Thursday, December 8, 2011

අස්වාභාවික දවස් තුනක් !!! (06 කොටස )


අගෝස්තු 10

උදේ නැගිටිද්දී වෙලාව 7 ත් පහු වෙලා… රෑ තිස්සේ නින්දක් නැහැ බල්ලෝ දෙන්නගේ සද්දෙත් එක්ක… පාන්දර 2:20 ට දිලූ ගෙන් මට කෝල්ස් 2 ක් ඇවිත්! cl me asap! මැසේජ් එකකුත් ඇවිත්! මොකද මේ හදිස්සිය... උදේ වරුවේ ආයෙත් ගෙදරට වත් කෝල්ස් අරන් නැති නිසා, දැන් හදිස්සියක් නැතිව ඇති නේ කියලා හිතලා මම නාන්න ගියා! නාලා එනකොට, අයෙත් කෝල්ස්  2 ක් ඇවිත් ෆෝන් එකට! පහලට ගිහින්ම කෝල් බැක් කරනවා කියලා හිතලා ඉවර කරද්දීම ගෙදර ෆෝන් එක රින්ග් උනා.. 

"පොඩි දු ..., ඔයාට කෝල් එකක්, දිල්කිගෙන්...!" කෝල් එක ආන්සර් කරපු ආච්චි අම්මා පහළ ඉදන් කෑගහනවා...මම කෝල් එක receive කරන්න මම පහළට ගියා! 

හරීම හිතවත් කමින් කථාව පටන් ගත්තු දිලූ “දිය වෙනකන්ද නැවේ!?! මම දැන් කි පාරක් කෝල් කලාද!?!  මිස් කෝල්ස්  තියෙනකොට කෝල් back කරන්න බැරිද?! ” 'ශ්‍රියා කාන්තාව මෝල් ගහ ගත්තා වගේ' බැනගෙන බැනගෙන ගිහින් ඇති උනාට පස්සේ, කියන්න අවශ්‍ය කාරණේට බැස්සා...

“ඊයේ රන්දී අයෙත් නින්දෙන් ඇවිදලානේ!... කාමරේ දොර අරින්න හදන වෙලේ, ඒක නවත්තන්න ගිහින් මල්කිගේ අත හපලා..., නැගිට්ටම රන්දිට මුකුත් මතක නැහැලු! ගෙදර ඉන්න බයයි කියලා, මල්කිව අපේ ගෙදර ගෙනාවා පාන්දර!”

හවස රන්දිව බලන්න යමුයි කථා වෙලා ෆෝන් සාකච්චාව ඉවර කල මම, ආච්චි අම්මාටත් විස්තරේ කියලා උඩට එද්දී, මගේ ඔලුවට අවේ, පෙරේදා රෑ දිලූ එවපු msg එක!... රන්දිගේ නංගි වුනු මල්කි ගෙදර ඉන්න බය නොවී තියේයි ද, ට්‍රිප් එකේදී  වුනු දේවල් මතකේ තියෙනකන්!.... ඒක ගිහින් ඇවිත් දවස් 2 යි ගියේ, 'මළ කරදරේ' ආයෙත් පටන් ගත්තා වත්ද?!.... හිමිට එකින් එක ට්‍රිප් එකේ අප්‍රසන්න මතක ඔලුවට එද්දී ... සනීපෙට නාලා හිටපු මට දාඩියත් දාලා!
 
දවසේ කරන්න තිබුණු වැඩ ටික ඉවර කරගෙන 3 වෙද්දී රන්දිව බලන්න යන්න ලෑස්ති වුනු මම, යන වටෙන් දිලුවත් එකතු කරගෙන හවස 4 වෙද්දී පොඩි මාමලාගේ ගෙදරට යන්න පිටත් උනා...ඒ යන අතරේ දිලූ කියනවා… 

“මම කියන්නම කියලා හිටියේ... ගෙදරදී ඔයාට මුකුත් වෙනසක් එහෙම දැනුනද??.... එයා අහන දේ මට තේරුනත් මම දිලූ දිහා මුකුත් නොතේරෙන කෙනෙක් වගේ බැලුවා.. 

