Thursday, January 5, 2012

යකා අල්ලපු හැටි! අවසාන කොටස (15 කොටස )

2010 අගෝස්තු මස, මැද බාගයේ දවසකින් පටන් ගෙන, දවස් 25 කට ආසන්න කාලයක්, මා ලද ‘අධි ස්වභාවික අත් දැකීමක්, කතාවක් බවට පත් වෙමින්, සයිබර් අවකාශයේ සටහන් වී, අද මෙලෙසින් නිමාව දකී! අත්භූත සිද්ධාන්ත පිළි නොගන්න, මේ විද්‍යුත් සමාජයේ වෙසෙන සියලුම දෙනාට,මේ කතාව, හුදු මනං කල්පිතයක් ලෙස පිළිගන්වන අතර, පෘතග්ජන මනසට හසු නොවන, නමුත් පැවතිය හැකි, අභෞතික අන්තයන් ගැන සොයන්නන්ට, මෙය අනන්ත අප්‍රමාණ අත්භූත සිදුවීම් අතරට, එකතු උන තවත් 'එක් සිදුවීමක්' ලෙසත් පිළිගන්නවමි!

අවසාන කොටස -2

ආච්චි අම්මාගේ කැමැත්ත පරිදි දවස් දෙකක් ඇතුලත තොවිලේට අවශ්‍ය වැඩ කටයුතු සදහා සුදානම් වීමට පවුල් තුනේම නෑදෑයින් රන්දිලගේ ගෙදරට එකතු විය යුතුව තිබුන හෙයින්, තොවිලේ පැවැත්වෙන දාට කලින් දා රෑ ලොකු මාමා, පොඩි පුංචි යන පවුල් දෙකේ අයත් මම සහ ආච්චි අම්මාත්, පොඩි මාමාලාගේ ගෙදරට යන්න පිටත් උනා! 

ගුරුන්නාන්සේව එක්කන් එන වෙලාවට, පොඩි මාමා රන්දිව රෝහලෙන් ගේන්නම් කිවුවේ වේලපහින් ගෙදර ගෙනාවොත් එයාගේ ලෙඩේ වැඩි වෙලා කෙරෙන වැඩේට බාදාවක් වෙන්න ඉඩ තියෙන නිසා කියලයි....! ගුරුන්නාන්සේ දුරකතනයෙන් පැවසු පරිදි ,අවශ්‍ය කළමනා ලෑස්ති කර ගත්තු වැඩිහිටියන් එදින හවස් බාගේ වන විට ගුරුන්නාන්සේව, රන්දිලගේ ගෙදරට එක්කගෙන ගෙන අවේ, පොඩි මාමා රන්දිව රෝහලෙන්, ගෙන ඒමට පිටත් වෙද්දීම වගෙයි!

ගුරුන්නාන්සේ, ආ පයින්ම ගෙදරට ගොඩ නොවී ගෙට ඇතුළු වන තැනම නැවතී ගේ ඇතුල විපරම් කර නැවත හැරී වට පිටාව බලමින් යමක් මතුරමින් ගේ වටේම ගමන් කර නැවත හැරි ගේට්ටුව ලගට ගොස් ඒ ලග බිම හාරා යමක් වළලනු, මම බලාගෙන හිටියේ අද මොනා නමුත් බරපතල දෙයක් වෙයි කියන හැගීමෙන්...! 

ටික වෙලාවකින් ගුරුන්නාන්සේ ගෙට ගොඩ උනේ, “අපි මෙහෙ කටයුත්ත ඉවර උනාම, අනිත් ගෙවල් තුනටත් ගිහිල්ලා එමු නේද ඉස්කෝලේ හාමිනේ!” යි ආච්චි අම්මාගෙන් අහගෙනමයි! 

“හොදයි ගුරුන්නාන්සේ...! අපි එහෙම කරමු! ” යි කියලා ආච්චි අම්මා ලොකු මාමා දිහා බැලුවේ, ‘හරි නේ එහෙනම්’ කියන්නා වගේ බැල්මකින්!

උදේ පටන්ම කට කොනකට ඇදීමෙන් පෙන්නුම් කල උපහාසාත්මක ගතිය පොඩි මාමා සහ ලොකු මාමාගේ මුණවල් වල පෙනෙන්න තියෙද්දී අනෙත් සියලුම දෙනා ‘මොකක් වෙයිද මන්දා’ කියන හැගීමෙන් හිටියා කියලයි මට හිතුනේ! හවස 5 පහුවෙද්දී පොඩි මාමා ගිහින් රන්දිව ගෙදරට එක්කරගෙන අවේ තොවිලේට වැඩ කටයුතු සියල්ල ලෑස්ති වී අහවර වූ පසුවයි! 

උසේ තරමටත් වඩා බර ඇති කියලා හිතෙන තරම්, ශරීරයක් තිබුන කෙනෙක් උන රන්දි පොඩි මාමා එක්ක නාවානම් අදුන ගන්න පුළුවන් ආකාරයේ කිසිම සලකුණක් අපිට තිබුනේ නැහැ..! එතරම් කෙට්ටු වෙලා වැහැරිලා ගිහින් එයා...

ඇවිදින ඇට සැකිල්ලක් බවට පත් වෙලා හිටිය රන්දි ඇවිද ගන්නවත් පණ නැතිව මාමාගේ ශක්තියෙන් ගෙට ගොඩ වෙද්දීම වගේ, සාලේ ඉදපු ගුරුන්නාන්සේ තමන්ගේ බැග් එකෙන් පොඩි කුප්පියක් අරන් අතේ ගුලි කරගෙනම හැමෝටම ඇහෙන්න කිවුවේ,

 “කිසි කෙනෙක් ඉන්න තැන වලින් හෙල්ලෙන්න එපා!” කියලයි... ඒ අණට, ගේ ඇතුලේ එහාට මෙහාට වේවී ඉදපු අයත් ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙද්දී අපි ඔක්කොමලා බය වෙලා පඩි පෙළ දිගේ හිටගෙන කටවල් ඇරගෙන බලන් හිටියේ මොකද මේ කියලා හිතාගනන වත් බැරිව! 

