Thursday, December 1, 2011

නවාතැනේ හොල්මන් ඉන්නවද?? (04 කොටස )

කාලාන්තරයක් තිස්සේ ඔය ඇල්ලේ ගලෙන් වැටිලා කි දාහකගේ නම් ජිවිත නැතිවෙලා තියෙනවද මහත්තයෝසමහරු කියනව ඇල්ලෙන් වැටිලා මරුන උදවිය අනිත් අයවත් බිලි ගන්න එනවා කියලා! ගල උඩදී එක එක විදියේ අවතාර දැකල මිනිස්සු බය වෙලා තියෙනවා!



"හවස් යාමේ ගල උඩ බිබී හිටපු ඒ කොල්ලොන්ව හොල්මනක් බය කරලා… පණ තිබුන උන් පහලට අවේ බාගෙට මැරිලා සිහියත් නැතිව... එදා දෙන්නෙක් ඇල්ලට පැනලා තිබුනා බය වෙච්ච සැරට!... බීලා ගලෙන් වැටුනා කියලා පැතිරුනාට ඒ කොල්ලොන්ගේ යාලුවෝ කිවුවේ උන් ගල උඩදී හොල්මනකට බයවෙලා ඇල්ලෙන් වැටුනා කියලා! එවුන්ගේ මිනි හොයා ගත්ත අයත් බය වෙලා තිබුනා! මමත් ගියා බලන්න...මිනීවල බෙලි අනිත් පැත්ත කැරකිලා තිබුනේ!”


ගලෙන් වැටෙන මිනිස්සුන්ගේ බෙලි අනිත් පැත්ත හැරෙන්නේ ගල් වල වැදිලා වෙන්න ඇති කියලා කියන්න කටට ආවත්, මුර උන්නැහේ කියපු ඊලග වාක්‍ය කණේ ගැවෙද්දී... මම ඒක ගිලලා දැම්මා!


“ අතක් පයක් වත් නොකැඩි බෙල්ලම කැඩුන එක මදිවට.. මිනි වල කටවල් පැලිලා දිව එළියට ඇදිලා නේ තිබුනේ!!...“ චන්ඩියා වගේ ඉන්න දාබරෙත් බය උනා ඔං එදා..... ගමේ මිනිස්සුත්, එක එක විදියේ හොල්මන් දැක්කා කියලා කාලෙන් කාලෙට පැතිරෙනවා... කවුද මහත්තයෝ දන්නේ ඕවයේ ඇත්ත නැත්ත! මම නම් මේතාක් ඔය මොකෙක්වත් දැකල නැ! දේව ඝනේ අයට අවතාර පෙන්නේ නැ කියනවනේ !”

  

ඇගේ තිබුන ලේ ටිකත්' හිදුනද මන්දා!.... තාර බර ඇරලා ගත්තත්, බයෙනුත් බය ඇති කරන්න පුළුවන් කටක් තිබුන මුර උන්නැහේ අපිට ඇල්ල ඉපදුන කතාවේ ඉදන් විස්තර කියලා... තවත් ගෝනියක් විතර බය අපේ ඔලුවලට පටවල හරි සතුටෙන් යන්න ගියා එයා දේව ඝනේ කියලා, නොකියා කියලා! හනුමාගේ නැට්ට ගිනි තියලා ගියා වගේ!.. ‘ඝනේ හොයාගත්තම බය උන එක අහෝසි වෙනවා වගේ’ ඔක්කොමල තම තමන්ගේ ඝනේ මතක් කරන්න පටන් ගත්තා... බැලින්නම් වැඩි හරියක් දේව ඝනේ අය!


පොඩි සද්දයකටත් ගැස්සී ගැස්සී තම තමන්ගේ අත්දැකීම් සංසන්දනය කරපු අපි දන්නෙම නැතිව රෑත් වෙලා තිබුනා… දැකපු අහපු දේවල් කථා කරලා අපි බය වැඩි කරගත්තා කියලයි මට හිතුනේ!... රෑ 8 විතර වෙද්දී ආලින්දයේ ඉදන් කථා කර කර හිටපු වැඩිමහල්ලන්ට  ‘කෑම ලෑස්තියි’ කියන්න මම ඒ පැත්තට යද්දී, හුළග දිගේ ඇවිත් කණට වැටුන ඒක වාක්‍යක් නිසා හිතට තවත් අමුතු බයක් පාවෙලා ආව වගේ!


