Monday, December 5, 2011

අවසානයක් නොවුණු, අවසාන කොටස!!!

'ඇල්ල ට්‍රිප් එක'  අවසාන කොටස!  


'අවුවෙන් පිච්චුන මිනිහව ගින්නට පෙරළුවා වගේ' සිද්ධ උන මේ අත්භූත සිදුවීම් වලින් මානසික වැටිලා, තමන්ගේ පාළනය කේන්තියට, වේදනාවට බාර දුන්න වැඩිහිටියන්, වාද විවාද කිහිපයකටම පසු, වැඩි කැමැත්තට ඉදිරියට කල යුතු දේ ගැන එකගතාවයකට අවා  පන්සලට ගිහින්, නවාතැනෙන් එද්දී මුර උන්නැහේ කියපු කට්ටඩි ගෙදටරත් යමුඊ කියලා!

ගමනාන්තයට ලං වෙනකන් නවාතැනේදී ගෙවුණු පැය කීපයේ, අනිත් අයගේ අත්දැකීම් අපිට දැනගන්න ලැබුනා 'හොද හොද සෙල්ලන් එළිවෙන ජාමෙට' කිවුවා වගේ, හොදම සෙල්ලන් ටික වෙලා තියෙන්නේ එළි වෙන්න කිට්ටුව! කීප දෙනෙක් මම සහ දිලූ ලබපු අත්දැකීමට සමාන 'කළු හෙවනැල්ලේ' අත්දැකීම විවිධ ආකාරයෙන් ලබල තියෙද්දී දෙන්නෙක් ඉතාමත් භයානක අත්භූත දේවල් වලට මුණ දීල තිබුනා!

ඒ අතරිනුත් පොඩි මාමගේ ලොකු  දු ලබපු අත්දැකීම ඉතාම භයානකඊ කියලා, එයා හැර  අපි ඔක්කොමල දැනන් හිටියා! පොඩි කලේ නින්දෙන් ඇවිදපු කෙනෙක් උන රන්දි, අවුරුදු 14 කට පස්සේ, නැවතත් නින්දෙන් ඇවිදගෙන නවාතැනෙන් එළියටම ගිහින්! එයාට මතක කවුරු හරි එයාට හීනෙන් වගේ,අඩ ගැහුවා විතරලු!

එත් රන්දිට මතක නැති, එයාට  කියන්නත් එපා කියලා කථා උන, රහසක් තිබුණා! ඒ රහස නම්, එයාව හොයා ගනිද්දී අවේස වෙලා හිටියා කියන එක! අවේස වෙලා හිටියා කියලා කියන්න හේතුව එවෙලේ එයාව අල්ලපු අයව හුරලා, හපලා ගැලවිලා යන්න දගලලා තිබුනා! නින්දෙන් ඇවිදින කෙනෙක් ඒ විදියට ප්‍රචණ්ඩ වෙන්න හේතුවක් නැති නිසාත්, නින්දෙන් ඇවිදපු පොඩි දවස් වල වත් කිසිදාක මෙවැනි අභිරහස් ආකාරයකට ලගින්වත් යන හැසිරීමක් නොපෙන්වපු නිසාත්, ලොකු අය එක අවේස වීමක් ලෙස තීරණය කරලා තිබුනා මේ ආකාරයෙන් මේ සිදුවීම නැවතත් සිදුවුනොත් ඉතාම බරපතල භයානක එකක් වේවි කියලා එවෙලේ මට හිතුනත්, නුදුරු අනාගතෙදීම ඒ සිතිවිල්ලට පණ ලැබේවි කියලා නම් මම මොහොතකට වත් හිතුවේ නැහැ! ඒ අතරේ රන්දිගේ නින්දෙන් ඇවිදීමට සම්බන්ධ, අපි බහුතරයක් නොදන්නා දෙයක් දිලූ දැනගෙන හිටියා කියන එකත්, එයා මට ඒක දන්වන්න අවස්ථාවක් එනකන් ඉන්නවා කියන එකත් ඒක මට තේරුණා! 

