Thursday, December 22, 2011

හොල්මන් ගෙදරක නිවාඩුවක්!!!

අහඹුද! අද්භුතද?! 4 කොටස 
අගෝස්තු 23

.අම්මට සම්පුර්ණයෙන් සුවය ලැබුනත්…. දොස්තර, සතියක්වත් .අම්මට බෙඩ් රෙස්ට් කරන්න කිවුවයින්, පොඩි පුංචි,.අම්මව, එයාලගේ ගෙදර එක්කගෙන යන්න ලැස්ති කලේ, නැත්තන් මට කරදර වෙන්න, සිද්ධ වෙන නිසා, කියලායි... .අම්මව බලා ගැනීම, මට කරදරයක් නුනත්, මේ වෙලාවේ මම නිශ්ශබ්දවම හිටියේ,.අම්ම මාත් එක්ක තනියම ගෙදර ඉන්නවට වඩා, ටික කාලයක් හරි කට්ටියක් එක්ක ඉදීම, ඇයගේ මානසික සුවයට තල්ලුවක් වෙන බව දැනුනු නිසයි! ඒ වගේම මගේ මානසික සුවයටත් දිලුලා එක්ක ඉදීමෙන් හොදක් වෙයි කියන බලාපොරොත්තුවෙන්! මේක හොල්මන් ගෙදරක නිවාඩුවක් වගේ වෙයි කියලා කවුද දන්නේ, ඒ වෙද්දී!

රෝහලේදී අ.අම්ම, පුංචිට කිවුවේ පෙරේත ආත්මයක් වෙන්න බැහැ කියලයි ගුරුන්නාන්සේ කිවුවේ... ඔහොම පස්සෙන් පන්නගෙන, එන්න තරම් බලවත් නැහැ, කියන්නේ පෙරේතයෝ! ඉක්මනින්ම විසදගමු කිවුවා කෝක උනත්! මේ දවස් ටිකේම වැඩ අධිකයි කියලා, වෙලාව ලැබුණු හැටියේම එන්නම් කිවුවා!” යි කියලයි! මොකක් උනත් කමක් නැහැ, මේක ඉක්මනට ඉවරයක් වෙනවනම් කියලයි මට හිතුනේ එවෙලේ! ලොකු මාමලා රට යන්න  හිටපු දවස අද උනත්, එක පස්සට කල් දැම්මේ අ.අම්මට හොදටම හොද උනාම යනවා කියලයි! ලොකු මාමලාගේ පිටත් වෙන දිනය, කල් දැමීම ගැන .අම්ම සතුටු උනේ, එයාලවත්, ලග එන පිරිතට සහභාගී කර ගත හැකි වන බව කියමිනුයි! 

හවස 3 ට කිට්ටු වෙද්දී, රෝහලෙන් .අම්මව එක්කගෙන, අපි පොඩි පුංචිලගේ ගෙදර ගියා! ගෙදර යද්දී, පොඩි මාමල හැර, අම්මගේ පැත්තේ නෑදෑයෝ ටික ඇවිල්ලා අ.අම්මව පිළිගන්න! ලොකු පුංචි, ලොකු මාමා,දිලුලා එකතු වෙලා පුංචි සාදයක් ලැස්ති කරලා තිබුනා,දැන් කරදර ඉවරයි කියලා හැමෝගෙම හිත්වල තාවකාලික සහනයක් ඇති කරගන්නමොහොතකට හරි හොල්මන් සිතිවිලි නැතිවෙලා, හිත නිදහස් වෙන නිසා, මමත් ගොඩක් සතුටු උනා! හවස 7 වගේ වෙනකන් කථා කර කර විනෝද උන, අපේ විනෝදේ අතරට, හොල්මන පහත් උනේ, එකපාරටම, අහම්බෙන් වගේ! දිලුගේ කාමරේට ඇද උඩ මම, දිලූ, සචි, මල්කි, සහ සෑම් මොනොපොලි සෙල්ලන් කරද්දී, ඒක පාරටම කැගහගෙන, ඇදෙන් පැන්න මල්කි, අපි උඩ බිම බලද්දී, කාමරෙන් දිවුවේත් කැගහගෙනමයි!