"අනේ මන්දා, මට දැනෙනවානේ මගේ පිටි පස්සෙන් කවුරු හරි ඉන්නවා ඉන්නවා වගේ කොයි වෙලෙත් ...! එක පාරක්, මම හොදටම බය උනා කණ්නාඩියෙන් මොකක් හරි මගේ පිටිපස්සෙන් තියෙනවා වගේ දැකලා...නිකන් චායාවක් වගේ... එත් මම අම්මට කියන්න ගියේ නැහැ මේ මොකවත් ...! මේ දවස් ටිකේම, නංගිත් බැනුම් අහ අහ ඉන්නේ හැම එකටම බොරුවට බය වෙනවා කියලා....!” 

එවෙලේ ප්‍රති උත්තර දෙන්න කලින් මම ටිකක් හිතුවා!... ඇත්තටම මමත් ගෙදරදී සෑහෙන්න බය වෙනවා මේ දවස් වල... මගේ කාමරේ, ගෙයින් එළියේ හවසට, රෑට බාත්රූම් එකේදී, මම ඇරුණම තවත් අය ගැවසෙනවා මට දැනිලා තියෙනවා... ඒ කිසි දෙයක් මම දිලුට කියන්න ගියේ නැහැ...! ඒත් එළියට එන්න පොරකන බයක් මගේ හිතෙත් තියෙනවා...!   ආච්චි අම්මා හවසට දාන පිරිත් ඇහෙන නිසා ඒක යටපත් වෙනවා කියලා මට හිතෙනවා..! 

අනික 'ගිහිල්ලා ඉවර උන පෙරහැරට පාවඩ දාන්නේ මොකටද'..., මේ බය යටපත් කරලා දාන තරමට හොදයි කියලා මට හිතුන නිසා  “නිකන් හිතේ බයක් අනේ ඕක!! මමත් සෑහෙන්න බොරුවට බය වෙනවා මේ දවස් වල...” කියලා මට උනේ නැතී ඒවත් අතින් දාලා, දිලුගේ හිත හැදුවා! 

4:40 වෙද්දී රන්දිලගේ ගෙදරට ගොඩ උන අපි, නැන්දා එක්ක ටිකක් කථා කරලා, දවසම කාමරේට වෙලා ගතකරපු රන්දිව හොයාගෙන එයාගේ කාමරේට ගියා... රන්දිගේ මුණ ඉදිමිලා වගේ කියලායි මට හිතුනේ... "අඩන්න ඇති "...! ඇදෙන් ඉදගත්ත අපි දෙන්න, රන්දිගෙන් එක පාරටම ඇහුවේ එකම ප්‍රශ්නේ ... 


"මොකද උනේ?"... 


"මන්දා!... මම නංගිව හපලා!..... එත් මට මතක නැහැ එහෙම කරනවා... මට මොනා වෙලාද කියලා මට තේරෙන්නේ නැහැ...! අද නිදාගත්තොත්, හෙට නැගිටින්න වෙන්නේ නැති වේවි කියලා මට හිතෙන්නේ...! මම නිදාගන්නේ නැහැ අද! මට බැහැ නිදා ගන්න...!"  කදුළු වැල් අස්සෙන් රන්දී කියාගෙන ගියා... අපේ ජිවිත,මේ කෙහෙල්මල් ට්‍රිප් එක නිසා කණපිට හැරිලා කියලා එවෙලේ මට හිතුනා! 
  
5.30 වගේ වෙද්දී, රන්දිලා එක්කම පන්සලට ගියා අපි දෙන්නත්… රෑ 7 විතර වෙනකන් පන්සලේ ගත කරලා, ගෙදර එන්න පිටත් උනේ රන්දිගේ ඇඩිල්ල මැද්දෙයි... " මට තනියම ඉන්න බයයි...!! රන්දී අන්තිමට කියපු දේ ගෙදරට එනකන්ම  මගේ කණ ඇතුලේ ඇහෙනවා ඇහෙනවා වගේ.... අදත් මොනා හරි වෙලා තිබුනොත්  "හෙට රෑට අපේ ගෙදර නවතින්න එන්න කියන්න ඕනේ " කියලා හිතෙන්ම හිතලා, දිලුව බස්සලා, ගෙදර ඇවිත් රෑ නිදා ගත්තේ මහා පාන්දර කෝල්ස් එන්නේ නැතිවේයි කියලා හිතාගෙනයි ...



