Friday, November 25, 2011

හොල්මන් හොල්මන් !!! (01 කොටස )



කතාව කියනව නම්....,

දවස  - 09 / 04  දවල් ට විතර.

 දවල් වෙලාවෙත් අහස හොදටම කළු කරලා. වැහි පොද සැරෙන් සැරේට වැටෙනවා. දවල්ට කාල එහෙම මම කොම් එකේ බරපතල වැඩක් කර කර හිටියේ.. වෙන කිසිම දෙකට අවදානයක් නොගිය තරම්... හරියට සිහිය නැති  මිනිහෙක් වගේ. සිහිය අවේත් පොඩිම පොඩි සද්දයක් ඇහිලා. හරියට දොරක් වැහුන වගේ සද්දයක්... .සද්දේ ආවෙත් පල්ලෙහා තට්ටුවෙන්.... මම තනියම ගෙදර ඉන්නේ දවල්ට ඒ නිසා පොඩි සද්දෙත් check කරලා බලන එක මගේ පුරුද්දක් වෙලා තියෙන්නේ... වැඩිය හිතන්න දෙයක් නැහැ මම ගියා පල්ලෙහට.....


යන ගමන් මම කල්පනා කලේ  වැහෙන්න මම ඇරලා තිබ්බ දොරවල් මොනාද කියලා....ම්හ්හ්හ් එක දොරක් වත් ඇරිලා වැහෙන්න බැහැ ඉබේට.. මොකද ඔක්කොම එළියේ මිදුලට ඇරෙන දොරවල් ලොක් කරලා තියෙද්දී  ඇතුලේ කාමරේ දොරට අඩයක් තියලා තියෙන්නේ වැහෙන්නේ නැති වෙන්න.... දොරවල් ඔක්කොම check කරලා බැලුවා.... අලුත් දෙයක් උනා කියල පේන සලකුණක් වත් නැහැ... තවත් කාලේ නාස්ති කරන්නේ මොකටද මුකුත් වෙලත් නැත්තන්  කියල හිතල බලන්න තියෙන ඔක්කොම බලල, check  කරලා මම ආව ආයෙත් මගේ වැඩේ කරන්න....


හවස 4.15 ට විතර පහළට ගිහින් කෝපි එකක් එහෙම හදාගෙන... මගේ වැඩත් ටිකක් විතර ඉවර නිසා, පටන් ගත්තා බ්ලොග් බලන්න. ටික වෙලාවකින් මට කුස්සියේ මොකක් නමුත් බිමට වැටෙනවා වගේ ඇහුන. ඉතිං ආයෙත් මම ඉක්මනට ගියා පල්ලෙහට... කලින් සද්දයක් ඇහුනා කියල මතකයක් වත් තිබුනේ නැහැ ඒ වෙනකන්. පල්ලෙහට යද්දී ඒක මතක් උනා වෙලාවටම...  එකෙන් උනේ හිත ටිකක් ගැස්සිච්ච එකයි ... 


ටිකක් බය උනත්…. මම බය උනේ හොල්මනක් කියල හිතලා නම් නෙවෙයි ...කවුරු හරි අයාලේ යන මිනිහෙක් ඇතුලට ඇවිත්ද කියල හිතලයි . ඉතින් සද්දේ සෝදිසි කරන්න කලින් අතට ගන්න බර දෙයක් බැලුවා පඩි බහින ගමන්ම... පඩි දිගේ තියලා තිබුන බර වාස් එකක් අරන් ගියා හිමීට කුස්සියට.... කුස්සියේ දොර ගාවදි නැවිලා හොරෙන් වගේ ඔලුව දාලා බැලුවා ඇතුල ......ම්ම්ම් කිසිම හැල හොල්මනක් නැහැ .මම ටක් ගලා නැගිටලා කුස්සියේ දොර ගාවම තියෙන light ඒක දැම්මා .මහ විසාල කුස්සියක් නෙවෙයි පොඩි එකක්.... ඉතින් light ඒක දැම්මම කරුවල තැන් ඉතුරු වෙන්නේ නැහැ .....


