිදා ගන්න!"  කදුළු වැල් ඇස් වලින් වැටෙද්දී  රන්දී කියාගෙන ගියා... අපේ ජිවිත,මේ කෙහෙල්මල් ට්‍රිප් එක නිසා කණපිට හැරිලා කියලා, එවෙලේ මට හිතුනා! 
  
6 විතර වෙද්දී, රන්දිල එක්කම පන්සලට ගියා අපි දෙන්නත් රෑ 7:30 විතර වෙනකන් පන්සලේ ගත කරලා, ගෙදර එන්න පිටත් උනේ රන්දිගේ ඇඩිල්ල මැද්දේඊ... " මට තනියම ඉන්න බයඊ!"  රන්දී අන්තිමට කියපු දේ ගෙදරට එනකන් මගේ කන ඇතුලේ ඇහෙනවා ඇහෙනවා වගේ.... අදත් මොනා හරි වෙලා තිබුනොත්  "හෙට රැට එහෙ  නවතිනවා" කියලා හිතෙන්ම හිතලා, දිලුව බස්සලා,ගෙදර ඇවිත්,වැඩ අහවර කරලා නිදා ගත්තේ මහා පාන්දර cls එන්නේ නැතිවේඊ  කියලා හිතාගෙනඊ...

අගෝස්තු 11

විකාර හීන ගොඩක් එක්ක, බල්ලන්ගේ ගෙරවිලි හඩත්,උඩු බිරිමත් නිසා නින්දත් නොනින්දත් අතරේ පෙරදා රැය වගේම මේ රැයත් ගෙවිල ගියා... මම නැගිට්ටේ ඔලුවේ පැත්තකින් එන කැක්කුමකුත්, රෑ තිස්සේ මැරතන් එකක් දිවුවා වගේ මහන්සියකුත් එක්ක! ඇදෙන් නැගිට්ට ගමන් ෆෝන් එක බලපු මට දැනුනේ ලොකු සැනසීමක්! එක cl එකක් වත් ඇවිත් නැහැ 'ඇති යාන්තන්'!

තේ එකක් හදාගන්න පහලට බහිද්දී, අල්ලපු ගෙදර ගැණු කෙනා ඇවිත්! මිදුලේ ඉදන්, .අම්මා එක්ක කථා කරලා යනවා මම දැක්කා එයා අවේ ඇඊ කියලා දැන ගන්න අ.අම්මා ගෙට එනකන්, සාලේ ඉදන් උන්නු මාව දැක්කම අ.අම්මා කිවුවේ,

"බල්ලෝ දෙන්නව අක්කලාගේ ගෙදරවත් ගෙනිහින් දාන්න වේවි ටික දවසකටවත්! ගේ වටේම දුවනවා රෑ තිස්සේ මොකෙක් පස්සේ පන්නනවද මන්දා.. මේ දවස් ටිකේම ඔහොමඊ... උඩු බුරන නිසා එහා ගෙදර ඉන්න පොඩි අය රෑට බය වෙනවා කියන්නේ!මෙගොල්ලොන්ගේ සද්දේ නිසා මටත් රෑ තිස්සේ නින්දක් නැ!”

"හ්ම්" කියාගෙන කුස්සියට ගිය මම නිශ්ශබ්දවම තේ ඒක හදාගෙන මිදුලට බැස්සේ, ගැණු කෙනා එද්දී, කුඩුවට දාපු ට්‍රිගර්ව එළියට දාන්න! කෙළ පෙරාගෙන එළියට එන ට්‍රිගර් ඒ කෙළ තලිය මගේ කකුලේ ගාන්නේ හරිම සතුටින්... ඒ අස්සේ ඩෑෂ්, නැට්ට ගැලවිලා විසි වේවි කියලා හිතෙන තරමට හොලවාගෙන  දුවගෙන එන්නේ "සෙල්ලන් කරන්න එන්නෝ" කියන්නා වගේ... 

