පැහැදිලි කල නොහැකි සිදුවීම් වලින් ගහන, උත්තර නැති ප්‍රශ්න වලින් පිරුණු, අත්භූත සිද්ධි දාමයක, අනුදැකීම් එකතුව පටන් ගැන්ම මෙලෙස සටහන් කරමි!
කතාව එක... පළමු කොටස!
ඒ 1926 අවුරුද්ද! ඈත ගම්මානෙක ගුරුකම්වලට, පළාතකම ප්‍රසිද්ධ, තරුණ ගුරුන්නාන්සේ කෙනක් හිටියා… නමින් මොහු විමලසේන! වෙනත් පළාත් වලින් ගුරුන්නාන්සේව හොයාගෙන එන අයටත්, වෙහෙස නොබලා ගුරුකම් කරලා දුන්න මොහු, කල්‍යාණි නමැත්තිය සමග ඇති වූ විවාහ බන්දනයෙන් පසුව, ඈත පළාත් වලට ගිහින් ගුරුකම් කිරීම නැවත නවතා දැමුවේ, පළමුව තම බිරිදගේ රැකවරණයට කැප විය යුතු නිසයි!
එත් එක දවසක්….,
“ගුරුනාන්සේ... !ගුරුනාන්සේ....!”
මිදුලේ ඉදන් කතා කරන කෙනෙක්ගේ කටහඩ අනුව, ගේ හරහා ආපු විමලසේන, සාලෙට සේන්දු උනේ, මල්ලක් එල්ලාගෙන, දාඩියෙන් නාලා, අමාරුවෙන් හිටන් ඉන්න තරුණ අමුත්තාට, ඉදගන්නයි අතින් සන්කරමින්! හුස්මක් හෙලමින්ම, පුටුවකට වැටුණු අමුත්තා දිහා බලමින්, විමලසේනත් ඉදගත්තේ
“සැහෙන්න දුරක් ගෙවන් ආව හැඩයි” කියමින්!
“අනේ ඔව් ගුරුන්නාන්සේ, ගම් හතරකට එහා ඉදන් මේ එන්නේ!” යි
කියමින් විමලසේන ගුරුන්නාන්සේගේ බිරිද, සංග්‍රහ කල වතුර වීදුරුවෙන්, වෙහෙස ටිකක් දිය කරපු අමුත්තා, තමාව ‘සරත්’යන නමින් හදුන්වා දුන්නා!
“කියමු බලන්න කාරණේ!”
කියමින් බුලත් හෙප්පුව අමුත්තාට දික් කරමින්, හරි බැරි ගැහි වාඩි උන විමලසේන, අමුත්තා කට අරිනකම්, ඇස් වෙහෙසේවුවේ, හිතේ මානෙට, බාහිර පෙනුමෙන්, මොහුගේ ප්‍රශ්නේ මැනගන්න!
“මම මේ ගුරුන්නාන්සේවම හොයාගෙන අවේ, ගුරුන්නාන්සේට කියලා ගුරුකමක් කරගන්න කියලයි! මේ වැඩේට ඔබතුමා ඇර, වෙන කෙනෙක් නැ කියලා රෙකමදාරු කලේ සිරිපාල ගුරුන්නාන්සේ! උන්දැ, දැන් වයසයි නිසා, මේ වැඩ කරන්න බැහැ කියලා තමයි කියන්නේ!” යි සරත් කියද්දී,
“හ්ම්ම් හොදයි! දැන් මොකද්ද, කරගන්න තියෙන ගුරුකම!” යි විමලසේන ඇහුවේ, තව මේ මාසෙට බාර ගත්තු වැඩ කියක්, ඉවර කරන්න තියෙනවද කියලා, හිතෙන් හිතමින්, මේ වැඩේ බාර නොගෙන ඉන්නවා, කියලා හිතට කියමින්!