කිසි කෙනෙක් නැහැ... මහ වදයක් නේ මේක කියල හිත හිතම මම ආයෙත් උඩට ආව. ආයේ බ්ලොග් කියවනවා. ටික වෙලාවකින් සැරට වහින්න ගත්තා. current එකත් ගියා... හරි ශෝක් දැන් ඉතින් කරුවලේ උඩ බලන් ඉන්න තමයි තියෙන්නේ කියලා හිතත් හදාගෙන පහලට ඇවිත්, තවත් වතාවක් ගෙදර අහුමුලු ටික check කරලා එහෙම mp3 යත් කණේ ගහගෙන, සිංදු අහන්න ගත්තා….. වහිනවා මදිවට current නැහැ.... මමත් අඩ අදුරේ ගිලිලා ඉස්සරහ මිදුලට වැස්ස වැටෙන හැටි බලන් සින්දුවක් අහනවා....


බලපෑමක් නැතිවම ඇහැට මිදුල නොපෙනි වීදුරුවෙන් පිටි පස්සේ තියෙන කාමරේ ඇතුල පෙනුනා මොහොතකට. වෙලාව හරියටම  06:04 යි....එක පාරටම වගේ මම දැක්ක පිටිපස්සෙ කාමරේ ඉදන් ලා අළු පාට වලාවක් වගේ හෝ හෙවනැල්ලක් වගේ එකක් මගේ දිහාවට වේගෙන් අවා… හෙණයක් වැදුන වගේ උඩ ගිහිල්ල පුටුවෙන් නැගිට්ටේ මම…. නැගිට්ටා නෙවි විසි උනා කියන්න ඕනේ… මොකද මම නැවතුනේ බිත්තියක් ගාවටම ගිහින්…


බලන් හිටියා ටික වෙලාවක් බිත්තියට හේත්තු වෙලා මොකාද ඒ අවේ කියල හිතාගන්න බැරුව .එවෙලේනිකන් බඩට කටු අනිනවා වගේ දැනෙන්න ගත්තා... නිකන් පාවෙනවා වගෙත් දැනුනා... මම බිත්තියට හේත්තු වෙලා හිටිය වෙලාව විනාඩි 5 කටත් වැඩියි මම හිතන්නේ. අතපය හොදටම සිතල වෙලා හිරි වැටිලා වගේ. බලන් ඉදල ඉදල මුකුත් නොවුන තැන මගේම ඇස් රැවටීමක් වෙන්න ඇති කියලා හිතලා වද කරලා බල කරලා හිතට දාගත්ත හොල්මනක් නෙවී මම දැක්කේ කියලා… හිත හදාගෙන මම ආයිත් ඉදගත්ත පිටිපස්සෙ කාමරේ හොදට පේන පුටුවකින්... ඒ වෙනකොට current ඇවිත්.... මම වටේම තියෙන lights දාගෙන ඉදගෙන හිටියා ඇත්ටටම ආයිත් මුකුත් වෙවි කියලා බලාපොරොත්තුවෙන්... රෑ 7 විතර උනත් මුකුත්ම උනෙ නැහැ….


ඒ සිද්දිය එහෙම්මම හිතට අමතක කරවලා කරන්න තියෙන වැඩත් ඉවර කරලා මම රෑ 10:30 ට විතර නිදා ගන්න ගියා…නිදා ගන්න ගියාම අමතක කරලා හිටපු හවස උන සිද්දිය අයෙමත් මතක් වෙලා හිත ටිකක් ගැස්සිලා වගේ ගියා… ඊට පස්සේ මනුස්ස මොළේ තියෙන ආශ්චර්යමත්කමට මම දන්නා මුළු හොල්මන් කථා ඉතිහාසේම මතක් වෙන්න ගත්තා. ඒක මනස සෙලවෙමක් නිසා දැකපු දෙයක් මිසක් ඇත්ත නෙවි කියලා ලෝකේ නැති තර්ක හිතෙන් කරලා හිත හදාගෙන, ඉතිපිසො ගාථාව කියල නිදා ගත්තා.... එත්  වැඩි වෙලාවකට නෙවි…..


මහා පාන්දර ජාමේ….එක පාරටම කාමරේ වහලා තිබුන දොර අරුණ....Corridor එකට දාලා තියෙන light එකේ කහ පාට එළිය මගේ මුණට වැටුන ගමන් මාව ඇහැරුනා. එක පාරටම මම දැක්කේ අල්මාරිය ගව හිටන් ඉන්න උස මිනිහෙක්... මිනිහෙක් කිවුවට එක නිකන් කළු චායාවක් වගේ එකක්…. ලොකු කළු ලොගුවක් වගේ මම දැක්කේ… මුළු ඇගටම ඊයම් වක් කරලා වගේ බර ගතියක් දැනුනා ඒ වෙලේ… මට හෙලවෙන්න වත් බැරි ගතියක් තිබුනේ... උගුර කට වේලිලා ගිහින් තොල් එකට එක ඇලවිලා වගේ. කෙළ පොදක් වත් ගිල ගන්න බැරුව ගල් වෙලා මම ඒ චයාව දිහාම බලන් හිටියා.. 


