Monday, November 28, 2011

ඇල්ල උඩ හොල්මනක් ඉන්නවා !!! (03 කොටස )

මායාවක් කියන්නේ මොකද්ද? සරල තේරුම ගත්තොත්... තාර්කිකව අපිට නිර්වචනය කරන්න බැරි දේ!  අපි දන්නා ගොඩක් මායාවන් වලට විද්‍යාත්මක නිර්වචන තියෙනවා.. මේ ලෝකේ තවත් මායාවන් තියෙනවා විද්‍යාත්මකව ඔප්පු කර ගන්න බැරි උන.... අපි එහෙම මායාවක් දැක්කොත් ?!

'ඇල්ල ට්‍රිප් එක'

මේ ට්‍රිප් එක මගේ පවුලේ අය අදටත් මතක් කරන්නේ  'ඇල්ල ට්‍රිප් එකකියල.... ගිය අවුරුද්දේ අගෝස්ත්තු මාසේ අපි ගියා දවස්  ට්‍රිප් එකක්... නමුත් වාසනාවට දවස් න් එන්න සිද්ධ උනා!



  දිය ඇලි...පන්සල්...යන පාරේදී හම්බ වෙන ඕනෙම විශේෂ දෙයක් බලමු කියල එකග වෙලා තමයි ට්‍රිප් එක ලෑස්ති කර ගත්තේ... ලොකු මාමත් එකග උන ආකාරයටම මග දිගට හම්බ උන අති විශේෂ පෙට්ටි කඩයක් වත් මග නෑර... මහා එපා කරපු ගමනකින් පස්සේ නැවතුනේ 'දුන්හිද ඇල්ල' බලන්න කියලා කලින් වෙන් කරගෙන තිබුන ඇල්ලට කිට්ටු නවාතැනෙන්...



කට්ටියම මහන්සි ඇරගන්න හිතාගෙන තම තමන්ගේ කාමර වලට වැදුනා... නාලා කරලා විවේකයක් අරන් හවස 4 ට විතර ඇල්ල බලන්න ගියා.... හවස් යාමේ වුනත් ඇල්ල පහල වතුරේ බැහැගෙන සැහෙන්න සෙනගක් ඉන්නවා…. දුන්හිද ඇල්ල මගේ මතකේ තිබුන තරම් වතුර කන්දරාවක් නෙවෙයිනේ කියලා මට හිතුනේ ඇල්ල දැක්කම.... ඇල්ල කෙට්ටු වෙලා! 



අපිත් ඊලග දවසේ නාන්න එමු කියලා කථා වෙලා නවාතැනට අවා.... කට්ටියම රෑට කලා බිලා රෑ 11 විතර වෙනකන් හිටියා කතා කර කර.... වෙලාව රෑ 12 ට වගේ ලං වෙද්දී ඊලග දිනයේ වැඩ සටහනත් කතා කරගෙනම කට්ටිය තම තමන්ගේ කාමර වලට වැදිලා නිදා ගත්තා.  මහ ගොඩක් සිතල නැති උනත්, සෞම්‍ය දේශගුණයක් තිබුනේ… හොද නින්දකට හොදටම ප්‍රමාණවත්….  මම නම් හීනයක් වත් දැක්කේ නැහැ..... මහන්සියට වැටුන ගමන් නින්ද ගියා....



මමත් පොඩි පුංචිගේ ලොකු දු, දිලූ ත් හිටියේ එක කාමරේක.... මහා රෑ ජාමේ වෙන්න ඇති අපේ කාමරේ දොරට තට්ටු කරනවා වගේ ඇහිලා මාව ඇහැරුනා.... පාන්දර වෙද්දී සීතලත් වැඩි වෙලා… මම යාන්තමට ඇහැක් ඇරලා බැලුවා… කාමරේ ඇදන් දෙක මැද්දෙන් තියෙන side table එකේ lamp එකක් on  කරලයි තිබුනේ.…එකේ ලා කහ පාට එළියෙන් මම දැක්කා දිලූ කාමරේ දොර අරිනවා.... එයාගේ ඇද, දොරට කිට්ටුවම තිබුන නිසා එයාව ඇහැරෙන්න ඇති මට කලින්....