"ඔය බහුබූත වලට හිතේ බයක් නැති උනත්....  උඩ ඉදල පහළටම  'ඒක' ආපු ඒක නම් එච්චර හොද නැහැ කියලයි මට හිතෙන්නේ.  හෙටම අපි වෙන නවාතැනක් හොයා ගමු ...! ඊයේ රෑ සිද්ධ උන දේවල් හිතනකොට මේ නාවාතැනෙත් දෝෂයක් තියෙන්න බැරි නැහැ..! ළමයි ඕවා නොදන්නා තරමට සැනසිල්ලේ නිදා ගනීවි... අද විතරයි නේ..."


‘දැකපු දේවල්’ වලට වඩා භයානක ‘අහපු දේවල්’ නිසා, එක එක විකාර හිත ඇතුලේ බඩ ගාද්දී… කෝකියට ඔනේවට වගේ රෑ කෑමත් ගත්ත අපි, රෑ 10 වෙනකන්ම ලොබි එකේ ඉදලා නිදාගන්න යන්න ලෑස්ති වෙද්දී… “හෙට උදෙන්ම පන්සලකට ගිහින්ම ගමන පටන් ගමු… අද උන ඒවා වෙලා ඉවරයි නේ... ඒවා අමතක කරලා දැන් නිදා නිදාගන්න” ලොකු බාප්පා එයාලගේ කාමරේට යන ගමන් කියාගෙන ගියා… 


අද රෑ පන්සලකම නිදාගන්න තිබුනා නම් මීට වඩා සනිපයි කියලයි මට හිතුනේ! ඇගපත හෝදගෙන ඇදට ආව මම කාමරේ TV එක දාගෙන channel මාරු කර කර ඉන්න ගමන් වෙලාව බැලුවා 10:45 යී … දිලූ බාත්රූම් එකේ!  මොනවා කරත් මතක් වෙන්නේ එක දෙයයි ඒ හොල්මන්! හොල්මන්! හොල්මන්! 


මේ රෑ ගොළු වෙලා වගේ!  බස්සෙක් වත් කෑ ගහන්නේ නෑනේ කියලා හිතලා ඉවර කරන්නත් කලින්, යටි ගිරියෙන් කෑ ගහන ගැණු හඩක් කොහෙන්ද පාවෙලා අවා... "ඒ පාර මොකද්ද!" ... තප්පර ගානකදී ඇදෙන් පැන්න මම නතර උනේ කාමරේ දොර ගාව! ඒ ක්ෂනේකින්ම කෑගහගෙන බාත්රූම් එකෙන් එලියට ආවේ දිලූ! ඒ කෑ ගැහිල්ලට හොල්මනුත් බය වෙනවා!! කොහෙවත් නොතිබ්බ බයක් මට ඇති උනේ දිලූ ගේ කට නිසා!


"පිස්සුද...?! නිකරුනේ කෑ ගහන්නේ?!" මම දිලුගෙන් අහන ගමන් දොර ඇරියා… ගැහෙන හදින්, අල්ල ගත්ත හුස්මත් ඇදගෙන, අපි සද්දේ ආපු පැත්තට දිවුවා!... කාමර වල දොරවල් ඇරිලා වැහෙන සද්දත් එක්ක කෑ කෝ ගැසීම් ඇහෙනවා ලගින්ම... අපි නැවතුනේ ලොකු බාප්පලාගේ කාමරේ ලග...


ඇදේ වාඩිවෙලා ඉන්න පුංචිව වට කරගෙන කට්ටියම බලන් ඉන්නවා… “මම දැක්කා ! මම දැක්කා ! කාමරේ ජනේලේ ගාව හිටියා! මගේ දිහා ඔරවාගෙන බලන් හිටියා! මම දැක්කා! අපේ පස්සෙන් ඇවිල්ලා! ඇල්ල ගාව ඉදලම එන්න ඇති අපේ පස්සෙන්! ” පුංචි ලග හිටපු ලොකු බාප්පා "මේ, ළමයි බය කරන්න එපා ඔය මනස්ගාත කියවලා... හිත බය වෙලා නිසා හෙවනැල්ලටත් බය වෙනවනේ...."