“මගේ බිරිද මාලනීට, පෙරේත බැල්මක් වැටිලා තිබිලා, කාලෙකට ඉහතදී තොවිලයක් කරලා, සිරිපාල ගුරුන්නාන්සේ, ඒක අයින් කරලා දුන්නා! එත් දැන් දැන් අයෙත් පෙරේත දිෂ්ඨියක් ඇග වැටිලා වගේ, හැසිරෙනවා ගුරුන්නාන්සේ…."
"එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා… ඒ නිසා ඉක්මනින්ම, මේක අහවර කරගන්න කියලා තමයි, සිරිපාල ගුරුන්නාන්සේ කිවුවේ…. ඒකයි මම, වෙහෙස නොබලා, ඔබතුමා හමුවෙන්න මේ අවේ!"
‘අපොයි! ගැබ්බර කෙනෙක් නම්, ටිකක් භයානකයි! අනිත් වැඩ, එකක් දෙකක් එහාට මෙහාට කරලා, මේක කරලා දෙන්න ඕනේ’ යි කියල හිතෙන්ම හිතමින්, විමලසේන කටහඩ අවදි කලේ,
“වැඩත් ගොඩ වෙලා තියෙන්නේ මටත් මේ, හ්ම්ම්…. හොදයි එහෙමනම්, මගෙත් ගුරුවරයෙක් වෙච්ච, සිරිපාල ගුරුන්නාන්සේගේ කීමට, ගරු කිරීමක් හැටියට, මම මේ වැඩේ කරලා දෙන්නම්කෝ!” යි කියද්දී,
“පින් සිද්ද වෙනවා ගුරුන්නාන්සේට, මේ ලැබෙන්න ඉන්නේ අපේ දෙවෙනි දරුවා... එක දරුවෙක් කුසේදීම, නැති උනා කලින්!” යි සරත් කිවුවේ දෙනෙත් වලට ආ කදුළු හංගන්න එළිය දිහාව බලමින්….
“හ්ම් හොදයි! එහෙනම් මම ලෑස්ති වෙලා එනකන් ඔහොම ඉන්න...!”
කියමින් ගෙතුලට වැදුණු විමලසේන ගුරුන්නාන්සේ, හාමිනේටත් විස්තරේ කියා, දවස් කීපයක ගමනට අවැසි දේවල් ලෑස්ති කරගෙන, හාමිනේගේ ආරක්ෂාවට, එහා ගමේ ඉන්න, හමිනේගේම දෙමවුපියන්ගේ ගෙදරට, ඇයව ඇරලලා, සරත් එක්ක ඔහුගේ ගමට, යන්න පිටත් උනා! වෙහෙසකාරී, දවස් එකහමාරක ගමනෙන් පස්සේ, සරත්ගේ ගෙට ගොඩ උන පයින්ම, ඇග දැවටුණු අහිතකර ශක්තිය නිසා, එළියට ආපු විමලසේන ගුරුන්නාන්සේ, එළියේ ගහක් මුලෙන් වාඩි වෙලා, විවේක ගත්තේ, ගේ ඇතුලෙදි තමන්ට දැනුනු ඒ බලවේගේ තරම, හිතෙන් මැන ගනිමින්!
‘හ්ම්ම් ටිකක් දරුණු කාරණයක් වගේ! පෙරේතයෙකුත් නෙවෙයි!’ සිතමින්ම තමන් ලගින්ම වාඩි වෙලා ඉන්න, සරත්ගෙන් ඇහුවේ, “කොයි කලේද මේ සිද්ධිය පටන් ගත්තේ? මොකද්ද උනේ කියලා සම්පුර්ණ විස්තරේ මට කියන්න” කියලයි!
“ගුරුන්නාන්සේ, අපි බැදපු අලුතම, පහල ගග කිට්ටුව තමයි පැල අටවා ගත්තේ! දවසක් හවස් යාමේ, මාලනී ගගට ගිහිල්ලා ඇගපත දොවාගෙන එන්න! මම ගෙදරට එනකොට, එයා කොන්ඩෙත් කඩාගෙන,ගෙයි මුල්ලකට වෙලා, දිය රෙද්ද පිටින්ම,වාඩි වෙලා හිටියා, බය වෙලා!”