දොර අරින කොටම සීතල හුලගක් ඇවිත් මගේ මුණේත් වැදුනා... තවත් ටිකක් පොරෝනය යටට ගුලි වෙන ගමන් මම දිලුගෙන් ඇහුවා " කවුද"  කියලා... එවෙලේ එයා කිවුව දේ මට ඇහුනේ නැහැ... දොර වහලා එයා ඇදට ආපු නිසා මමත් එහෙම්මම නින්දට වැටුනා.... හොදටම නින්ද ගිහින්... නින්දෙත් ගැබුරුම නින්දට වැටෙන වෙලේ තවත් පාරක් හීනෙන් වගේ මට ඇහෙනවා සද්දයක්!


නින්දට ඇති ලෝබ කමට ඔහේ ඕනේ එකක් කියලා මම නිදාගෙනම හිටියා…. ටිකකට නින්ද ගියාද මන්දා.... අයෙත් ලාවට වගේ ඇහෙනවා කලින් සද්දේම... ඇස් පියාගෙනම මම සද්දේට කන් දීලා හිටියා… මට හිතුනේ ‘ජනේලේ ළග මොකක් නමුත් දගලනවා වගේ’… එළි වෙන්නත් කිට්ටු ඇති කියලා මට හිතුනා…. සතෙක් වෙන්න ඇති… මට  බැහැ නැගිටින්න කියලා හිතෙන්ම කියලා පොරෝනෙත් ඇදගෙනම අනිත් පැත්ත හැරුනා නිදා ගන්න... ලාවට ඇස් ඇරිලා තිබුන එවෙලේ මම දැක්කා  දිලූ මගෙ දිහා බලන් ඉන්නවා ඔලුවත් ටිකක් උස්සගෙන…. 


මම ඇස් ඇරලා බැලුවා එයා දිහා… එයා මට ඔලුවෙන් පෙන්නුවා ජනේලේ පැත්ත…. එයාටත්  සද්දේ ඇහිලා.... "හරි වදයක් නේ මේක"  කියලා ලාවට අපු කේන්තියක් එක්ක මම නැගිට්ටා ඇදෙන්... දිලුත් නැගිට්ටා මාත් එක්කම.... තද දම් පාට ඝනකම් තිර රෙදි වලින් වැහිලා තියෙන ජනේලෙන් එහා පැත්තේ එන සද්දේ බලන්න ලෑස්ති උනා අපි දෙන්නා... දිලු කාමරේ light ඒක දානකන් මම ජනේලේ පැත්තට ගියා… " නවාතැනේ භාරකාරයට කියන්න ඕනේ නිදා ගන්න ටිකවත් සැනසිල්ලේ නිදාගන්න බැහැ කියලා මේ ඉලවු සද්ද එක්ක"  කියන ගමන් මම ජනේලෙන් එළියේ light එකත් දැම්මා.... තිර රෙදි දෙපැත්තට ඇදලා බැලුවා… සද්දෙත් නැහැ කවුරුත් ඇත්තෙත් නැහැ!  



ජනේල් දොරත් ඇරියා ( French වින්ඩො ක්‍රමේට හදපු ජනේල් ) එළියට අඩියක් තියලා   බැලුවා.... එළියේ ලා සුදු පාටට ඝන මිදුම පිරිලා… වැඩි දුරක් පෙන්නේ නැති තරමට මිදුම ඝනකමයි… සිතල ඊට වඩා ඝන්කමයි…. කහපාට light එළිය කාමරේ ඉදලා අඩි 4 ක් විතර එළියට වැටිලා… හුලං සද්දේ ඇරෙන්න කිසිම දෙයක් නැහැ… හෙට නාන්නත් ඉන්න එකේ වැඩි වෙලා එළියේ ඉන්න හොද වාතාවරණයක් නෙවි... දෙන්නම ජනේලේ වහගෙන ඇතුලට ආවා…light ඔෆ් කරලා, තිර රෙදි ඇදලා ඇදවල් වලට පැනලා උණුසුම් පොරෝන වලට ගුලි උනේ ඇගේ එතුන සිතල එලවන්න… අපි ඇස් වහගෙන නිශ්ශබ්දව කන් දීගෙන ඇදවල් වලට වෙලා හිටියා... දන්නෙම නැතිව අපිට නින්දත් ගිහින්!  



