Saturday, November 26, 2011

හොල්මන් ද මනසේ සෙලවීමක්ද?? (02 කොටස )

හොල්මන් කතාවේ 2

                                (මේක මම නෙට් එකෙන් හොයා ගත්තු හොල්මන් pic එකක් )
          

මාස 3 කට කිට්ටු කාලයක් සැනසිල්ලේ හිටියා... පෙනිලා නොපෙනෙන අයගෙන් කරදරයක් නැතුව.....එත් පෙරේදා ඉදන් පටන් ගත්තා පරණ කරදර අයෙමත්...! මේ වෙන දේවල් මනසේ සෙලවීමක් විතරක් වෙනවා නම් මම වඩා කැමතියි...!! එත් ඇත්ත, පේන දේට වඩා, පොත්වල තියෙන විදිහට වඩා වෙනස්. ගොඩක් වෙනස්...! භයානකයි! ගුප්තයි! අදුරුයි! 


දවස 11/21/2011 : උදේ 7:30….

උදේ ඉදන් විවේකයක් නැතිව වැස්ස වැටුන දවසක්.... බහුතරයක් අපි වැඩ පටන් ගන්නේ 'සදුදා' කියන්නේ මහා එපා කරපු දවසක්' ගානට දාලා නේ... වැස්සත් නිසා, මටත් තවත් එපාම උන දවසක් උනා... ඇග හිරිවැටෙන සීතල…. ගෙදර වැඩ ටික ඉවර කරලා.. උදේට කාලා, හිත සැනසෙන්නත් එක්ක හොද රස්නෙට ලොකු කොපි කෝප්පයක් හදාගෙන උඩට ඇවිත් ,වේග රිද්ද්ම සින්දු ටිකක් තෝරලා දාගත්ත ඇහෙන නැහෙන ගානට… වදෙන් පොරෙන් වට පිටාව ලෑස්ති කරගෙන පටන් ගත්තා වැඩ ටික කරන්න…..


8:15 යි වෙලාව.... ආපු call එකත් answer කරලා මම අයෙත් වැඩ....තවත් පැයක් වගේ කාලයක් ගත වෙන්න ඇති... මට  ඇහැ කොනෙන් පේනවා බාත්රූම් එකේ දොර ඇරෙනවා වගේ… තිබුන සිතල double වෙලා ගිහින් මාව හිරිවැටිලා ගියා එක දැකල... උඩට ගත්ත හුස්මත් අල්ලගෙනම  බෙල්ල කරකවල බැලුව මොකද්ද උනේ කියලා....දැකපු දේ හරි… බලන් ඉන්දැද්දිම  බාත්රූම් එකේ දොර ඇරෙනවා.... Lock කරලා තිබ්බ දොරෙන් බාගයක්ම කිසිම සද්දයක් නැතිව ඇරුන! එකත් කලින් දා රැකදී උනා වගේ ඉබේ ඇරිලා ඉබේ වැහෙනකන්ද මන්ද මම බලන් හිටියා ඒ දිහා.. මුකුත් උනේ නැහැ....ටිකක් බලන් ඉදලා මම නැගිට්ට දොර වහල එන්න... දොරට අඩි 4 ක් විතර තියෙද්දී ....


දඩාස්!!!


කන ළග බෝම්බයක් පිපුරුව වගේ මහා සද්දෙන් දොර වැහුන... දොර වැහුන සද්දේ කන ඇතුලේන් දෝන් කාර දෙද්දී මාව විසි වෙලා වගේ ගිහින් බිම ඉන්ද උනා.... මගේ හර්දය වස්තුව කටින් එන්න තරම් වේගෙන් ගැහෙන්න ගත්තා එවෙලේ... දොර ගලවල මට ගැහුවා වගේ බිම වැටිලා දොර දිහාම බලන් හිටියා මම.....


එහෙම විනාඩි කීපයක් ඉන්න ඇති…. හොද සිහිය එනකොට මොළේත් පැදුනා වගේ.. මට හිතුන මම බලෙන් බය උනාද මන්ද කියලා... කොහොමත් මේ දවස් වල බය වෙන්න ticket අරන් වගේ නේ ඉන්නේ.... මහා වැස්සක් වැටෙන වෙලේ ලාවට හුළං එන්න විදියක් නැහැනේ.... මට හිතුන මේක හුළගට තමයි  ඇරෙන්න වගේම වැහෙන්නත් ඇත්තේ කියලා... 