ඒක පාරටම උනත්, හැමෝටම හොල්මනක් ඇති බව කියන රතු එළිය’, පෙන්න ඇති කියලා, මට හිතුනා!  නිරායාසයෙන් ඇදෙන් බැස්ස අපි, ඉක්මනට නමුත් සීරුවෙන් කාමරේ දොරගාවට ගියේ, කාමරේ වටේ බලමින්අඩියෙන් අඩිය, අපි කාමරේ දොරෙන් එළියට යද්දී, ඉස්සරහෙන්ම හිටිය සචි, එකපාරටම මහා හඩින් කැගහගෙන සෑම් වත් පෙරලන්, එළියට පැනලා දිවුවේ, සෑම් ගේ ඇගෙ වැදිලා බිම වැටුණු, මගේ ඇග උඩිනුත් පැනලයි! මගේ පිටිපස්සෙන් හිටිය දිලූ, මාව නැගිට්ටද්දී.... සෑම් නැගිට්ටේ මම හිතන්නේ, සචි බය උනේ, මම එයාගේ උරහිසට අත තිබ්බ නිසා වෙන්න ඇති කියමිනුයි! අපේ මොට්ටිට පිස්සු... මගේ කකුලත් පාගාගෙන දිවුවේ කියපු දිලූ එක්කම, අපි දෙන්නත්, වට පිට බලලා, සාලෙට අවේ, මල්කිට එකපාරට, උනේ මොකද්ද කියලා බලන්න!

මල්කි සාලේ කතාකර කර ඉන්න පොඩි බාප්පා ගාවට වෙලා, උන දේ කියනවා එතකොටත්! මම දැක්ක කාමරේ දොර ගාව, කළුවට, කලුවේ කවුරු හරි ඉදලා එක පාරටම නැති වෙලා ගියා!”…. “දුව දකින්න ඇත්තේ චිත්‍රා ව, වෙන්න ඇති!” කියලා මාමා කිවුවා! “මේ ළමයි ඔලු පුරෝගෙන ඉන්නේ, විකාර හොල්මන් වලින් නේ මිනිස්සුත් පෙන්නේ දැන් හොල්මන් වගේ මෙයාලට!” යි, මාමා කියද්දී, ගැණු පාර්ශවේ අය නිහඩ උනේ, එතනින් එහාට කථා කරලා තේරුමක් නැති නිසා වෙන්න ඇති! එතකොටම සචි කියනවා නැ, නැ මට දැනුනා, ඇගට අතක් තියනවා හොල්මනක්! එත් එක්කම සෑම් කිවුවා ආ ඒ හොල්මන නම් මමයි කියලා!

මම අ.අම්ම දිහා බැලුවේ එයා මොනවා හරි කියයිද කියලා බලන්න... එත් එයාත් ඇහෙන්නේ නැහැ වගේ ටීවී  එක දිහා බලන් ඉන්නවා! මාමල අත්භූත දේවල් දැකලත්,එළිපිට විශ්වාස කරන්න මැළි වෙන්නේ, එකෙන් තමන්ගේ ආත්ම ශක්තියට, මානසික නිදහසට, මාන්නයට, සහ ප්‍රයෝගිකව එදිනෙදා ජිවිතයට, බරපතල හානියක් වෙනවා කියලා, හිතන නිසයි! කියලා අ.අම්ම පුංචිලා එක්ක කියනවා මම අහගෙන! ඒ නිසා, වැඩිමල් ගැණු පාර්ශවේ අය නිහඩ පිළිවෙත අනුගමනය කරන්නේ, පිරිමි පාර්ශවේ අයට, අපි නම් මානසිකව නිදහස් කියලා, හිතාගන්න ඇරලා වෙන්න ඇති! එත්, හිතුව පමණින් නිදහස් වෙන්න බැහැ’, කියලා එයාලට තේරෙන දවසක් ඉදිරියේදී එනවා කියලා, එයාලවත් හිතන්න නැතුව ඇති!

ඒකෙන් පස්සේ අපිත් හිතුවේ, සචි වගේම, මල්කිත් බොරුවට බය උනා කියලයි! රෑ කෑමෙන් පස්සේ, සාලෙට අවේ ෆිල්ම් එකක් බලන්න හිතාගෙන! රෑ 10 විතර වෙනකම්, ෆිල්ම් බලලා අවසානේ, කෝපිත් බීපු කට්ටිය, සාදය අවසන් කරලා ගෙවල් වලට පිටත් උනේ, දිලුලා ගේ ගෙදරනවතින්න බලාගෙන ඇවිත් ඉදපු සෑම්, ඉතුරු වෙද්දී! .අම්ම එක්ක කාමරේ නිදාගන්න, චිත්‍රා යද්දී... මටයි සෑම්ටයි තව කාමරයක් ලෑස්ති වෙලා තිබුනා! නිදාගන්න ලෑස්ති වෙලා, පිරිසිදු වෙලා ආපු අපි කට්ටිය, සෑම් ටයි, මට යි වෙන් කරපු කාමරේට වෙලා, මොනොපොලි සෙල්ලන් කලේ නිදිමතක් නොතිබුන නිසා!