රන්දිගේ සිදුවීම තරම් බරපතල නොවුනත් වෙනත් ආකාරයකින් බරපතල අත්භූත  අත්දැකීමක් සැමන්තා ලබලා තිබුනා... එයා නිදන් ඉන්දැද්දී දෙපාරක්ම පෙරවාගෙන ඉදපු බෙඩ් ශීට් එක විසිවෙලා ගිහින් බිම වැටිලා! ඇල්ල ලගදී හොල්මන් නොදැක්ක දෙන්නගෙන් කෙනෙක් සැම්මේ සිද්දියෙන් පස්සේ එයා හිටියේ මාන්දම හැදුන  රෝගියෙක් වගේ සුදුමැලි වෙලා! මේ වගේ අත්දැකීම්, මට නොලැබුන එක ගැන ආත්මාර්ථකාමී සතුටක් ඇති උනත්, ඒ සතුට, මේ අත්භූත බලවේග වලට, කල හැකියඊ හැගුන දේවල් නිසා හිතේ අහලකවත් කලින් නොතිබුන බයක් බවට පෙරලෙන්න ගියේ ඉතාම සුළු වෙලාවඊ

හිත් වල තිබුණු බය, හැමෝගෙම මුණු වල පැහැදිලිවම සටහන් වෙලා තිබුනා! ශාරීරිකවත් මානසිකවත් කිසිම සහනයක් නොලද අපි ඉක්මනින් කේන්ති එන සහ යන අය බවට පත් උනේ නිරායාසයෙන්... “ 'දහස්වරක් ඇහුවට වඩා එක්වරක් දැකීම වටි' කියලා තිබුනටහොල්මනක් දැකල ලැබෙන්නේ මොන කෙහෙල්මල් වටිනාකමක්ද?"  දිලූ කේන්තියෙන් කියද්දී, කියපු කෙනාගේ කට කන්න වටිනවා තවකෙක් කියඊ හැමෝම හිටියේ බයත් කේන්තියත් අතර මැද තැනකඊ කියලා මට හිතුනා!

ගෙවුණු මේ දවස් 3 ටම ප්‍රසන්න මතකයක් ලෙස අදටත් මගේ මනසේ ඉතුරු වෙලා තියෙන්නේ, පන්සල් බිමේ ගෙවුණු විනාඩි 30! ගෙවුණු පැය කීපයේ මුණ දෙන්න සිද්ධ උන භයංකර සිද්ධි වලින් හෙම්බත් උන මනසට, විවේක කාලයක් ලැබුනා වගේ හැගීමකින් මම හිටියේ කරට සුදු පාට ඝනකම් පිරිත් නුලක් දාගෙන ඉන්න ලොකු පුංචිගේ මුණේ පාන්දර තිබුන අදුරු වෙනස නැති වෙලා කියලා මට හිතුනේ! ලොකු හාමුදුරුවෝ පිරිතෙන් බල ගන්වපු සුදු නුල් අපිටත් දුන්නේ, පන්සලෙන් යන්න කලින් අත් වල බැදගන්නයි කියමින්!

අපිව යටපත් කරන හිටපු බය, අතේ ගැට ගහපු පිරිත් නුලේ ගැටේට හිර වෙලා ගියා වගේ වගේ ආරක්ෂාකාරී හැගීමක් එවෙලේ මට දැනුනේ  “දැන් ඉතින් ඒ කරදරෙත් ඉවරඊ  කියාගෙනම ලොකු බාප්පා ලොකු හුස්මක් එක්ක හිතේ බර, වාතයට මුසු කරමින් වාහනේට ගොඩ උනේ  කට්ටඩි ගෙදර නොගිහින් ගෙවල් බලා යමුඊ එකගතාවයකට පැමිණිලඊ..

