Friday, December 16, 2011

හොල්මනක් දැක්කද !?!

අහඹුද! අද්භුතද?! 2 කොටස 

අගෝස්තු 20

සැමන්තා ගේ, හීනෙන් බය වීම දිගට ම සිදු වීම නිසා, එයාලගේ ලංකාවේ නිවාඩු කාලය අවසාන කරන්න ලොකු මාමා තීරණය කරලාලංකාවට ආවම ඇති උන ප්‍රශ්නේ ලංකාවෙන් ගියාම විසදෙයි කියලා බලාපොරොත්තුවෙන් වෙන්න ඇති! පිරිත කියවනකන් ඉන්නයි කියපු .අම්මගේ බලවත් ඉල්ලීම අහක දාපු ලොකු මාමා කිවුවේ, සැම්ට ගෙදර යන්න ඕනේ වෙලා නිසයි මේ  ඔක්කොම, මොකද කොල්ලෝ දෙන්නට ඔය බය වෙන ඒවා මුකුත් නැහැනේගෙදර ගියාම ඔවා ඔක්කොම හරි යයි! කියලයිඑයාලගේ පිටත් වීමේ දිනය 23  යොදාගෙන තිබුනා!

පොඩි මාමායි ලොකු මාමායි දෙන්නම එකම බෝට්ටුවේ ය කියලා අ.අම්මා බනිනවා... ඇගට එන හැම දෙයක්ම, හිතේ ලෙඩ කියා කියා ඉදලා අන්තිමට 'වහ' කන්නයි වෙන්නේ, දරුවන්ට මොනවා හරි උනොත්! කාසියේත් දෙපැත්තක් තියෙනවා කියලා හිතන්නේ නැහැනේ ටිකක්!.... සියල්ල දත් කියලා දෙනාම හිතාගෙන ඉදලා අවසානේ…” ඉතුරු ටික නොකියම .අම්මා  කාමරේට ගියේ ඇහේ කදුලකුත් එක්ක කියලා   මට හිතුනා

අගෝස්තු 21

රන්දිව නේවාසිකව,වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ රෝහල් ගත කරන්න පොඩි මාමා ලැස්ති කරලා! පණිවිඩය අවේ පොඩි පුංචිගෙන්! උදේ 10 යි වෙලාව! .අම්මයි මමයි ඉක්මනින් ලෑස්ති උනේ මොකද්ද මේ හදිස්සිය කියලා දැන ගන්න, රන්දිව බලන්න  යන්නයි... දෙයියනේ මේ මොකද, මේ කියාගෙන ගෙට ගිය අ.අම්ම ගේ පස්සෙන් ගෙට ගිය, මම දැක්කේ පුටුවකට තියලා ගැට ගහලා ඉන්න රන්දිව! 

බෙල්ල කඩන් වැටිලා වගේ පුටුවේ ඉදන් ඉන්න රන්දි ලගටම වෙලා, නැන්දා අඩා අඩා ඉන්දැද්දී, .අම්මා රන්දිගේ ඔලුව අතගාන්න ඔලුවට අත තිබ්බා විතරයි, එක පාරටම මහා හයියෙන් කැගහගෙන, බැමි ලිහාගන්න සතෙක් වගේ දගලන්න ගත්තු රන්දීව, මම දැක්කේ ෆාස්ට් ෆොර්වඩ් කරපු ෆිල්ම් එකක් වගෙයි! මම දකින දේ මටම විශ්වාස නැතිව මම, මාමා දිහා බැලුවේ, මොකද මේ කියල අහන්න වගේ!  