උදේ 8:30 විතර උදේ කෑමට ගිය වෙලේ මම ඇහුවා දිලුගෙන් "රෑ කවුද අවේ"  කියලා… කවුරුත් නැහැලු! සද්දෙට දොරට ගහපු නිසාලු එයාට ඇහැරුනේත්..... මගේ කනට කරලා එයා කියනවා  "අපේ නඩේ මෝඩයෙක් තමයි ඕවා කරන්න ඇත්තේ, අපිව බය කරන්න හිතාගෙන "... අද රෑටත් තට්ටු සෙල්ලම’ කලොත් හොද පාඩමක් උගන්න අදහසත් හිතේ තියන් අපි උදේ කෑමත් අරන් දවල් කෑමට එන්න බලාගෙන, නාන්න යන්න ලෑස්ති උනා…


නාන්න අවශ්‍ය ඇදුම් ඇදගෙන, පිහිද ගන්න තුවා අරන් අපි ලෑස්ති වෙද්දී, වැඩිහිටි පිරිමි පාර්ශවේ අයත් මුණවල් බේරී කරගෙන යන්න ලෑස්ති උනේ, බවලතුන්ගේ බලවත් විරෝධය නිසා වාහනේට පටවා ගත්ත ‘බිම බෝතල්’ නැවතත් කාමර වලට ඇරලන්න සිද්ධ වෙලා නිසා....



ඇල්ල පහල එදා උදේ වරුවේ සෙනග නම් එතරම් හිටියේ නැහැ... අවුවත් එතරම් සැර නැහැ හුළග නිසා...... නාලා කළු වෙන්න නම් කියාපු දේශගුණේ.... වතුර දැක්කම හැමෝටම ඇති වෙන අමුතු සතුටත් කටවල් වලින් පනිද්දී අපිත් වතුරට බැස්සා.... සීතල වතුර! එත් දණහිස් ගාවටවත් වතුර නැ..... පැය කාලක් විතර වැලි එක්ක වතුර ටිකකට පොර කාලා බැරිම තැන ඔක්කොමල තීරණේ කලා ඇල්ල උඩට යන්න...!



දිය ඇල්ලේ හෝ හෝ සද්දේ කන ගාව ඇහෙන මානෙට ලං වෙද්දී අපිට හම්බ උනා නාන්නම කියාපු අපූරු වතුර වලවල් සහිත රූස්ස ගස් කොළන් එහෙම තියෙන සුන්දර තැනක්… වැඩිය සෙනගත් නැහැ...5 ක් 6 ක් වගේ ඉන්න ඇති... නිදහසේ නාන්න පුළුවන්… හැමෝම එහෙම හිතන්න ඇති... ඒ තරම් නිස්කලන්කයි... කාලෙකට ඉහතදී ගලපු මහා වතුරට ගෙවුන කළු ගල් වටකරගෙන හොද තැනක් බලලා අපිත් බැස්සා වතුරට… 



විනෝද සාගරේ වගේ කාලේ ගත වෙලා යද්දී …සිතල වතුරෙන් පෙගිලා, ඇගවල් හිරිවැටිලා යනකන් වතුරේ නටපු අපිට.... මොනා කලත් ආසාවේ ඉවරයක් නැති මේ මනුස්ස හිත සනසන්න, අපි නාපු තැනට ටිකක් ඉහලින්  තිබුන ඇල්ලෙන් වැටෙන කුඩා දිය ඇල්ලක් ලගට යන්න සිද්ධ උනා..!