“මම වද කරලා අහද්දී, තමයි කිවුවේ උන දේ! ….එවෙලේ නම් මම, හිනා වෙලා නිකන් හිටියා ගුරුන්නාන්සේ, මේ ගැනි, කරුවලේ විකාරයක් දකින්න ඇති කියලා! ඒ උනාට දවසෙන් දෙකෙන්, අමුතු දේවල් වෙන්න ගත්ත ගේ ඇතුලේ, වත්තේ එහෙම!….”
සරත්, කතාව නවත්තලා,ටිකක් කල්පනා කරමින්, ගුරුන්නාන්සේ දිහා බලලා කිවුවේ “ඒ මිනිහා, ගග මැද ගැබුරට එද්දි, ටික ටික උස යනවා මාලනී දැක්කලු! අ… ගුරුන්නාන්සේ! යක්කු එනවද එහෙම පේන්න! මම නම් මුලින් මුලින්, මේ ගැනිගේ කතාව විස්වාස කළෙම නැහැ! එත් එදා රෑ ජාමෙ, පොළව හොල්ලගෙන,ගේ වටේ දුවන සද්දයක් ඇහෙන්න ගත්තා!”
“මම බය නැතිව, එළියට බැහැලා බැලුවා ගුරුන්නාන්සේ, මොකටද බොරු කියන්නේ... මම ඉස්තොප්පුවෙන් එළියට බහින කොට, ගේ පිටි පස්සෙන් දුවනවා ඇහෙනවා... මම පිටිපස්සට දුවන කොට, ගේ ඉස්සරහින් දුවනවා ඇහෙනවා! පස්සේ ටිකක් මගේ හිතත් ගැස්සුනා!
එත් මම, ඉස්සරහ කෑල්ලේ නැවතිලා බලන් හිටියා, දුවන එකා කොයි වෙලාවේ හරි, ඉස්සරහින් දුවයි නේ කියලා!” …. “ටික වෙලාවකින් සද්දේ නැවතුනා!…. මමත් ‘දොර ලෑල්ල’ දාලා, ගෙට වෙලා හිටියා, බිමට එළිය ටිකක් වැටෙනකන්! යාන්තමට වගේ, එළිය වැටීගෙන එනකොට, මම එලියට බැහැලා බැලුවා ගුරුන්නාන්සේ, මගේ ඇස් දෙක, විස්වාස නැති උනා මට එවෙලේ!”
“ගේ වටේම බිම, ඌරො හාරලා වගේ, වලවල් හැදිලා තිබුනා! වටේම තියෙන ගස් වල පොඩි ඇති පතු, ගේ මිදුලේ හැම දිහාවේම වැටිලා, හරියට සුලියක් මිදුලේ කැරකිලා වගේ! දෙවෙනි දවසේ, දුවන සද්දේ ඇහුනේ නැහැ! ඒ උනාට වහලේ, පොල් අතු උඩ ඇවිදිනවා, ඇහෙන්න ගත්තා රෑ පුරාම! මම හිතුවේ වහලේ, කඩන් වැටෙයි කියලා…. අලියෙක් වහලේ උඩ ඇවිද්දා වගේ”
“එවෙලේ නිකමට වගේ හිතිලා, හොද තිත්ත කුණුහරුපෙන්, කෑගහල බැන්නා මම... ටික වෙලාවකින් සද්දේ නැවතුනා! යන්න ඇති මොකා උනත් කියලා, හිතලා අනිත් පැත්ත හැරෙන්න උනේ නැහැ, ගේ ලගටම වෙන්න තිබුන කොස් ගහේ, මහා විසාල අත්තක්, ඒ පැත්තේ වහලෙයි බිත්තියයි, කඩාගෙන ගේ ඇතුලට වැටුනා!”