රන්දිව අල්ලාගෙන, පඩි පෙලේ ඉදපු අපිට නොපෙනෙන ඉසවුවක් දිහා බෙල්ල හරවාගෙන බලාගෙන, උදේ ඉදන් දාගෙන හිටපු උපහාසාත්මක මුණ දියවෙලා යද්දී ඇස් ලොකු කරන් බය උන මුණක් ඇදගන්න පොඩි මාමාව දැකලා මගේ හිතේ ගැස්ම වැඩි උනේ ඒ ඇස් වලින් එයාට පේනදේ, යාන්තමට වගේ මට හිතෙන් පෙන්න ගත්තු නිසයි!

අපිට නොපෙනන ඒ ඉසවුව පේන කෙනෙක් උන නැන්දා, බය වෙලා ඉදපු තැනින් අයින් වෙන්න වගේ හැරෙද්දීම ගුරුන්නාන්සේ, දබර ඇගිල්ල නැන්දට දික් කරගෙන “හෙල්ලෙන්න එපා!” යි දෙවෙනි අණ නිකුත් කලා! 

වෙලාව නැවතිලා වගේ දැනෙද්දී, මම බලාගෙන හිටියේ මාමාගේ මුණ දිහාමයි එක පාරටම බයත්, විස්මයත් අතර මැද හඩක් රන්දිව අල්ලාගෙන ඉදපු පොඩි මාමාගේ කටින් පිට උනේ මාමා විසිවෙලා වගේ දොර ලග වැටෙද්දීමයි...! වහාම ක්‍රියාත්මක උන ගුරුන්නාන්සේ, අතේ තිබුන කුප්පියයෙන් තෙල් ටිකක් අරන් රන්දි ලගට පිම්මෙන් ගිහින් නළලේ ගෑවේ කරන්ට් වැදිලා වගේ රන්දීව ගැහෙන්න පටන් ගනිද්දිමයි! 

ඔක්කොමල ඉටියෙන් හදපු පිළිම වගේ ගේ පුරාම හිටගෙන බලන් ඉන්දැද්දී වැටෙන්න යන රන්දිව අල්ලාගෙන ගුරුන්නාන්සේ  “කෝ ඉක්මන් කරන්න, මේ ළමයව අල්ලා ගන්න!” යි කිවුවේ, හැමෝටම තමන්ගේ හොද සිහිය ලං කරමින්! 

ලගම හිටිය මාමාලා දෙන්න, ඉක්මනින් රන්දිව අල්ලාගෙන පුටුවක හාන්සි කරෙවුවේ මුණට මුණ බලා ගනිමින්! ලොකු නැන්දා “අනේ දෙයියනේ!" කියමින් හුස්මක් ඇදගෙන පුටුවකට වැටෙද්දී  “හ්ම් දැන් තොවිලේ පටන් ගමු!” යි පවසා, එතනින් ඉවත් උන ගුරුන්නාන්සේගේ පස්සෙන් වැටුන පොඩි මාමා හිමිට යමක් ගුරුන්නාන්සේගෙන් ඇහුවේ ඔලුවට අතක් තියගෙන මනස කැලබුන පුද්ගලයෙකුගේ විලාසයෙන්...! 

ගුරුන්නාන්සේ, පොඩි මාමාගේ උරහිසට අතක් තියමින් යමක් කියලා එතනින් ඉවත් වෙලා ගියා! අපිට කිට්ටුවෙන් ඉදපු ආච්චි අම්මා ලොකු නැන්දා ලගට ගියේ උන දේ කතා කරන්න කියලා දැනුනු නිසා මමත් ආච්චි අම්මාගේ පස්සෙන් වැටුනේ විස්තරේ අහගන්න! බය වැඩි කමටද මන්දා අඩන ගමන් ගොත ගසමින් නැන්දා කියනවා, “අම්මා මෙහෙදී දැක්කයි කියපු හොල්මන මේ බිත්තිය ලග හිටියා අම්මේ...! මගේ කකුල් ගැහෙනවා තාමත්!”

එහෙනම් අපි දැකපු හොල්මන තමයි, නැන්දත් දකින්න ඇත්තේ...! යි මට සිතෙද්දී මම දැක්කේ සාලේ කොනක පුටුවකට වැටිලා හිස් දෑසින් එළිය බලාගෙන ඉන්න පොඩි මාමාවයි!....

පොඩි මාමා, ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනාවේ ගිලිලා ඉදීම මම දැක්කේ, ‘මාමාගේ මතය උන අද්භූත සිද්ධි, ආවේශ වීම් කියන්නේ මානසික රැවටීමක්, බිරාන්තයක්, ශුන්‍ය තර්කයක් වශයෙන්, තමන් උගත් ශේස්ත්‍රයට අනුව හිතමින් විශ්වාස කරමින් තමන් ගිය පාර මගදී, ‘බොරු වලකට’ වැටුන මිනිහෙක්, තමන්ගේ නවීන මනසට තමන් ඇහින් දැක්ක දේ ඔබා ගන්නේ කොහොමද කියලා හිතමින් ඉන්නවා වගේ’ කියලයි...! 

තිත්ත උනත් ඇත්ත පිළි ගන්න ලොකු මාමාට නම් එතරම් වෙලාවක් නොගිය නිසා ගුරුන්නාන්සේගේ වැඩ වලට උදවු කරන්න ලොකු මාමා යුහුසුළු උනා! තොවිලේට අවශ්‍ය සියල්ල ලෑස්ති කරගෙන, පටන් ගන්න මොහොතකට කලින් ගුරුන්නාන්සේ ගෙදර හිටපු හැමෝටම සාලේට කතා කරලා කිවුවේ, 

“අද මේ වැඩේ මෙතනින් කෙළවරක් වෙන්න අවශ්‍යයි නම්, මම දැන් කියන දේවල් මෙතන ඉන්න කිසිම කෙනෙක්ට කරන්න තහනම්!” ගුරුන්නාන්සේගේ ගෝලයා අපි හැම කෙනෙක්ගෙම අතේ සුදු පාට නුල් බදිද්දී ගුරුන්නාන්සේ අපිට නීති රීති පැහැදිළි කළා... 