හුළන් කපාගෙන වාහනේ ඉදිරියට ඇදෙද්දී... ඇස් මානෙන් තරගෙට වගේ අපෙන් සමු ගන්න ගස් කෝලන් දිහා අරමුණක් නැතිව නිශ්ශබ්දවම, බලන් උන්න අපි හැමෝටම පොදුවේ දැනුන කායික මානසික විඩාව, ඇස් වහගන්න බල කරද්දී, අපි වැඩි පිරිසක් තැන් තැන් වල ඔලු හේත්තු කරගෙන ඇස් පියා ගත්තා! නින්දත් නොනින්දත් අතරේ පැයකට කිට්ටු කාලයක්  ගෙවිලා ගිහින්!

උදේ 7  ලං වෙද්දී,තේ ටිකක් බිල යමුඊ කතා උන වැඩිහිටියෝ, මහා පාරේම අයිනකට වෙන්න තිබුණු  දිය පාරකට යාබදව තනපු පොඩි ලෑලි  කඩයක් ලග වාහනේ නැවැත්තුව..  නිදිමතෙන් දිය පාරට බැස්ස කට්ටිය, සිතල වතුරෙන් මුණ හෝදගෙන ගොඩට අවේ, නින්ද වතුරට ගහගෙන ගියා වගේ ප්‍රබෝධයෙන්! තේ බිබී පැයකට ආසන්න කාලයක් ගතකල අපි, වර්තමාන කතාවලට වලට පහුගිය පැය කීපයෙන් තප්පරයක් වත් වැද්ද නොගන්න වගබලා ගත්ත... ඒත් හැන්ගුවට වඩා ඉක්මනට එළි වෙන රහසක් කාටත් හොරෙන් අප වටා  කැරකෙමින් තිබුනා!

තේ බීලා ඉවර කරපු අපි යන්න ලැස්ති වෙද්දී, තේ තිබුන මෙසේ ලගට බිල ගෙනත් දීපු පිරිමි ළමයාගෙන්, මෙසේ උඩ ඉතිරි වෙලා තියෙන තේ එක පෙන්නමින් ලොකු මාමා ඇහුවේ  "අපි 16 ඊ නේ ඉන්නේ, තේ 17 ක් මොකටද ගෙනාවේ!?" මාමා දිහා බලපු ඒ ළමයා හිනා උනා.... එයා හිනා උනේ මාමා විහිළුවක් කළා කියල හිතාගෙනඊ, එත් මාමා හිනා නොවුන නිසා ඒ ළමයා කියනවා  සර් කිවුවනේ ඔක්කොටම තේ ගෙන්න කියලා, ඒ නිසඊ මම සර්ලගෙ වාහනේ ඇතුලේ හිටපු කෙනාටත් තේ ගෙනාවේ!" කියලා… 


"කවුද වාහනේ ඇතුලේ හිටියේ? අපේ අය ඔක්කොම මෙතන ඉන්නවනේ!"  මාමා කියද්දී , ඒ ළමයා මාමගේ මුණ දිහා බලන් හිට්යේ 'බොරු කියන්න එපා' වගේ හැගීමකින්ඔක්කොමල්ලගේ මුණු ඇදවෙලා ගියේ ඒ ළමයා කියපු ඊලග වාක්‍ය ඇහෙද්දී!  “සර්ලා මෙතනට ආවට පස්සේත්,වාහනේ පිටිපස්සේ seat එකේ වාඩි වෙලා වෙලා ඉදපු කෙනා සර්ලගෙ කවුරුත් නෙවෙඊද? එයා මේ දැන් ටිකකට කලින් වාහනෙන් බැහැලා ඉන්නවා මම දැක්කා නේ! 

අපිව අත් නොහරින යම් බලවේගයක්, අපි පස්සෙන් පන්නනවා කියන හැගීම, කන් දෙකෙන් අපේ ඔලු වලට බහින්න වැඩි වෙලා ගියේ නැහැ ඇග හිරිවැටිලා ගිහින්, හදවත ගැහෙන වේගේ කනට ඇහෙද්දී මට ඇති උනේ අමුතුම හැගීමක්... නහයට උඩින් ගැලුවට පස්සේ කෝඊ තරම් ගැලුවත් එකඊ වගේ මට ඇති උනේ, බය වැඩියෙනුත් ඒ ළගටම ආපු කේන්තියත් අතර මැද හැගීමක්!