“අපි ඇදී රෙදි පිටින්ම දිවුවා, එහා වත්තේ ගෙදරට! අටවා ගත්තු ගේ, පැත්තක්ම බිදිලා ගිහිල්ලා තිබුන, උදේ ඇවිත් බලද්දී! මාලනිව එයාලගේ අම්මලාගේ ගෙදර නවත්තල, මම ගියා, සිරිපාල ගුරුන්නාන්සේ හම්බවෙන්න! ගුරුන්නන්සේව එක්කන් ගෙදර එන කොට තමයි, මම දැනගත්තේ, මාලනීට දරුවෙක් ලැබෙන්න ඉදලා, ඒ දරුවා උදේ, නැති වෙලා ගියා කියලා!”
“නැන්දම්මා කිවුවේ මාස තුනක් වගේ, වෙන්න ඇති කියලා ඒ දරුවට! සිරිපාල ගුරුන්නාන්සේ තොවිලයක් නටලා, සෙත් ශාන්තියක් කරලා කිවුවේත්, ආයෙත් මේ යකා එන්න ඉඩ තියෙනවා,ඒ නිසා පරිස්සමෙන්, ජිවත් වෙන්න කියලයි! ඒ කිවුවත් වගේ, දැන් දෙවෙනි දරුවා ලැබෙන්න මාස 4 ක් තියා, අයෙත් මේ කරදරේ පටන් ගත්තා නේ, ගුරුන්නාන්සේ!”
යි කියමින්, සුසුමක් හෙලමින්, කතාව අවසන් කරපු සරත් දිහා, බලන් ඉදපු විමලසේන ගුරුන්නාන්සේ, ටිකක් වෙලා නිහඩවම කල්පනා කළේ, මේක නිකන් පෙරේත බැල්මක් නොවෙන එකේ, අගක් මුලක් නොදැන, වැඩේට අත ගහන එක, එක භයානකයි කියලයි!
“සිරිපාල ගුරුන්නාන්සේ, පණිවිඩයක් එවලා තියෙනවා, ඇවිල්ලා හම්බ වෙන්න කියලා, විමලසේන ගුරුන්නාන්සේට!” යි
සරත්ගේ නෑදෑ කෙනෙක් කියද්දී, විමලසේනට හිතුනේ, කෝකටත් කල යුතු දේ පිලිබදව, අවසන් නිගමනයකට පැමින්නෙන්න, සිරිපාල ගුරුන්නාන්සේගේත් අදහස දැනගැනීම, වටිනවා මෙතනදි කියලායි
“හොදයි! එහෙනම්, මම කියන බඩු ටික ලෑස්ති කරලා තියන්න, මම ගිහින් සිරිපාල ගුරුන්නාන්සේව හම්බ වෙලා එන්නම්!”
කියමින්, තොවිලෙට එකතු කරගත යුතු බඩු, විස්තර කරලා, සරත් විසින් ලෑස්ති කර දුන් ගොන් කරත්තෙට, නැග ගත්තු විමලසේන, වෙහෙස නොබලා, එහා ගමේ ඉන්න, සිරිපාල ගුරුන්නාන්සේව මුණ ගැහෙන්න ගියේ, තමාට වැඩි අත්දැකීම් ඇති, සිරිපාල ගුරුන්නාන්සේටත්, බැරි උන වැඩේ, තමා කරන්නේ කොහොමද කියලා කල්පනා කරමින්!
පැය දෙකක පමණ ගමනකින් පසු, සිරිපාල ගුරුන්නාන්සේගේ, ගේ පැත්තට, කරත්තේ හැරෙද්දීම, ඉස්තෝප්පුවේ, හාන්සි පුටුවේ, දිග ඇදිලා ඉන්න, සිරිපාල ගුරුන්නාන්සේව දැකපු විමලසේනට, හිතුනේ මිට අවුරුද්දකට පෙර, තමාගේ විවාහ මංගල්ලෙට සහභාගී වෙද්දී, හිටියට වඩා, දෙගුණයක් විතර, සිරිපාල ගුරුන්නාන්සේ, දැන් වයසට ගිහින් ඇති බවයි!