"දැන් මම බැලුවනේ එලියට ගිහිල්ලත්"  කියන ගමන් ජනේලේ තිර රෙදි එහාට මෙහාට කරලා ආයිත් එළිය බැලුවා. එළියේනුත් light එකක් දාලා තිබුන නිසා මිදුල පැහැදිලිව පේනවා...  පොඩි පොඩි මල් පදුරු ඇරුනම ඇතට පේන ගහ කොළ විතරයි  පෙන්නේ…! ලොකු බාප්පා එළියේ light එක නිවලා දාලා අපේ පැත්තට හැරුණා විතරයි... සචි අතක් ජනේලේ පැත්තට දික් කරගෙන කෑගැහුවා! 


‘අඩන්න හිටපු මිනිහගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ’ එක පාරට ඇහිච්ච කෑගැහිල්ල නිසා හැමෝම බය උනා! සචී පෙන්නන ජනේලේ පැත්ත බලපු මගේ බෙල්ලේ පිටි පස්සෙන් හීනියට පටන් ගත්ත විදුලියක් තප්පර ගානකින් ඇග පුරාම දිවුවේ ඇස් දෙක එළියට පනින්න ලැස්ති වෙද්දී… ජනේලෙන් එළියේ.. අදුරේ, ජනේලේ ගාවටම වෙන්න ‘කරුවලේ හිනා වේගෙන කළුපාටට කෙනෙක් හිටන් ඉන්නවා’!!


හුස්මත් හිර කරගෙන දගලන අපි දිහා බලලා ලොකු බාප්පා "මොන විකාරයක්ද මේ!?" කියලා ජනේලේ ඇරියා... නවාතැනේ මුරකාරයා! සද්දේ ඇහිලා, මොකද බලන්න මුර කාරයා ඇවිත් තියෙන්නේ... ලොකු පුංචිත් දකින්න ඇත්තේ මුර වැඩේ හරියට කරපු මුර කාරයව වෙන්න ඇති කියලා මට හිතුනා...ඇත්තටම අපේ සිහිය විකල් වෙලාද?... දකින දකින හැම දේටම ගැස්සෙන්න ගියොත් heart attack එකක් උනත් එන්න බැරි නැ!


" පිස්සුද මන්දා, ඇතුලෙන් එන්නේ නැතිව හොල්මනක් වගේ එළියෙන් ඇවිත්, තව දතුත් විලිස්සගෙන ඉන්නවා,... තව ටිකෙන් මගේ හුස්මත් හිර වෙනවා!" තාමත් බය වෙලා ඉන්න සචි ත් කාමරෙන් එන ගමන් කියනවා… එවෙලේ බය වෙලා කෙසේ වෙතත් හිනා වෙලා නම් පණ ගියා අපිට....


“හා හා දැන් ඇති! කට්ටියම ගිහින් නිදාගන්න...”  ලොකු බාප්පා අණ දුන්නා... ටිකක් හිනා උන නිසා හිතේ බයත් ලාවට තුනී උනාද මන්දා... හිත ටිකක් නිදහසේ අපි ආව කාමරේට… light එක දාලා නිදියමු කියලා කතා වෙලා අපි ඇදවල් වලට පැන්නා… 11:20 යි ... දැන්වත් එක එල්ලේ නිදා ගන්න ලැබුනොත් හොදයි  කියලා හිතන ගමන් මම ඇස් පියා ගත්තා…


කකුල් අත පය හිරුණ තැන් කකියනවා වගේ... හීනියට වේදනාවක් දැනෙනවා.. ටික වෙලාවකින් ලෝකේ නැති විකාර ඇස් ඉදිරියේ පෙනිලා අතුරුදහන් වේවි කාලේ පියාබද්දී... පඩි පෙලකින් වැටෙනවා වගේ දැනුන මට එහෙමම නින්ද ගිහින්!.....