ගැණු පාර්ශවේ වැඩි හරියක් වාහනෙන් ඇත් වෙද්දී, ලේ හිදුනු මුණුත් එක්ක, මූණට මුණ බලාගත්ත පිරිමි පාර්ශවේ අය වෙන භාෂාවකින් කතාකරන මිනිහෙක් දිහා බලන් ඉන්නවා වගේ ඒ ළමයා දිහා ටිකක් වෙලා බලන් හිටියා අපිට රහසින් යමක් කතා කරන්න හිතාගෙන ඒ ළමයව අපෙන් තරමක්  ඇතට ගෙනිච්ච, මාමල අහපු දෙයකට උත්තරයක්  හැටියට දීපු ඒක දෙයක් මට ඇහුනා, ඒ නම් " මුණක් දැක්කේ නැහැ, කලුපාට ඔලුවක් විතරඊ දැක්කේ!" ඒක ඇහිලා බය නැවතත් ඉස්සර උනා කියලා මට හිතුනා! ඒ ළමයාගෙන් යම් යම් දේවල් අහල දැනගත්ත වැඩිහිටියෝ අපි ලගට අවේ “කරන්න දෙයක් නැහැ, නගින්න වාහනේට, මේ ලග පන්සලක මන්තර හාමුදුරු කෙනෙක් හම්බ වෙන්න යන්න වෙනවා කියමින්

වාහනේට නගින්න!?!? අර හොල්මනක් එක්ක වාහනේ යන්න!?!  අපිව වාහනේට දාගන්න එක නම් අමාරු වේවි කියල වැඩිහිටියෝ දැනන් ඉන්න ඇති... පැය බාගයක් විතර දෙපැත්තට ඇද ඇද ඉදලා අන්තිමට, බලවත් අකමැත්තෙන්, වෙන කල හැකි දෙයක් නැති නිසා, අපි කිහිප දෙනෙක් වාහනේට ගොඩ උනේ අපායට අඩිය තිබ්බ වගේ බයකින්, තවත් කිහිප දෙනෙක් නගින්න බැහැ කියලා අඩද්දී බලහත්කාරෙන් වාහනේට පටවාගෙන, අපි   පන්සල හොයන් හැල්මේ පිටත් උනා!

ගොළුවෝ, බිරෝ වගේ නිශ්ශබ්දවම,මොනවා හරිම වේවි  කියලා බලාපොරොත්තුවෙන්, අපි  වාහනේ ඉස්සරහ හිටගෙන, පිටිපස්ස බලාගෙනම ගමනාන්තයට ලං කලාවාහනේ නවත්තපු සැනින්, අපි වාහනෙන් බැස්සේ කන්දක් උස්සන් ඇවිත් බිමින් තිබ්බා වගේ අමාරුවෙන්!

හාමුදුරුවෝ මුණ ගැහුණු අපි සිදු වූ සියලුම දේ විස්තර සහිතව පවසද්දී, සන්සුන්ව සියල්ල අහගෙන හිටපු උන්වහන්සේ...  අපිට මන්තර වලින් ජීවම් කල නුල්පිරිත් නුලට උඩින් අත් වල බැදලා.. ලොකු පුංචිට සහ රන්දිට බෙල්ලට ලොකු නුල් දෙකක් දැම්මා... වැඩිමහල්ලන්ට තවත් උපදෙස් ලබා දීපු උන්වහන්සේට,වැදලා අවසර අරන්, අපි පන්සලෙන් එන්න පිටත් උනා! 

11 ට ලං වෙලා තිබුනත් අපි උදෙටවත් කලා හිටියේ නැහැ! ලග පහත කෑම කඩයක් වත් නොතිබුන නිසා, දවල්ටම කමුඊ කියලා, වාහනේ තිබුන අමතර කැමවලින් බඩවල් පුරවාගත්තා! දවල් 12 පහුවෙද්දී,ටවුන් එකක තිබුන අවන්හලකින් දවලට කාපු අපි වාහනේට ගොඩ වෙලා ඉස්සරහ seat වල ඉද ගනිද්දී, වාහනේට නගින්න ලෑස්ති වෙලා ඉන්න ලොකු නැන්දා, පිටිපස්සේ පේළියක වාඩි වෙලා ඉන්න ලොකු පුංචිව කන්න වගේ බලන් ඉන්නවා! ඇඊ මේ? හිතට එන අමුතු හැගීම් එක්ක අපි මුණට මුණ බලා ගත්තා!