කකුලක් තියන්න බැරි තරම් දිය සෙවල බැදුන ගල් එක්ක දගලන්න හිත හදා ගත්ත අපි ටික දෙනෙක්  'වැටිලා බෙල්ල කඩාගන බැ' කියලා මගදීම පරාජය බාර ගත්ත අය හැරිලා යද්දී, කොහොමෙන් හරි පොඩි ඇල්ලට ලං කලා… ගියාට මොකද ඒ හරියේ කුඩල්ලන් විමානයක්!  ආපු මෝඩ කමට ඔන්න ඔහේ ටිකක් නාලම යනවා කියලා හිතාගෙන අපි කුඩා ඇල්ලට ඔලුව අල්ලාගෙන නෑව... අපි නානා හිටපු තැනටත් වඩා සීතලම සිතලයි එතන වතුර...



ඉතාම සුළු වෙලාවකින් වැඩිහිටි පිරිමි පාර්ශවේ අය ඇල්ල උඩ තියෙන ගල් තලාවක් දිහා බලන් ඇස් ලොකු කරන් ඉන්දැද්දී, ලොකු බාප්පා "යමු යමු ඔය ඇති " මහා හදිස්සියකින් වගේ අපිට යන්න කතා කලා... අපි කටවල් ඇරන් බලන් ඉදිද්දී බාප්පා අයෙමත්  "දැන් ඇති නෑවා !! ඉක්මනට පහලට බහින්න!" කියලා හරිම සැරෙන් පල්ලම් බහින්න අණ දුන්නා...



කකුලුත් හුරගෙන ආවේ අපරාදේ කියලා මුමුණ මුමුණ පහලට බැස්ස අපි නහයෙන් අඩ අඩා නඩේට එකතු වෙද්දී.. පහල හිටිය නඩේ වැඩිමහල්ලනුත් එකතු උනා උඩ බැලිල්ලට... ඔක්කොමල ගේ මුණවල් වල තියෙන්නේ බය වෙච්ච බැල්මක්! ගැහැණු  පාර්ශවේ අයගේ මුණවල් ඇද වෙද්දී  "නැ! ස්ස්ස්! අනේ! ඉක්මනට යමු අනේ " වගේ දේවල් තමයි අපිට ඇහුනේ…



මොකද්ද මේ හදිස්සිය! වැඩිමහල්ලන් රොක් වෙලා බාප්පා අත දික් කරපු පැත්ත බල බල යම් දෙයක් කතා කරද්දී අපිත් බෙල්ල දික කර ගෙන උඩහ පැත්ත විපරම් කලා…මුකුත් නැනේ… එක පාරටම ටිකක් එහායින් නානා හිටපු ගැහැණු කීප දෙනෙක් යටි ගිරියෙන් කෑ ගහගෙන ගල් දිගේ වැටි වැටි දුවගෙන වගේ ඇල්ල පහලට බැස්සා… ඒ ගැණු අයගේ කෑගැහිල්ලත් එක්කම නිරායාසයෙන්ම අපි ඇතුළුව නානා හිටපු ඔක්කොමල්ලා ගැහෙන හදවතින් පහලට බහින්න ගත්තා… 


අපි නාපු තැන පහු වෙනවත් එක්කම ලොකු නැන්දා මහා සද්දෙන් කෑ ගැහුවේ අපේ බය දෙගුණ කරවලා... ඒ කිට්ටුව සිටි අපි කීප දෙනෙක් හැරිලා බැලුවා නැන්දා හිටපු දිහාව...නැන්දා බිම වැටිලා! මාමලා දෙන්නෙක් එයාව උස්සනවා..ඊට පිටිපස්සෙන් ගල උඩ කෙනෙක් හිටන් ඉන්නවා!!!