එ වෙලවෙ මට හිතුනේ ඒ චායාවත් මන් දිහාම බලන් හිටිය කියලා…. ෆෑන් එකේන් එන හුළගේ වේගේ වැඩි උනා වගේ මට දැනුන... ෆෑන් එකෙන් හිම වැටෙනවා වගේ මුළු කාමරේම සීතල වෙලා... පුදුම සීතලක් ! මොහොතකට වෙලාවත් නැවතුනද කියල මට හිතුනා, මම කොතරම් වෙලා බලන් හිටියද කියල හිතා ගන්න බැහැ. නිකන් කල්පයක් ගියා වගේ එවෙලේ නම්...  මොහොතක්ද පැයක්ද මන්ද ගත උනාට පස්සේ අල්මාරිය ගාවින් නොපෙනී ගියා ඒ රූපේ. එකපාරටම දඩාස්! දොර වැහුනා….. දෙවෙනි පාරටත් හෙණයක් වැදුන වගේ ඇදෙන් පැන්න මම නැවතුනේ කාමරේ අනිත් කොනේ බිත්තිය ගාව….


ටික වෙලාවක් යනකන් මට කරන්න දෙයක් හිතා ගන්න බැරි උන මම අල්මාරිය දිහාම බලන් හිටියා ගොඩක් වෙලා.... ඇදට එහා පැත්තේ තියෙන බිත්තියේ ඇනයකින් එල්ලිලා ඉන්න ඔරලෝසුවේ කටු වල සද්දේ කන ලග ඇහෙනවා වගේ…. වෙලාව බලන්න මතක් උනෙත් එතකොට….. පාන්දර  03:06! මීට අවුරුදු කීපයකට කලින් පුදුම ආසාවකින් කිහිප පාරක්ම බලපු හොල්මන් film එකකත් පාන්දර 3 ට හොල්මන් කරන්න පටන් ගන්නවා මතක් උනා වෙලාවටම... ටිකක් කල්පනා කල සිද්දිය මුල ඉදන්ම.... දොර ඇරෙන්න පුළුවන් ද ඉබේටම.... ඊටත් අර තරම් වේගෙන් වැහෙන්න පුලුවන්ද හේතුවක් නැතිව....  හ්ම්ම්ම් දැන් නම් sure හොමනක් තමයි අවේ කියල....


කොච්ච‍ර  බය උනත් හිත හදාගෙන ගිහින් දොර ටිකක් ඇරලා බැලුව....පල්ලෙහාට  ගිහින් බලනවද නැද්ද කියල හිතල නිකන් නුල් දාගන්න ඕනේ  නැහැනේ කියල හිතල දොර lock කරගෙන ඇදට අවා... නින්ද යනකන්ම එක එක විකාර හිතල හිතල, අන්තිමට ඉතිපිසෝ ගාථාව ඇස් පියවෙනකන්ම හිතෙන් කියා කියා ඉදල… නින්ද ගිහින් මට...!


උදේ නැගිට්ට ගමන් මතක්  උනේ ඕක... දොර ඉබේ වැහෙන්න ඇරෙන්න පුලුවන්ද කියල මම ටිකක් ටෙස්ට් කරලා බැලුව....  ම්හ්ම් එහෙම වෙන්න කිසිම ක්‍රමයක් නැහැ... ඉතින් වෙන්න ඇත්තේ හොල්මනක් ආපු එක තමයි කියල ප්‍රත්‍යක්ෂ කරගෙන… හොල්මන් සැරිසරන එක වලක් වන්න  කරන්න තියෙන දේවල් මොනාද කියල මතක් කරගෙන… .ඒ පිළියම් ටික කරලා දැම්මා අනිත් වැඩ ඔක්කොම නවත්තලා එදා දවසෙම මහන්සි වෙලා! ඔන්න එදින් පස්සේ නම් පෙරේදා (11/21) වෙනකන් හොල්මන් කරදර අවේ නැහැ. (මම බලෙන් බය උන ඒවා ඇරෙන්න) නිදා ගන්න, බාත්රූම් එකට යන්න වගේම current යන හැම වාරයක්ම හිත ගැස්සෙන එක නම් මාව අත ඇරියේ මෙ සිද්දිය වෙලත් මාසයක් විතර ගියාට පස්සේ..!