අගෝස්තු 11


මහ විකාර හීන ගොඩක් එක්ක, බල්ලන්ගේ ගෙරවිලියි ,උඩු බිරිමයි නිසා නින්දත් නොනින්දත් අතරේ පෙරදා රැය වගේම ඒ රැයත් ගෙවිලා ගිහින් ... මම නැගිට්ටේ ඔලුවේ පැත්තකින් එන කැක්කුමකුත්, රෑ තිස්සේ මැරතන් එකක් දිවුවා වගේ මහන්සියකුත් එක්ක..! ඇදෙන් නැගිට්ට ගමන් ෆෝන් එක බලපු මට දැනුනේ ලොකු සැනසීමක්! එක කෝල් එකක් වත් ඇවිත් නැහැ!  'ඇති යාන්තන්'!

කෝපි එකක් හදාගන්න පහලට බහිද්දී, මේ ලේන් එකේ කෙනෙක් ඇවිත් ආච්චි අම්මා එක්ක කථා කරලා යනවා මම දැක්කා… එයා අවේ ඇයි කියලා දැන ගන්න ආච්චි අම්මා ගෙට එනකන්, සාලේ ඉදන් උන්නු මාව දැක්කම ආච්චි අම්මා කිවුවේ,...

"බල්ලෝ දෙන්නව අක්කලාගේ ගෙදරවත් ගෙනිහින් දාන්න පුතේ ටික දවසකට! ගේ වටේම දුවනවා රෑ තිස්සේ! මේ දවස් ටිකේම ඔහොමයි.... උඩු බුරන නිසා මේ ලග ගෙදරක ඉන්න පොඩි අය රෑට බය වෙලා ඇහැරෙනවා කියන්නේ...! මේ ගොල්ලොන්ගේ සද්දේ නිසා මටත් රෑ තිස්සේ නින්දක් නැ.....!”

"හ්ම් ..." කියාගෙන කුස්සියට ගිය මම නිශ්ශබ්දවම කෝපි ඒක හදාගෙන මිදුලට බැස්සේ, ටිකකට කූඩුවට දාපු ට්‍රිගර්ව එළියට ගන්න! ඒ ටිකට දුවලා ගිහින් බෝලයක් හොයාගෙන කෙළ තලියකින් ඒක නාවමින් මගේ කකුල් ලගට ගේන ට්‍රිගර් ඒ කෙළ බොලේ මගේ කකුලේ ගාන්නේ හරිම සතුටින්... ඒ අස්සේ ඩෑෂ්, නැට්ට ගැලවිලා විසි වේවි කියලා හිතෙන තරමට හොලවාගෙන දුවගෙන එන්නේ දැන් බෝල විසිකරන සෙල්ලම කරන්න හදනවා කියලා හිතාගෙනයි ...

බල්ලෝ දෙන්නා අක්කලාගේ ගෙදර ගිහින් දාන්න...! හිතනකොටත් පපුව හිර වෙනවා වගේ! එත් මොනා කරන්නද, මේ දෙන්නගේ අමුතු හැසිරීම හොද අතට හැරෙනකන් එහෙ ඉදපුවාවේ, කියලා හිත හදාගෙන... හවස් වෙද්දී දෙන්නවම ගෙනිහින් දාලා ආව... මගේ හිත වගේම වත්තත් පාලුවට ගිහින් කියලා මට දැනුනේ, ගෙදර ආවමයි...! ඇගෙන් කැල්ලක් නැති වෙලා වගේ හිස් හැගීමක් එක්ක, මහා පාළුවකින් එහෙට මෙහෙට වේවි දවස ගත කල මම, අක්කට 5 වෙනි පාරටත් කෝල් කරලා බල්ලෝ දෙන්නා ගැන අහලා... රෑ 9 වෙද්දී නිදාගන්න ඇදට පැන්නා!

බල්ලොන්ගේ පොඩි දවස් ගැන හිත හිත ඉදලා මට නින්දත් ගිහින්...! රෑ ජාමේ ලාවට වගේ මට සද්දයක් ඇහුනා! මට හිතුනේ මගේ ෆෝන් එක රින්ග්ස් යනවා කියලයි...! ටක් ගාලා ෆෝන් එක අරන් 'යේස්‌' කරලා කණේ තියා ගත්තා... කිසිම සද්දයක් නැහැ..! මම දෙපාරක් හෙලෝ කියලාත්, සද්දයක් නැති තැන... Light එක දාලාම ෆෝන් එක check කලා...කෝල්ස් ඇවිත් නැහැ නේ..!? මම හීනයක් දකින්න ඇති කියලා හිතුවත්, සද්දයක් ඇහුන බව නම් විශ්වාසයි !