 'මොකද්ද ඒ!' හීනෙන් වගේ මට ඇහුනා සද්දයක්! කෑගැහිල්ලක්! ඇල්ලෙන් කෙනෙක් කෑගහගෙන වැටුනා! ...මොකක් ‘ඇල්ලෙන්’??!!! …."ඉක්මනට නැගිටින්න" වෙන ලෝකෙකින් එන හඩක් වගේ මට ඇහෙනවා කෙදිරිල්ලක්... හීනයක්ද!? අයෙත් මට ඇහෙනවා "ඉක්මනට නැගිටින්න"...  ඒ අස්සේ සිතල අතක් මගේ අතේ ගැවුනා වගේ මට දැනුනා... ඒ මොහොතේ, ගෙවුන දවසේ සිදුවීම් ඇස් ඉස්සරහ පෙළ ගැහෙද්දි… ලෝකේ  ඉන්න ඔක්කොම භූතයෝ මගේ ඇගට පැන්න වගේ හැගීමකින්, අවසිහියෙන් වගේ  ඇදෙන් පැන්න මම කාමරේ දොර ගාවටම දිවුවේ, කගේ හරි බෙල්ලක් මිරිකගෙන වගේ පොරවනයත් අත් දෙකෙන් මිරිකගෙන! ...


“මොකද්ද උනේ? " මම මගෙන්ම අහන ගමන්, හැරිලා කාමරේ ඇතුල බැලුවා… කාමරේ Light එක දාලා, දිලූ මගේ ඇද ලග ඉදගෙන ඉන්නවා…තප්පර ගානකින් නැති වෙලා තිබ්බ සිහිය, මගේ ළගට අවා! ...දිලූ අයෙත් බය වෙලා වගේ.. මට හිතුනා! " ඇයි මොකද උනේ!?"  මගේ ඇද තිබුන දිහාට යන ගමන් මම දිලුගෙන් ඇහුවා!


" කාමරේ කවුරු හරි ඉන්නවා වගේ!"

"මොකක්?! ඇයි මොකද්ද උනේ?" කාමරේ පුරා බලන ගමන් මම නැවත ඇහුවා!


දිලූ බාත්රූම් එකේ බිත්තිය පෙන්නලා කියනවා  " මම දැක්කා අන්න අතන මනුස්සයෙක්ගේ හැඩේ හෙවනැල්ලක් වැටිලා තියෙනවා" ... 

"කොඊ වෙලේද!? දැන්ද?? "…“ඔව් දැන්!” දිලූ කිවුවා! මට හිතුනා දිලූ හීනෙන් බය වෙන්න ඇති කියලා මම වගේම… “ඔයා හීනයක් දකින්න ඇති ළමයෝ... නැත්තන් මටත් පෙන්න එපැයි.... කෝ නැනේ මොකෙක්වත්!"...


“මන්දා!… ඔයා විශ්වාස කරන්නේ නැහැ!... මම දැක්කා ඒ හෙවනැල්ල මගේ ඇද ලගටම එනවා! මට කෑගැහුනා… ඔයාව ඇහැරවන්න ටිකකට මේ පැත්ත හැරිලා ආයෙත් බලනකොට ඒක නැති වෙලා!” 

" ම්ම්ම්ම්ම්... Sure ද හීනයක් නෙවෙයි කියලා?" මම ඇහුවා.. දිලූ ටිකක් වෙලා කල්පනා කරලා කිවුවා "සමහර විට හීනයක්ද දන්නේ නැහැ... මට හරියටම sure නැහැ හැබහින්ද දැක්කේ කියලා! කොහොම නමුත් මම දැක්කා ඒක...!" එයා කිවුවා. 