“එක, මොනම හේතුවක් නිසාවත් මේ වැඩේ කෙළවරක් වෙනකන් මගෙන් අහන්නේ නැතිව වත්තෙන් එළියට බහින්න තහනම්...! 
දෙක, මේක ඉවර වෙලා මාස තුනක් යනකන් මේකට සහභාගී වෙන මේ අය හැම දෙනාටම රහමෙර පානය, මස් මාංශ කරවල බිත්තර බැදුම් කෑම, මස් මාංශ බිත්තර උයලා තම්බලා වත් අනුභවය තහනම්...! සම්පුර්ණයෙන්ම නිර්මාංශ අහර වේලක් මාස තුනක් යනකන් කන්න බොන්න ඕනේ! 

ඊළගට විනාඩි පහකට වඩා කැස්ස ගුරුන්නාන්සේ, පපුව අත ගා ගනිමින් කිවුවේ, 

"තුන, තමන්ගේ ගෝලයව පෙන්වමින්, මහා මන්තරේ මතුරන කොට මේ මගේ උදවුවට ඉන්න දරුවා හැරෙන්න කිසි කෙනෙක් නැගිටින්න එපා ඉදන් ඉන්න තැන් වලින්...! ඔය අතේ බැදලා තියෙන නුල නිසා කාටවත් කරදරයක් වෙන්නේ නැහැ.!. මහා මන්තරේ කියන වෙලාවට ගෙට එන අයාලේ යන ආත්මවල බැල්මට අහුවෙන්න අවශ්‍ය නැති නිසා ඉවසීමෙන් ඉදගෙන ඉන්න!"

ඒ කියපු ටිකටත්, පපුව ගැහි ගැහි ඉදපු අපි දිහත් බලලා...
"හතර, මේක අත්‍යවශ්‍යම නැහැ හැබැයි කරනවා නම් හොදයි! මේ අද්භූත සිද්ධි ගැන කතාබහ අදින් පස්සේ නොකර ඉන්න මාස හයක්වත්... පිට තැනකදී වත් කාත් එක්කවත් මේවා කතා කරන්න යන්න එපා...! මේ සිද්ධි අමතක වෙන්න දෙන්න මනසට ටික කාලයකට... තෙරුනානේ?!” කියමින් අපි “ඔව්” කියනකන්ම මුණ දිහා බලන් හිටිය ගුරුන්නාන්සේ, 

“හොදයි එහෙමනම්, පැය කිහිපයකට වාඩි වෙලා ඉන්න ලෑස්ති වෙලා ඇවිත්, මේ දාලා තියෙන පැදුරු වලින් වාඩි වෙන්න...!” කියමින් හදුන් කුරු මිටියක් පත්තු කරන්න උනා!

මොනවා දකින්න වෙයිද, අහන්න වෙයිද කියලා හිතේ මායිමටවත් හිතාගන්න බැරිව ගැහෙන හිතින් කිටි කිටියේ ලං වෙලා අපි ඔක්කොමලා බිම එළලා තිබුණු පැදුරු වලින් වාඩි උනේ පොඩි මාමා රන්දිව කාමරෙන් එක්කගෙන ඇවිත් ගුරුන්නාන්සේගේ ලගම එළලා තිබුන පැදුරෙන් වාඩි වෙද්දීයි... රන්දී ඇස් ඇරන් හිටියට සිහියකින් හිටියා අපිට පෙනුනේ නැහැ... එයා වට පිට හැරි හැරී තමන් වටේට ඉදන් ඉන්න අය දිහා බලනවා.. 

රන්දිගෙයි මගෙයි ඇස් එකට මුණගැහුන වෙලේ... මගේ බඩ ඇතුලේ අමුතු පෙරලීමක් වගේ දැනුනා... එත් එක්කම අමුතුම හැගීම් පෙළක් ඔලුව හරහා විහිදිලා ගියා.. නිකන් මේක කරන්න ඕනේ නැහැ... අපිට ප්‍රශ්නයක් නැහැනේ වගේ හැගීමක් ඒක.. අමුතු අප්‍රසාදයක් ගුරුන්නාන්සේ ගැන මට ඇති වෙද්දී මට හිතුනා මේ නම් මගේ සිතුවිලි නෙවෙයි කියලා.. ඒ සිතුවිල්ලත් එක්කම අර අප්‍රසාද හැගීම් අපහසුතා සියල්ල නැතිවෙලා ගියා...! 

හරිම අමුතුයි..! මම මගේ වට පිට ඉන්න අය දිහා බැලුවේ මට ඇති උන පුදුමේත් එක්ක.. දිලූ මගේ ලගින්ම ඉදපු කෙනා.. එයා ඔලුව බිමට නමාගෙන, ඇදෙන් වැටිලා කැඩිලා හොදවෙමින් තිබුන ඇගිල්ලෙන් පොළොවට අනිනවා දැකපු මම එයාගේ අතින් අල්ලලා නවත්ත ගත්තේ මොකද කරන්නේ කියලා අහන්නේ නැතුව එයා දිහා බලමින්...!

එක පාරටම අසිහියෙන් ඉදලා සිහිය අවා වගේ " ආවූ........." කියමින් කැඩුණු ඇගිල්ල සහිත අත අල්ලාගෙන ඇස් වලට කදුළු කැට පිරෙද්දී කෙදිරි ගාන්න ගත්ත දිලූ දිහා බලපු ගුරුන්නාන්සේ ලගින් තියාගෙන හිටිය සුදු පාට බෝතලයක් එයාගේ ගෝලයට දුන්නේ සාලේ වටේටම ඉහින්න කියලයි...