බල්ලෝ දෙන්නා අක්කලාගේ ගෙදර ගිහින් දාන්න! හිතනකොටත් පපුව හිර වෙනවා වගේ! එත් මොනා කරන්නද, මේ දෙන්නගේ අමුතු හැසිරීම හොද අතට හැරෙනකන් එහෙ ඉදපුවාවේ, කියලා හිත හදාගෙන... හවස් වෙද්දී දෙන්නවම ගෙනිහින් දාලා ආව... මගේ හිත වගේම වත්තත් පාලුවට ගිහින් කියලා මට දැනුනේ, ගෙදර ආවමඊ! ඇගෙන් කැල්ලක් නැති වෙලා වගේ හිස් හැගීමක් එක්ක,මහා පලුවකින් දවස ගත කල මමඅක්කට 5 වෙනි පාරටත් cl කරලා බල්ලෝ දෙන්නා ගැන අහලා... රෑ 9 වෙද්දී නිදාගන්න ඇදට පැන්නා!

බල්ලොන්ගේ පොඩි දවස් ගැන හිත හිත ඉදලා මට නින්දත් ගිහින්! රෑ ජාමේ ලාවට වගේ මට සද්දයක් ඇහුනා! මට හිතුනේ මගේ ෆෝන් එක රින්ග්ස් යනවා කියලඊ! ටක් ගාලා ෆෝන් එක අරන් 'යේස්‌' කරලා කනේ තියා ගත්තා... කිසිම සද්දයක් නැහැ! මම දෙපාරක් හෙලෝ කියලාත්, සද්දයක් නැති තැන... Light එක දාලා ෆෝන් එක check කලා... cl එකක් ඇවිත් නැහැ නේ!? මම හීනයක් දකින්න ඇති කියලා හිතුවත්,සද්දයක් ඇහුන බව නම් විශ්වාසඊ!

ඒ ගමන ෆෝන් එක mute කරලා මම නිදාගත්තා කෝඊ තරමක් වෙලා ගියද මන්දා,අයෙමත් සද්දයක් ඇහෙනවා,මොන ලෝකෙන් හරි... මේ මොන විකාරයක්ද! හොද සිහියට අවාමත් ඇහෙනවා ලාවට ඒ සද්දේ! මම light එක දාලා ඇදේ ඉදගෙන අහගෙන හිටියා... ඔලුව ඇතුලෙන් ඇහෙනවා ද මන්ද... පාන්දර 4 ටත් කිට්ටු වෙලා, දෙගිඩියාවකින් හිත ගැහෙද්දි, ගග දිගේ ගියාම මුහුදට වැටෙනවා වගේ, බය දිගේ ගියොත් තව තවත් බය වෙන ඒක විතරඊ නේ වෙන්නේ, මොකටද බලෙන් බය වෙන්නේ, කියලා හිතලා, ඇදට පැනලා ඔලුවේ ඉදන් පෙරවාගෙන,සද්දෙට කන්දිල හිටියා... ටික වෙලාවකින් මට නින්ද ගිහින්

අගෝස්තු 12 

උදේ නැගිටලා ෆෝන් එක බලද්දී මිස් cl එකක්! දිලුගෙන්! උදේ 4:05 ට දීලා තියෙන්නේ... මම අනිත් පැත්තට cl කරලා බැලුව…. ෆෝන් එක ඔෆ්... නිකමට වගේ මම සචි ට අරන් බැලුවා... ගත්ත ගමන් එයා කියවගෙන කියවගෙන ගියා... "අක්ක ඊයේ රෑ බය වෙලානේ හොල්මනකට, ඇදෙන් පනින්න ගිහිල්ලා, වැටිලා අතේ ඇගිල්ලක් කැඩිලා! හොස්පිටල් අරන් ගියා පාන්දරම... දැන් ටිකකට කලින් ගෙනාවේ... දැන් නම් නිදි!" “එහෙමද! හරි මම එන්නම් හවසට ඔය පැත්තෙන් කියලාකියලා ෆෝන් එක තිබ්බ මම, මගේ වැඩත් ඉවර කරගෙන 4 පහුවෙද්දී ඇදගත්තේ දිලුව බලන්න යන්න

ගේට්ටුව වහන්න මාත් එක්කම එළියට අපු .අම්මා කීවුවා දැන් පොඩි පුංචි කථා කලා, ඊයේ රෑ ආශාගේ දුවත් බය වෙලා කියන්නේ! ඔක්කොමලව එකතු කරගෙන බණක් වත් කියවන්න ඕනේ! හිත බය උනාම හැම එකම පෙන්නේ අවතාර වගේ නේ! ළමයෝ,රෑ වෙන්න කලින් ගෙදර එන්න හොදේද"  කියාගෙන ගේට්ටුව වැහුව අ.අම්මා ගේට්ටු පලු අතරින් නොපෙනී ගියා