 "කෝ නංගිගේ බෙල්ලේ තිබුන නුල්?!"

ලොකු නැන්දා එහෙම ඇහුවේ එළියේ හිටන් ඉන්න ලොකු බාප්පා ගෙන්!

'පිරිත් නුල්' පුංචිගේ විතරක් නෙවෙඊ  අපෙත් ආරක්ෂකයා උනා කියලා එවෙලේ අපිට නිකමට වත් හිතුනේ නැහැ! අණක් නැතිවම ඔක්කොමල වාහනෙන් බැස්ස.. හැමෝම  පුංචි වාඩි වෙලා උන්නු තැන වටේම නුල හෙවුවා... පුංචිගේ මුණ දිහා බලපු බාප්පා " ඒක  මෙතන නැහැ"  කියාගෙනම අපි කෑම ගත්තු මේස ලගට ගියා... මම හොරෙන් වගේ පුංචි දිහා බැලුවා... වාහනෙ ඇතුලේ ඉදගෙන ඉන්න පුංචිගෙ මුණේ බය උන සලකුනු අතරින් පෙරිල මට පෙනුනෙ හිනා වෙන මුණක් කියලා මගෙ හිත කියනවා... නුල නැති උන එක එයාට ගානක් නැ වගේ! සෙවල අල්ලපු බිත්තියකට තීන්ත ගැව වගේ හිත ඇතුලෙන් මතු වෙන්න දගලන, බය බලහත්කාරයෙන් යට කර ගත්තු මම පිරිත් නුල හොයන්න මහන්සි උනා! 

පිරිත් නුල හොයන අතරේ ලොකු නැන්දා කියනවා බෙල්ලෙන් ගැලවිලා කොහොමද ඒ දෙකම වැටුනේ! හොයාගත්තත් දාල වැඩක් නැනේ, දැන් දෙකේම බල බිදිලානේකියලා මොහොතේ අවන්හලෙන්  එලියට අපු බාප්පා කාන්තා පාර්ශවෙන් ඇහුවා ඕගොල්ලෝ ගියා නේද බාත්රූම් එකට! ඒ වචන ටික කනේ ගැවෙන්නත් කලින්, වැඩිහිටි ගැණු පාර්ශවේ අය ඉක්මනට ගියේ අවන්හලේ පිටිපස්සට වෙන්න තිබුණු බාත්රූම් එක පැත්තට විනාඩි  කිහිපයකින් ඒ අය අවේ බාත්රූම් එකේ වැටිලා තිබුන සුදු නුලුත් අරගෙන... වැඩිහිටියන්ගේ මුණවල් අමුතු වුනත් වචනයක් වත් කතා නොකර, අපිවත් වාහනේට ගොඩ කරගනිද්දී  මම යාන්තමට දැක්ක පුංචිගේ මුණ... ලාවට හිනා වේගෙන වාහනේට නගින අය දිහා ඒක එල්ලේ බලන් ඉන්නවා! මේ තරම් දුරක්, අපි පස්සෙන් හබාගෙන ඇවිත් ඒ මොහොතේ මට දැනුනේ, පරාද කරන්න බැරි, බලවේගයක් අපේ අවසානයක් දක්වා එනවා! කියලඊ... මොනවා කලත් දවසේ අවසානෙට එද්දී ඒ බලවේගේ අපිව පරාද කරලා! 