මම නැවතත් කාමරේ පුරාම බලලා දිලූ දිහා බැලුවා… “අපි නිදා ගමු. ඒක හීනයක් කියලා තමයි මටත් හිතෙන්නේ...” කියලා දිලූ එයාගේ ඇදට ගියා...අපි ආයෙත් නිදා ගන්න ඇදට නැගලා පොරවන යටට උනා... දිලූ හීනයක් කිවුවට ඇත්තටම හොල්මනක් කාමරේ ඇතුලේ ඉන්නවද දන්නේ නැහැ... මට එහෙමත් හිතුනා!  රෑ 2 යි වෙලාව... නිදිමතත් ගියා වගේ... මම ඇස් ඇරගෙනම කාමරේ දිහා හොරෙන් බලාගෙන පොරෝනේ යටට වෙලා හිටියා…


කාලය ගෙවෙන්නේ ගොලුබෙලි ගමනින්… හෙට එළි වෙන්නේ නැද්ද… හැමදේම නිශ්ශබ්දයි… ඉදි කට්ටක් බිම වැටුනත් ඇහේවි  කියලා මට හිතුනා… නිශ්ශබ්ධ බෝම්ම්බයක් වගේ රෑ අදුරේ තියෙන අමුතු භයානක කමක් මගේ හිතට ඇතුල් වෙන්න දගලනවා වගේ… ඇතින් බල්ලෙක් බුරනවා ඇහෙනවා.. ඔක්කොම හඩවල් අහගෙන හිටපු මට එක පාරටම ඇතින් වගේ ඇහුන අහලා පුරුදු හඩක්!....


කලින් දවසේ ජනේලේ ගාවින් අවෙත් මේ සද්දේ නේද... එත් අමුතු වෙනසක් තියෙනවා! ඔව්... ඊයේට වඩා ඒ හඩ අද පැහැදිලියි වගේ… තේරුමක් නැති බයක් මගේ හිතට එබෙමින් තිබුනා! ....අයෙත් වතාවක් බල්ලෙක් බුරනවා ඇතින් යාන්තමට වගේ ඇහෙනවා! දිය ඇල්ලේ හෝ හෝ සද්දෙත් ඇහෙනවා වගේ! කළු පාට අදුරු රෑයේ සුදු පාට සාරියක් එල්ලලා වගේ ලස්සනට දිය ඇල්ල වැටෙනවා... ඇල්ල ළගටම හදත් පායලා... ගස් කොළන් සුළගට තාලෙට වැනෙනවා... 


සිතල හුළං…වලාකුළු බිමට වැටිලා වගේ මිදුමත් පිරිලා!  ඇල්ලේ හෝ හෝ හඩ කන ලග ඇහෙනවා වගේ... සීතලෙන් මිදෙන්න අත් එකට එක අතුල්ලමින් මිදුම අතරින් මම ඇල්ලේ ගල නැග්ගා! ඇල්ල උඩටම ගිය මම ගල් තලාවේ ඉදගෙන පරිසරයේ රස විදින අතරේ ඇල්ලේ වතුර වැටෙන සද්දේ කපාගෙන පිටි පස්සෙන් සද්දයක් ඇහෙනවා...මොකද්ද ඒ! හ්ම්ම්ම්... හුළගේ සද්දේ වෙන්න ඇති…  හුළග නම් සිතල වැඩි වගේ!


අත් වලට කටින් පිබ ගන්න මට, අයෙත් ඇල්ලේ පහලින් ඇහෙනවා කලින් සද්දේ!  මම ඉදගෙන සිටි ගල් තලාවෙන් නැගිටලා ඇල්ල අයිනටම ගිහින් එබිලා බැලුවා... සද්දේ එන්නේ මගේ පිටි පස්සෙන්! පැහැදිලිවම ඇහෙනවා...ගොර ගොර ගාන සද්දයක්... උගුරේ මොකක් හරි හිර උනාම එන සද්දයක් වගේ! ...එක පාරටම මම හැරිලා පිටිපස්ස බැලුවා... ක්ෂණිකව නියගේට අහු උනා වගේ මාව වේලිලා ගියා!...



මහා භයානක විදියට විරිත්තගෙන, බොර පාට ලොකු ඇස් දෙකෙන් මන් දිහා බලාගෙන, මගේ මුණටම එබිලා වගේ ඉන්නවා මිනිහෙක් !!... ඒ දර්ශනෙන් ගැස්සුන මම, කකුල ලිස්සලා ඇල්ලෙන් වැටුනා!  ආආහ්…... වෙන ලෝකෙකින් ගහගෙන ඇවිත් ඇදට වැටුනා වගේ මම නැගිට්ටේ පුදුමාකාර විදියට බය වෙලා… මුළු ඇගම ගැහෙනවා! 