යමින් ගමන් මම සෑම්ට cl එකක් ගත්තා "මොකද උනේ ඊයේ?" මම ඇහුවා! "විකාර හීනයක් දැකලා බය උනානේ! හරියටම පාන්දර 4 ! ඒ මදිවට කවුරු හරි පිටිපස්සේ ඉන්නවා වගේ දැනෙනවා හැම වෙලේම,මේ දවස් ටිකේම නිදා ගන්න උනෙත් නැහැ හරියට! වැඩක් නැ කියලා, මට නම් එපා වෙලා ඉන්නේ මෙහෙ ඉදිල්ලත් දැන්! යි කියාගෙන ගියා වැඩිය හිතන්න එපා, ඔවා ඇරිලා යාවි තව ටික කාලයක් යද්දී" යි කියපු මම කතාව අවසන් කරද්දී පුන්චිලගේ ගෙදරටත් ලං වෙලා! 

ුන්චිලගේ ගෙදරට යද්දී, දිලූ අතකට ප්ලාස්ටර් එකක් දාගෙන, බාගෙට මැරිලා වගේ මුණක් ඇදගෙන සාලේ ඉදන් හිටියා එයා හීනෙන් බය වෙලා ඇදෙන් පනිද්දී බෙඩ් ශීට් ඒක පැටලවිලා වැටිලා! පැය 2 කට ආසන්න කාලයක් කතා කරකර ඉදලා, මම එහෙන් පිටත් වෙද්දී හවස 7 ටත් කිට්ටු වෙලා 

ගෙදර එන ගමන් කල්පනා සගෙරේ කිමිදුන,මට මතක් උනේ දිලූ කියපු දෙයක් " සද්දයක් ඇහුනා මට එවෙලේ!" මට ඇහුන වගේම එකක්ද දන්නේ නැහැ දිලුටත්  ඇහුනේ... දිලූ ගෙඊ සෑම් ගෙඊ, කථාවල සමාන කමක් තියෙනවා කියලා මට එක පාරටම වගේ හිතුනා! දෙන්නටම දැනිලා තියෙනවා කවුරු හරි ළග ගැවසෙනවා කියන එක... දෙන්නම හීනෙන් බය වෙලත් තියෙනවා! ඒ මදිවට, ඊයේ අපි තුන්දෙනාම ඇහැරුනේ එකම වෙලාවේ පාන්දර 4 ඒ අස්සේ දිලුටත් සද්දයක් ඇහිලා!

මේවා ඔක්කොම අහබු සිදුවීම්ද? තුන් පැත්තක ඉන්න අපි 3 දෙනෙක් එකම වෙලාවේ ඇහැරෙන එක... හ්ම්ම් අහබුවක් වෙන්නත් ඇති සමහර විට! කල්පනාවේ ගැබුරටම කිමිදිලා ඉදලා උඩට එද්දී, දන්නෙම නැතිව ගේ ගාවටම ඇවිල්ලා... පොඩි මාමලාගේ වාහනේ මිදුලේ තියෙනවා! මාමලා ඇවිත් වගේ! රන්දිට මෙහෙ ඉන්න කියන්න ඕනේ කියලා හිතලා... ගෙට ගියාමඊ මම දැනගත්තේ එයා මෙහෙ ඉන්න තමඊ ඇවිත් තියෙන්නේ කියලා...රන්දිව පෙන්නපු දොස්තර කිවුවලු නිදාගන්න තැන මාරු කරන්න පුළුවන් නම් සමහර විට නින්දෙන් ඇවිදින එක හරි යයි කියලා! ඒ නිසා රන්දීට මෙහෙ එන්න ඕනේ කියලා!