මාමා හිස් බැල්මකින් මගේ දිහා බලලා එලියට ගියේ අ.අම්මගෙන් බැනුම් අහමින් තවත් විනාඩි කියපයකට පසුව ගිලන් රථයකින් පැමිණි, වෛද්‍ය වරයෙක් ඇතුළු පිරිමි 5 දෙනෙක්, රන්දිට එන්නතක් ලබා දීලා සිහිසුන් කරලා වාහනේට දාගත්තේ, නැන්දයි මාමායි දෙන්න  එයාලගේ වාහනෙන් ගිලන් රථය පිටිපස්සෙන් යන්න ලෑස්ති වෙද්දීයි... .අම්මගේ අතට ගෙදර යතුරු දුන්න මාමා, ගිහින් එන්නම් දුව අපි, රන්දිට හොදවෙයි ඉක්මනටම කියලා යන්න ගියේ මගේ ඇහැටත් කදුළක් එකතු වෙද්ද්යි!

ගෙදර දොරවල්, ජනෙල නැවත වතාවක් චෙක් කරන්න මම ඇතුලට යද්දී අ.අම්මා සලේ පුටුවකට වැටිලා වතුර ටිකක් ඉල්ලුවයින්, වතුර එකක් ගෙන්න මම රන්දිලගේ කුස්සියට යන්න උනා! ඒ කුස්සියට යන්න තියෙන්නේ කෑම කාමරේ සහ ගබඩා කාමරේ අතරින් තියෙන පොඩි කොරිඩෝර් එකක් මැදින්! අඩි පමණ පළල ඇති ඒ අදුරු කොරිඩෝර් එකේ මේ මහා දවාලෙත් ලයිට් දාගෙන යන්න වෙලා තිබුනේ.... එත් ලයිට් එක වැඩ කරන්නේ නැහැ! ලාවට වගේ පපුව ගැහෙද්දි හිතට දහිරිය අරන් ඒ අදුරු අඩි 20 දුර, තරණය කරන්න මම තීරණය කලා!

හංගගෙන හිටියට කොයි තරම් ලොකු බයක් හිතේ තියෙනවද කියලා මට දැනුනේ ඒ වෙලාවෙයි! පළවෙනි අඩිය තියද්දීම බඩ දගලනවා වගේ දැනෙන්න ගත්තු නිසා, අයෙත් ඒ අඩිය පස්සට ගත්ත මම, හිත එපා කියද්දීම ලොකු හුස්මක් අරන්, පෙනහළු වලට දාගත්තේ, මගදී හුස්ම හිරවෙයි කියලා හිතලා නම් නෙවෙයි! හිමිට මැදක් වෙනකන් ආව මට, එක පාරටම ඇග හිරිවටිගෙන යනවා වගේ දැනුනේ ලාවට වගේ කනේ වැදුන සිතල හුලන් රැල්ලක් නිසයි! හුළගක් විතරයි, හුළගක් විතරයි කිය කියා මතුර මතුර, ඉතුරු ටික යන්න ගත්තු මට, එක පාරටම දැනුනේ වචනෙන් විස්තර කරන්න බැරි දැනීමක්! 

ඇගේ දෙයක් වැදුනා වගේ හැගීමක් එද්දී... කරකැවිල්ල වගේ දැනිලා ඔක්කොම නිල්, කොළ පාට වේගෙන යද්දීම අ.අම්මා කථා කරන හඩ කොහෙන්ද පාවෙලා වගේ එනවා මට ඇහුනා! මාව කොහෙද ලෝකෙකට පාවෙලා යනවා වගේත්, කැරකෙනවා වගෙත් දැනිලා ඉවර උනේ මුණට වැටුණු සිතල වතුර බින්දු නිසයි! මට සිහිය එද්දී, මම සාලේ බිම අ.අම්මාගේ උකුලේ ඔලුව තියන් හිටියා! උසකින් වැටුනම වගේ ඇගේ අමාරුවක් එක්ක, අමාරුවෙන් නැගිට ගත්තු මම, පුටුවකින් ඉඳගත්තා!

මොකද්ද උනේ කියලා අ.අම්මගෙන් අහන ගමන් මම වෙලාව බැලුවා 11:20 යි! මොකක් 11:20 යි!!! මම කොච්චර වෙලා සිහිය නැතිව හිටියද?”  කියලා අහන ගමන් .අම්මගේ මුණ බලද්දීයි මම දැක්කේ, එයා හොදටම බය වෙලා ඉන්නවා කියලා... එතකන් ඒ ගැන මට මතකයක් තිබුනේ නැහැ! “මොකද්ද ළමයෝ උනේ?” .අම්මා පෙරළා මගෙන් ඇහුවා!