දහඩිය පෙරාගෙන ඇදේ ඉදගෙන ඉන්න මම තප්පරෙකට දැක්කා... මගේ ඇද ඉස්සරහ තියෙන බිත්තියට වැටිලා තිබුන චයාවක්, එක පාරටම ජනේලේ ගාවින් නැතිවෙලා ගියා! හදවත උගුරටම ඇවිල්ල එළියට පනින්න දගලනවා වගේ.. දෙයියනේ මේ මොන මායාවක්ද?!... ඒ සැනින්ම කන් බිරි වෙන තරමට සද්දෙන් කණ ගාවින් කෑගහගෙන කාමරෙන් එළියට දුවන දිලු එක්කම මමත් ඇදෙන් පැන්නේ කිසිම සිහියක් නැතිව…


දොර ගාවට දුවද්දී , ඇතින් තවත් ගැණු කෙනෙක් යටි ගිරියෙන් කෑගහනවා ඇහුනා... බය ඉතිරිලා යද්දී, පොර කාලා දොරෙන් පැනගත්ත අපි දෙන්න නැවතුනේ ලොබි එකෙන්!.. ඇදුම හැදිච්ච මිනිස්සු වගේ හුස්ම අල්ලන ගමන් එතන තියෙන පුටුවකට වැටිලා දෙන්නම මුණට මුණ බලාගෙන හිටියා වචනයක් කථා කර ගන්න දිව නාවගන්න බැරුව!



පාන්දර 4:10 යි  වෙලාව... කාමර වලින් කට්ටියම එළියට ආවේ මුණවල් ඇද කරගෙන.. අපි බලන් හිටියා කවුරු හරි කථා කරාවි කියලා... එත් එක එක්කෙනා ඇවිත් ඉදගෙන ඉන්නවා මිසක් වචනයක් වත් කථා කරන්නේ නැහැ!… ලොකු පුංචි හොල්මනකට බය වෙලා! ලොබි එකට ආව ලොකු බාප්පා කිවුවා  “ගන්න තියෙන දේවල් ගන්න. අපි දැන් යනවා මෙහෙන් !” කියලා... නිශ්ශබ්දවම කට්ටිය යන්න ලෑස්ති උනා… ආරක්ෂාවට කියලා ලොකු කෙනෙක් එක්ක කාමර වලට ගිය අපි බඩුත් අරන්, ලෑස්ති වෙලා, ලොබි එකට වෙලා, අනිත් අය එනකන් හිටියා!


එවෙලේ දිලූ කියනවා..“ඔයා නැගිටින්න කලින් මාව නැගිට්ටුනා..., කලින් දැක්කා වගේම හෙවනැල්ලක් බිත්තියට වැටිලා තියෙනවා මම දැක්කා.., හීනයක්ද දන්නේ නැති නිසා මම ටිකක් බලන් හිටියා.., ඒ වෙලාවේ තමයි ඔයා බය වෙලා වගේ නැගිට්ටේ... එතකොටම ඒ හෙවනැල්ල ජනේලේ ගාවින් නැති වෙලා ගියා! මට නම් පුදුම බයක් ඇති උනේ එවෙලේ... තාමත් කකුල් වෙවුලනවා මගේ!”...


මම දැකපු දේත් ඒකමයි කියලා මම දිලුට කිවුවේ නැත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ...  හීනෙකිනුත් බය වෙලා හිටිය නිසා මගේ ඔළුව විකාර වෙලා වගේ තිබුනේ!.. මට එවෙලේ හිතුනා නිදාගත්ත මෝඩකම, ඇහැරගෙනම හිටියනම් මිට වැඩ සනිපයි කියලා! ... යමින් ගමන් පන්සලකට ගිහින් ලොකු පුංචිට නුලක් දාගෙනම යමුයි, වැඩිහිටියෝ කථා වෙනවා අපිට ඇහුනා!