හ්ම්ම්.. ඇති යාන්තන් වෙන මංගල්ලයක් නොවී එකත් හුළගක් උන එක හොදයි  කියලා හිතාගෙන බිත්තියක් අල්ලාගෙන නැගිටලා බාත්රූම් දොර සම්පුර්ණයෙන් ඇරලා බලලා දොර lock කරලා දැම්මා.. අයෙත් සුළි සුළගක් ආවත් ඇරෙන්න බැරි වෙන්න..... ! හිතත් නිදහස් කරගෙන ආයිත් වැඩ පටන් ගන්න ඉදගත්තා….       



තවත් පැයක් හමාරක් ගත වෙලා… 10:32 වෙලාව…. තව කොපි උගුරක් බොන්න හදනකොට දැක්කේ එකත් අඩියටම ඉවර වෙලා.... පහලට බැස්ස කොපි කෝප්පයක් හදාගෙන එන්න ... කේතලේ plug කරලා වතුර උණු වෙනකන්, මහ දොර ඇරන් ආලින්දයට ගිහින් ඉදගෙන එලිය බලාගෙන හිටියා.... සැරට වැහි වැටෙනවා ...වැස්ස අතරින් ලාවට පේනවා යෝධ උණ පදුරේ අතු බිමටම නැවිලා වතුර කැට වල බරට...... ලා අළුපාට පරිසරය දිහා බලන් හිටියත් නිදි මතයි වගේ…. 



එකපාරටම හිරිකඩත් එකතු කරන් වේගෙන් ආපු හුළගක් නිසා උන්නු තැනින් නැගිට්ටුනා මාව…. නිකන් ice වතුර එකකින් ගැහුවා වගේ…. බාගෙට තෙමුනා ඒ ටිකට.... සුළු මොහොතකින් දෙවෙනි පාරටත් මාවම එල්ල කරගෙන වගේ ආපු සීතල හුළග ඇගේ වැදිලා මාව වෙවුලලා ගියා.... මෙච්චර වෙලා උණුසුමට ඇදන් හිටපු ඇදුම් හිල් වෙලා ගිහින් වගේ…. තවත් හිරිකඩ වලට අහු නොවී ඇගට වැටුන වැහිබිඳුත් ගසල දාලා… ice වෙච්ච අත් දෙකට පිබ පිබ දොරත් වහ ගෙන මම ගෙට අවා... දොර වහන ගමන් මට හිතුනේ හුළගේ වේගේ වැඩි උනාද කියලා එක පාරටම!  දොර වහල හැරෙන කොටම....  මේ මොකද්ද! …..



ලණු කෑල්ලක් !??



අලුත් කොහු ලණු කෑල්ලක්! අඩියක් විතර දිග.... සාලෙට කොහෙන්ද ලණු කෑල්ලක් අවේ?.... උදේ අතු ගාලා කරලා තිබුන ගේ…. දොර ඇරගෙන එලියට යද්දී මේක මග ඇරුනේ කොහොමද?.. දැන් දොර ඇරපු වෙලේ හුළගත් එක්ක ගෙට වැදුන වත්ද? ….


හ්ම්ම්ම්ම්….. මම ලණු කෑ ල්ල අතට අරන් බැලුවා.... තෙමිලත් නැහැ.... එළියෙන් අවෙත් නැත්තන් මේක අවේ කොහෙන්ද?ටිකක් වෙලා බලන් හිටියා... මොකද්ද මීලගට මම කරන්නේ ....කරන්න දෙයක් නැහැ..... Address එක ලණු කෑල්ලෙන් අහන්න කියලද.... ලණු කෑල්ල අදාළ තැනට ගෙනිහින් දානකන්, කුස්සියේ කබඩ් එකක් ඇතුලට දාල වහලා කොපි එකත් හදාගෙන උඩට අවා....උඩට ඇවිල්ලත් මම කල්පනා කලේ කොහොමද ලණු කෑල්ලක් ගේ මැද වැටුනේ කියලයි... 