උනේ!?! මට මතක නැහැනේ... කොරිඩෝර් එක ලගදි සිහි නැති වෙලා හිටියද මම? මට එහෙම දැනුන එවෙලේ... එච්චරයි මතක!” මම කිවුවා සිහි නැතිවෙලා හිටියනම් මැදා... සන්නිය හැදිලා වගේ ගැහි ගැහි නේ හිටියේ! මගේ ප්‍රෙෂර් නැග්ගද මන්ද, මටත් කරකැවිල්ල වගේ ආව එවෙලේ!” කියලා ඇය අහක බලා ගත්තේ, ඇයි කියලා මට එවෙලේ අහන්න හිතුනත්, මට හිතන්න වෙන දෙයක් තිබුන නිසා, ඒ ගැන අමතක කලා මම එවෙලෙට! 

මොකද්ද උනේ, කියන්නකෝ මට... කියලා නැවතත් ඉල්ලද්දී අපි මෙහෙන් යමු දැන්... ඩ්‍රයිව් කරන්න පුලුවන්ද ඔයාට කියලා ඇහුවේ, මගේ අතින් අල්ලාගෙන ඇදගෙන වගේ එළියට එන ගමනුයි! බැරිනම් අපි ගැමුණුට එන්න කියමු!” කියමින් මහා දොර අගුලු දාපු අ.අම්මා, ඒ සැනින් අනිත් පැත්ත හැරිලා,ගේට්ටුව ගාවටම මගේ අතින් අල්ලන් එක්කන් ගිහින්, එතන ගහක් යට තියෙන බැංකුවකින් වාඩි උනේ, කන්දක් නැග්ගා වගේ මහන්සියකින් කියලයි මට හිතුනේ! මොකද්ද වෙලා තියෙන්නේ, කියන්නකෝ මට පැහැදිළිව, මොකද්ද උනේ කියලා ඇතුලෙදි! කියලා, .අම්මා ගාවින් ඉදගත්තු මම ඇහුවා!

මගේ මුණ දිහත් ටිකක් වෙලා බලන් ඉදපු අ.අම්මා "මට මෙහෙ ඉන්න බැහැ! අපි යන්න ඕනේ මෙහෙන් ඉක්මනට" කියද්දී... "හරි යමු" කියලා එයාවත් නැගිට්ට ගත්තු මම, ඇගේ අමාරු පැත්තක තියලා, ගෙදර එන්න පිටත් උනා! වචනයක් වත් නොකියා ගෙදරට එනකන් අපු අ.අම්මා, කෙලින්ම ගියේ බුදු පහන ලගටයි! ඇය පහනෙන් තෙල් ටිකක් අතර අරගෙන මගේ ඔලුවෙත් ගාල, ඇගේ ඔලුවෙත් ගා ගත්තේ හොදකට නම් නෙවෙයි  කියලයි මට හිතුනේ!

ඒ කරලා අ.අම්මා ඒ ගෙදර හොල්මනක් ඉන්නවා ළමයෝ, මම ඇස් දෙකෙන් දැක්කා කියලා පුටුවකට වැටුනේ පපුව අත ගා ගනිමින්... වෙනත් විකාර හිතන්න කාලය දිය නොකර අ.අම්මව නැගිට්ට ගත්තු මම, පුළුවන් තරම් වේගෙන් ගියේ ළගම තිබුන හොස්පිටල් එකකට! .අම්මගේ ප්‍රෙෂර් නැගලා හොදටම! දොස්තර එයාට ප්‍රතිකාර කරනකන්, මම දන්වන්න ඕනේ වැඩිහිටි සියල්ලන්ටම පණිවිඩේ දීලා... පුටුවකට වැටුනේ මොකද්ද මේ වෙන්නේ කියලා ටිකක් හිතන්න වෙලාවක් ගන්නයි!