     

ඔන්න අඉත් පටන් අරන් හොල්මන් මාව බය කරන්න!!! 




ඊලග කතාවත් හොල්මන් වේවි  මට හිතෙන්නේ 
නැවතත් කතාවකින් හමු වෙමු!!   
         



25 comments:

  1. සමහර අයනම් හොල්මන් ඉන්නවා කියල විශ්වාස
    කරන්නේ නැහැ ,අත්දැකීම් ලබපු අයට මේ ගැන
    විශ්වාස කරන්න පුළුවන් ,මාත් නොයෙක් ආකාර
    හොල්මන්, අත්භූත දේවල් අත්දැකලා තියන නිසා
    ඔයාගේ කතාව විශ්වාස කරනවා ,
    මේ කතාවේ (හොල්මන් part2)තියනවා වගේ
    පෙන්නේ ,
    Google IME windows7 වල හොඳට වැඩ කරනවා ...
    Horror film එකක් වගේ කතාව හොඳට ලියල
    තියනවා ....

    ReplyDelete
  2. හොල්මන කියන්නේ හෙලවුනු මනස කියන එක. නැත්නම් හොල්මන් කියලා දෙයක් නෑ.

    ReplyDelete
  3. පෝස්ට් එක හොඳයි. සුභ පැතුම්. දිගටම ලියන්න.

    ReplyDelete
  4. මමනම් ඇත්තටම හොල්මන් කියන දේ විශ්වාස කරනවා අඩුයි.. ඒත් යම්කිසි බලවේගයක් නෑ මයි කියලා මං කියන්නේ නෑ..

    ReplyDelete
  5. @ ravinrosh: මම පොඩි කාලේ උන සිද්දියක් ඇරෙන්න මට ගොඩක් අත්දැකීම් නැහැ.... ඕනෙත් නැහැ මට නම් මේ වගේ අත්දැකීම්...එත් මොනා කරන්නද ඉබේම වෙන දේවල් නිසා විදගන්න වෙනවා... තව තියෙනවා මේ කතාවේ කොටස් ....සමහර දේවල් ඔයා විශ්වාස කරන එකකුත් නැහැ කියල මට හිතෙනවා.... පෙරේදා මට මීට සමාන සිද්දියකට මුණ දෙන්න උනා....එකත් දානන්ම් බලන්නකෝ කියවලා.... කතා කරන භාෂාවෙන්ම ලියුවා රවී... :) ස්තුති!

    @ බට්ටි:එහෙම වෙනවනම් හොදඊ බට්ටි ඇත්තටම...මේවගේ දේවල් වලට මුණ දෙන්න උන වෙලාවට මම ඔයා කියන දේම තමඊ හිතන්නේ හිත හදා ගන්නඕනේ නිසා....

    @ චරිත: ස්තුති චරිත! :)

    ReplyDelete
  6. @ Dinesh : ඔව් dinesh සමහර දේවල් තියෙනවා විශ්වාස නොකරත් බැරි කරලත් බැරි ... මම ගොඩාක් තදින් අත්බුත දේවල් විස්වාස කරන් නැහැ....එත් මගේ අත්දැකීම් එක්ක මම හිතන්නේ "ඕනෙම දෙයක් වෙන්න පුළුවන්" කියලා... !

    ReplyDelete
  7. මෙයා මේ කියන්නෙ පැරානොමල් ඇක්ටිවිටි ෆිල්ම් එක මයෙ හිතෙ.............

    ReplyDelete
  8. @බට්ටි
    හොල්මන් කියන්නේ හෙලවුන මනස විතරක් නෙවෙයි
    හොඳයි ඔය හොල්මන් නැහැ කියන කිසිම කෙනෙක්ට
    පුලුවන්ද මළගෙදරකට ගිහිල්ල රෑ12.00 විතර තනියම
    මිනි කනත්තට යන්න.? බැහැනේද..? පුළුවන්
    කෙනෙකුට මම අභියෝග කරනවා !
    නෙළුම් කතාව දිගටම ලියන්න අපි බලනවා .