"මේ අයාලේ යන එකාලා එක්ක තමයි ඔක්කොටොම වඩා කරදරේ... මුන් මේක අස්සේ රිංගගෙන තෝල්ක කම් කරන්න තියාගත්තා ඒ පාර...!" කියමින් නැගිටලා පන්දමක් පත්තු කරලා ඒක සාලේ වටේම මොනවද මුමුණමින් අරන් ගිහින් නැවත වාඩි උනේ කහිමින්... 

රෑ 9 ට කිට්ටු වෙද්දී ආරම්භ කෙරුණ තොවිලය 12 :30 වගේ වෙනකන් හිමින් ඇහෙන මන්තර සහ ගුරුන්නාන්සේට අතරින් පතර ඇති උන වියලි කැස්ස අතරින් වැඩි කරදරයක් නැතුව කෙරීගෙන ගියා! එකම වදේකට සිද්ධ උනේ, කොහෙන්ද මන්දා ආපු බලු රැලක් සාලේ පැත්තේ තාප්පෙට කිට්ටුව රන්ඩු වෙන්න ගත්තු එකයි... මහා කන්දොස්කිරියාවක් උන ඒ බලු රණ්ඩුව ඇහෙන්නේ නැහැ වගේ ගුරුන්නාන්සෙයි ගෝලයයි දෙන්නා මන්තර මතුරමින් තොවිලේ කරගෙන ගියා...

තවත් පැය බාගයක් වගේ ගිය තැන, අපිට තුන් වන නිතිය නැවතත් මතක් කරපු ගුරුන්නාන්සේ, මේ කරදරවලට මුලික උන ස්පිරිට් එකට එන්න කියලා කළ යම් ආකාරයක අණ කිරීම් විනාඩි දහයකට වඩා කෙරුනේ දල්වපු විලක්කුවක් අරන් ඒකට දුම්මල ගහලා හොදින් මහප්‍රාණ ශබ්දකරමින් කියපු අමුතු වචන තිබුන මන්තරයක් සමගිනුයි!

ටික වෙලාවක් සියලු මන්තර නවත්තපු ගුරුන්නාන්සේ ඇස් පියාගෙනම හිටියා... විනාඩි පහක් දහයක් එහෙමම ගතවෙද්දී මල් තට්ටුව උඩ පත්තු කරලා තිබුණු පහන් තිර හෙලවෙන්න ගත්තේ එතනට විතරක් ‘හුළගක් හැමුවා’ වගේ කියලා මට හිතෙද්දියි! සෑම් භය වෙලා දණ ගහගෙනම ලොකු මාමා ලගට ගිහින් ඉදගනිද්දී, ගුරුන්නාන්සේ නැවතත් සද්දෙන් මන්තර කියමින් දුම්මල ගසමින් මල් තට්ටුව උඩ තිබුන නුල් වලින් හදපු ටිකක් මහත වල්ලක් වගේ එකක් අතට අරන් එක කට ලගට අරන් මතුරන්න ගත්තා....

ඒත් එක්කම රන්දීගේ අමුතු කලබලයක් එක්කම ඉන්න තැනින් නැගිටින්න වගේ හදද්දී පොඩි මාමයි ගුරුන්නාන්සේගේ ගෝලයයි එයාව බිම ඉන්දවගෙනම තියා ගන්න අමුතු වෙහෙසක් ගත්තා කියලා අපිට පෙනුනේ බාප්පත් නැගිටලා ගිහින් රන්දිව අල්ලගත්තු නිසයි... ඒත් එක්කම වගේ උඩ තට්ටුවෙ බර දෙයක් අපේ ඔලුව උඩ තිබුන පොළොවට වැටෙන සද්දයක් ඇහුනයින් උඩ විසි උන අපි බයෙන් ගැහෙමින් එවෙලේ පඩි පෙළ දිහා බලන් හිටියේ ඒක දිගේ හොල්මනක් පහළට බහිනකන් වගෙයි! ඒ, උඩ තට්ටුවේ වැටුන දේ පඩිපෙළ පටන් ගන්න තැනටම පෙරලිලා ආවා වගේ අපිට ඇහුන නිසයි!  

තවත් ටික වෙලාවකින් නොසිතු පරිදි හැමෝගෙම බය, එක එක ශබ්දෙට කටවල් වලින් පනිද්දි අපේ පිටිපසෙන් බිත්තියේ එල්ලලා තිබුණු චිත්‍රයක් කඩාගෙන වැටුනේ ඒ කිට්ටුවෙන් ඉදන් ඉදපු කිහිප දෙනක්වම නැගිට්ටුවමින්! ඉදගන්නයි අතින් සන් කරමින් අමුතුම භාෂාවකින් මන්තර කියන්න ගත්තු ගුරුන්නාන්සේ සද්දෙන් ඒ මන්තරවල වචන ශබ්ධ කරමින් බර කරමින් මට හිතෙන ආකාරයට ‘මහා මන්තරේ’ කියන්න පටන් ගත්තා!

එයා මතුර මතුර ඉදපු නූල් වළල්ල අරගෙන ඒක කුඩා වෙන්න පැත්තකින් ගැටයක් දාලා බුලත් කොළයක් උඩ තිබ්බේ ඊලග පියවරට යන්නයි කියලා මම හිතද්දී "මොන කරදරයක්ද මන්දා මේ බල්ලෝ!! " යි කියමින් ලොකු නැන්දා සාලේ පැත්තේ තාප්පේ දිහා බලද්දී ඇත්තටම එතන බලු රණ්ඩුව ඉවර වෙලයි තිබුනේ... නැන්දට එහා පැත්තෙන් වාඩි වෙලා ඉදපු ආච්චි අම්මා "මොන බල්ලෝද?!" යැයි අසමින් මගේ දිහත් බලද්දී, නැන්දා මොනවා හරි කියන්න කට ඇරියත් නොකියා තාප්පේ දිහාම බලන් හිටියේ ඇයි කියලා එවෙලේ මට තේරුනේ නැහැ ... 