දැන් ඉතින් ඕක ඔලුව කණපිට හැරෙවුවත් මතක් නොවෙන දෙයක් නේ කියලා මතක් වෙලා ඒක අමතක කරලා මගේ වැඩේ කරන්න ගත්තා.... තවත් පැයක් හමාරක් ගතවෙද්දී.... වටේ පිටේ ඔක්කොම අමතක වෙලා ගිහින්.. කරන වැඩේ ඔලුව පුරා දුවද්දී.... හදිස්සියේම මේ ලෝකෙට පහත් වෙච්ච මගේ සිහිය නිසා ලාවට වගේ මම යමක් දැක්කා…. මම දැක්ක දේ එකපාරටම මොකද්ද කියලා තෝරා බේරා ගන්න මට බැරි උනා…මම බලන් ඉන්නේ මොකක් දිහාද? දෙයියනේ මේ මොකද්ද මේ .....!! 



ලණු කෑල්ල!!!



පුටුවේ ඉදගෙනම ඇස් එළියට පනින්න වගේ පුදුමෙන් මම බලන් උන්නේ කාමරේ ඇතුලේ දොරේ එල්ලලා තියෙන තියෙන ලණු කැල්ල දිහා....! මොන ලෝකෙන්ද මේ  කෙහෙල්මල මෙතනට අවේ? මට ඇති උනේ හිතලා ඉවර කරන්න බැරි ප්‍රශ්නයක්! ...එත් එක්කම අමුතුම බයක්...! කවුරු හරි මාගේ දිහා පිටිපස්සෙන් එබිලා ඉදන් බලන් ඉන්නවා වගේ හැගීමක් මගේ හිතට කාන්ඳු වෙන්න ගත්තා... හිත ගැහෙන වේගේ ටික ටික වැඩි වෙනවා දැනුන මට…..! 



මම පුටුවෙන් නැගිට්ටේ සිහියෙන්ද කියලවත් මට මතක නැහැ ... ඉක්මනට ගිහින් දොරේ එල්ලලා තිබුණ ලණු කෑල්ල ඇදලා ගත්ත මම ඒක අතට ගුලි කර ගන්න ගමන් කෙලින්ම ගියේ balcony එකට ඇරෙන දොර ගාවට... දොර ඇරගෙන එලියට දුවලා ලණු කැල්ල විසි කලේ සර්පයෙක් අල්ලන් හිටියා වගේ වේගෙන්.... කොහාටද වැටුනේ කියලවත් බලන්න ඉන්නේ නැතිව ගියපු වේගෙන්ම දොරත් වහගෙන කාමරේට ආවා...



ඇවිත් පුටුවට වැටුනේ මහා බරක් ඔලුවෙන් අයින් කලා වගේ හැගීමකින්.... මොකද්ද දැන්  මම කරන්නේ කියලා දස අතේ කල්පනා කලා ....හිතලා හිතලාම මගේ ඔලුව පොඩි උන් ඇදපු බලියක් වගේ වෙලා අන්තිමට....මම com  table  එකට ඔලුව තියාගෙන ටිකක් හිටියා.... මොකද්ද මේ වෙන්නේ කියලා අමුතුවෙන් මට මතක් කරලා දෙන්න කෙනෙක් අවශ්‍ය නැති එකේ…. මේ වෙන දේවල් එක්ක මට ඇති උනේ පුදුම කේන්තියක්... පුදුම බයක්….!



බයට වඩා කේන්තිය ඉස්සර කරගෙන හිතට ආපු අදහසක් ක්‍රියාත්මක  කරන්න මම පුටුව තල්ලු  කරලා නැගිටලා පහළට ගියා.... Rack එකෙන් කුඩයක් අරගෙන එළියට ගිහින් ලණු කෑල්ල විසිකරපු තැන බිම වටේම හෙවුවා..... ලණු කෑල්ල මල් ගහක් මුල වැටිලා තිබුනා… ඒක අහුලගෙන එළියෙන්ම අයුධ කාමරේ පැත්තට ගියා. අතට දැනුනේ වේලුන ලණු කෑල්ලමයි. මේ මහා වැස්සේ බිම වැටිලා තිබිලත් මේක තෙමිලා නැහැ!