    ReplyDelete
  9. @ ashen: පැරානොමල් ඇක්ටිවිටි මම අසාවෙන් බලපු ෆිල්ම් එකක්... ඒ මදිවට ලග හිටපු අයවත් බය කර කර බැලුවේ.... එත් දැන් හිතෙනවා අපරාදේ බැලුවේ කියල ....මොකද බය උන වෙලාවට ඔවා ඔක්කොම එනවා ඔලුවට.....!

    ReplyDelete
  10. @Nelum
    සමහරු කියනවා පැරානොමල් ඇක්ටිවිටි ඇත්තම සිද්දියක් කියලා. ෆිල්ම් එකෙ නෙමෙයි වෙන කට්ටියකට වෙච්ච දෙයක් කියලා.

    ReplyDelete
  11. @ Niroshan :එක ඇත්ත අපි කනත්තට තියෙන්නේ නොදන්න බයක්....දවල්ට තියෙන්නේත් අමුතුම පෙනුමක් රැට මොන කතාද .....තනියම යන්න නම් හිතන්න වත් බැ...
    ඒ කොටස තාම type කරනවා ඉක්මනට දාන්නම්කෝ නිරෝෂන්....!

    @ ashen : ඔව් මමත් අහල තියෙන්නේ එහෙමඊ.....අපිට නොපෙනුනාට අමුතු බලවේග නැ කියන්නත් බැ මේ වෙන දේවල් ගැන හිතුවම...ෆිල්ම් හදන්නෙත් ඇත්තටම උන දේවල් එකතු කරලා කියල මට හිතෙනවා!

    ReplyDelete
  12. මාත් හිතනවා සමහර බලවේග ඇතිය කියලා අපට නොපෙනෙන.
    මොකද .. අපේ මොළය සීමා සහිතයිනෙ. උදාහරණෙකට ශබ්ද ගත්තොත් එක්තරා සීමාවකින් එහාට අපිට ඒව ඇහෙන්නෙ නෑනෙ. නමුත් ඒව තියෙනව කියල අපි දන්නව. සමහර සත්තුන්ට ඇහෙනව. අපිටත් අහන්න පුලුවන් විශේෂිත උපකරණ යොදා ගත්තොත්. අපේ දුර්වල මොළයට ඇහෙන්නෙ නැති ..දැනෙන්නෙ නැති .. බොහෝ දේවල් තියෙන්න පුලුවන්.

    ReplyDelete
  13. මමත් ආවා හොල්මන් කතා අහන්න.. :)

    ReplyDelete
  14. @ hasi : කියවල බලන්නකෝ එහෙනම් :)

    ReplyDelete
  15. ammo mam meka re kiyewwe na ude tama kiyewwe mata bayai,.

    ReplyDelete
  16. @ nadee: රැ වෙනකොට මතක් උනොත් ෂෝක් :)

    ReplyDelete
  17. ටිකක් බය හිතෙන කතාවක් නේ.මම මේව විශ්වාස කලත් දැකල නැ.දැක්කොත් ටිකක් හිත ගැස්සෙයි.හැබැයි බයත් නෑ.

    ReplyDelete
  18. @ kassa :ඇත්ත! බය කියන්නේ තාවකාලික දෙයක්!.... හැමදාම බය වෙලා ඉන්නවට වඩා අවස්ථාවට මුණ දීල ඉදිරියට යන එක වටිනවා!!

    ReplyDelete
  19. me blog eka kiyawala mata ada ra nidaganna weida manda... mama ada thaniyamoooooooo.. hafoi

    ReplyDelete
  20. @ madhawa : yes...These r my true Experience!
    @ Anony: හෙහෙ අනිත් දවසේ රැට බලන්න එපා! :)

    ReplyDelete
  21. aye oyata witharak holman panna.mama onatarum kala indala tiyanawa(air force indaddi) ath tama holmanak dakala naha

    ReplyDelete
  22. @ indika: මගේ මනස ඔයාගේ මනස තරම් ශක්තිමත් නැති නිසා වෙන්න ඇති සමහරවිට!

    ReplyDelete
  23. හොල්මන් ගැනනම් විශ්වාස කරනවා. දැකලා අත්දැකීමුත් තියෙනවා. ඒත් සත පහකට හොල්මන් වලටවත් මැරෙන්නවත් බය නෑ. නියම කතාව ‍නෙළුම්! සුභ පතනවා! 😊

    ReplyDelete