ගේ ඇතුලේ නානාප්‍රකාර ශබ්ද ඇහෙද්දී මම ගැස්සී ගැස්සී වට පිට බැලුවත් මට ලගින් ඉදපු අයගේන් මට ඇහුන ඒ සද්ද වලට කිසි ප්‍රතිචාරයක් නොතිබීම මට මුලින් ගැටළුවක් උනත් පස්සේ මට තේරුණා අපි හැමෝටම ඒ සද්ද ඇහෙන්නේ නැති බව...! වවුලෙක්ද මන්දා ජනේලේට මහා සද්දෙන් වැදුන එක නම් අපි ඔක්කොටම ඇහුනා හැබැයි...! එවෙලේ ජනේලෙට කිට්ටුවෙන් වාඩි වෙලා ඉදපු චිත්‍රා පැදුරෙන් නැගිටලා ගුරුන්නාන්සේගේ, ගෝලයා කෑගහද්දීම අපිවත් පෙරලගෙන බිත්තියක් ගාවට දිවුවා...! චිත්‍රා එක්කම වගේ නැගිටින්න ගිය මල්කිව පුංචි, අතකින් ඇදලා වාඩි කෙරෙවුවේ සැරේට බනින ගමන්! 


ගේ පුරාම අමුතු සද්ද වැලක් ඇහෙද්දි, ජනේල් තිර රෙදි ඇත් මෑත් උන තැනකින් ජනේලේ කිට්ටුවටම වෙන්න අහම්බෙන් වගේ මම දැක්කා අදුරු චයාවක් තියෙනවා!  එසැනින් අහක බලාගත්තු මම ඇස් වහගත්තේ ඒ ගැන නොහිතා ඉන්න උත්සාහ කරමින්... ගුරුන්නාන්සේගේ ගෝලයා ජනේලේ තිර අදින සද්දේ මට ඇහෙද්දී ඒ චායාව එයත් දකින්න ඇතියි මට හිතුනා... චිත්‍රා ඉකිගසමින් පැදුරට ඇවිත් වාඩි උනේ මම ඇස් අරිද්දියි! “කිසිම කෙනෙක් නැගිටින්න එපා!” යි ගුරුන්නසේගේ ගෝලයා සැරෙන් කිවුවේ ගුරුන්නාන්සේ ඇස් පියාගෙන නොනවත්වාම මන්තර කියද්දීයි! 

තවත් ටික වෙලාවක් ගත වෙන්න ඇති, මහා අමුතුම භයානක හැගීමක් මගේ හිතට පුරවමින් ඉද්දක් ගැහුවා වගේ එකපාරටම නැගිට්ට රන්දී, හරි කෙලින් පැදුර උඩ හිට ගත්තේ මට උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවමින්! එයාව අල්ලන් ඉදපු මාමලා දෙන්න එයාව නැවත වාඩි කරවන්න දගලද්දී මගේ බය ඉනිමගක් දිගේ නගිනවා වගේ නැග්ගේ එයා හැරිලා අපි දිහා බැලුව විදිහටයි... උබලව මරාගෙන මැරෙනවා වගේ හැගීමක් ඒ බැල්මේ තිබුනේ... ඇග සිතල වෙලා යන ඒ බැල්මෙන් අපි ඔක්කොම දිහා බලාගෙන ගිහින් ගුරුන්නාන්සේ දිහාවට හැරෙද්දීම ගුරුන්නාන්සේ නුලෙන් කලින් හදල තිබුන වළල්ල වගේ එක රන්දිගේ අත් වටයට දාලා එහි ගැටය තද කලා!

අත ඉස්සරහට දික් කරගෙන අතට උණුවතුර වැටුනා වගේ වේදනාවෙන් කෑගහමින් ඇඹරෙමින් රන්දී ගුරුන්නාන්සේ ලග දණ ගහ ගත්තේ දරාගන්න බැරි අමාරුවකින් වගේයි මට පෙනුනේ..! ඊලග විනාඩියේදී රන්දිගේ දැගලීම නැවතිලා පණ නැතිව මාමාගේ ඇගට වාරු වෙද්දී ගුරුන්නාන්සේ හිමිට මතුරමින් රන්දිගේ අතේ තිබුන නූල වළල්ලක් ගලවන ආකාරයට තොන්ඩුවේ ගැටේ තදකරමින්ම අතින් අයින් කරගත්තා! 

එක පාරටම සියලුම දේවල් වලට තිතක් තිබ්බා වගේ වට පිටත් සියල්ල නිශ්ශබ්ද වෙද්දී අමුතුම සාමකාමී බවක් මට දැනෙන්න ගත්තා කාලෙකට පස්සේ... ගුරුන්නාන්සේගේ අතේ තිබුන‘නුල’ සුදුපාට පොඩි බෝතලේකට දාපු එයා සැනෙකින් තවත් මන්තරයක් පටන් අරන්, රන්දිගෙන් ගලවගත්තු ‘නුල’ සහිත බෝතලය තම ගෝලයා අතට පත් කරමින් චිත්‍රාට ලගට එන්න කියලා එයාගේ නළලට අතක් තියාගෙනම මොනවද මුමුණලා තෙල් වගයක් ඔලුවේ ගැවා! 

දෙවි දේවතාවුන්ට පින් දෙද්දී ගුරුන්නාන්සේගේ ගෝලයා නූල සහිත බෝතලය ගෙදර බුදු පහන උඩින් තිබ්බේ ගුරුන්නාන්සේ පිරිත් කියමින් සෙත් පතත්දීයි! උදැසන 6 වෙද්දී සියලුම කාර්යන් ඉවර කළ ගුරුන්නසේ තොවිලේ අවසන් කරේ හැම දෙනාගේම සිත් සතන් සුවපත් වෙද්දියි! චිත්‍රාටත් සනීපයක් ලැබෙද්දී අපි දැක්කේ කලින් චිත්‍රාගේ අතේ බැදලා තිබුන නුල ජනේලේ ලග වැටිලා තියෙන හැටියි! එත් ඒක අතින් ගැල උනේ කොහොමද කියලා එයාවත් දන්නේ නැහැලු! 