කුණු ගිනි තියන්න එළියෙන් අරන් තියලා තියෙන භූමිතෙල් ලිටරෙන් බාගයක්ම හැලුව ලණු කෑල්ලට... ගිහිකුරු 20 ක් විතර ගහලා එකක් පත්තු කරගෙන ගිනි තියලා දැම්මා... හරියට පණ තියෙන දෙයක් ගිනි තිබ්බා වගේ හැගීමකින්... වේගෙකින්.... කළු දුමාරයකුත් එක්ක ලණු කැල්ල ඇබරෙමින් පිච්ච්චුනේ මගේ බයත් එකතු කරගෙන වගේ.... ඒක අලුවෙලා යනකන්ම එතන ඉදලා ගෙට අවේ යුද්ධයක් දින්නා වගේ හැගීමක් එක්ක මම...



ගෙට ඇවිත් වාඩි වෙලා ටිකක් වෙලා හිටියා හිතට ඉබාගාතේ යන්න ඇරලා..... හිත ඇතුලෙන් ඒක දිගටම මට ඇහෙන ගත්ත   "බය නැති  කරගන්න නම් බයට මුණ දෙන්න " මම අහල තිබුන දෙයක් ඒක .... එදා මම පුටුවෙන් නැගිට්ටේ අයෙත් මේ ගෙදර මේ  වගේ දේවල් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා හැගීමත් එක්ක....!  



පෙර විදියටම කරන්න තියෙන දේවල් කරලා ගේම cleanse කලා.... තාමත් මුකුත් වෙනසක් උනේ නැහැ .... නිශ්ශබ්ධව අදුරේ   ඉන්න මේ බලවේග අහබු ලෙස එළියට එන්නත් ඉඩ තියෙනවා.... නැත්තන් යටපත් වෙලා බලන් ඉන්නවා එළියට එන්න අවස්ථාවක් හැදෙනකන්....!  

මුලින්ම මේ හොල්මන් අවතාර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න හේතුව දැන ගන්න මගේම මතකයන් ඇසුරෙන් මම research එකක් කලා,.... මම දැන් මුණ දීල තියෙන තත්වේ ප්‍රසාරණය වෙන්න කෙසේ වෙතත් ආරම්භ වෙන්න මුලික වෙන්න ඇති කියලා මට හිතෙන සිද්ධියක් දෙකක් තියෙනවා... මේ ඔක්කොම අද්භූත සිද්දි වලට මුලික උන තැන.... අපි ‘දුන්හිද ඇල්ල බලන්න ගිය ගමන’ කියල මට හිතෙනවා..


-------------------


මේ අද්භූත දේවල් පටන් ගන්න මුලික උන කතාව තව පොස්ට් එකකින් දාන්නම් කියවලා  බලන්න හැමෝටම නැති උනත් මේ වගේ අත්දැකීම් කි දෙනෙකුට තියෙනවද කියලා! (මේ සිද්දිය මගේ පවුලේ ලගම හිතවතුන් හැර, වෙනත් කෙනෙක් දන්නේ නැහැ! මෙය පවුලේ රහසක් හැටියටයි පවතින්නේ! එනමුත් මගේ පවුලේ කිසි කෙනෙක් දන්නේ නැහැ මම බ්ලොග් එකක් ලියන බව! )



ඉතින් මෙයින් පසු දිග හැරෙන කථාව, හොල්මන් විශ්වාස කරන නොකරන සියලුම දෙනාටයි! 


තවත් කොටසකින් හමු වෙමු...


14 comments:

  1. මෙයා අදත් අපිව බය කරන්න හදන්නෙ. මම නම් කොච්චට හොල්මන් කතා ඇහුවත්, බැලුවත් මට නම් ලගින්වත් යන හොල්මන් සිද්දියකට මුහුන දිලා නැ. තොවිලයක් නම් දැකලා තියෙනවා. ඒත් එච්චර බයක් දැනුනෙ නැ. හොල්මන් ෆිල්ම් බලලම හොල්මන් දැන් යාලුවො වගෙ.

    ReplyDelete
  2. @ ashen: :) යාලුවෝ නම් හොල්මන් උනත් කමක් නැ අශේන් හතුරෝ හොල්මන් නොවී! මම දන්නා අදුරන අයටත් උන දේවල් ඉදිරියේදී දාන්නම්කො...