මගේ කකුල් දෙක ගැහෙන්න ගත්තා දැකපු දේට... මම දැක්කේ මිනිහෙක් ගල උඩ හිටන් ඉන්නවා වගේ. එත් මට අදටත් විශ්වාස නැහැ මම එහෙම දෙයක් ඇත්තටම දැක්කද කියලා එවේලේ.  මම දැක්කේ විනිවිද පෙනෙන හෙවනැල්ලක් වගේ මනුස්ස රුපයක් හැඩේට හැදුන චායාවක්! ඒ මොහොතේ මගේ සිහිය විකල් වෙලා වගේ මට දැනුනා… මගේ කකුල් දෙක මාවත් අරන් පල්ලම් බැස්සේ මට වෙන දෙයක් හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර... 


     

"පිටි පස්ස බලන්න එපා! ඉස්සරහ බලාගෙන බහිනවා ඔක්කොමල ඉක්මනට!" මාමලා අණ දිගෙනම අපිව ඉස්සර කරගෙන පුළුවන් තරම් වේගෙන් ගස් ගල් අස්සෙන් අපිව බැස්සුවා... අපි බැස්සට වඩා ලිස්සලා වැටුනා... උඩට නගිද්දී බොහොම පරිස්සමෙන් නැග්ග අය බැස්සේ නම් කකුල් අත පය සිරිලා ලේ ගලද්දී... පහලට බැස්සේ කොහොමද කියලා මට මතක නැහැ තාමත්... පහලටම බැස්ස අපි කෙලින්ම ගියේ වාහනේ නවත්තල තිබුන දිහාවට.. එක මනුස්සයෙක් කෑගහලා කාටද කිවුවා "ඇල්ල උඩ හොල්මනක් ඉන්නවා"  කියලා... තැන් තැන් වල මිනිස්සු එකතු වෙලා කතා කර කර ඉන්නවා අපි දැක්කා... සමහරු මොකද්ද උනේ කියලා අපෙන් ඇහුවත් උත්තර දෙන්න වත් නොනැවතී වාහනේට නැගලා අපි අවා නවාතැනට... !



නවාතැනට ආපු අපි කාමර වලට වැදිලා ඇගපත හෝදගෙන තුවාල වලට බෙහෙත් දාගෙන.. ලොබි එකට එකතු වෙලා වුන දේ ගැන කතා කලා... අපේ කිහිප දෙනෙක් දැකලා තියෙන්නේ විරූපී මුණක් අග පුරා තුවාල තියෙන මිනිහෙක් හැඩේ හොල්මනක් ... තවත් කීප දෙනෙක් දැකලා තියෙන්නේ ඔරවාගෙන වගේ ඉන්න විරූපී මිනිස් බාගයක්!  මම දැක්කේ විනිවිද පෙනෙන චායාවක්...! මම දැක්ක දේ  කවුරුත් දැකල නැහැ ....එවෙලේ මට හිතුනේ ලොකු දෙයක්, ජිවිත කාලෙටම හරියන්න බය වෙන්න තිබුනා අනිත් අය දැකපු දේවල් දැක්ක නම් කියලයි...  


දෙන්නෙක් බලපු නැති නිසා මුකුත් දැකලා තිබුනේ නැහැ ... එදා දවසම ගැහැණු පිරිමි භේදයකින් තොරව ඔක්කොමලා භය වෙලා හිටියේ උපරිමේට... දැක්ක අයට වඩා නොදැක්ක අය අහපු දේවල් දකින්න උනොත් කියලා බයෙන් ගැහි ගැහි තමයි හිටියේ.. එත් ගෙවෙන්න තියෙන රැය ගැන කාටවත් අමුතු බයක් නම් තියෙන්න නැතිව ඇති...!


අපි දැක්කේ එකම හොල්මන වෙනස් විදිහටද? නැත්තන්, අපි හැමෝම බය උනේ අපි හැම කෙනාගේම  හිතේ එකම විදිහට එකම වෙලාවේ ඇති උන දෘෂ්ටි මායාවකටද? මේවා අදටත් උත්තර නැති ප්‍රශ්ණ... 