ඊටත් වඩා පුදුමේ නම් රන්දිට ‘මන්තර නුල’ දාපු අත් වටයේ තද රතුවට කැළලක් තිබීමයි! කෙසේ නමුත් ඇල්ල ට්‍රිප් එක යන දවසේ උදේ අපේ පවුලේ අයගේ තිබුන මානසික නිදහස් බව අපේ හිත් වලට නැවත ඇවිල්ලා තිබුන බව හැමෝගෙම මුහුණු වල ලියවිලා තිබුනා! මමත් ඇතුළුව අපි හැමෝම අමුතු මානසික සුවයක් අත්විදිමින් හිටියේ හරියට ඔලුව උඩ තිබුණු කළු වළාවක් පාවෙලා ගිහින් එළියක් වැටුනා වගේ හැගීමක් එක්ක...

උදේ වෙද්දී ගුරුන්නාන්සේගේ කැස්ස හොදටම වැඩිවීම හේතුවෙන් ගුරුන්නන්සේව බෙහෙත් ගන්න එක්කන් ගිය බාප්පා එයාව එක්කන් එද්දී කැස්ස හොදටම අඩු වෙලා තිබුනා! උදේ අපි එක්ක කෑමත් ගත්ත ගුරුනාන්න්සේ ඒ අතරේදී එයාගේ අත්දැකීම් කිහිපයක් අපි එක්ක බෙදාගන්නත් අමතක කලේ නැහැ!  ගුරුන්නාන්සේ කිවුවේ කලින් ගෙනා කට්ටඩියා පෙරේත බන්දනයක් කර තිබු බවත් එවිට ඒ පෙරේතයෝ යන යන තැන පස්සෙන් එමින් මනුස්සයින්ව අනතුරු වලට තල්ලු කරන බවයි!

ලොකු මාමලා වාහන අනතුරකට ලක්වීම උදාහරණයක් හැටියට කියපු ගුරුන්නාන්සේ,  "මේ කාලේ කට්ටඩි එක්ක ගනුදෙනු හදාගන්න එපා! කොටි වලිගේ අල්ල ගත්තා වගෙයි අහු උනාම! පෙරේතයෝ එක්ක ජිවත් වෙන මිනිස්සු, දියුණුවක් නැතිව එක තැනම ලගින්නෙත් පෙරේත බැල්ම නොමිළේම ඔය කට්ටඩින්ටත් ලැබෙන නිසයි!"

"මතක තියා ගන්න රහමෙර පානය, මස් මාළු බැදුම් කෑම තහනම් කරන්නේ රහමෙර වලට බැදුම් මස් මාංශ වලට මිනිස්සුන්ට වඩා දස දහස් ගුණයකින් පෙරේතයෝ කැමති වීමයි! ඔය පෙරේතයෝ වෙන්නෙත් ඕනෙවට වඩා ඕවට ගිජු මිනිස්සු වීමම  තමයි හේතුව ! භූත ප්‍රශ්ණ වලට මුහුණ දුන්නම කාලයක් යනකන් තවත් භූතයෝ වටේ කැරකෙනවා... හරියට නිතර කාපු හෝටලේ ලග බල්ලෝ පුසෝ ගැවසෙනවා වගේ... ඒ නිසා මාස තුනක් හතරක් ඔය දේවල් වලින් වැළකිලා හිටියම හෝටලේ වහල නිසා බල්ලෝ පුසෝ නැවතිලා බලන් ඉන්නේ නැතුව යන්න යනවා වගේ, ඒ ආත්මත් හිමිට අයින් වෙලාම යාවි... " 

කි ගුරුනාන්සේ දවල් වරුවේ අනිත් ගෙවල් වලටත් ගිහින් ආරක්ෂාවක් කරලා ඇවිත් මාමලා එක්ක තමන්ගේ ගෙදර යන්න ලෑස්ති වෙලා අපෙන් සමු ගනිද්දී කිවුවේ, 

“ඔයාලට මේ ලැබුන අත්දැකීම්, අමතක කරන්න එපා...! අවතක්සේරු කරන්නත් එපා...! හොදට මතක තියාගන්න මේ වගේ නොපෙනෙන බලවේග වල, ගොදුරක් නොවෙන්න නම් මෝහොතකටවත් අමාරුවෙන් ලැබුන මනුස්සකම නැති කරගන්න එපා! නරක කර්ම ලං වෙද්දීත් හොද සිතින් හොද සිහියෙන් ලැබෙන දේ භාරගෙන මිනිස්සුන්ට උදවු කරගෙන ජිවත් වෙන්න...!"  

"විශ්වාස කලත් නොකලත් 'ධර්මය රකින්නාව, ඒ ධර්මය විසින් රකිනවා'! එක විශ්ව නීතියක්!” 

අර නූල දාපු සුදු පාට විදුරු බෝතලේ අරන් යන්නත් එයා අමතක කලේ නැහැ! ඒකට ගුරුන්නාන්සේ කලේ මොකද්ද කියලා අදටත් අපි දන්නෙත් නැහැ... කවුරුත් හෙවුවෙත් නැහැ!    


නිමි….! 



මායා ලෝකයන්ගෙන් පිටවී, මනුස්ස ලෝකයට එබෙන, අමනුස්සයින් ගැන, අනුදැකීම් කතා පෙළක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න!



සුබ දවසක් ඔයාලට! නැවතත් කතාවකින් හමු වෙමු!