ඒ ගමන ෆෝන් එක mute කරලා මම නිදාගත්තා… කෝයි තරමක් වෙලා ගියාද මන්දා, අයෙමත් සද්දයක් ඇහෙනවා මොන ලෝකෙන් හරි... මේ මොන විකාරයක්ද! හොද සිහියට අවාමත් ඇහෙනවා ලාවට ඒ සද්දේ!... මම light එක දාලා ඇදේ ඉදගෙන අහගෙන හිටියා... ඔලුව ඇතුලෙන් ඇහෙනවා ද මන්දා... පාන්දර 4 ටත් කිට්ටු වෙලා, දෙගිඩියාවකින් හිත ගැහෙද්දි, ගග දිගේ ගියාම මුහුදට වැටෙනවා වගේ බය දිගේ ගියොත් තව තවත් බය වෙන ඒක විතරයි නේ වෙන්නේ, මොකටද බලෙන් බය වෙන්නේ, කියලා හිතලා ඔලුවේ ඉදන් පෙරවාගෙන සද්දෙට කන් දීලා හිටියා... ටික වෙලාවකින් මට නින්ද ගිහින්! 



අගෝස්තු 12 


උදේ නැගිටලා ෆෝන් එක බලද්දී මිස් කෝල්ස් 3 යි දෙකක් දිලුගෙන් පාන්දර 4:05 ට ඇවිත් තියෙන්නේ.. අනික සෑම් ගෙන්! උදේ 6 ට වගේ අරන් තියෙන්නේ !.... සෑම් ට අරන් බැලුවා no answer නිසා මම දිල්කිට කෝල් කරලා බැලුවා….එයාගේ ෆෝන් එකත්  ඕෆ්... නිකමට වගේ මම සචි ට අරන් බැලුවා... ගත්ත ගමන් සචී කියවගෙන කියවගෙන ගියා... 

"අක්කා ඊයේ රෑ බය වෙලානේ හොල්මනකට, ඇදෙන් පනින්න ගිහිල්ලා වැටිලා, අතේ ඇගිල්ලක් කැඩිලා! හොස්පිටල් අරන් ගියා පාන්දර... දැන් ටිකකට කලින් ගෙනාවේ... දැන් නම් නිදි!"…  “ආආ එහෙමද...! හරි, මම එන්නම් හවසට ඔය පැත්තෙ! "  කියලා ෆෝන් එක තිබ්බ මම, මගේ වැඩත් ඉවර කරගෙන 3 පහුවෙද්දී ඇදගත්තේ දිලුව බලන්න යන්න… 

ගේට්ටුව වහන්න මාත් එක්කම එළියට ආපු ආච්චි අම්මා කීවුවා “දැන් පොඩි පුංචි කථා කලා, ඊයේ රෑ ආශාගේ දුවත් බය වෙලා කියන්නේ..! ඔක්කොමලව එකතු කරගෙන බණක් වත් කියවන්න ඕනේ...! හිත බය උනාම හැම එකම පේන්නේ අවතාර වගේනේ..! ළමයෝ, රෑ වෙන්න කලින් ගෙදර එන්න හොදේද..."  කියාගෙන ගේට්ටුව වැහුව ආච්චි අම්මා එතනින් නොපෙනී ගියා…

මගක් යනකොට සෑම් ගෙන් කෝල් එකක්.…"උදේ swimming ගියා.. ෆොන් එක locker එකේ දාලා ඇවිත්... අයේ ගිහින් ගේනවා... මේ දවස් ටිකේම හරියකට නිදා ගන්න වත් උනේ නැහැ අනේ! අද පාන්දර මම හොදටම භය උනා විකාර හීනයක් දැකලා.. ඒ මදිවට කවුරු හරි පිටිපස්සේ ඉන්නවා වගේ දැනෙනවා හැම වෙලේම... වැඩක් නැ කියලා, මට නම් එපා වෙලා ඉන්නේ මෙහෙ ඉදිල්ලත් දැන්!..” යි කියාගෙන ගියා… 

" කීයට වගේද ඔයා හීනෙන් භය උනේ".. මම ඇහුවා "පාන්දර 4 යි ඇහැරෙද්දි .. අමුතු සද්දයක් ඇහුනා.. ඒත් එක්කම මගේ ඇග ඇතුලේ වෙන කෙනෙක් ඉන්නවා කියලා දැක්කා... හරි අමුතුයි ඒ හීනේ.."