මාමාත් මෙහෙ ඉන්න බලන් ඇවිත් නිසා එයාටත් කාමරයක් ලැස්ති කරපු අ. අම්මා, අපිත් එක්කම රෑට කලා බීලා,9:30 වෙද්දී නින්දට ගියා... මාමා පහල ඉදන් එයාගේ ඔෆිස් එකේ වැඩ වගයක් කරන අතරේ, අපි උඩට අවා! රෑ 11 ට ලං වෙනකන් කියව කියව ඉදපු අපි දෙන්නත් නිදා ගන්න ලෑස්ති උනා... ඊට කලින් මම, බැරි වෙලා වත් රන්දී නින්දෙන් ඇවිද්දොත් කියලා, එයාට නොපෙනෙන්න දොර ලොක් කරලා යතුර මගේ කෝට්ටේ යටින් තියා ගත්තා!


එත් මේ රැය, අසාමාන්‍ය ලෙස අස්වාභාවික වේවි කියලා, මම කොහොම හිතන්නද!!! 



තවත් කොටසකින් හමු වෙමු!!!      

17 comments:

Anonymous said...

ikmnta ona

පුදීප්ගේ දින සටහන් (Pradeep's Diaries) said...

මේක ඇත්තම කතාවක්නම් ඔයාගේ යාළුවා මනෝවෛද්‍ය වරයකුට පෙන්නන්න. බලන් ඉන්න එපා....

Nelum said...

@ Anony: පුළුවන් ඉක්මනට දාන්නම්! :)

@ Pradeep: කරන්න තියෙන හැම වර්ගෙම ප්‍රතිකාර එයාට කලා ප්‍රදීප්! කිහිප සැරයක්ම මෝහන ප්‍රතිකාර වලට පවා යොමු කලා... අපැහැදිලි හේතුවකට ඒ එකක් වත් වැඩ කලේ නැහැ! අවසානේ අපේ සාමාන්‍ය ක්‍රමයට තොවිලයක් කලා! විශ්වාස කරන්න බැරි විදියට එකෙන් තමඊ හොද උනේ! දැන් අවුරුද්දක් වෙනවා එයා හොදින් ඉන්නවා අදටත්!

| සුමියා | said...

කතාව නම නියමයි..ඉතුරු ටිකත් ඉක්මනටම ලියමු..

Nelum said...

@ Sumi: හරි! :)

Salinda said...

පස්ට කතාව දිගටම ලියන්න.මට නමි තාම විස්වාස නෑ..ඇත්තටම සිරා කතාවක්ද?.....

Nelum said...

@ Salinda: ස්තුති!:) මේවා මගේ අත්දැකීම්!

Chathuranga Perera said...

උත්ප්‍රාසය උපරිමයි සහෝදරී... ඊළඟ කොටසත් ආසාවෙන් බලාපොරොත්තු වෙනවා...

අළුතෙන් නේද බ්ලොගේ ලියන්නේ... මේ මගේ පළමු පැමිණීම... දිගු බ්ලොග් දිවියකට ආසිරි... ජයවේවා !!!

Nelum said...

@ Chathuranga: බොහෝම ස්තුති,ඔබගේ පැමිණීම සතුටක්! :)

චරිත said...

හ්ම්ම්... අනිත් කොටස දානකම් ඉවසිල්ලක් නෑ. දිගටම ලියන්න.

Nelum said...

@ චරිත : හැකි ඉක්මනින් දාන්නම්! :)

pubudu said...

kathawa niyamai...ikmanata danna..sinhala type karaddi podi prashnayak thiyanawa wage..mokakda oya use karanne typing walata

Nelum said...

@ Pubudu: ස්තුති! ඔන්න දැම්ම අනිත් කොටස! 'Google transliteration IME' සමහර වචන සිංහලෙන් ටයිප් කරද්දී එපා වෙනවා!හැබැයි මේ පාර පොස්ට් එකේ වැරදි අඩුයි මම හිතන්නේ! :)

pubudu said...

ow ow me para adui thamai,,,niyamai.samawenna mata comment karanna sinhala naha office eke :)

Nelum said...

@ pubudu: එකට කමක් නැ පුබුදු :) ලියනකොට ලියනකොට තමයි තේරුම් ගන්න පුළුවන්,සිංග්ලිෂ් ලියවෙන්න ඕනේ විදිය!:)

pubudu said...

OW OW eka atta.ehenam jayaa wewa .digatama liyanna

Nelum said...

@ Pubudu: :) ස්තුති!