දැඩි මානසික වෙහෙසක් දරාගෙන නැවතත් පන්සලකට ගොඩ වැදුණු අපි  පුංචිට නුලක් දාගෙනම ගෙවල් බලා එන්න පිටත් උනා! රාත්‍රී  8:45 වෙනකොට ගමනාන්තයට ලගා උන අපි... කායිකවත් මානසිකවත් ලෙඩ වෙලා හිටියා කියලා මට දැනුන! අපි ගෙවල් වලට අවේ මේ දේවල් අදින් ඉවරඊ කියන හැගීමත් එක්ක එත් හැමෝම දන්නවා හිත යටින්, මේක ඉවරයක් නොවුන වග! හිනාවක් නැතිවම සමු ගත්ත අපි, ‘ඇල්ල ට්‍රිප් ඒක අවසන් කලා!

අසුතුටු සිතින් ගෙදර ඇවිත් ගතින් පිරිසිදු වෙලා ඇදට ගිය මට, ෆෝන් එකට msg එකක් ඇවිත්! දිලූ ගෙන් එකේ තිබුණු දේ කියවලා, මගේ හිත සිතල වෙලා ගියා! 

 " නෙළී, රන්දිව හොයා ගනිද්දී එයා ඉදලා තියෙන්නේ හතර ගාතෙන් ඇවිදිමින්, සතෙක් වගේ !!!”

බහුබූත අදහස් ගොඩක් එක්ක ඇදේ දිගාවෙලා කල්පනා සාගරේක ගිලිලා උන්න මට,ශාරීරික විඩාව මානසික විඩාව අභිබවා ගිහින් ඇස් පියවෙද්දී මගේ ඔලුවේ එදා දවසේ ඉතුරු වෙලා තිබුන අන්තිම  සිතිවිල්ල, මටත් හොරෙන් හිතෙන් ගැලවිලා ගිහින් විශ්වයට එකතු වෙන්න ඇති!

ජිවිතේ කවර දාකවත් අමතක නොවෙන ලෙස මනස හාරගෙන ගිහින් තැම්පත් උන, මේ අත්භූත අත්දැකීම් වල අමිහිරි මතකයන්, නැවත කිසි දිනෙක එළියට ඇදෙන සිදු වීම්, අප කිසි කෙනෙකුට සිදු නොවේවා!”


නැවතත් කතාවකින් හමු වෙමු!!!

12 comments:

Dakshina said...

කියලා වැඩක් නෑ... භද්‍රජී මහත්තයගේ පොතකට පස්සේ මේ වගේ කතාවක් කියෙවුවමයි. උපරිමය!!!!

Nelum said...

@ Dakshina: :) බොහොම ස්තුති!

Anonymous said...

Nice story. but I like to know Whether this is a true story?

pubudu said...

niyamai..office eke ice gahana gaman kiyeuwe.maru Nelum

Nelum said...

@ Anony: Ya I kw, can’t believe! But this is the truth that I happened to face!

@ pubudu: ස්තුති පුබුදු! :)

Charitha said...

වෙනදා වගේමයි. අති විශිෂ්ඨයි. හොලිවුඩ් හොරර් ෆිල්ම් එකක් වගේ බය හිතෙන විදියට ලියලා තියෙනවා. මට නම් හිතා ගන්න බෑ මේ වගේ අත්දැකීමකට කොහොම මුහුණ දුන්නද කියලා.... දිගටම ලියන්න

Nelum said...

@ Charitha: බොහොම ස්තුති! අවුරුද්දක් පහු වෙලත්,තාමත් මතක් කරන්න බයඊ රෑ වෙද්දී... ඊලග එකෙන් බලන්නකෝ එදාඊන් පස්සේ උන දේවල්! :)

my7 said...

mewa kiyawala thaniyen nidaganna bayai ayyo!

Nelum said...

@ My7: දවල්ට කියවන්න එතකොට රැ වෙද්දී අමතක වේවි!

buddhi said...

adai mama mea blog ekata awe.attatama oge katawa wishwasa karanawada neadda kiyala hitaganna bea.wartamane meama siddi tiyeada kiyala piliganna puluwanda???????kohoma unat katawa kiyawanna asa hitena widiyata liyala tiyenawa.

dreams said...

kiyanna wachana naha.kiyanna thiyenne budu ammoooooooooo

Nelum said...

හෙහෙ.... එතරම් බය උනාද :D