රෑ 12 , කිට්ටු වෙනකන් සෙල්ලන් කරපු අපි, නිදා ගන්න ලෑස්ති උනේ, හෙට උදෙන් අයෙත් සෙල්ලන් කරමු කියලා කථා වෙලා! දිලූ, සචි, මල්කි එයාලගේ කාමරේට යන අතරේ, මමයි සෑම් මුයි නිදාගන්න ඇදට පැන්න! විකාර කථා කර කර ඉදලා, අපි දෙන්නට, දන්නේම නැතිව නින්ද ගිහින්! රෑ මැදියමේ, කෙනෙක් මගේ මුණට එබීගෙන ඉන්නවා, වගේ හැගීමක් එක්ක ගැස්සිලා ඇහැරුණු මම, වට පිට බැලුවේ කවුරුත් ඉන්නවද කියලා සැකහැර දැනගන්න! සෑම් නම් හොදටම නිදි! ඇදට වෙලා උඩ බලාගෙන ඉන්දැද්දී, එක පාරටම වගේ මගේ ඇහැ ගියේ, සිවිලිමේ කොනකට එකතුවෙලා තිබුණු කළු පාට දෙයක් දිහාවට! ඇස් පිහිදලා, බෙල්ල කෙලින් කරලා බලද්දී එහෙම දෙයක් නැහැ එතන!

අයෙත් ටික වෙලාවකින්, කාමරේ දොර දිහාවේ ඉදලා, ගාට ගාට වගේ ආපු කලුපාට දෙයක්,  සිවිලිම උඩ කැරකෙනවා වගේ මට පෙනුනා... ඇස් ඇරගෙන ඒක දැක්කද, වහගෙනම, හීනෙන් ඒක දැක්කද කියලා ෂුවර් නැහැ... සිවිලිමේ තැනින් තැනට පාවෙලා වගේ ගියපු ඒ වලාකුළ, හරියටම ඇද උඩ තියෙන හරියට ඇවිත් ක්ෂනෙකින් මගේ මුණට පහත් උනා! මාව උඩ විසිවෙද්දී, මේක හීනයක්ද ඇත්තක්ද කියලා හිතාගන්න බැරිව, ඇදෙන් පනිද්දීම වගේ මම දැක්කේ සෑම් ව! එයා උඩ බලාගෙන ඇදෙ ඉදගත්තේ, මම දැකපු දේම එයත් දැකලා තමයි, කියලා මට වැටහෙද්දී යි! 

ඒ වෙලාවේ, කතා කරන්න ඉන්නේ නැතිව, මම දොර ලගට ගිහින් දොර ඇර ගත්තේ, එළියට යන්න ඕනේ කියලා, දැඩිව හිතට දැනුනු නිසයි! මොකද්ද උනේ මම ඇහුවේ, තාමත් උඩ බලන් ඉන්න සෑම් ගෙන්! “කලුපාට මොකක් හරි දෙයක් මගේ මුණට පහත් උනානේ කියලා කිවුවා…. සෑම් මගේ දිහා බලන් හිටියේ, මමත් එකම දැකලා තමයි ඇහැරුනේ කියලා, මම කියන්න කලින් තේරුම් අරගෙනයි! කොහොමද එකම හීනෙ දෙන්නටම පෙන්නේ?! ඒක හීනයක් උනත් ඇත්තක් උනත් අපි දෙන්නම ඒක දැක්කා!! මොකද කරන්නේ දැන්? කාමරේ හොල්මනක් ඉන්නවද කොහෙද!” සෑම් කියද්දී, මම කිවුවේ ඔහේ හිටපු දෙන්! අපි දිලුලගේ කාමරේට මෙට්ටේ ඇදගෙන යමුයි කියලයි