රන්දිලගේ ගෙදරදී උන දේවල්, නැවත නැවතත් ආවර්ජනය කරමින් හිස් තැන් පුරවගන්න උත්සාහයක යෙදුන මට, යාන්තමට වගේ මතක අපැහැදිලි දෙයක් එවෙලේ ඔලුවට ආවයින් එක හිස්තැනක් පුරවගන්න පුළුවන් උනා! ඒ නම්, කොරිඩෝර් එක මැදදී... මට අ.අම්මගේ කට හඩ ඇහෙද්දීම වගේ, ඇය එතනට දුවගෙන වගේ ඇවිත්... මොකද දුවේ කියාගෙන මාව අල්ලගත්තා වගේ මගේ මතකේ තියෙනවා!

මාමලා එහෙන් පිටත් වෙද්දී වෙලාව 11 ට විතර ඇති! එතකොට තව පැය කාලක් වගේ ඇතුලත තමයි මම වතුර ගෙන්න ගිහින් සිහි නැති උනේ! ඒහෙම බැලුවොත්, විනාඩි දහයක, පහළොවක කාලයක් බ්ලැක් අවුට් වෙලා නේ! ඊට පස්සේ මට මතක් උනේ අ.අම්මා කියපු කතාව හොල්මනක් දැක්කා” … එක එයාගෙන්ම අහන්න ඕනෙයි කියලා හිතද්දීම වගේ, ලොකු පුංචිලා ආව! ඊට පස්සේ විනාඩි කිහිපයක් ඇතුලත හොස්පිටල් එකෙන් බාගයක් විතර පිරිලා ගියේ අපේ අයගෙන්!

.අම්මව දවස් කිහිපයක් නතර කරන්න කිවුවයින්, මම නවතින්න ලෑස්ති වෙලා, මගේ ඇදුම් කිහිපයක් දාගෙන එන්න ගෙදරට ගියේ ලොකු පුංචිගේ, පොඩි පුතා උන, පුලස්ති අයියා එක්කයි! ඒ ගමන්ම බල්ලෝ දෙන්නවත් අක්කලාගේ ගෙදරින් දාගෙන ආව, මම අ.අම්ම එක්ක හොස්පිටල් එකේ නැවතුනා! 

අගෝස්තු 22

ඊයේ දවසම හරි හමන් නින්දක් නැතිවෙයි  කියලා හිතුනත්... දෙය්යනේ කියලා නින්ද ගියා කාලෙකට පස්සේඋදේ අ.අම්මට ටිකක් ගුණයි වගේ! එයාව කථා  කරවලා මහන්සි කරන්න හොද නැති නිසාම, උදේට සහ රෑට විතරක් බලන්න එන්න අපේ කට්ටිය වග බලා ගත්තයින්, රෑ වෙද්දී අ.අම්මට සැහෙන්න ගුණයක් තිබුනා... එයා හොදට කථා කලා, ආපු අය එක්කත්! එත් ආපු එක්කෙනෙක්වත් මමවත්, එකම වතාවක් වත් එයාගෙන් ඇහුවේ නැහැ ඊයේ මොකද්ද උනේ කියලා නම්!

ලෙඩේ හොද උනත් අ.අම්මගේ හිතේ නම්, අදුරු ගතියක්, ප්‍රශ්නයක් තිබුනා කියලා මට දැනුනා... එයා ඇහැරන් ඉන්න කොයි වෙලෙත්, ජනේලෙන් එළිය බලාගෙන ඉන්නවා මම කීප වරක්ම දැක්කා... එදා උදේ පොඩි මාමා ආව වෙලේ අ.අම්මා එයාව ලගට අරගෙන හිමිට හිමිට මොනවද කෙදිරුවේ, මට ඇහෙයි කියලා වෙන්න ඇති! "අම්මගේ හිතේ තියෙන බය නේ ඔය... " කියමින් නැගිට්ට පොඩි මාමා, මම රෑට එන්නම් අම්මව බලන්න කියාගෙන එළියට ගියේ, තවත් ඒ මාතෘකාව කතා කරන්න තිබුන අකමැත්ත නිසා කියලයි මට හිතුනේ!