 එදා ලොකු පුංචිගේ මුණේ ලොකු වෙනසක් තිබුනා ! මුණ කළු වෙලා ගිහින්... ඇස් දෙකේ තිබුනේ මහා අමුතු බැල්මක්! එයා නිශ්ශබ්දවම ඉදගෙන හිටියා! අනිත් අය දිහා බලාගෙන… එත් එයා ඔරවාගෙන ඉන්නවා කියලායි මට හිතුනේ! පාන්දර 5 ට කිට්ටු වෙද්දී, නැවත කිසිදාක නොමැකෙන භයානක අත්දැකීම් ගොඩක් මතකයේ තැම්පත් කරගෙන ඒ හොල්මන් නවාතැනෙන් අපි එන්න පිටත් උනා…!


එත්! අපිත් එක්ක එතනින් අවේ මතකයන් විතරද!?!

\
5 වෙනි පොස්ට් එකෙන් හමුවෙමු!   


15 comments:

  1. කරන්න බෑ මේ වැඩේ... බය බෙදන්නෙත් සළාක ක්‍රමයටනේ....

    ReplyDelete
  2. maru kathava.ange mile kelin wenava kiyavanakota.dhigatama liyanna..

    ReplyDelete
  3. @ dakshina : මාගලක් වගේ උනොත් කියවන්න එපා වෙනවනේ! :)
    @ randika : මට හිතුනේ මේ පොස්ට් එක හරි නැ කියලා... කාලේ මදි වෙලා ඉක්මනට ලිවුවා නිසා! ස්තුති!

    ReplyDelete
  4. ඇත්තටම මේ කතාව ඇත්තක්ද?අනේ මන්ද හිතා ගන්න බෑ ඒ තරම්ම කතාව තාත්විකයි.ඉක්මටම අනිත්කොටසත් දාන්න....

    ReplyDelete
  5. @ Salinda :මේක මගේ අත්දැකීමක්!ඉතුරු ටික type කරලා ඉවර කරගත්ත ගමන් දාන්නම්! ස්තුති! :)

    ReplyDelete
  6. අපි බය නෑ,,, හී හී,, නෑ කියල කිවුවට නැත්තෙම නැත්තෙත් නෑනෙ.

    ReplyDelete
  7. @ දූපත් වැසියා : අත්භූත දේවල් වලට අපි කවුරුත් චුට්ටක් හරි බයඊ... :)

    ReplyDelete
  8. ඇල්ල උඩ හොල්මනක් ඉන්නවා !!! කියවලා මුලු රැයක්ම දුක් වින්දා? අන්තිමට පිරිත් දාගෙන නිදාගෙනයි කොහොම හරි හිත එකඟ කරගත්තේ, ඔයාගෙ ලිවීමේ හැකියාව නම් තාත්වික බවින් උපරිමයි, අපිත් ඒ සිදුවීමට මුහුන දුන්නා වගේයි හිතට දැනෙන්නේ...... දිගටම ලියන්න අපි කියවනවා ( හැබැයි ආයෙත් නම් රෑට කියවන්නේ නෑ, කියෙවුවොත් දවල්ට විතරයි..)

    ReplyDelete
  9. වෙනදා වික වගේම විශිෂ්ඨ පෝස්ට් එකක්. ඉතාම තාත්වික බය හිතෙන විදියට ලියලා තියෙනවා. ඉක්මනට ඉතුරු ටිකත් දාන්න.

    ReplyDelete
  10. me pics hoyagathe kohenda akkiyo??? mate dan raete ninda yanne na meke kiyawwame :(

    ReplyDelete
  11. @ Menaka :හෙහෙ!දවල්ට කියෙවුවත් එවෙලේම මනස වෙන අතකට යන දෙයක් බලන්න! බයේ ගැම්මක් එන්නේ නැහැ එතකොට!ස්තුති!:)

    @ Charitha : හැමදාමත් positive feed back කරපු කෙනෙක් ඔයා!ස්තුති ඔයාට! :)

    @ G-girl: pics නම් මට අපු mail එකක තිබුන ඒවා! බය හිතෙනවා නම්,රෑට බලන්න එපා! ඒක කෝකටත් හොදඊ...ස්තුති! :)

    ReplyDelete
  12. මොකෝ මේ blog එකේ අම්බානකත් තව පොඩ්ඩක් හොල්මන් කතා තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. එන අයව බය කරන්න නේ..! :D

      Delete