ඉන්න ටිකක්!” කියපු සෑම්, කාමරේ ඇතුලට දුවලා ගිහින්,කන්නාඩි මෙසේ උඩ තිබුණු ෆෝන් එක අරගෙන ඇවිත් අපි නයිට් විෂන් දාලා බලමු! ඇත්තටම හොල්මනක් ඉන්නවද කියලාකිවුවා! ඒ මෝඩ අදහසට එවෙලේ මමත් එකග උනේ, මොන හේතුවකට ද කියලා, අදටත් මට තේරෙන්නේ නැහැ! කාමරේ ලයිට් ඒක ඔෆ් කරලා, දොර ගාවට ගියපු අපි දෙන්න, මොකක් හරි උනොත් එළියට දුවන්න බලාගෙන, ෆෝන් එකේ වීඩියෝ කැමරා ඒක ඔන් කරගෙන, නයිට් විෂන් දාලා, රෙකෝඩ් වෙන්න දාගත්තේ මේක හොල්මනක්ද, නැත්තන් හිතේ ඇතිවෙන මායාවක්ද, කියලා, අද දැනගන්න පුලුවනේ කියලා ඔලුවට ආපු හැගීමක් එක්ක! 

සෑම්, කැමරා එකෙන් දකුණේ ඉදලා වමටත්, කාමරේ වටේම බැලුවා... ඊළගට සිවිලිමට අල්ලාගෙන කොනක ඉදලා බැලුවා... නැවතත් කාමරේ පුරාම බලල, නැවතත් සිවිලිමට අල්ලාගෙන යද්දී, කාමරේ කෙලවරේම L හැඩේට එකතු වෙන, සිවිලිම මුල්ලේ, කලුපාට දෙයක් තියෙනවා වගේ දැකපු මම, සරුවාන්ගෙම ගැහෙද්දිත්, සෑම් ගෙන් ෆෝන් එක අරගෙන, අත් දෙකෙන්ම එක අල්ලාගෙන, zoom කලේ, ඒ කළු පාට දෙය මොකද්ද කියලා හරියටම බලා ගන්න! එත් එහෙම දෙයක් නැහැ එතන! “Zoom කරලා වැඩි උනාද?” රහසින් වගේ කියාගෙනම, සෑම් ෆෝන් එක අරගෙන, zoom අඩු කරලා එතනටම ඇල්ලුවා! මුකුත් නැහැ!

උන දේ ඉවෙන් වගේ තේරුණ මම අඩියක් කාමරෙන් එළියට තිබ්බේ, සෑම්ගේ අතකින් ඇදගෙනමයි! සෑම්ට තේරුණා, එයින් මම ඉගි කරපු දේ! එයා මාත් එක්කම එළියට අවේ, ෆෝන් එක කාමරේ දිහාවටම අල්ලාගෙන ඉද්දීමයි! හිමිට පස්සෙන් පස්සට යන ගමන්, මම කොරිඩෝර් එකේ ලයිට් එක හෙවුවේ, අදුරේ ඉන්න හොල්මන්, ලයිට් එක දැම්මම නැතිවෙයි කියලා හිතනවටත් වඩා, අපේ හිත් වල බය, ලයිට් එළියට අඩු වෙයි කියලා හිතාගෙනයි! සෑම් කාමරේ දොර වටේටම ෆෝන් එක අල්ලද්දී, එකපාරටම අපි දැක්කේ, කාමරෙන් එළියේ, සිවිලිමේ ඒ කලුපාට දෙය තියෙනවා වගේ! දැන් ඇති, දැන් ඇති කියාගෙන මම, බාප්පාලාගේ කාමරේ දොරගවට දුවද්දී, සෑම් හිමිට පස්සට එන ගමන් ෆෝන් එක අල්ලගෙනම ඉන්නවා!