"ඇල්ල ළග ඉදලා හොල්මනක් අපේ පස්සෙන් ආවද? නැත්තන් හොල්මනක් අපිත් එක්ක ඇල්ල බලන්න ගියාද?" 


4වෙනි පොස්ට් එකෙන් හමුවෙමු...!! 


12 comments:

  1. අයියෝ... හොඳම තැනදි නැවැත්තුවනේ....

    ReplyDelete
  2. @ Dakshina: පොඩ්ඩක් ඉවසන්නකෝ ඉක්මනට දාන්නම් අනිත් කොටසත් :)

    ReplyDelete
  3. හයියූ... ඉක්මනට නෙවේ හෙටම ඊලඟ කොටස දාන්නෝ.. :D

    ReplyDelete
  4. @ චතුවා: බය වෙන්න තියෙන ආසාවක් හැබැටම! ඉවර කරගන්න පුළුවන් උනොත් දාන්නම්කො! :)

    ReplyDelete
  5. අනෙ මෙයත් එක්ක බැ, හැමදාම බය කරනවා රැට.
    මෙකයි අක්කෙ, මානසික විදයාවට අනුව හොල්මන් කියලා දෙයක් නැ. ඒකෙ කරන්නෙ හැම දේම මානසික රෝග විදිහට ගනන් ගන්න එක. ඒත් හොල්මන් හා ආත්ම නැ කිව්වොත් මෙ ලෝකෙ හැම ආගමක්ම බොරු වෙනවා. එතකොට අපෙ ඉලග ආත්මෙ ගැන අදහස් අත් ඇරගන්න වෙන්නෙ. :(
    මට හිතාගන්න බැරි කොයි එක තොරගන්නද කියලා. තව එකක් තියෙනවා භුත විදයාව කියලා. තව එක එක ඒවා ගොඩයි. හොල්මන් ඇත්තටම ඉන්නවනම් හොදයි අපිව බය නොකර

    ReplyDelete
  6. මේ දාල තියන ෆොටෝ 1 කේ සුදු ටී 1 ඇඳගෙන ඉන්න කෙනාගෙ වම් අත පැත්තෙන් හිටගෙන ඉන්නෙ කවුද? අඩි 7ක් විතර උස, වැහි කබායක් ඔලුවේ සිට පොරවාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. පේන්නේ මට විතරද?

    ReplyDelete
  7. හෆොයි අද නිදාගෙන ඉවරයි

    ReplyDelete
  8. @ ashen: මැද පිළිවෙත තෝර ගන්න... එක කෝකටත් හොදඊ! මිනිස්සු යකාට වත් බය නැ කියන්නේ බොරුවට මම හිතන්නේ...

    @ Anony:ඒ ඉන්නේ හොල්මනක්!

    @ hasi: හිත බය කරගත්තොත් නම් අපේම හෙවනැල්ලටත් බය වේවි ඔන්න...

    ReplyDelete
  9. වෙනදා වගේම ලස්සන පෝස්ට් එකක්. කම්මැලි නැතිව කියවගෙන යන්න පුලුවන් විදියට ලියලා තියෙනවා. දිගටම හොල්මන් කතාම ලියන්න. මට හොල්මන් අත්දැකීම් නැති උණත් මම හරිම ආසයි මේ වගේ කතා වලට. සුභ පැතුම්!

    ReplyDelete
  10. @ Charitha: ස්තුති ඔයාට! මම දන්න දේවල් ටික ලියන්නම්කො ඉදිරියට... කියවල බලන්නකෝ!

    ReplyDelete
  11. අම්මෝ මම වට පිට බල බල කියෙව්වෙ.කොම්පියුටර් එක ඉස්‌සරහ තියෙන්නෙ කණ්‌නාඩියක්‌.ඒකෙන් මාව දකිද්දිත් මට බයයි.

    ReplyDelete
    Replies
    1. හෙහෙ! ඔයාවම දැකලද බය උනේ කන්නාඩියෙන්... :D

      Delete