23 comments:

  1. Hi Dear nelum,
    adath mamai mulinma comment karanne.aththatama harima pudumai,nodakkath laga hitiya wage e ath dakima apitath wida ganna oya sallassuwata oyata pin, e tharamma thathwikawa oya liyanawa.
    pudumai,pudumakaaa..ra hakiyawak.eka lokayata denna.hoda katha kariyak wenna oyata puluwan,edata me "Soduru Ano"wath matak wewi neda? oyata budu saranai !! (NH)

    ReplyDelete
  2. sha ela kiri awasanayak ne.niyamayi.oyage liwime hakiyawanam uparimayi nelum. oya pothak liyanna me katha okkoma dala. apita kiyawnnatlesi ehtakota.

    thawth wadi wadiyen katha liyanna welawa labewa kiyala pathanawoooo :)

    ReplyDelete
  3. @Anony: ලිවිම ගැන කල ප්‍රශංසාවට,ඔයාට ගොඩක් ස්තුතියි! :)

    මුලිකවම,ඔයා දීපු අදහසට අනුව, මේ කතාවේ පල නොකරපු සිද්ධි ඔක්කොම එකතු කරලා, පොතක් ලියන්න හිතාගෙනයි ඉන්නේ!එදාට බලන්නකෝ,ඔයාව අමතක් වෙලාද කියලා මට!:)

    ඉදිරියටත් මගේ කතා වල හොද නරක ගලපන්න, ගොඩ වෙලා යන්න එන්න හොදේ! ඔයාටත් තෙරුවන් සරණයි!


    @ my7: හෙහෙ පොතක් ලියන්න අදහසක් තියෙනවා ඉදිරියේදී... බොහොම ස්තුතියි දිරි ගැන්වීමට!ඉක්මනින් නැවත හමු වෙමු!:)

    ReplyDelete
  4. හ්ම්ම්... සුපිරි අවසානයක්. මම මේක පළවෙනි කොටසේ ඉඳලම බලනවා. හිතා ගන්නත් බෑ. මම මේ වගේ සේවල් විශ්වාස කරනවා. ඒත් අත්දැකීමක් නෑ. මේ වගේ අත් ඇකීමක් ලබපු කෙනෙක්ගෙන් මේ විදියෙ කතාවක් ඇහුවේ පලවෙනි පාරට.

    ඔයා හොඳට ලියනවා. දිගටම ලියන්න. (මේ වගේ කතාම ලියනවානම් තමයි හොඳ)

    ReplyDelete
  5. @ Charitha: මේ වගේ අත් දැකීම් තියෙන අය කියනවා මිසක්, ලියන්නේ නැති නිසයි, අහන්න නොලැබෙන්නේ කියලයි මට හිතෙන්නේ!ඇත්තටම හිතේ තියෙන බය වැඩි වෙනවා ලියද්දි!

    එත් අද කතාව මට නම් මදි වගේ, විස්තර අඩු උනේ දෙපාරක් එකම කතාව ලිවුව නිසයි!

    ස්තුතියි!මේ වගේ කතා තව එනවා මග!:)

    ReplyDelete
  6. ela ela nyamaayi.thawa liyamu idiriyatath

    ReplyDelete
  7. @ Anony: ස්තුතියි සහෝ! :)

    ReplyDelete
  8. මේවා ඇත්තද...අපේ ආත්තම්මත් ඉස්සර කියනවා බැඳුං කන්න එපා වැඩිය ඒවට පෙරේතයෝ එනව කියලා...

    ReplyDelete
  9. me kathawe mula idam awasane wenaklma oyage amma ththatha,adare karana kenek gana satahank wath na.eya ko?

    ReplyDelete
  10. ඔයාගේ කතාව කියෙව්වා මුල ඉඳන්ම..
    හරිම අපූරුවටහොඳට ලියලා තියෙනවා.
    කුතුහලය,ත්‍රාසය,බය ඔක්කොම එක්ක.
    කියවද්දී මට ආපු ප්‍රශ්නයක් තමා ඔයාගේ ගෙදර ඉන්නේ ඔයයි ආච්චි අම්මායි විතරද කියලා.
    නැන්දලා,මාමලා,බාප්පලා,පුන්චිලා ගැන කීවාට ඔයාගේ පවුලේ අක්කා ගැන විතරනේ කියලා තියෙන්නේ..

    ReplyDelete
  11. මමත් මේ කථා පෙල මුල ඉඳන්ම කියවනවා සහෝදරී... ඇත්තටම පොතක් කලොත් හොඳයි කියලා මටත් හිතෙනවා... මම මේ වගේ පැරනෝමල් දේවල් 100% ක් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. හැබැයි එහෙම දේවල් වෙනවා කියලා මම දන්නවා...

    “විශ්වාස කලත් නොකලත් මනුස්සකමේ, 'ධර්මය රකින්නාව, ඒ ධර්මය විසින් රකිනවා'! එක විශ්ව නීතියක්!”

    මමත් තාම අද්භූත දෙයක් දැකලා නෑ. හැබැයි මම ඒවාට බය නැතුව මුහුණ දෙන්නේ ඔය උඩින් කියපු දේ නිසා. මම හරි නම්, මම කාටවත් බය වෙන්න ඕනේ නෑ. හිත හයිය මනුස්සයන්ට කරදර කරන්න හොල්මන් වලට බෑලු. ඔයවගේ දේවල් වලට ගොදුරු වෙන්නේ ගොඩක් අය මනස දුර්වල අය තමයි.

    ලස්සන කථා පෙළක්... ආසාවෙන් කියෙව්වා... ඉදිරියේදීත් හමුවෙමු... ජය !!!!