ටිකක් වෙලා මාමා වහගෙන ගියපු දොර දිහා බලන් ඉදපු අ.අම්මා, මගේ පැත්ත හැරිලා දු, ඔයාට ගෙදර ගිහින් එන්න පුලුවන්ද දැන් කියලා ඇහුවේ, වහෙන් ඔරෝ  ඔයා ගෙදර යන්න බයයි ද කියලා ඇහුවා වගේ කියලායි මට හිතුනේ! “ඔව් පුළුවන්! ඇයි මොනාද අ.අම්මට ගෙනත් ඕනේ කියලා මම ඇහුවේ ඇද ලගට යමිනුයිබළලා මල්ලෙන් පැන්නේ දෙවෙනි වටෙදියි... ඔයාට බය නැහැ නේද, තනියම යන්න ගෙදර” …  නැහැ නැහැ මට බයක් නැහැ! කියන්න, මොනාද ඕනේ කියලා යි මම කිවුවේ, බයයිද, බයයිද කියලා නිතර අහද්දී අහලකවත් නැති බය ඔලුවට එන නිසයි! 

ඔව්! මම දන්නවා, ඔයා තමයි මේ  පවුලේ ඉන්න නිර්භීතම ළමයා!” විශ්‍රාමික ගුරුවරියක් උන අ.අම්මා දරුවන්ගේ මනස ගැන හොදින්, අද්ධ්‍යනය කරපු කෙනෙක් බව, මට රහසක් නෙවෙයි! එයා මේ වෙලාවේ, මගේ ආත්ම විශ්වාසයට පොහොර දාන්නේ ඇයි කියන එකත් මට අරුමයක් නෙවෙයි! ඔව් මමත් දනනවා ඒක!” කියමින් දැන් කියන්නකෝ මොනාද ගෙන්න ඕනේ ගෙදරින් කියලා මම ඇහුවේ, තව තවත් කතාව දික්ගස්සල තේරුමක් නැති නිසායි!

එහෙනම් හොද දු වගේ, ගෙදර ගිහින් මගේ කාමරේ පොත් රාක්කෙ, උඩම තට්ටුවේ තියෙන දුබුරු පාට ඩයරිය මට ගෙනත් දෙන්න!” …. 'සීයාගේ පොත' නේ? හරි මම ගේන්නම්!.... මම නර්ස්ට කියලා යන්නම් අ.අම්මා තනියමයි ඉන්නේ කියලා කියමින් මම කාමරෙන් එළියට අවේ පුළුවන් තරම් ඉක්මනින් ගිහින් එන්න බලාගෙන!

හොල්මනක් එක්ක ගමනක්! ඊලග කොටසින් කියවන්න...,

නැවත හමු වෙමු !

12 comments:

Dimuth Tharaka said...

අම්මෝ........අක්කේ,(මම හිතන්නෙ ඔයා මට වඩා වැඩිමල් ඇති) මම අද වරුවක් තිස්සෙ කලේ ඔයාගෙ බ්ලොග් එක එක කෙලවරක ඉදන් කියවපු එක.මොනව උනත් ඔයාට හොද ලිවීමේ හැකියාවක් තියෙන්ව.මට දැන ගන්න ඔන කරන එකම දෙය ඔයා මේ කොටස් වශයෙන් විස්තර කරමින් අපිව බය කරන සිද්දිය ඇත්ත එකක් ද කියන එකයි.මම දැඩි හිතක් තියෙන විවුර්ත මනසක් තියෙන කොල්ලෙක්.ඔයා මේ කියන කතා වලින් මමත් පොඩ්ඩක් කැලබිලයි ඉන්නෙ.අක්කේ මේ සිද්දිය බොරු එකක් නම් ඔයාට ඒක බ්ලොග් එකේ කියන්න බැරි නම් මගෙ email ලිපිනයට email එකක් දාන්න කියල මන් ඉල්ලා සිටිනවා.dimuthnc@gmail.com

චරිත said...