මම බාප්පලාගේ කාමරේ දොරට තට්ටු කරන ගමන්, සෑම්ට කිවුවේ එනවා මෙහෙට, දැන් ඇති ඕක කියලයි! එත් එක්කම මම දැක්කේ දැක්කේ, පඩිපෙළ ලග බිත්තිය ගාවටම වෙන්න, කළු පාටට කෙනෙක් හිටන් ඉන්නවා, සෑම් ගේ පැත්තට හැරිලා! ඒ අත්භූත දෙයෙහි අසාමාන්‍ය උස එවෙලේ මගේ හිතට වැටුණු එකම දෙයයි! වචනෙන් විස්තර කරන්න බැරි හැගීම් පෙළක් පහල වෙද්දී, යාන්තමට වගේ මට මතක, සෑම්! අයින් වෙනවා ඔතනින් කියලා කෑගහලා කිවුව වගේ! ඒ මොහොතේ මගේ උගුර කට වේලිලා ගිහින්, හුස්ම හිර වෙලා ගියා වගේ මට දැනෙද්දී, තවත් එක තප්පරයක් යන්න ඇති, පිටිපස්සෙන් බාප්පා දොර අරිද්දීම, මම දැක්කේ, විදුලි වේගෙන් ඒ කලුපාට දෙය සෑම් ගේ ඇගේ වදිනව යි!

දණහිස් පණ නැති වෙලා, මාව කාමරේ මුල ඉන්දෙද්දී, සෑම් ගාවට දුවලා ගිය බාප්පා, එයාව අල්ලගත්තේ වැටෙන්න යද්දීම වගේ! සෑම් ලගට දුවපු පුංචිත්, සෑම් ලග වැටිලා, අඩ අඩ මොනවද කියවනවා මට පේනවා, එත් ඇහෙන්නේ නැහැ මට මුකුත්ම! කන ලග බෝම්බයක් පිපිරුව වගේ, කන් ඇහෙන්නේ නැතිව, කන ඇතුලෙන් කෝචියක හෝන් එකක්, ඇතින් වගේ ඇහෙද්දී, මම ගල් උන පිළිමයක් වගේ, මගේ ඉස්සර වෙන දේවල් දිහා, බලන් හිටියේ, mute කරපු ෆිල්ම් එකක් බලනවා වගේ! සෑම් ව, උස්ස ගත්තු බාප්පා එයාලගේ කාමරේට ගිහින්, අයෙත් දුවගෙන ඇවිත් මගේ මුණෙන් හොලවලා, මොනාද කියනවා මට පේනවා... අ.අම්මත් ඇවිත් මගේ ලග ඉදගෙන, අඩ අඩ මොනාද අහනවා, මාව අල්ලනවා මට පෙනුනත්, මොකද්ද මේ වෙන්නේ කියලා, මට ඇත්තටම තේරුනේ නැහැ!

එක පාරටම, සැරෙන් කම්මුලට වැදුණු පාරකින්, ගැස්සිලා වගේ බලපු මට, දාඩිය පෙරාගෙන, බය වෙලා ඉන්න, බාප්පාගේ කටින් එන වචන ටිකේ ශබ්දය, ලාවට වගේ ඇහෙන්න ගත්තා! ඔලුවට අතක් තියාගත්තු මාව, නැගිට්ට ගෙන, එයාලගේ කාමරේට ගෙනිහින්, ඇදෙන් වාඩි කරවපු බාප්පාසෑම් ගේ මුණට වතුර ඉහින ගමන්, කම්මුලට තට්ටු කරමින්, සිහිය ගන්න උත්සහ කලා! ඒ වෙද්දී මම දැක්කේ, දිලු ලත් කාමරෙන් එලියට ඇවිල්ලා, මුණවල් දෙක කරගෙන අපි දිහා බලන් ඉන්නවා! සචි යි, මල්කි යි, දෙන්නම අඩනවා! අනේ ජයේ, මම කිවුවනේ මේගොල්ලන්ව, තනියම තියන්න එපා කියලා! කියන දෙයක් කනකට ගත්තේ නැහැනේ! ඇස් දෙකෙන්ම දැක්කනේ දැන් උන දේ!” කියමින් පොඩි පුංචි අඩද්දී, බාප්පා නැවත නැවතත්, සෑම්ගේ මුණට තට්ටු කරමින් වතුර ඉස්සේ කොයි වෙලේක හරි සිහිය එයි කියලා යි!