    ReplyDelete
  12. @ Unknown: ඒ අය ගැන මේ කතාවට අදාලත්වයක් නැති නිසායි සදහනක් නැත්තේ!ඉදිරියේදී ඒ අය ඇතුලත් කතාවක් මම ලිවුවොත් දාන්නම්කෝ විස්තර! :)

    @ pubudu: අනේ සෝ සොරි පුබුදු!ඔයාට බොහොම ස්තුතියි නැවත පැමිණීමට, වගේම කලින් කරපු දිරිමත් කිරීමටත්! :)

    @ Anony: ස්තුතියි ඔයාට!:) ඇත්ත! එකට හේතුව තමයි, මගේ දෙමවුපියෝ වෙන් වෙලා, වෙනම වාසය කිරීම!අනික මේ කතාවට එයාලගේ සහබාගිත්වයක් නොතිබීම!

    @ Chathuranga: නොදැන ඉන්නවට වඩා, කොයි දේත් දැනගෙන හිටියම, ආයිත් අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් වෙන්නේ නැහැ කියනවනේ!ඇත්ත කිසිම දෙකින් පසාරු කරන්න බැහැ අපේ මනස ශක්තිමත් නම්...!ඔය විශ්ව නීතියට, මමත් සැහෙන්න ගරු කරන කෙනෙක්! ස්තුතියි සහෝ!:)

    ReplyDelete
  13. Dear Nelum,
    soduru katha kariye..mata pudumaaakara sathuatak danenawa, mage illimen oya lekikawak widiyata ratama dana gannawata.oyata godak pin.mata hugak sathutui.
    "oyata ona udauwak mata puluwan uparimayen karanna mama porondu wenawa."

    oya watina sampathak.e hakiyawa pudumai,"Harry Potter" liyu lekikawa wage wenna oyata puluwan aniwaryenma..
    oya liyapuwa kiyawaddi film ekaka wage e hama charithayakma,siduweemakma hith mawila galagena yanawa.oyage uthsahaya uparimetath wada sarthakai. aswahak kata wahak na oyata nango.. :)
    mama me blog ekata hamadama enawa.eka dan mage puruddak wela.meka mage gedara wage dan :) aniwaryenma enawa sure... oya illuwa wage hoda naraka galapanna aniwaaaaaaaryenma goda wenawa.promise !! :)

    oyata budu saranai !! (NH)

    ReplyDelete
  14. අද තමයි කතාව මුල ඉදලම කියෙවුවේ...මම මුලින් හිතුවෙ ගෙතපු එකක් කියලයි..ඒත් කමෙන්ට් කියවද්දි තේරුනා ඇත්තම අද්දැකීමක් කියල..කෙහොම නමුත් මටම උනු සිද්ධියක් වගේ දැන් නම් මේක...ආසාවෙන් කියෙවුව..ඔයාට ජය!!!

    ReplyDelete
  15. @ රෙෂාන්: ස්තුතියි ඔයාට!:)

    ReplyDelete
  16. බොහොම හොඳට හිතේ මැවෙන විදිහට සිද්ධි ගැලපිම් කරලා හොඳට ලියලා තියනවා කියලා මුලින්ම කියන්න පුලුවන්.පොතක් වුනත් ලියන්න පුලුවන් තරම් හැකියාවක් ඔබට තියනවා කියලා පේනවා මේ ලියලා තියන විදිහට.
    කථාව ගැන කියනවා නම් මේ ලොකේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා ඇති මේ මොහොතෙත් අපිට නොපෙනුනාට නොදැනුනාට.මමත් ඔය කියන කථාව වගේ දෙයක් නිසා හීනෙන් ඇවිදලා තියනවා මීට කලින්.ඒක මේ තරමටම දරුණු නැහැ. ඒ වගේම මේ වගේ දේවල් ඇහැට දැකලා තියන නිසා මේවා විශ්වාස කරනවා. නමුත් ඇතැමුන් මේවා හුදු මිත්‍යා කියලා දකිනවා. නමුත් මේවායේ සත්‍යයක් තියනවා.
    කෙසේ වෙතත් මේ විදිහට මේ කථාව අවසන් වුන එක නම් හොදයි කාටවත් කරදරයක් නොවී. තවත් ලියන්න.ඔබට සුභපැතුම්.

    ReplyDelete
  17. @ sameera: ගොඩක් ස්තුතියි සමීර! :) ඔව් ඇත්ත! අද්භූත දෙයක් අත් දැකපු ,කෙනෙක් මිසක් මේවා විස්වාස කරන්නේ නැහැ ගොඩක් අය! එකත් එක අතකට හොදයි! මොකද මට හිතෙනවා අද්භූත දේවල් ගැන හොයන්න, හිතන්න ගියාමත් ඒවායේ බලපෑම් වැඩියි කියලා! ස්තුතියි ඔයාට, නැවත වරක් කමෙන්ට් කළාටත්, පැමිණියාටත්! :)

    ReplyDelete
  18. pissu headi..................mamat taramak durata ahala tiyenawa holman gena.eath mea nutana samaje oge katawa wge deyak siddaunai kiwama adahagannat bea!mona unat katawa nam grade 1*******

    ReplyDelete
  19. ඔක්කොම කියෙව්වෙමි.. කතා ටික නම් මරුය... ගුරුන්නාන්සෙ කිව්ව ටිකත් පෝස්ට් විදිහට දාන්න පුළුවන්නම් වටිනව

    ReplyDelete
    Replies
    1. කතාවක් බාගෙට ලියාගෙන ඉන්නවා මාර්ක්, ඉවරකරගන්න වෙලාවක් ලැබුනේ නෑ, ගොඩ දවසකින්...ගුරුන්නාන්සේගේ කතා ටිකත් ලියලා, කල්ගත වෙලා හරි දානවා..... කොහොම හරි..... :)

      Delete
  20. කියන්න වචන නෑ නෙළී මැක්සා.මේ කතාව කියවල මාවත හොල්මන් වෙලා තතියෙන්නේ.ඔයාට මාර විදියට ලියන්න පුළුවන්..ඉස්සරහටත් මේවගේ ලියන්න.ඔයාට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාට! :D

      තව කතා දෙකක් ඉදිරියෙදී පල කරනවා... :) !

      Delete