බාගෙට එක් තැන් වෙලා ඉන්න, සිරිපාල ගුරුන්නාන්සේගේ දැනුමෙන්, විශාල ප්‍රමාණයක් විමලසේනට තෑගි කරපු ගුරුන්නාන්සේ…ගුරු හරුකම් අතරින්, නිතරම කිවුවේ,
“මේ වැඩේ තනියම කරන්න වුනොත්, නොකර අත අරින්න,වෙන දේවල් හිතන්න එපා! සමහර දෝෂ කර්මනුකුලවයි සිද්ද වෙන්නේ!”
“ඒවා වලක්වන්න ලේසි නැහැ! ඉතින් මේකට හවුල් කරගන්න කෙනෙක් නැති උනොත්, ශාන්ති කර්මයක් කරලා අයින් වෙන්න!”
උපදෙස් වලට වඩා, අවවාද ලබපු විමලසේන ගුරුන්නසේ, එතනින් එන්න පිටත් උනේ, හිතේ බරක් එක්ක!
“අහවල් ගමේ ඉන්න ගුරාව, අඩගහ ගන්න බලන්න!” තනියම නම්, කරන්න එපා ළමයෝ තෙරුනානේ!” යි
සිරිපාල ගුරුනන්න්සේ අවසානේටත් කියපු නිසාම, ඒ ගමටත් ගිය විමලසේන ගුරුන්නන්සේ, ඒ ගමේ ගුරුන්නසේගෙන් මේ වැඩේට, දායකත්වය ඉල්ලු සැනින් ඔහු කිවේ,
“අපෝ ඔය වැඩේනම් මට බාරගන්න බැහැ! ඕක නුලෙන් ගැස්සුනොත්, මගේ බෙල්ල තමයි, දෙන්න වෙන්නේ යකාට!” කියලයි…
බඩ දරු අම්මා කෙනෙක්ව, අනතුරේ දාලා, අහක බලාගෙන යන එක හරිද? තමාගේ බුද්ධිත් එක්ක, මනුස්සකම ගැටෙද්දී, බුද්ධියට වඩා මනුස්සකම ගැන හිතපු විමලසේන ගුරුන්නසේ, තනියම හරි, මේක හැකි පමණින්, ඉවරකල යුතුයි කියලා, අවසානයේ, අවාසනාවන්ත, අවසන් නිගමනයකට ආවා!
දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවකගේ ඇගට, යකෙක් ගෙන්වීම, ඉතාම භයානක දෙයක් වගේම, දරුවා ලැබෙනකන්, වැඩේ කල් දැම්මොත්, යකා දෙවෙනි බිල්ලත් ගන්නවා නිසැක බව, සිරිපාල ගුරුන්නසේ කියූ හැටියෙන්, දැනගත් විමලසෙන ගුරුන්නාන්සේ, කලයුතු වත් පිළිවෙත් ධාරණය කරගෙන, හිතේ හයියෙන්,තොවිලේ පටන් ගත්තා!
රෑ මදියමේදී, ගුරුන්නසේ දන්නා ශිල්ප යොදා, යකාව, මාලනිගේ ඇගට ගෙන්න ගත්තේ, දරුවටවත් ආතුරයටවත්, හානියක් කල නොහැකි වෙන්න පුටුවකට තියලා බැදලා, ඒ පුටුවත් හොලවන්න බැරි වෙන්න පොළවට තියලා බැදලායි!
නර බිල්ලක්ම හැර, උබලගේ ලේ නැති කුකුල්ලු මට එපා!
කතාවේ දෙවෙනි කොටසින්,
යලි හමු වෙමු!