"ම්ම්ම්ම් ..වැඩිය හිතන්න එපා සෑම්!  ඕවා ඇරිලා යයි තව ටික කාලයක් යද්දී... තාම ට්‍රිප් එකේ උණුසුම ගියේ නැහැනේ... අපි තාමත් භය වෙන්නේ ඒ මතකයන් අලුත් නිසා කියලයි මට නම් හිතෙන්නේ... තව සති කීපයයි නේ ඕගොල්ලෝ මෙහේ ඉන්නේ... ගියාට පස්සේ වැඩත් එක්ක භය වෙන්නවත් වෙලාවක් නැති වෙයි ඔයාට... බලන්නකෝ !.. " යි කියපු මම තවත් විස්තර ටිකක් කථාකර කතාව අවසන් කරද්දී පුන්චිලගේ ගෙදරටත් ලං වෙලා! 

පුන්චිලගේ ගෙදරට යද්දී දිලූ අතකට ප්ලාස්ටර් එකක් දාගෙන, බාගෙට මැරිලා වගේ මුණක් ඇදගෙන සාලේ ඉදන් හිටියා… එයා හීනෙන් බය වෙලා ඇදෙන් පනිද්දී බෙඩ් ශීට් ඒක පැටලවිලා වැටිලා.... අතක් ඇගට යටවෙලා දබර ඇගිල්ල කැඩිලා...! පැය 2 කට ආසන්න කාලයක් එයා එක්ක කථා කර කර ඉදලා, මම එහෙන් පිටත් වෙද්දී හවස 7 ටත් කිට්ටු වෙලා… 

ගෙදර එන ගමන් කල්පනා සගෙරේ කිමිදුන, මට මතක් උනේ දිලූ කියපු දෙයක්… " සද්දයක් ඇහුනා මට එවෙලේ!..." මට ඇහුනා  වගේම එකක්ද දන්නේ නැහැ දිලුටත් ඇහුනේ... දිලූ ගෙයි, සෑම් ගෙයි, මගෙයි කථාවල සමාන කමක් තියෙනවා කියලා මට එක පාරටම හිතුනා! ඒ දෙන්නටත් සද්දයක් ඇහිලා තියෙනවා මදිවට, අපි තුන්දෙනාම ඇහැරුනේ එකම වෙලාවේ පාන්දර 4 ට ආසන්න කාලයකදී..

මේවා ඔක්කොම අහබු සිදුවීම්ද? තුන් පැත්තක ඉන්න අපි 3 දෙනෙක් එකම වෙලාවේ ඇහැරෙන එක... හ්ම්ම් අහබුවක් වෙන්නත් ඇති සමහර විට!.... සිතමින් කල්පනාවේ ගැබුරටම කිමිදිලා ඉදලා උඩට එද්දී, දන්නෙම නැතිව ගේ ගාවටම ඇවිල්ලා... පොඩි මාමලාගේ වාහනේ මිදුලේ තියෙනවා! මාමලා ඇවිත් වගේ...! රන්දිට මෙහෙ ඉන්න කියන්න ඕනේ කියලා හිතලා... ගෙට ගියාමයි දැනගත්තේ එයා මෙහෙ අද ඉන්න තමයි ඇවිත් තියෙන්නේ කියලා...

රන්දිව පෙන්නපු දොස්තර කිවුවලු නිදාගන්න තැන මාරු කරන්න පුළුවන් නම් සමහර විට නින්දෙන් ඇවිදින එක හරි යයි කියලා...! ඒ නිසා රන්දීට මෙහෙ එන්න ඕනේ කියලා..! මාමාත් මෙහෙ ඉන්න බලන් ඇවිත් නිසා එයාට ඒ දවස් ටිකේ හිස් වෙලා තිබුන අම්මලාගේ කාමරේ ලැස්ති කරලා දීපු ආච්චි අම්මා, අපිත් එක්කම රෑට කලා බීලා,9:30 වෙද්දී නින්දට ගියා... මාමා පහල ඉදන් එයාගේ ඔෆිස් එකේ වැඩ වගයක් කරන අතරේ, මමයි රන්දියි උඩට අවා ..! 