මම නම් මේ කතා විශ්වාස කරනවා. මේක නම් මාරප අත්දැකීමක්. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න

Nelum said...

හ්ම්ම් මේක මගේ 'අත්දැකීමක්'! එත් මම ඔයාට කියන්න ඕනේ අත්දැකීමක් කියන්නේ, මම මේ සිද්ධි දැකපු විදිය, මට දැනුනු විදිය...එක ගොඩක් බරපතල විදියට මම දැක්කට, ඔයා මේ සිද්ධි වලට මුණ දුන්නා නම් මෙතරම් බය වෙන්නේ නැහැ කියන එක මට සහතිකයි!සමහර දේවල් වලට මමත් ඒ තරම් බය උනේ නැහැ ඇත්තම කියනවනම්.... එත් කතාව ලියද්දි මගේ හැගීම් ප්‍රකාශ වෙන විදියට, කියවන අයගේ බය වැඩි වෙනවා කියලයි මට හිතෙන්නේ!නිකන් උනත් බය උනොත් එක ඇත්තක් වෙලා පෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ,හිතේ හැටි එහෙම තමයි!අවසාන වශයෙන් මම ඔයාට කියන්නේ, "දැඩි මනසක් කියන්නේ බලකොටුවකටත් වඩා බලවත් දෙයක් සහෝ... එකෙන් රිංගන්න පුළුවන් යකෙක්, භූතයෙක්, පිශාචයෙක්, පෙරේතයෙක් තියා දෙවි කෙනෙක් වත් නැහැ!!!"

Nelum said...

@ චරිත: හරි චරිත! :)

Dimuth Tharaka said...

බොහොම ස්තුතියි අක්කෙ..මං මේ ලිපි පෙල කියෙව්වෙ ගෙදර කවුරුවත් නැතුව තනියම ඉන්න වෙලාවක.මගේ ඒ වෙලාවෙ මානසික තත්වය තෙරුම් ගන්න පුලුවන් නෙ.කොහොම උනත් ඔය දිගටම ලියාගෙන යන්න.මට මෙකෙ අවසානයට මොකද උනේ කියල දැන ගන්නම ඔනෙ.

Nelum said...

@ Dimuth: හරි! ඔයා මේක කියවන්න, කතාවක් විතරයි කියලා හිතාගන්න සහෝ.. මේ වගේ අත්දැකීම් ලැබෙන්නේ නැහැ හැමෝටම... ඒ නිසා බය වෙන්න එපා... අනික මේක අත්දැකපු මම මේ ඉන්නේ යහතින්! මම ගෙදර තනියම ඉන්න දවස් තියෙනවා සැහෙන්න... එත් දැන් හිතේ බයක් නැහැ!

Salinda said...

එල එල දිගටම ලියන්න...ආසාවෙන් එක හුස්මට කියෙව්වා...අනික් කොටසුත් ඉක්මනටම දෙන්න...

Nelum said...

@ Salinda: හරි! පුළුවන් ඉක්මනට දාන්නම්! :)

Anonymous said...

dear,oya aththatama pothak liyanna ,oyata pudumaaakara liwime hakiyawak thiyanawa.meka kiyawaddi nawakathawak kiyawanna wage kathawa film ekak wage hithe mawenawa,GREAT.......

Nelum said...

@ Anony: තාම නම් එහෙම අදහසක් නැහැ...ඒත් ඉදිරියේදී හිතන්න, මම මතක තියා ගන්නම් ඔයා කියපු දේ!ඔයාට බොහොම ස්තුතියි! :)

pubudu said...

sirawata pothak liuwanam maru,,,ano ge idea ekata mama ekagai..math holmanak eka parak dakala thiyana nisa mewa wishwasai jayawewa

Nelum said...

@ Pubudu: හිතලා බලන්න ඕනේ ඉදිරියේදී! ස්තුතියි පුබුදු! :)