    ReplyDelete
  3. ඔයා නියමෙට ලියනවා. ලස්සන කතාව. මේක ඇත්තටම වෙච්චි දෙයක්ද? කොහොම උණත් කතාව නියමයි. දිගටම ලියන්න. මම හරිම ආසයි හොල්මන් කතා වලට. සිංහල බ්ලොග් ඩල හොල්මන් කතා/බ්ලොග් හරිම අඩුයි. ඔයා ලියන Style එකත් හොඳයි.

    ReplyDelete
  4. @ charitha: ඔව් charitha මේවා මගේ අත්දැකීම්...තව තියෙනවා පොඩි පොඩි සිදුවීම්.... හිතනකොට හිතනකොට තමඊ ඒවත් එන්නේ ඔලුවට..... මම දන්නා කියන අයට සිද්ධ උන අත්භූත කරදරත් මම දැකල තියෙනවා ...ඒවත් දාන්නම් ඉදිරියට.... කියවල බලන්නකෝ !

    ReplyDelete
  5. කලින් පෝස්ට් එකත් කියවල මේකත් කියවපුවාම එක පා‍රටම හිතුන මවපු කතාවක් කියනවද කියලත්. ම‍ගෙ ලොකු විශ්වාසයක් ඔය හොල්මන් ගැන නෑ. එහෙම යන්තම් හරි දෙයක් හිතුනොත් අනිත් පැත්තට ඉබේම හිතෙනව එහෙම දෙයක් මේ ලෝකෙ නෑ කියල.
    කොහොම වුනත් මෙහෙම පෝස්ට් එකක් ලේසියෙන් කවුරුත් ලියන්නෙ නෑ. දිගටම ලියන්න. ඒ වගේම අයෙත් ඔහොම සිද්දියකට මුහුණපාන්න ලැ‍බෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  6. @ isuru71: මේ හැම දේම මනසේ මැවුණු මායාවක් වෙනවනම් හොදඊ ඇත්තටම!! එත් අත්භූත දෙයක් කීප දෙනෙක්ම එකවර දැක්කොත්?කීප වරක් දැක්කොත්? එක මායාවක් වෙනවද? මායාවක් උනත් එහෙම වෙන්නේ කොහොමද? ඔන්න ඔකඊ අද මට විසද ගන්න බැරි වෙලා තියෙන ප්‍රශ්නේ,... ස්තුති ඉසුරු! මේ වගේ දේවල් වලට අයෙත් මුණ දෙන්න වෙන්නේ නැති වේවි කියලා මමත් හිතනවා! :)

    ReplyDelete
  7. @ madawa: මට නම් ෆිල්ම් එකක් වගේ ත්‍රිල් උනේ නැහැ හබඊ!

    ReplyDelete
  8. මේක කියෝලා මාව හොල්මන් වුනානේ....

    ReplyDelete
  9. @ තාරක: හෙහෙ... ස්තුති පැමිණියාට! :)

    ReplyDelete
  10. යාලුවා මටත් හොල්මන් සීන් එකක් උනා..එක උනෙ මම කෑන්ඩි බ්‍රාන්ච් එකෙ වෙඩ කරනකොට.. විස්තරෙ දෙන්නම් මට මෙල් එකක් දාන්න...මම බ්සි ගොඩාක් වෙලාවට...

    madusanka.lahiru@gmail.com

    ReplyDelete
  11. @ Sihina: දැනට මම දන්නා කතා ටික ලියලා ඉවර කරගත්තම, ඔයාට දන්වන්නම්! ස්තුතියි අත්දැකීම බෙදාගන්න ඇතිඋන උවමනාවට!

    ReplyDelete
  12. වෙලාව පාන්දර 3.10.කියවන්න බයයිත් වගේ.ඒත් ආසයි.ඒ නිසා කියවනවා.

    ReplyDelete
  13. මමත් සෑහෙන කාලෙකට කලින් මේවගේ අත්දැකීම් කිහිපයකට ඇත්තටම මූනදීල තියනව !
    සතුටුයි තවත් අය ඉන්නවනං

    ReplyDelete