රන්දී මගේ කාමරේ  නිදා ගන්න ලෑස්ති වෙලා ඇවිත් අපි රෑ 11.30 වෙනකන් වගේ කියවා කියවා හිටියා... හොදටම නිදිමත උනාම අපි දෙන්න නිදා ගන්න ලෑස්ති වෙද්දී බැරි වෙලා වත් රන්දී නින්දෙන් ඇවිද්දොත් කියලා, එයාට නොපෙනෙන්න දොර ලොක් කරලා යතුර මගේ කෝට්ටේ යටින් තියා ගත්තා...! 




එත් ඒ රැය, අසාමාන්‍ය ලෙස අස්වාභාවික වේවි කියලා, මම කොහොම හිතන්නද!!! 


තවත් කොටසකින් හමු වෙමු!!!  

    

17 comments:

  1. මේක ඇත්තම කතාවක්නම් ඔයාගේ යාළුවා මනෝවෛද්‍ය වරයකුට පෙන්නන්න. බලන් ඉන්න එපා....

    ReplyDelete
  2. @ Anony: පුළුවන් ඉක්මනට දාන්නම්! :)

    @ Pradeep: කරන්න තියෙන හැම වර්ගෙම ප්‍රතිකාර එයාට කලා ප්‍රදීප්! කිහිප සැරයක්ම මෝහන ප්‍රතිකාර වලට පවා යොමු කලා... අපැහැදිලි හේතුවකට ඒ එකක් වත් වැඩ කලේ නැහැ! අවසානේ අපේ සාමාන්‍ය ක්‍රමයට තොවිලයක් කලා! විශ්වාස කරන්න බැරි විදියට එකෙන් තමඊ හොද උනේ! දැන් අවුරුද්දක් වෙනවා එයා හොදින් ඉන්නවා අදටත්!

    ReplyDelete
  3. කතාව නම නියමයි..ඉතුරු ටිකත් ඉක්මනටම ලියමු..

    ReplyDelete
  4. පස්ට කතාව දිගටම ලියන්න.මට නමි තාම විස්වාස නෑ..ඇත්තටම සිරා කතාවක්ද?.....

    ReplyDelete
  5. @ Salinda: ස්තුති!:) මේවා මගේ අත්දැකීම්!

    ReplyDelete
  6. උත්ප්‍රාසය උපරිමයි සහෝදරී... ඊළඟ කොටසත් ආසාවෙන් බලාපොරොත්තු වෙනවා...

    අළුතෙන් නේද බ්ලොගේ ලියන්නේ... මේ මගේ පළමු පැමිණීම... දිගු බ්ලොග් දිවියකට ආසිරි... ජයවේවා !!!

    ReplyDelete
  7. @ Chathuranga: බොහෝම ස්තුති,ඔබගේ පැමිණීම සතුටක්! :)

    ReplyDelete
  8. හ්ම්ම්... අනිත් කොටස දානකම් ඉවසිල්ලක් නෑ. දිගටම ලියන්න.

    ReplyDelete
  9. @ චරිත : හැකි ඉක්මනින් දාන්නම්! :)

    ReplyDelete
  10. kathawa niyamai...ikmanata danna..sinhala type karaddi podi prashnayak thiyanawa wage..mokakda oya use karanne typing walata

    ReplyDelete
  11. @ Pubudu: ස්තුති! ඔන්න දැම්ම අනිත් කොටස! 'Google transliteration IME' සමහර වචන සිංහලෙන් ටයිප් කරද්දී එපා වෙනවා!හැබැයි මේ පාර පොස්ට් එකේ වැරදි අඩුයි මම හිතන්නේ! :)

    ReplyDelete
  12. ow ow me para adui thamai,,,niyamai.samawenna mata comment karanna sinhala naha office eke :)

    ReplyDelete
  13. @ pubudu: එකට කමක් නැ පුබුදු :) ලියනකොට ලියනකොට තමයි තේරුම් ගන්න පුළුවන්,සිංග්ලිෂ් ලියවෙන්න ඕනේ විදිය!:)

    ReplyDelete
  14. OW OW eka atta.ehenam jayaa wewa .digatama liyanna

    ReplyDelete
  15. @ Pubudu: :) ස්තුති!

    ReplyDelete