අවසානයේ බාප්පා, සෑම්ට ඉතාමත් සැරෙන් කම්මුලට පාරවල් කිහිපයක් ගහලා, උරහිස් දෙකෙන් අල්ලා හෙලෙවුවේ, දැන් ඇති නැගිටිනවා කියමින් වගේ... මොහොතකින් ඇස් ඇරපු සෑම්, කැගහගෙන, බාප්පව තල්ලු කරගෙන කාමරේ මුල්ලකට දිවුවේ, මරණෙට කැපවෙලා ඉදලා බේරුනා වගේ, ගැහෙමින්! ඝෝෂාවක් වගේ, හැමෝගෙම කටවල් ඇරෙද්දි, කෑගහන්න එපා!” කියමින් සෑම් ලගට ගියපු අ.අම්මා, දැන් හරි දුව! ඔයා ඉන්නේ, අපි එක්කයි කියලා ඔලුව අත ගෑවේ, සෑම්, වෙන ලෝකෙකට ඇවිත්, වගේ ඇස් ලොකු කරන් වට පිට බලද්දීයි! එවෙලේ මට මතක් උනේ රන්දී, හීනෙන් ඇවිදපු දවසේ, එයා ඇහැරුනෙත් මේ විදියටම නේද කියලයි!


'යක්කු එළවන්න, යක්කු ගෙන්වීම'


තවත් කොටසකින් හමු වෙමු !!!

9 comments:

Charitha said...

හ්ම්ම්.......... මාරයි නේ. මම මේ කතාව මුල ඉඳලාම බලනවා. හරියට හොරර් ෆිල්ම් එකක් වගේ. කාමරේ වීඩියෝ කැමරාවක් සෙට් කරලා නිදා ගත්තනම් හරි. ඒක නෙවෙයි ෆෝන් එකෙන් වීඩියෝ කරපු දේ වල මොනවද තිබ්බේ. ඔයගොල්ලෝ ඒක බැලුවේ නැද්ද? ඒ ක්ලිප් එක අපිටත් බලන්න දාන්න බැරිද?

ඉතුරු කොටසුත් ඉක්මනට දාන්න.

බට්ටි said...

මට මේ ෆොටෝ ටික දැකහම දුවන්න හිතුනා.

Nelum said...

@ Charitha : වීඩියෝ කරයින් තමයි මේක වර්ස් උනේ චරිත... අපිට බලන්න දුන්නේ නැහැ,අපේ පිස්සු ඇර වෙන කිසිම දෙයක් නැහැ කියලා මාමල බලලා මකලා දැම්මා!එත් මට තියෙන ප්‍රශ්නේ, ඇයි එහෙනම් එක මකලා දැම්මේ කියන එකයි!අදටත් ඇහුවට කියන්නේ මුකුත් තිබුනේ නැහැ කියලමයි

@ බට්ටි : මහා භයානකයි වගේ නේ! :)

sameera said...

ඇත්තටම බය හිතෙනවා. ඒ වගේම ඔයා හොඳට ලියලා තියනවා හිතේ කථාව ඇඳෙන විදිහට. මේ වගේම, මේ වගේ දේවල් මමත් දැකලා තියනවා තව අයට වෙලා තියනවා. ඒ නිසා මම විශ්වාස කරනවා. නමුත් මම නම් මේ වෙනකන් ආසාවටවත් යකෙක්වත් හොල්මනක්වත් දැකලා නම් නැහැ.

Anonymous said...

මේ ගැන විශේෂයෙන්ම කථා කරන වැඩසටහනක් දිනපතාම FM Derana ඔස්සේ විකාශය වෙනවා රාත්‍රී 10.00 ට. අහලා බලන්න. කලුවර අඩවිය තමයි වැඩසටහනේ නම.මමත් ගොඩක් දේවල් දැන ගත්තා ඒකයි මේ ගැන කිව්වෙ,නැතුව Publicity එකක් දුන්නා නම් නෙමෙයි.

Nelum said...

@ sameera:ස්තුතියි!එත් මේ ආසාවටවත් දකින්න, හිතන්නවත් එපා!

@ Anony : අනේ අම්මෝ මට නම් එපෝ! දන්න ටික නිසා පුදුම දුකක් වින්ද කාලයක්ම!දැන් උනත්, ඩයරි ඇදගෙන පරණ ඒවා මතක් කරන්න ගිහින්, දවල්ටත් බය වෙන ගතියක් ඇතිවෙලා තියෙන්නේ!

my7 said...

mata mehema deyak unanan pissu hadeyi!

Anonymous said...

matah dan bayai wage gedara innath!

Nelum said...

@ my7: මමත් ඒ දවස් ටික ගෙවුවේ පිස්සුවෙන් වගේ තමයි! එපා වෙලා හිටියේ මට නම්!

@ Anony: බය වෙන්න එපා මේ වගේ දේවල් හැමෝටම වෙන්නේ නැහැ! :)